Friday, December 11, 2009

නිදහස..


සිත ‍රැව‍ටු ප්‍රේමයක
අරුත් සුන් පැතුමන්
බිඳී ගොස් අහවරයි...
ආදරෙයි කී නමුත්...
ආදරේ නොකළ ඔබ..
රිදවුම් ම මිස සැනසුමක්
කිසිදිනක නොදුන් ඔබ..
මා දමා යන්නට ගිහින්..
සදහටම..
කිසිදාක නොවිඳි
සැමදාම විඳවූ...
ආදරේ සිර මැදිරි
විවර වී..
ඉතින් මා නිදහස්...
නිදහසේ ආදරය කරන්නට....
ඔබටම....

Tuesday, December 8, 2009

පියාණනේ මම පුංචිම කාලේ ..


මේ දවස්වල ආපහු ගෙදර යන්න ළං වෙලා නිසා අමාරුවෙන් අමතක කරල යටපත් කරගෙන හිටිය අම්මගේ තාත්තගේ ආදරේ ගෙදර මේ හැමදෙයක්ම නිතරම ආපහු මතක් වෙන්න අරන්...
ඕනම ප්‍රශ්නෙකට අම්මයි තාත්තයි ළඟ විසඳුම් තිබුනු ඒ කාලෙ මොනතරම් නම් සැහැල්ලුවෙන් ගෙවුනද..ඒ වගෙම තමයි කාලෙකට පස්සෙ ඒ දෙන්නව දකින එකත්.. අම්මගෙයි තාත්තගෙයි මුහුණෙ ඇ‍ඳෙන සිනහව මතක් වෙද්දි ආපහු පුංචි කාලෙට හිත පියාඹනව..
අපි කොච්චර ලොකු වුනත් පුංචිවුන් වගේ හුරතල් වෙන්න පුළුවන් ලෝකෙ එකම තැන
එච්චරයි නෙ...
රෝස වලාකුළු ගෙනල්ල ඉල්ලුව ඒ ලස්සන අතීතෙට ආයම එකම එක දවසක්
යන්න තියෙනව නම්..

ඉර බැස යද්දී සැන්දෑ අහසේ
රෝස වළාකුළු පාවෙනවා..
පුංචි දවස්වල නින්දට යද්දී
අහපු කතන්දර සිහිවෙනවා..

දුව ලොකු වෙනවා ඔබ සැනසෙනවා..
සිහින පැතුම් මල් පීදෙනවා..
පුංචි පා නගා පියමැන යන්නට
ඔබ දුන් වාරුව හැරයනවා..

යොදුන් ගණන් සිත පියඹා ඇවිදින්
ඔබේ තුරුල්ලේ සැනසෙනවා...
පියාණනේ මම පුංචිම කාලේ
ඔබ දුන් සෙනෙහස සිහිවෙනවා...

නුඹ මුව සිනහව දු‍ටුවම
මා සිත සහසක් අරුනළු දැල්වෙනවා..
ඉස්සර වාගෙම පුංචිම කාලෙට
ආපහු යන්නට සිත් වෙනවා...

Being true to self

වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීම...