Saturday, September 7, 2013

ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනා…

 
විහඟ ගීයේ තනුව ඔබ සෙනෙහේ...
හමන පවනේ රිද්මයත් සෙනෙහේ...
සරා සඳ ‍රැස් සිහිල කීවෙත්
මිහිරි බව සෙනෙහේ..

දිලෙන තරු කැට මුමුණනා වදනේ..
දැව‍ටුනා ලූ රහස අප සෙනෙහේ...
පුළුන් වළාසළු දැවටිලා ගුවනේ..
මිමිනු වදනෙත් ‍රැඳුනි ඔබ සෙනෙහේ...
මල් කැකුළු සමනළුන්ට ද කී...
රහස ඒකළු අපට හොර රහසේ...

ඉරිතැලුන කෙම් බිමට
පොද වැස්ස වී වැ‍ටුණ
නුඹෙ නමට පණ පෙවුණු
ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනාවයි මේ...

මංගල මුදුව

මීට සති කිහිපයකට පෙර සිට මට මගේ මංගල මුදුව සොයාගත නොහැකි වී තිබිණ. එය පැළඳගෙන සිටින අතරතුර, නිතර නිතර ගලවා ඇඟිලි අතර කරකවමින් සිටීම මගේ පුරු...