අනුරාගයේ ගීය ගයනා
සොඳුරු සඳවත නුඹ ද අසනා
නුබගැබෙහි රැඳි සඳවතිය හා
දිය කැඩපත ද ප්රේමයෙන් බැඳුණා
නුබ ගැබට සඳ හිමිව ඇති සිතුණා
දිය කැඩපත ද සඳ හිමිව ඇත සිතනා
නුබ ගැබ ද දිය කැඩපත ද දෙදෙනා
සඳවත හිමි වු උද්දාමයෙන් දිලුණා
අනුරාගයේ රාත්රිය ගෙවුණා
නුබ ගැබෙහි සඳවත සැඟව ගියෙනා
කැලඹෙනා දිය කැඩපතින් නැගෙනා
වැලපුම ද මුදු සරින් එහි ඇසුණා
නුබ ගැබෙහි රැය පහන් කර දිලෙනා
දිය කැඩපතට ඇය අහිමි ඇති සිතුණා

+++
ReplyDeleteWOW! ඒක ලස්සනයි, දෙන්නටම හිමි එහෙත් අහිමි. හිමිය කියලා හිතුන මොහොතේ ගෙන දෙන්න ඇති හිතට සතුටක්, පරිපුන්බවක්, ඒත් අහිමි වුනාම...
ReplyDeleteදෙන්නටම හිමියි.
Deleteඒත් දෙන්නටම අහිමියි.
එහෙම තමයි මටත් හිතුණෙ.
💔.....
ReplyDeleteHeart break...
Delete