Wednesday, April 21, 2010
කිරි අම්මාවරු දනට වඩිනවා...
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක..
" අම්මා...."
එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ...
මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්වරුන්ගේ දානයකට නොකැඳවූ බව නම් මගේ මතකයේ ඇත.....
සියල්ල එකට ගැලපුන කල ඉතිරි වන්නේ මා පිළිගැනීමට අකමැති ම තිත්ත ඇත්තද...?
කිසිදා නෑ සියන් අතර මා ඔවුන්ගේ දියණියක් ලෙස පිළිනොගැනුනේ ඒ නිසාමද..?
හිස පුපුරන තරම් වූ වේදනාව සමගින් තවත් මේ ගැන සිත් යොමු කළ නොහැකි වුව ද මේ සිතුවිලි දාමයෙන් සිත මුදා ගැනීමට ද නොහැක….
අනෙක් අතින් මා ඔවුන්ගේ දියණියක් නොවූව ද මට කළ හැක්කේ කුමක්ද..?
මතක අතීතයේ කොතැනකවත් ඔවුන්ගෙන් තොර මතකයක් නම් නොවේ..
අන් අය කෙසේ වුවද මගේ මව්පියන් මට දුන් සෙනෙහසේ අඩුවක් තිබුන බවකුත් සිහියට නගා ගත නොහැක...
සොයුරා අතින්ද කිසිදු සැලකිල්ලක් නොලබන, පීඩා පමණක් ම ලබන මව්පිය දෙදෙනා හැර යාම ද නොකළ හැක්කකි...
ඔවුන් පිදූ සෙනෙහස ට පෙරලා යමක් කළ හැක්කේ එයින් පමණකි....
.....................................................................................
එහෙත් ටික වේලාවකට පෙර සවනේ වැකි වදන් නැවතත් සවන්පත්වල දෝංකාර දේ.....
නැවතත්....
.....................................................................................
පසෙක හිඳ හිස පිරිමදින අම්මා ගේද... වේදනාත්මක දෙනෙතින් මා දෙසම බලාහිඳින තාත්තා ගේද දසුන බොඳ වූ නෙත් අතර කෙමෙන් කෙමෙන් පැහැදිලිවේ...
මේ නිමා නොවෙන දාරක ස්නේහයම ද...?
Subscribe to:
Post Comments (Atom)
Enjoying the Glory of a Star
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත ස...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
පසු සටහන:
ReplyDeleteවිඩාබර දවසක් වුවත් තවත් පැය දෙකකට මෙපිටින් දවස නිමා කිරීමේ වරම ලැබෙන්නේ නෑ...
හිතට නැගෙන අදහස් ගොනු කිරීමෙන් කෙටිකතාවක් ගැලපීමට හැකිදැයි අත්හදා බැලීමට සිතුනේ එනිසායි...
ලියවුනු පසු එය විශ්මි නංගි ගෙ සහ නලින් මල්ලි ගෙ ලියවුම් රටාවේ ලක්ෂණ අනුකරණය ට තැත් දරා ඇත් දැයි සැකයි... එහෙත් එසේ නම් එය හිතාමතා නම් කළේ නෑ... විමසුම ඔබ සතුයි...
කෙසේ නමුදු... කෙටිකතා ලිවීමේ අදහස හිත ට ගෙනාවේ නම් විශ්මි නංගි ඔබ සහ නලින් මල්ලි ඔබයි... ඒ නිසා කියවන ඔබට විමසුම සඳහා ද යොමු කරන මෙහි පිදුම විශ්මි නංගි සහ නලින් මල්ලි ඔබ දෙදෙනාටමයි....
නිමානොවන සෙනෙහසක් ගැන සංවේදී ලියවීමක්. අක්කාගේ කවි සහ සටහන් තුළින් මම දකින සහ වඩාත් කැමති එක දෙයක් තමයි ඒවා බොහෝ පැති වලින් හිතල දුර යන්න අපට ඉඩ කඩ සැලැස්වීම. මේ කතාවත් එබන්දක්. බොහෝ තැන් ඔස්සෙ බොහෝ පැති වලට ගමන් කරන්නට පොළඹවනවා.
ReplyDeleteඅක්කාගේ පිදුම ඇහැට කදුළක් එක්ක සියුම් ආඩම්බරයක් ගෙනාවා හිතට.
මෙහි අනුකරණයක් මට නම් පෙනුනේ නැහැ. සාමාන්‍යයෙන් මොනව හරි ලිවුවට පස්සෙ මටත් එවැනි හැඟීමක් එනව මම ලියපු එක තව තැනක ලියැවුණු හෝ වෙනෙකෙකුගේ ලියවීම් රටාවක අනුකරණයක්දෝ කියල.
තව ලියමු අක්කේ ඉඩ ඇති හැම විටක.
දවස නිමාවට පෙරම හිතේ සැකය දුරු කරමින් මේ සටහන තැබීම වෙනුවෙන් ඔබට ස්තුතියි..
ReplyDeleteදැක හුරුපුරුද්දක් හෝ කිසිදු හැඳිනීම ක් නැති නමුදු මගේ හිත ළඟ තනි රකින සොයුරු කැල වෙනුවෙන් මට කළ හැකි මෙපමණමයි...
තනි ව හිඳින මට ඔබ බොහෝ සෙයින් අගනේය..
ඒ නිසාම යමක් ලියවුනු පසු එය ඒ හැඟීම මා සිත පිළිසිඳ ගැනීමට උදව් දුන් ඔබට පිදීම සතුටක්..
කියවගෙන යද්දි කෙටි කතාවක් කියල නොහිතෙන තරමට හිතට දැනුණු සංවේදී ලිවීමක් අක්කේ..... අපූරුයි..... වෙනසක් නැති දාරක ප්‍රේමය...... තම කුසින් බිහිකලත්, තම ලෙයින් ජනිත කලත් දරුවන්ට ආදරයක් නැති නොමිනිසුන් අතර මෙවන් දෙවිවරුද නැතුවා නොවේ කියල අක්ක මේ කතාවෙන් හිතට තට්ටු කරල කියනවා.....
ReplyDeleteජය පතනවා අක්කෙ තව තවත් නිර්මාණ බිහි කරන්න ලැබෙන්න කියලා....... රේවන් කිවුවා වගේ හිතට ආඩම්බරයක්ද නෙතට සතුටු කඳුළක්ද එකතු කලා අක්කගෙ පිදුම.....
අනුකරණයක් නෑ අක්කේ... ඒක නිර්මාණයක් කලාම හැම කෙනෙක්ටම ඇති වෙන පොදු හැඟීමක්..... මේවගෙ දෙයක් කලින් කියෙවුවදෝ කියල....
තව ලියමු....
ස්තුතියි විශ්මි නංගි,
ReplyDeleteවිඩාබර දවසක නිමාව සෙනෙහසින් සටහන් කිරීම වෙනුවෙන්..
" කිරි අම්මාවරු දනට වඩිනවා
ReplyDeleteකිරි සුවඳයි ගම්මානේ
අම්මේ ඇයි නුඹ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ..."
ඒ නිමා නොවෙන දාරක ස්නේහයමද.?
ReplyDeleteමගේ දවසනං වේගෙන් ගෙවිලා ගියා චේජනා.. ඒ අතරතුරේ දන්න හදුනන නවාතැන් පොළක දෙකක මඳකට නැවතුනා.
ReplyDeleteමේක කියවලා ඉවර වෙනකම් ම මගෙ හිතේ හොල්මන් කලේ මෙන්න මේ වචන ටිකයි .. "සැබෑ අත්දැකීමක් නොවේවා !.. "
ඒ තරම්ම තාත්විකව ලියලා තියෙනවා.
හිත සැහැල්ලු වුනා ඔබේ පසු අදහස් දැක්වීම දැක්කාම.
ශෛලිය මඳක් වෙනස් කර ලිවීම අනුකරනයක් ලෙස අපිට පේන්නේ නෑ... ඔබට ඇති හැකියාවත් සමඟ අනුකරනයක් අවශ්‍ය වන්නේත් නැතැයි අපට පැහැදිලී කොහොමත්..
මා බොහෝවිට දැක්කේ ඔබේ කවි සිතුවිලි පමණයි. නමුත් ඔබේ රචනා ශෛලියද සිත්ගන්නා සුළු බව දැක්කේ අදයි .
-ජය
චේජනා මේක ඇත්ත නෙමේ නේද?
ReplyDelete/බිඟුවා...!
ඔබේ වෑයම ගොඩාක් සාර්ථකයි. ලිවීමේ විලාශය, තාත්වික බව කියවන අය බැඳ තබා ගන්න සමත්. මා නම් මින් අනුකරණයක් දකින්නේ නැහැ.
ReplyDeleteකථා වස්තුව සිත පතුලටම කිඳා බැස්සේ මටත් හොරා.
නංගී, ඔබේ නිර්මාණ තුල දුටු විශේෂය නම් සෙනෙහසට දී ඇති උතුම් තැන. පසුගිය දිනෙක මෙ පිටුවේ කියවූ අදහස ...පෙම් කවි ගොතනා කවිඳුනි සොයුරුපෙමට කවි ගොතපන්... (සමාවෙන්න, වචනින් වචන මතක නැහැ). ඇත්තෙන්ම එවැන්නක් කරගෙන යන මට ඔබ ගැන ඇති වුනේ ලොකු ගෞරවයක්. මීට පෙර මා පල කල එවන් නිර්මාණ දෙකක් ඉදිරියෙදී මගෙ බ්ලොග් හි පල කරන්න අදහසක් ඇත.
නිර්මාණයන් කියවා සටහන් තබන අය ටික දෙනෙක් වෙන්න පුලුවනි. ඒත් බොහෝ අය ඒවා කියවන බවයි මගේ අත්දැකීම. ඒ කියන්නේ නිර්මාණයක පණිවුඩය, තරංගය විහිදෙනවා කියන එක නේද?
දිගටම මෙවන් විමසුම්, අත්හදා බැලීම් කරන්න. සුබ පැතුම්!
යෝගි,
ReplyDeleteවිඩාබර දවසේ අවසානය කුමක් හෝ බ්ලොග් පිටුවක එක්ව විඳින්නට තරම් සොයුරු බැමිවලින් අපි බැඳිලා...
වේදනාත්මක යමක් කියවීමේදී මෙය අප ආදරයෙන් බැඳුනු සොයුරාගේ හෝ සොයුරියගේ "සැබෑ අත්දැකීමක් නොවේවා !.. " කියන පැතුම ඉබේම සිතට නැගෙනව...මටත්...
ස්තුතියි නිර්මාණය ඇගයීම වෙනුවෙන් නම්...තරගකාරී අධ්‍යාපනය විසින් මොට කළ ලිවීමේ ආශාව හිත දරාගෙන ඇරඹි මේ බ්ලොග් පිටුව විනෝදය මෙන් ම දයාව සෙනෙහස ඉතිරෙන තෝතැන්නක් කළේ ඔබ මයි...
ඔබට ත් සොඳුරු ම දිනක්...
නෑ බිඟුවා...
ReplyDeleteබිඟු රැජින ට දැන් පුතා (ඉස්සර බබා :) ) ලැබෙන්න ඉන්නව වගෙම අපේ අම්මටත් මාව ලැබෙන්න ඉඳපු බවට මුළු ලෝකයක්ම සාක්ෂි දරනවා..
අනිත් අතින් එය එසේ නොවුව ද මට කිසිම වේදනාවක් නෑ...
මගේ දෙමව්පියන් එතරම් ම සෙනෙහසින් මා රකිනව අදත්...
අය්යෙ,
ReplyDeleteලෝකය වෙතින් මට පිදුනු සෙනෙහසත් මා පෙරලා ඊට පිදූ සෙනෙහසත් පමණක් ම මා ජීවිතය ලෙස දකිනව... අන් සියල්ල මග නොහැර කරගෙන යමින් ප්‍රායෝගික ජීවිතය ගෙන ගියත්.....ඒ නිසා සෙනෙහස ගැන මගෙන් ලියවෙනව වැඩි ඇති..අනික මව්බිමෙන් ඈත් වුනු නිසා සෙනෙහසේ අගය වැඩිපුර දැනෙනවත් ඇති මට...
"පෙම් කවි ලියනා කිවිවරුනේ සුපසන්..
සෝයුරු පෙම ගැන නව කව් ගී පවසන්" කියල එදා ලියල තිබුනෙ සොයුරු පෙම හිත නිවා සැනසූ දවසක් නිසා එදා..සොයුරු පෙම ගැන ඔබේ සටහන් ලියවෙන තුරු මා පෙරමග බලා සිටිනව....
මේ පිටුව වෙත ලියවෙන සටහන් ගැන නම් මා අතිශයින්ම තෘප්තිමත්....
ඉතින් වැලි කතරේ දිනය ඇරඹුනු ගමන් ම මෙහි සටහනක් තබා ගිය ඔබටත් සුන්දරම දවසක් වේවා...!!
දරු සෙනෙහසට නියමිත මට්ටමක් තිබිය හැකිද? එය එකිනෙකාගේ හදවතේ පරිමාණය තීරණය කරනු ඇත.
ReplyDeleteඔයාගෙ උත්සාහය හොඳයි ඇත්තටම.
ඒ වගේම අපේම ස්වාධීනත්වයක් අපිට නෑ. අපි එකම රැහැනැකින් බැඳී ඉන්නව මුඵ වර්ගයාම. එබැවින් එකම සිතුවිලි අපි කාටත් ඇතිවිය හැකි බැවින් අනුකරණය වුණා ලෙස නොසිතන්න. වෙනස්කම් වගේම සමානකම්ද තිබිය යුතුයි පැවැත්මට.
හරිම සංවේදීව දැනුනා චේජනා...
ReplyDeleteගත්ත උත්සාහය හුගාක් සාර්ථකයි කියලා හිතෙනවා..
``` Outsider```
ReplyDeleteස්තුතියි... දරු සෙනෙහස ට නම් නිමාවක් නෑ..
ඒත් දරුකමට හදා ගන්න දරුවෙක් ඒ යතාර්ථය අත් විඳින හැටිත්, නියම දාරක ස්නේහය ඔහු හෝ ඇයගේ හිතේ නිදන් වුනොත් ඔහු දෙමාපියන් හැර නොයාවි යි කියන අදහසත් මතු කරගන්න යි මට ඕන වුනේ....
ස්තුතියි දිල් ඔබටත්....
කෙටි කතාවක් ලිවීමේ මගේ කුළුඳුල් උත්සාහය සාර්ථක බව
කියල ගියාට...
අම්මට තාත්තට වුනත් ඕනවට වැඩිය බැඳුනොත් තමුන්ට තමන්ගේ ජීවිතය තමුන්ට ඕනෑ හැටියට ගෙවන්න බැරි වෙනවා... ජීවිතේ බෙදා ගන්න ඉන්න මනුස්සයටත් වාතේ ඉතින්...
ReplyDeleteRaven ට රැවටෙන්නෙ එපා... ඔහු "භවත්‍රා" ටෙලි නාට්‍යයේ මෙන් වෙස්වලාගත් පිටසක්වල ජීවියෙක්... විශ්මි නංගී ඔහුගේ රොබෝවක් පමණයි... කල්පනාවෙන්....
කාලයක් තිස්සේ ලවන ජලයට සේදී දිරාපත් වුණු කොරල් පර යටිපතුල් තුවාල කරනවා... කල්පනාවෙන් අංක 2....
ReplyDeleteතිස්ස අය්යෙ,
ReplyDeleteඒ අනාගතයයි... එහෙත් මේ වර්තමානයයි...
වර්තමානයේ මගේ ලොව එකම බැඳීම ඇත්තේ දෙමාපියන් වෙත ම පමණයි..
එනිසා ම එය බොහෝ සවිමත් විය යුතුමයි....
අනාගතය තවත් බැඳීම් එක්කළ පසු ඒවාට ගැලපෙන ලෙස ජීවිතය ගලා යනු ඇත...ජීවිතය වෙනස් වීම්වලට අනුකූල ව ගලා යන ගඟක් ම මිස කිසිදා නොවෙනස් වන සාගරය නොවේ..
ඒ සැරේ මොකද තිස්ස අය්යෙ...Raven පිට සක්වළ ජීවියෙක් වුනේ..
ReplyDeleteඅනික මේ මුහුදක් ආසාවට දකින්න නැතිව ඉන්න මට එක පාරටම කොරල් පරවලින් පරෙස්සම් වෙන්න අවවාදයක් ලැබුනෙ....
මගහැරුනු සන්නාලියාගෙන්ද පරෙස්සමෙන්....අංක3... භාවනානුවේ යැයි කීවද... විඩෙන් විඩේ සමවැදී උන් දැහැන් උනා දමා බ්ලොග් වලට කඩා පනී, පාන්දර ජාමේ.... පලංචියේ ලී ඉ රුවේ අපි එකට.....
ReplyDeleteඒක තමයි අය්යෙ, මේකා නම් තියන්න වටින්නෙ නෑ.... නිදි මරාගෙන බ්ලොග්වලට රිංගනව....
ReplyDeleteඒකත් කමක් නෑ කියමුකො, ලියුම් කරදහි ත් ලියන්ව නෙ ඕං..
ඒත් ඉතින් දැන් ඔයාට ඒ හැටි කරදරයක් නැතිව ඇති නෙ... අනිත් අය දැන් ඔයාට ෂී ෂී කරල නෙ ඔය මලයට ලියුම් දානව ඇත්තෙ...;)
මොකක් කිව්වා... ලියුම් කරදහි...!!??!?!?!
ReplyDeleteහිටපිය කරවන්න ඕකට මං ෂී ෂී....!!!
අය්ය විශ්වාසෙ තියාගෙන හිටියට ඉතින් ඔය මලයල ඔක්කොම ඔහොම තමයි...
ReplyDeleteඅනේ අපොයි.... මගෙ අහිංසකයව ඒ ගමන පිටසක්වල ජීවියෙක් කොලාද? ඒ මදිවට මාව රොබෝවෙක් කරලා.......
ReplyDeleteපිටසක්වලයෙක් නම් නෙවෙයි ඕන් මායාකාර වශී ගුරෙක් කිවුවොත් නම් හරි...... ;)
ඔන්න දැක්කද තකහනියක් ඇවිල්ල කියලා ගිය දේ... මේකා කරිඤ්ඤං බීලාද කොහෙද .
ReplyDeleteRaven හවත්‍රා ලු. විශ්මි රොබෝවෙක් ලූ.
ඒමදිවට අර අහිංසකයාව ලවන ජලයෙං හෝදලා.
ඩීන් අයියේ මේ මනුස්සයාට ඔය වෙල් පැන්ටා වර්ග නැතුව ටිකක් හොඳ බීමක්වත් හොයල යවන්ටකෝ පුළුවන්නං.
හපොයි .. මං කලිං comment එක Type කරන අතරතුරේ මේකා මටත් දීලනෙව වැඩේ !..
ReplyDeleteඔය 1 , 2 , 3 සියළුදෙනාම එළියට බැහැපල්ලා දැං ඉතිං.
චේජනා අමනාප වෙන්ට එපා ඕං ඔයාගේ blog එකේ යුද්ධයක් පටං ගන්ඩයි යන්නේ..
ඒක තමා නංගි, ඔය ඉරිසියාව වෙන මුකුත් නෙවෙයි..
ReplyDeleteබොලේ මූණ කට වත් හෝදාගන්න දෙන්නේ නැද්ද ... හිනා වෙලා පනයනවා බං...
ReplyDeleteඔව් යෝගි මේවට දැන් සටන් කරන්න ම වෙලා තියෙන්නෙ....
ReplyDeleteප්‍රජාතනත්‍රවාදය අමතක වුනු මිනිස්සු ආශ්‍රයේ වරද...
@යෝගි අයියා, චේජනා අක්කා......... මෙවුවා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන....
ReplyDeleteමට කොහොමත් කොහෙ හරි බ්ලොග් එකක ගෙනියන්න වලියක් තියෙනව...
ReplyDeleteමගේ ජිරාෆ් පැටියට මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳ ව...
තිස්ස අය්යෙ,
ඒක නම් ඇත්ත...පණ යනව..තමයි 12.15 AM
යෝගි කියනව වගෙ
" නිදන්න බැරි නම් ඇහැරන්
කරන එකයි ඕනෙ දෙයක්"
ඔව් නංගි, අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට එරෙහිව නැගී සිටින්න ඕනෙ..
ReplyDeleteඒ මොකද චේජනා.. මට මඟඇරුනු වලියක් ද? ජපානේ දැං හුරතලේට හදන්නේ ජිරාෆ්ලා ද ?
ReplyDeleteවිශ්මි , ඔය කුමන්ත්‍රනයක් නං නෙමේ මං හිතන්නේ..
අර බූතයා රටඉඳි බීමක් බීලා පාර පුරා එක එකාට බැන බැන යනවා.
ඕං උදේ වෙනකොට ඇරිලා යයි.
හප්පා ලිපිය සෙනෙසින් පටන් ගත්තට සෙනෙහස දෝරෙ ගලන් යනවා මෙතැන දැන්. ජීවිත කීයක් නැති නාස්ති වෙලා නවතීද මන්ද?
ReplyDeleteඔව් යෝගි, ඒක personal වලියක්.. මට ඉන්නව හුරතලේට හදන පුලුන් පිරෙව්ව ජිරාෆ් පැටියෙක්.. ඒකට මරණ තර්ජන එල්ලවෙනව දැන් දැන්..:)
ReplyDeleteඒකත් වෙන්න ඇති... බොනව කියල ඔහොමත් බොනවද මම අහන්නෙ..
මම නම් බ්ලොග් කෙරුවාවට අලුත්. ඒත් චේජනාගෙ බ්ලොග් එක කියෙව්වහම තේරුනා අපි දෙන්නම් ඉන්නෙ එකම රටේ විත්තිය. මට නං මේ වලියෙ අගක් මුලක් මැදක් මොකක්වත් මීටර් වෙන්නෙ නෑ. ඒත් වලියකට සප් එකක් ඕනනම් අපිටත් කියන්නකො. තක්‍යුබින් එකෙන් මෝටාර් එකක් හරි එවන්නං.
ReplyDeleteඒක තමා මල්ලි, පස්සෙ කාලෙක කවුරුහරි මේක බැලුවම දෙමව්පියන්ට තියෙන සෙනෙහස ඉබේම මතක් වෙයි..
ReplyDelete@යෝගි අයියා.. ඒකත් එහෙමද... උදේ වෙන්න කලියෙන් දැන්මම දෙහි බෑයක් අතුල්ලන්න කිවුවනම් හරි ඔලුගෙඩියෙ..... දුකා අයියා ළඟපාත නැද්ද මන්දා.....
ReplyDeleteමතක මංපෙත
ReplyDeleteමේක නැගල යන වලියක්.. ඒක ඔයාට තේරෙන්න බ්ලොග් කීපයක්ම බලන්න වෙනව..
ඒත් ඉතින් අතිශයින්ම සතුටුයි...
මේ නාඳුනනා දෙශයේ අඳුනනා කෙනෙක් මුණ ගැහීම වෙනුවෙන් නම්...
සප් එක දෙන්න බ්ලොග් එකට හැමදාම .... මේ සෙනෙහස ගලායන සෙනෙහසින් බැඳුන සොයුරු කැලක හමුවක්...එකතු වෙන්න සෙනෙහසින්..
බලමු දුකා අය්ය හරි ගල්මල් අය්ය හරි හොයා ගන්න... නැත්නම් උදේ වෙනකම්ම කියවද්දි පොලිසියෙන් අල්ලන් යයිද දන්නෙත් නෑනෙ..නේ නංගො talks දුන්නත් ඉතින් අය්ය නෙ
ReplyDeleteබුදු රත්තරන් මතක මංපෙත... උඹ ඔය චාටු කතා වලට රැවටෙන්න එපා... මාව විශ්වාශ කරලා මගේ පැත්තේ ඉඳින් මගේ දෙයියා....
ReplyDeleteවිශ්මි නංගී
ReplyDeleteමොකුත් උදව්වක් කොරන්න බෑ.දුකා නං පේන්න බෑ. ඉතුරුවෙලා ඉන්නේ අපේ ගල්මල් අයියටත් ලුනු වතුර දාලා මළකඩ කැව්වනේ අපේ ලොක්කා. දැං ඉතිං කහඹිලියා මිසක් දෙහි ලෙල්ලක්වත් ගාන්ඩ එයිද ඒ මනුස්සයා.
දෙහි ඔලුවෙ අතුල්ලන්නෙ අපරාදෙ. ඒකත් දාලා හොද කොක්ටේල් එකක් හදාගමු වොඩ්කා පාරක්වත් දාන්න.
ReplyDeleteතිස්ස අයියා මේ අරගලයෙන් පසු කොහොමත් අපි ජයපැන් බොමු ජුනි වල.
කාන්තා පරපුරට නැගිටින්න දෙන්න හොද නැහැ. එහෙම දිය යුතු අවස්ථා දෙකයි තියෙන්නෙ. උදේ අපේ තේ එක හදන්නයි තව මෙතන කිව නොහැකි දෙයකුයි.
@යෝගී: උඹ එකදවසක් බීවා නම් ඒ අමෘතයට ඔහොම අපහාස කරන්නේ නෑ... එව්වා බොන්ට වාසනාව නෑ බොලාට...
ReplyDelete@ යෝගි අයියා....... හි හි හි තිස්ස අයියා අරහේ නංගිලාව තරහා කොර ගත්ත මදිවට මෙහේ මල්ලිලා ටිකත් තරහා කරගත්තා....... අපොයි පව් අසරණයා....
ReplyDeleteඒක තමා අක්කේ කියන්නේ කොට්ටෝරුවා කොට කොට ගිහින් කෙහෙල් ගහට කෙටුවම හොට පැටලෙනවලු.....
ජිරාපයට හෙනගහපිය...
ReplyDeleteවිශ් නංගිගේ බත රොස්වෙය...
යෝගියාගෙ ලැප ස්ටක් වෙය...
ඇල්ගී පැල හෙට කෙල වෙය...
ඔව් නංගි, එන්න උපරිම ඉල්ලීම් දිනාගන්න... Raven ද ජපානයට ඇදී එමින් පවතී...අය්යා තනිකරමින්..
ReplyDeleteපැත්තක් ගන්න කලිං කතාවෙ මුල මැද අග හොයාගෙන ඉන්න ඕන. මං තාමත් කරක්වල අතඇරිය වගේ. හැබයි ඉතිං තමංගෙම කියල කවුරුත් නැති මෙ රටේ අනිත් කොනේ තමංගෙම රටේ කෙනෙක් ඉන්නකොට එයාට තමයි සප් එක දෙන්න හිතෙන්නෙ.
ReplyDeleteම්ං ඔය කවි නිසඳැස් නං ලියන්න දන්නෙ නෑ ඕං
වස්කවිවලට මම නම් බය නැත්තේය..
ReplyDeleteඒත් ඇල්ගීවලට කල සාපයට නම් මාද ඔබට පෙරලා සාප කරමි
@මතක මං පෙත: උඹට පිස්සිද මගේ දෙයියා...
ReplyDeleteඅර මෝහිනී ලමයා දුන්නහම උඹ ගන්නවද....
මතක මංපෙත...
ReplyDeleteඔබේ ප්‍රඥාවන්ත තීරණයට මගේ ප්‍රණාමය..
වොඩ්කා මක්කටෙයි........ ජින් හොඳා ඊට වඩා....... ලයිම් එක්ක හොඳට කැපෙනවානෙ.......... ජූනි වල ජය පැන් බොන්න යන්න දෙන්න එපැයි.... ඔය නම් හදන්නේ තේ එක වගෙම අර නොකිවුව මොකද්ද මම නොදන්න වැඩෙත් නැති කරගන්න කැන්දන් ගියාට පස්සෙ.........
ReplyDelete@චේජනා අක්කා... ජය වේවා.............
තිස්ස දොඩන්ගොඩ...
ReplyDeleteනෑ. එයාටම ළමය අල්ලගෙන ඉන්න කියල මම රෙද්ද ගැටගහල දෙනව.
මතක මංපෙත...
ReplyDeleteඔබ ප්‍රඥාවන්ත ය...
අවවාදය:
මුරුංගා අතු එතරම්ම සවිමත් නැත...
ප්‍රවේසමින් රැඳි සිටින්න...
@මතක මං පෙත: උඹත් මොන රෙද්දක් කතා කරනවාද මංදා බං....
ReplyDelete@මතක මංපෙත... චේජනා අක්කා අත්දැකීමෙන් අවවාදය දුන්නේ...... පිලිගන්නේ නම් මැනවි....... ;)
ReplyDeleteඔව් නංගි, ඉතාම ප්‍රවේසමින් කොන්ද කඩානොගෙන බිමට බැහැගත්තෙ..
ReplyDeleteඅබුඩාබිවල මුරුංග ගහෙන්..
@චේජනා
ReplyDeleteඔයාගෙ කතාවත් අර ලංකාවෙ සිගරට් පෝස්ටරයක් වගේ.
ඒකෙත් ලස්සන රූපෙට යටින් පොඩියට තියෙන්වනෙ "අවවාදයයි!!දුම්බීම පිළිකා ඇතිකරයි" කියල. ;-)
@මතක මංපෙත...... එසේය එසේය........ අබුඩාබි වල මුරුංගා අතු ලංකාවේ තරම් වත් හයිය නැත.......
ReplyDelete@මතක මංපෙත: මේ දිගටම අපිත් එක්ක ඉන්න ... මොලේ ටික ටික පැදෙයි මේ මාර දූවරු ගැන... අදට මං යනවා බොහොම හිනා වුනා අද... ඔක්කෝටම පිං....
ReplyDeleteඑහෙම තමා මල්ලි, අවවාදය නොදුන්නොත් දෝශාරෝපනය ට ඉඩ ඇති නිසා
ReplyDeleteවිශ්මි නංගි, එතනදිද මා ඔබට එකඟයි
සොඳුරුම සෙනෙහස් බැඳුම් මැදින්
ReplyDeleteගලාගියත් අඬදබර කමෙන්ට්
හදවත බැඳුමන් සවිමත් කෙරුවා
දෝර ගලන් යන සතුට අරන්
දවස නිමාවී ඊලඟ දවසත්
හිරු නැගෙනා රට වෙතට ඇවිත්
නිදි දෙව් දූ තුරුලේ සැනහෙන්නෙමි
ඔබටත් සොඳුරුම රාත්‍රියක්
@ හැමෝටම
ReplyDeleteඔව් අප්පා. මටත් හෙට ලොකු වැඩක් තියෙන්ව.
අහෙනම් අපිත් නිදාගන්න යනෝ.........
සුබ රාත්රියක් පතනෙමි අක්කෙ ඔබටත්
ReplyDeleteවාද හුයෙන් වුව බැදුනේ අප හදවත්
හද නොමැකෙන තුටු හැගුමන් තුරුලු කරන්
සමුගන්නමි මමද අදට මේ පියසින්
හැමෝටම සුබ රාත්‍රියක්.
සුබ රාත්‍රියක් හැමෝටම........ සතුටින් පිරි දවසක අවසානය සිනාවකින් සටහන් විය......
ReplyDeleteකාවො කාපු පරණ පීස් ටික සැරිං සැරේ ජිරිබිරි ගාපං
ReplyDeleteඅක්ක කතාකරන වෙලාවටම ජී ටෝක් එක කැඩි කැඩී ඇහීයං
වන් ටී බී හාඩ් එකේ ඇති චිත්තරපටි ටික මැකිලා පලයං
වස්කවි කියන වෙරිකාරයට කට ඇරගෙන ඔතන නින්දම පලයං
( මෙහෙම කිව්වට අර පළවෙනි එකයි දෙවෙනි එකයි නොවේවා ! )
යෝගි,
ReplyDeleteනියම වස් කවිය...
අහා මේ මොකද අප්පේ කෂ්ඨියටම එක පාරටම උනේ.
ReplyDeleteමේක දැක්කේ වත් නැහැනේ නිකමටවත්..මාර දූවරු කිව්වේ නංගිලාට වෙන්න ඇති...කථා කරන්න ලමයි මේවට....
ඔය අක්කෙ ඊයෙ රෑ අපේ අය්යන්ඩිට ටිකක් වැඩි වෙලා...(රට ඉඳි බීමක් බීල..යෝගි කියන විදියට)
ReplyDeleteපුළුවන් උපරිමේ ම මායි විශ්මියි කතා කළා...අන්තිමට ඉතින් අය්ය ශේප් වුනා මටයි විශ්මි නංගිටයි බෝනික්කො ටොපි චොකලට් ගෙනත් දෙන්න ම් කියල..
රසදිය කඳ උස් වෙලා
ReplyDeleteගොයියා මොටර් වෙලා
ග්‍රීස් ටික උණු වෙලා
නට් ද බුරුල් වෙලා
අද වැඩ හින්දා ගොයියා
තරහින්ද මන්දා
ගැත්තාට සමා කරමු ඒ හින්දා
කෙමිස්ට්‍රි හින්දා අදත් මලක් පූදියි ද මන්දා
බෙහෙත නම් බීමක් වෙන්න බැහැ උණ වැඩිවුනාම ගොඩාක් දෙන්නෙ සපොසිටරි මිසයිල්
වේවැල් කෝටු නාරං සියඹලා අතූ..
ReplyDeleteගල්මල්-Coral, යෝගියො හා විශ්ම තරූ...
එකපැත්තක් ගෙන ඇයි මේ මටම තැලූ...?
Land Lady නංවයි මදහස් මුකුලූ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින නමුත්
ReplyDeleteඑහි සිට ලෝකය පුරා ආධිපත්‍ය පැතිරවීමට
තැත් දරන "දොඩන්ගොඩ අධිරාජ්‍යය" ට එරෙහිව නැගී සිටි
සියලු සොයුරනි ඔබට ප්‍රණාමය....
රිදුනා නම් සමා කරන් යාලු
ReplyDeleteරස්නෙට පරවුනත් දලු
කවි තැල්මෙන් තැලීලා ද පොතු
කව් පොඩ්ඩ්ක් පිපිලා
තුටු
අහා !...
ReplyDeleteඔන්න අංක 2ත් වැඩට බැහැලා.
කරදිය ගැඹර අප කරණම් ගැසු කාලේ...
ReplyDeleteමවගේ ඇකයේ කිරිබී උන්නලු බාලේ...
එව, තව රැගෙන, බෝ සගයන් අඳ බාලේ...
සුන්කර ලාමි, නංවමි අධිරද, රාළේ...
අද අප්‍රේල් 23, ලලිත් අතුලත්මුදලි නම් මහපොල ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවා එතුලින් අපේ විශ්වවිද්‍යාල සිසු සිසුවියනට යමක් කරන්න පුලුවන් පවුරක් තනන්න මූලික වූ පහන නිවී ගිය දවස.
ReplyDeleteදේශපාලකයින් කියන විට නිතැතින්ම අකුරු කරන්න බැරි විශේෂන ගලා ආවත්, ලලිත් නම් ඒ රාජාලියාගේ හොටට නොව තියුණු ඇසට මා ගරුකරා ඉන් එලිය ලබූ අනන්ත වූ මුතුකැට බොහෝමයක් නිසා.
ඉතිං, සොයුර සොයුරිය අද දවසේ තවත් දෙපැයකින් වෙන්වන මගේ පින් දීමේ අඩපැය එතුමන් වෙනුවෙන් යොදාගන්න අදහස.
(මෙ සටහන මතක් කිරීමක් උදෙසා තබන්නෙමි, ඉන් වරදක් වුනා නම් සමා කරන්න)
තිස්ස අය්යේ,
ReplyDeleteබෝ දුර ගෙවා වැලිකතර ට පා තබමී
සෙනෙහස අකුරු කළ සෝයුරු පෙම විඳිමී
හිරු රද සේම ඔබ ඔද තෙද පිළිගනිමී
ඔබ අදිරද වෙන්න ඔබ ළඟ හිස නමමී
චේජනා නංගි
ගල්මල් අය්යෙ,
ReplyDeleteනිදහස් අධ්‍යාපනයේ අමිල පල විඳි අපට එයින් අප මේ සියල්ල ලැබූ බව අමතක කල නොහැකියි...
දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි...
එසේම ඔබට මගේ ගෞරවනීය ප්‍රණාමය ද පුද කරමි..
එවන් දැනුවත් කිරීමක් හා පින්දීමක් කිරීම වෙනුවෙන්..
දැනට එකයි, තව ඇත, උන්දැල දෙනමක්...
ReplyDeleteහවහට කොටයි මුවහත් වූ විශ්මි ලඳත්...
පිළිගමි ඔබේ යටහත් බව, පසුව වුවත්...
පත්කර ලන්නෙ ඔබ, රැකුමට ජපන් රටත්...
ඉතිං සොයුරනි සොයුරියනි මගේ
ReplyDeleteඅපි නොවෙමු කඳු
ඒත් එකම සයුරක හමුවන ගංඟා
කුමට අතගමුද කඩු...
සොයුරේ TD තව නම් බැහැ අබලන් අඟිල්ල කොටයි රිවර්ස්
ReplyDeleteපමා වුනා බොහොමත් මගේ අයියන්ඩී...
ReplyDeleteඑකලස් කලා ආයුධ පිට කරන වෙඩී...
හවහට තිබේ කරනට බ්ලොග් පිටුව හැඩී...
කරනුය බොරුය සිසිලස්, මා හිත වු දැඩී...
අපි කඳු නොවෙනා හින්දාමයි අප සිත් එක ලෙස බැඳුනේ
ReplyDeleteඅය්යේ ඔබහට හිස නැමුමට නැත මට නම් දුක හිතුනේ
වැලිකතරද මව්බිමද ජපානෙද එකක් ම කළ පිනිනේ
සෝ ලතැවුල් ඔබ සිත ට නොවේවා සැනහෙනු මැන ඉතිනේ
අවි ගත්තෝ අවියෙන් ම නසින බව ඔබත් අසා ඇතියයි සිතමී
ReplyDeleteඑක් කළ ආයුද ඉවතට ලනු මැන ඔබේ නැගණි අයදී
සැමදා සිත ළඟ ඉන්නා නැගණිට සමාව දෙනු මැනවී
ඈ නෙත කඳුලැලි මුතු කැට වන මුදු ඇය නෙතු නොතෙමා ඉනු මැනවී
කොමිස් බලා ගත්තාට තියන්න එපා වෙඩි
ReplyDeleteරතිඤ්ඤා උනත් මෙහේ තහනම් ගෙඩි
මැසි මරන ස්ප්‍රේ නම් තියෙනවා හැඩි
තණකොල පෙත්තන්ට ඒවත් සැර වැඩි
ඉම්බා කපන්නට බැරි අත ගෙන රන්දා...
ReplyDeleteදැම්මා හැට හතර, අන් යම නැති හන්දා...
දෙන්නට සමා අධිරද ලඟ නැති හන්දා...
එනතුරු හිඳිනු සංධානයෙ අර උන්දා..
හැම දෙන සටනට කැඳවා ගැන්ම ද මා කල වරදක් ලෙස දකිමී
ReplyDeleteසොයුරන් ඇත්තේ රිදවන්නට නොව සමාව දීමට යයි සිතමී
ප්‍රමාද වුනු මුදු සමාව ගන්නට තාමත් කල් ඇතිබව සිතමී
"නැගණියකට බැඳි සෙනෙහස නොවෙනස්" යයි ඔබ කී බව සිහිකරමී
සංධානයේ යළි කිසිදා නොබැඳෙන්නම්
ReplyDeleteඅය්යා කියන විදියට නංගී ඉන්නම්
සමාවෙන්න ආයෙත් මා අයදින්නම්
සිත නොතලන්න මා ඔබහට වඳින්නම්
බීලා "ඔසුව" සැදු මිරිකා ඉඳි, සැංගී...
ReplyDeleteකියපු කතා ඕවා, පිස්සුද නංගී...
කෝ අර නුඹේ හයි හත්තිය ඇති යෝගී...
එන්ට කියව ගලවන්නට උගෙ ජංගී....
පැමිණ උනිමි සැගවී මෙහි බලාගෙන
ReplyDeleteචේ අක්කා අර අදී සාම කතාවට
තිසා සිතේ තෙත බිඳකද ලකුණු නැත
යන අයුරක් නැතිය ගිනිදැල් නිවීගෙන
අන් සොයුරන්ද පාවා දිය නොහැක මට...
ReplyDeleteසියලුම වැරදි මා පිටට ම ගනිමි මම..
සමාව දෙන්න ලොකු අය්යේ දැන්ම මට....
හිතමා මුදුයි නොරිදව ඉනු මැන ඉතින
බ්ලොග් එක බ්ලොක් කරගන්නද හදන්නෙ හැබෑට
ReplyDeleteසෙනෙහස බැඳුනු සිතකින් තව කෙනෙකු සිතක්
ReplyDeleteරිදවිය හැකියි මල්ලියෙ එය ලොව සැටියක්
ගිනිදැල් නිවෙයි නෙතු කඳුලැලි වලින් ඉතින්
නංගිගෙ නෙතට කඳුලක් ඔහු නොදෙයි ඉතින්
රිවස් උනා මාගේ තත්වය නංගා...
ReplyDeleteඊයේ වින්ද දහ දුක ඔබටත් දෙන්නා...
ඔන්න ඇවිත් මාගේ සකි සඳ කපුටා...
විඳිනුව ඉතින් මා විඳි ඒ නව නින්දා....
අය්යා මගේ සිත නොරිදා ඉඳියි නම්
ReplyDeleteමල්ලිත් මගේ සිත නොරිදා යාවි ඉතින්
සොයුරු පෙමට නෙතු කඳුලක් හැලේ නම්
එය මා වරද නොව මා මුදු සිත වරදක්
බ්ලොග් එක බ්ලොක් වුනත් කල හැකි දෙයක් නැත
ReplyDeleteඅය්යා සමා වන තුරු සිත ගිනි ගනිත
නෙතු කඳුලකින් ඒ ගිනි නිවුමට නොවෙත
අය්යා සමා වී ඇත මට දැනෙන ලෙස
බ්ලොක් කියුවේ TD ගලවන බව කී එකට
ReplyDeleteඑවා තහනම් කරයි බලන්න බැරිව අපට
විදි නව නින්දා සිහිකොට
ReplyDeleteනවතම නින්දා දෙවමින
පෙරදා අපගත් අභීත පියවර
ඉදිරියටම තියමුද අයියේ අප
කදුළැලි වෙයි ළදුනට ආයුධ
ගසා පෙළයි ඉන් දුර්වලයන් හට
අධිරද ගුණ ඇති මහා තෙදැති ඔබ
නොසැලෙනු මැන ක්‍රොකඩයිල් කඳුලු දැක
ඕවා හිතන්නට තිබුනේ පෙරේදා...
ReplyDeleteමල්ලී ඉන්නේ මා ඉන්නා පැත්තේ මෙදා...
දැන් පෙන්නා කඳුලැලි අප නොකර මුලා...
නැගිට වරෙව් සංධානයේ හතර දෙනා...
අය්යා සිතින් ලැබගත් මුත් අනුකම්පා
ReplyDeleteමල්ලී එය මැදට පැන ආපසු ගත්තා
මොනවා කරන්නද මම නම් දැන් අප්පා
කවුරුත් නැද්ද ගෙන එන්නට දිරිබල මා
අන්න මගේ මල්ලී ගුණ සුවඳ දෙන...
ReplyDeleteහිතුවා මමත් සිතනා ඒ විලසටම...
කරුණා ගුණය පෙන්වන්නට වෙලා ඇත...
යමු අපේ මළේ සිඳ බිඳ නුහුගුණ පවුර...
සිත නොරිදවන බව කියමිනා..
ReplyDeleteඒ නමුදු ළඟ හිඳ රිදවනා..
යළි නොඅමතන බව කියමිනා...
දින ගෙවී යද්දී අමතනා..
දැවටෙමින් සුලඟක් මෙනා..
ඔබ සිත ලඟම හිඳ හිනැහෙනා...
නැගණියක් සොඳුරු යැ යි සිතු සිත
නොවෙනස් ද තව කිව මැනා...
යයි ඉවත ඒ සුලඟ සැදූ විට සංධාන...
ReplyDeleteඅමතකය සොයුරු පෙම, ලද බොලඳ බස් නොමැත...
පායි ඇඟලුම් සිනා කතා බස් හසුනෙනා...
මේ සියල්ලටම මුල, ඔබෙ චපල බව ඉතා...
දැන් නම් කඳුලු මා නෙතු අග රොක් වෙනවා
ReplyDeleteයළි සංධාන නොමවෙමි මා දිවුරනවා
සමාවෙන්න අය්යේ මා අයදිනවා
මේ හැටි කියද්දිත් ඔබ මා රිදවනවා
මල්ලී ඔබට හොඳ නම් ඔහු හා ඉන්න
ReplyDeleteනංගී ඔබව දමලා යාවී ඔන්න
ඕනම දෙයක් දැන් ඔබ තෝරාගන්න
ආයෙත් යදින්නම් නොරිදව ඔබ ඉන්න
හප්පේ මොකක්දෝ මේ සිදුවී ඇත්තේ...
ReplyDeleteගියා මමත් සමූපකාරය පැත්තේ...
ලැප් එක මගේ හැක් කර මූ සිට ඇත්තේ...
දුවපිය කිව්වෙ, දඬුවම් නම් දිය යුත්තේ...
නංගී චපල නෑ ඔබ කීවත් රිද්දා
ReplyDeleteසතුට ට ලොල් ය ඈ දුක දන්නා හින්දා
තව කොපමණක් කීවත් රිදවන හින්දා
සමාවෙන්න මම ඔබෙ පා යුග වැන්දා
කවි ලිය ලියා ගත වී යන මුත් කාලේ
ReplyDeleteඅය්යා සේම නංගි ද වෙහෙසෙයි නොරටේ...
ඒ හින්දාම තව කවි මා ලියනු කෙසේ..
සමාව දෙන්න පොත වෙත යන්නට රිසිසේ..
තාමත් ද හවල්ය හිරු නැගෙනා රටට
ReplyDeleteඑකලස් සිතක් ඕනෑ මට උගැන්මට..
සමා වෙලා ඒ දෙනු මැන නංගීට..
අය්යෙ සමාවූ බව කිව මැන මෙමට
හපොයි මගේ මිතුරෙක් ගේ වැඩ මේවා...
ReplyDeleteමම නම් කියයි දෝ ඔයවැනි බස් කෝමා...
මීට පස්සේ යනතැන නොම යමි නෝනා...
ලොක්කර නොම දමා මගෙ මේ ලැප් පොඩ්ඩා...
ඔබ සමා වූ බව සිතමි
ReplyDeleteපොත වෙතට යළි නෙතු යවමි
නැගණියක් සොඳුරු යයි සිතු සිත
නොවෙනස් ම බව යලි සිතමි
දත් බේත් ටියුබ් එක, පැලැස්තර පෙට්ටියම..
ReplyDeleteසම්පකාරයේ දමා, මා හනික පැමිණ ඇත..
යතුරු ලමි, නැවත යමි, ඒ බඩුත් ගෙන එන්ට..
පිස්සු පීකුදු නැතුව, ඔය වැඩක් කරගන්ට...
.net නැතුව කවි කටුගෑ වෙන හන්දා
ReplyDeleteකවි ලිව්වොතින් job එක කෙළ වෙන හන්දා
සටනට එන්නෙ මං අද රෑ වී හන්දා
නටපං කකුළුවෝ දිය තව ඇල් හන්දා
මගෙ කඳුලින් ගින්න මා නිව්වා පමණයි..
ReplyDeleteයෝගී ඇවිත් ඒ ගිනි ලන්නට තතනයි..
ආපහු රෑට ගිනිඅවුලා නිවාගනියි..
නෑ සංධාන නංගී අය්යගෙ පමණයි..
ඔබ කිසිවකුත් මා පාවා නොදුන්නෙමි..
ReplyDeleteඔබ වරදටද සමාව මා අයැද්දෙමි
මින්පසු ඉතින් ඒ ඔබට ම බාර දෙමි
මා පොත ලඟයි දැන් නම් මා යන්න යමී
වන් ඩවුන් ත්‍රී ටු ගෝ...
ReplyDeleteතනියෙන්ම අමාරුයි...
රේවනුත් ආවොතින්...
මගෙ පැත්තේ තුන්දෙනයි...
රට ඉදි බීමේ සැර අඩුවී ඇති පාටයි
ReplyDeleteනංගී බය උනත් අපි නම් භය නෑමයි
විශ්මී කෝ කොහෙද අද නම් නැති පාටයි
කෝ සංධානෙ එන්නද මම උදව් ගෙන
පිටකොටුවෙන් ලාබෙට ගත් ටෙඩී බෙයාර් දීලා
රවටාගන්නට හදනවා මේ අයියා නංගා
චොකලට් ටික Food city යෙන් ගන්න හිතපු හින්දා
අරාබියෙන් කිසිම දෙයක් ගේන්නැද්ද අයියා
ලැප් එක හැක්කලේ කවුදැයි කියනවද
මිතුරා කවුද මෙතරම් රස කවි ලිව්ව
බොරු නම් එපා අයියේ හිත සනසන්න
කෝ චේජනා ඇයි භය ඔබ ඔතරම්ම
මල්ලිට දුන්න අවවාදය හරි නරකයි
අයියා කරන වැඩ මල්ලී නම් නොකරයි
රට ඉදිබීම වෙන්නට බැහැ මේ බීම
නරකද නැවතුවොත් ඇත්තට ඔය බීම
නාහෙන් වැගිරෙනා සොටු සෙම් කඳුලු නිසා..
ReplyDeleteඔන්න මාරු වුනි "පොත් " යැයි පොතක් දෙසා...
හොඳ හොටලේකින් කිසිදිනකදි නොකෑ නිසා...
ආවාදෝ නුඹත් ඉල්ලන් කනු පිණිසා...
බිය සහ සෙනෙහස ට ඇත්තේ පොඩි වෙනසයි
ReplyDeleteසටන ට වැදී ගන්නා ජය මට නොවටියි..
ඒ හින්දා ම නංගී වාදයට නොයයි..
ඔබ යුද වැදුන දින ඒ වැටහෙනු නියතයි
දයානුකම්පා ඔබ සිත තුළ නැත ඔබ නොදනී ඒ කුමක් කියා
ReplyDeleteමට වැරදුනි මා සෙව්වේ සෙනෙහස සෝයුරු සිත ළඟ ඇතියි කිය
අය්යල මල්ලිල කවුරුත් ආපහු එන්න එපා මා ඔබේ කියා
ඔබෙන් රිදුනු සිත අරගෙන නංගී ඔබ හැර යන්නම යන්න ගියා
හොඳ හෝටලේකින් කානැති බවනම් ඇත්තයි
ReplyDeleteකන්නට ඕනෙ කමකුත් නැති බව ඇත්තයි
මට දැන ගන්න ඕනෑවුයේ ඇත්තයි
හිත් නොරිදවා ඉන්නට බැරි හැටි පුදුමයි
@Nimanthi
ReplyDeleteමට රිද්දුවොත් නම් කාටත් වෙන දේය...
ඈත්ත එයයි දැන ගත්තොත් ගුණ වේය...
උපන් දා පටන් හුරු කලෙ ඔය දේය...
දැන්වත් ඉතින් තීරණයක් ගත්තාද...?
එකට එක කිරීම හොඳයැයි නොසිතමි
ReplyDeleteඋපන්දා පටන් ගති අතාරින්නට කාලයයි
මට රිදවන්න නම් පොඩ්ඩක් වෙලායයි
තීරණය විය යුත්තේ ඇත්තටම සමාවයි
වැරදි සිදුවීම නම් මිනිසුන්ගෙ අතින් මයි
සමාවක් දිය හැක්කේ දෙවියන්ට පමනමයි
ඉතින් ඇයි බැරි තමා තුල ඇති හොඳ ගති
පෙන්වන්න මේ වගේ වෙලාවකදි
වෙලා වුනත් අරගෙන රිදවන්ට සරී..
ReplyDeleteකෙනෙක් ඔන්න හම්බ වුනා සිත සපිරී...
දෙව්, බඹු , මිනිස්, කැල හට කියනා සදිසී...
අහන්නේ නැතිය යක්කුන් බණ ඔවැනී...
හා යකෙක් එහෙනම්
ReplyDeleteමිනිස් වෙසින්
කිමද අත්හලේ සැබෑ වෙස
කොයි තරම් නරකයිද
බොරුවෙනුත් රැවටීම
වෙස් මුහුණකුත් දමාගෙන
මේක මිනිස් මුහුණක් යැයි සිතුවේ ඔබ...
ReplyDeleteඑයට මිනිස් ගති තවරා සැදුවේ ඔබ...
කවුරු හටත් මෙ දේ දැන් කියමි මම...
ගැටෙන්නට පෙරම සොයනුව කව්ද මම...
කවුද කියා නොසොයමි මම ඇත්තටම
ReplyDeleteවැදගත් නොවේ නොවෙදැයි එය සැබෑවට
මට වැදගත් වෙන්නේ සාමය සැම තැනම
ඇයි බැරි කියනවද?? සමාව ලැබ දෙන්න
යක්කු, සමා කවදාවත් දෙන්නේ නැත...
ReplyDeleteදුන්නත් දෙන්නේ නොදැනිම වුනු වරදකට...
එක්කහු වෙලා නව නින්දා කල එකට...
යක් පිලිවෙතින් පලිගමි ඔබ හැමගෙන්ම...
@nimanthi
ReplyDeleteතනිව සටන් වැදුමට ඔබ ඉඩ දෙන්න
නිමන්ති අක්කෙ මා මෙන් ඔබ නවතින්න
අය්යා කවුරුදැයි හොඳ හැටි දැන වුන්න
නංගී යන්න ගියෙ එ නිසයි දැනගන්න
අහෝ
ReplyDeleteකුවේණිය සදිසි කෙනෙක්
ඇත පහලවී
එක්කහු වෙලා නව නින්දා නොකෙරු වෙමි
ඊයේ දවසටම මේ පැත්තේ නාමි
පැත්තක සිටි කෙනෙකු ලෙස යලි යලි මම කියමි
තරහ අවසරයි සමාව දෙන්න යලි
@Nimanthi
ReplyDeleteඊයේ වෙච්චි හබයේ පැත්තක් ගත්ත...
ඔබහට නොමැත අනුකම්පා අපගේ සිත...
ඊයේ හිටියේ පැත්තක බව මක්කටද...
අද ඔබ අපට එදිරිව නැගි තව කතක..
මේ ඔහු මසිත රිද වූ මුල් වර ද නොවේ
ReplyDeleteඒ හින්දා ම මේ අවසන් වර ද නොවේ
අක්කාවරුන් නම් මා සිත ගෙනෙන සුවේ
කිසිවිට මසිත රිදවා ගිය දිනක් නොවේ
මොන අරගලය තිබුනත් බ්ලොග් අවකාශේ
ඔහු අබුඩාබි හිඳ අප සැමටම හිනැහේ
අක්කේ යන්න ඔබ වෙන්වී නිවස කෙරේ
අය්ය තනිව කියවා ඉවර ව සැනහේ
තිස්ස අය්යේ
ReplyDeleteඅක්කා වෙනුවෙනුත් මා ඔබ අයදින්නම්
මේ අරගලය මෙතනින් නිම කරන ලෙසින්
ඊළඟ පිටුව පුද දුනි මා ඔබේ නමින්
අය්යේ එහි එන්න සෙනෙහස තුරුළු කරන්
රට ඉදි බීමේ සැර
ReplyDeleteඉවරවී නැති හැඩයි..
මම කුමක් කරන්නද
සටනකට අඬ ගසයි
අනුකම්පාව නම්
කොහොමටත් මට එපා
හැකි කමක් වේම නම්
ඉල්ලුවේ
සමාවක් පමණමයි
එයද මට නොව ඇයට...
යක් පරපුරේ අය වුවගේ හිත නිවනා...
ReplyDeleteනංගියේ ඔබේ ස්වරයට මා සිත සැලුනා..
ඕං එහෙමනම් යමි මම යලි නො එනා...
අනෙක් වුන් සමග සිටිනුව ඔබ සොඳිනා..
ඔබ සිත රැඳුන සෙනෙහස මා හඳුනනවා
ReplyDeleteඒ හින්දාම රැවටිලි මා හට බැරුවා
මොන අයුරකින් වැසුවත් ඒ ඉපිලෙනවා
අය්යේ එන්න ඔබ නොමැතිව පල නැතිවා
@චේජනා
ReplyDeleteහමන සුළගට සැලෙන
වහින වැස්සට හඬන
ඔබේ සටන ඔබ කොහොම
අරන් යන්නද පෙරට..
වෙස් මුහුණ ගලවලා
දමාවිද අද හෙටම
ඔන්න ඔබ කිව් නිසා
නවතිමි මම මෙතන.! :-(
සෙනෙහස සතුට අරගෙන ආයෙම එන්න
ReplyDeleteහැම දින මගේ ලොව ඔබ අය්යා වෙන්න
නිමන්ති අක්කෙ ඔබ ඔහු සිත සනසන්න
තව එක කවක් ඔහු වෙනුවෙන් පවසන්න
යන්නද කිව්වේ ඇත්තට පිස්සුද? මංදා
ReplyDeleteසිංහල තේරෙන්නෙ නැති දැයි අනෙ මංදා
නවතින්නැයි කියන හඬ වෙත ඇස් යොමලා
කරුණාකරලා නවතිනවද?? දැන් මෙතනා
හමන සුළගට සැලෙන
ReplyDeleteවහින වැස්සට හඬන
මගේ සිත ඔහු නිතින
සුරකීවි සෙනෙහසින
හැමදාම ඔබ මසිත
සොහොයුරිය වී ඉන්න
සොයුරෙක්ද සොයුරියක්
සනසවයි මා නිතින