Friday, August 10, 2012

ඉඩෝර බිම තෙමාලන අකල් වැස්ස...


ඉඩෝරෙට අහුවෙච්ච මහපොළව තෙමාගෙන 
අකාලෙට නිකිණි වැස්ස වහිනවා...
වහං වෙන්න බැරි වුණ බට්ටිත්තෙක් අත්තෙන් අත්තට පනිනව...
කුසීත හැඟීමකින් වෙලුනු අහස පසුබිම කරගත්තු
ගස් කොළං හුළඟෙ කැරකෙනව...
හිතිවිලි එකිනෙක පැටලිලා හිතේ ඇඳිල මැකිල යනව...


"අකලට වට මහ වරුසාවක් සේ..."
කියල ගයපු ඇගේ ගී හඬ මුව තුලම ගොළු වෙලා...
ජීවිතේ අත්වාරුව වුන ඔහු ලොව හැර ගියාට පස්සේ...
සිරිමා බෝ හාමුදුරුවො වැඳලා ඈ ඉල්ලපු ඉල්ලීම ඉටු වුණා නං 
එහෙම වෙන එකක් නෑ, මගේ හිත කියනව...

නටුවෙන් ගිලිහුන කොළයක් අහසෙ ඉබාගාතෙ පාවෙනව...
අකල් වැස්ස වගේම ජීවිතේට එන දේවල් උපේක්ෂාවෙන් බාරගන්න
මම උත්සාහ දරනව...
අටලෝ දහමට කම්පා නොවී ඉන්න කියල වෙන කෙනෙක්ට කියන්න කලින්...

හිතට අමූතු හැඟීමක් දැනෙනව,
ඒක දුකද සතුටද බලාපොරොත්තුවද ආශාවද කියල තෝරගන්න අමාරුයි...
පුංචි දැරියකගෙ වතින් එන කෝමල කිරි සුවඳ මගේ හිත කුල්මත් කරගෙන
අපිළිවෙළ සිතිවිලි අතරෙ වල්මත් වුණ මගේ හිත
ඈ දිහාවට අදිනව...

සීරුවට ඇදහැලුන අනෝරා වැස්ස,
කැඩි කැඩි වැටෙන සිරිපොදයක් වෙලා ඉවර වෙන්න තතනනව...
විවර වුණ කවුළුවෙන් ඈත වැටෙන නිකිණි වැස්සෙ, හිතේ පිබිදෙන සිතිවිලි දමත්
ඒ එක්කම බිඳ වැටෙනව...
ආපහු පැහැදිලි අහස අස්සෙන් පොල්ගස් කරටි හිනැහෙනව...

විශ්ලේෂණයෙන් එහා ගිය කෘතඥතාවයක් - Gratitude beyond analysis

කුඩා කාලයේ සිටම කඳු මට විශේෂ ආකර්ෂණයක් විය. එදා මම දැන සිටියේ එකම දෙයකි. ඒ කඳු අතර සිටින විට මට යම් නිදහසක්, නිහඬ සතුටක් දැනෙන බවයි. ඒ හැඟ...