Wednesday, December 14, 2011

සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ





කාලය හා ඒ කාලය තුල කළ යුතු මෙහෙවර විසින් කොතෙක් බැඳලනු ලැබුව ද, බොහෝමත්ම දිගු කාලයක් තිස්සේ පැතූ ආශාවක් ඉටුවීම වෙනුවෙන් සටහනක් තබන්නට ඇති අවශ්‍යතාව ඒ සීමා සියල්ල ඉක්මවා ගිහින්.

"සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ධ්‍යා කඳුවැටි භූමි විශමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා"

අහම්බෙන් කණට වැටුන පද පේලි කිහිපයක් පමනක් වූ නමුත් කුමක් හෝ හේතුවකින් ජීවිත කාලය තුල එක් වරක් ඇසිය යුතුම බවට හිත තුළ ඒ පද පැලපදියම් වුනේ මමත් නොදැනම ද මන්දා...
ඉටුකරගැනීම අපහසු බව තේරුම් ගැනීම වැඩිවත්ම තදින් බදාගනීම වැඩිවීම හිතෙත් හැටි.
ඒ නිසාම මාව හොඳින් දන්න හැම යාලුවෙක්ම මම මේ ගීය අසන්නට පෙරුම් පුරන බව දැනන් උන්නා.
මගේ ආශාව වෙනුවෙන් "රෑ ඉර පාන" වැඩ සටහනින් මේ ගීතය ඉල්ලල දුන්න "සිතඹර" බ්ලොග් අඩවිය ලියන මගේ ආදරණීය සොයුරියටත්, මේ ගීය සොයල එහි ප්‍රචාරය කළ බන්දුල නානායක්කාරවසම් මහත්මයාටත් බොහෝමත්ම පින්.
සුන්දර පූර්විකාවක් ද සමගින් දෙරණ වෙබ් අඩවියේ සබැඳියෙන් ගිහින් මේ ගීය අහන්න පුලුවන්.

http://www.fmderana.lk/index.php?route=programs/reeirapana
Ra Ira Paana 2011-12-11 | Part 04

අන්තඃකල්පිත මනසක තෝරාගැනීම II - Selection of an Introvert's mind II

අන්තඃකල්පිත මනසක් හිමිවීමේ ප්‍රබලතම අවාසිය නම් ඔවුන්ගේ හැඟීම්, දැනීම් ඇතුළු සිතුවිලි හැසිරවීමේ ක්‍රියාවලිය සිදුවන්නේ මනස අභ්‍යන්තරය තුළ නිසා...