Saturday, April 3, 2010
මේ දියවන්නා පුරයයි....
දූවිලි කළුදුම් සපිරි මෙ පුරවර
සොඳුරු දසුන් මිලයට ගන්නට ඇත..
අත ඇති මුදලට සැපත අලෙවි වෙත..
සතුට අලෙවි වේදැයි මා නොදනිත..
අහස සිඹින සුව පහසු නිවාස ද
ඒ ඔබ්බෙන් ඇල අද්දර "මන්දිර"..
දෙස සුරකින මැති කැලටද මාලිග..
මේ දියවන්නා පුරට උරුම වෙත..
සුන්දර මන්දිර ඉගිලෙන පැජරෝ
නරඹා දියවන්නාව ගලා එත..
ගලනා දිය කඳ මේ අරුමය දැක
කුමක් සිතාවිද මා සිතුවේ නැත...
http://sundaytimes.lk/090208/images/WATERS-EDGEIMG.jpg
Subscribe to:
Post Comments (Atom)
Entertainment industry
ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට කලාවේ වගෙම වේදිකා නාට්‍ය කලාවෙත් මම දැකපු පැතිකඩ කිහිපයක් ගැන තමයි අද ලියවෙන්නේ...ඒවා එහෙම වෙන්න හේතුව රට තුළ ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත ස...
දියවන්නාවේ සොඳුරු දිය කදින්
ReplyDeleteසතුට සදන 'යුරු මාත් දුටුව මුත්
අහසට උසට නැගි මැදුරු කවුලුවෙන්
කඳුලු හිතක් එබිකම් නොකරාදැයි
ඒ කඳුලින් සසැලී දියවන්නා
කඳුලු සලනු ඇති නොවේද?? සිතුවෙමි
මැදුරු කවුලුවෙන් එබෙනා සිත් තුළ
ReplyDeleteසිරවුනු කඳුලැලි දියවන්නාවට
මුසු වී යනු ඇති කවුරුත් නොදැනම..
නිමන්ති, කවියට ගොඩක් ස්තුතියි, එදා කවි දෙකටත්.. ඒවා හරිම ලස්සනයි.. ඒත් ඉතින් එදා ඒව රස විඳින හිතක් තිබුනෙ නෑනෙ.. ඇස්වල කඳුලු කවි වෙලා ලිය වුනා මිස..
කවි කාරියො දෙන්නා තුන්දෙනා එකතු වුණු දවසකට අපිට පිස්සු හැදෙයි කවි අහාලා.. චෙජනා අක්කා හරිම කවිකාරියෙක් තමයි.. දැන් දුක අඩු වෙලා වගෙයි..
ReplyDeleteයහලුවො ඉතින් එහෙම තමයි යනවා... එනවා.. ලඟට එද්දි ආදරෙන් බදාගන්නවා, ඇතට යද්දි ආදරෙන්ම ටටා කියනවා.. ඇයි දෙවියනෙ මෙලොකෙ හැමතැනම තියන දෙ ලංවිම හා ඇත් විම කියන එකනෙ... බලන්න පරමාණුව ඇතුලෙ උනත් e නයක් ලංවෙනවා ඇත්වෙනවා.. මන්දාකිණියෙත් එහෙම තමයි..
දැන් හරි ඉතින් ..
ReplyDeleteඑහෙම තමයි මල්ලි දුක හිතුනම කිය කිය අඬනව.. එතකොට දුක ඉක්මනට ම අඩු වෙනව.. අනික ඉතින් දුක කිව් නිසානෙ ඔයාල අහන්න හිටියෙ, මම තනියම ඇඬුව නම් තාම අඬනව නෙ..
(දුක අහන්න ආවට ස්තුති කරන්නෙ නෑ.. ඒක ආත්මාර්ථකාමීකමක් කියල හිතෙන නිසා..)
කවිය නම් අගෙයි.
ReplyDeleteඔය පැත්තට යන්න බලන් ඉන්න උන්නැහේ කෙනෙක් නිසා අද විනාඩි දහයේ දුරක් ගෙවන්න පැයක් විතර ගත කරලයි ආවෙ.
සතුට කියා තම හිත රවටාගන්නේ....
ReplyDeleteවිලාසිතාවක් මිස එහි රසයක් නැත්තේ.....
මහ මන්දිරේ සැපයක් නම් නොම දන්නේ...
දියවන්නාවද වැලපෙනවා සත්තේ....
නිමන්ති අක්කගෙ වගේම චේජනා අක්කගෙත් නිර්මාණවල විවිධත්වයට මම හරිම කැමතියි.....
ලස්සනයි අක්කෙ පද පෙල.....
ස්තූතියි..!!චේජනා
ReplyDeleteඔව් මම හිතුවා. මම නම් මේ සමු ගැනීම් හා හමුවීම් ගැන ගොඩාක් දුකින් හිතන එක අතැරලයි තියන්නේ..
මොකද??මම එහෙම උනොත්..මා පසු පස මට වඩා කඩා වැටෙන්න ඉඩ තියන පුංචි හිත් දෙකක් තියන නිසා..මෙවර නම් එක හිතක් බොහෝ දුරට පැරෙයි මොකද..දැන් එයා තේරෙන වයසට ඇවිත් නිසා. මම කියන්නම්කෝ කොහොමද ඒ හිත ඒ වෙනසට මුහුණ දුන්නේ කියලා ..
මට හිතුනෙ එකපාරටම යාලුවෙක් දාලා යන්න උනාම මේ ලමය මොන විදියට ඒක දරාගනීවිද කියලයි
ස්තූතියි!! විශ්මී මම ලියන දේවලට ඔයා කරන මේ ඇගයීමට නංගී
දැන් නම් ටිකක් check point, road barriers අඩු නිසා හොඳ ඇති නේද මල්ලි, ඉස්සර නම් ආයෙ ඕන නෑ ඉතින්..ඔය පැත්තට යනව කියන්නෙ.
ReplyDeleteවිශ්මි නංගි, කවියක් ලියද්දිම ඒක ලියවුනු හැටි ගැන මම තෘප්තිමත් වුනොත් තමයි මම ඒක පොස්ට් කරන්නෙ, ඉතින් මම ලියල සතුටු වෙන කවි ඔයාල දකිනව..ඒව ගොඩක් වෙලාවට ඵොටො එකක්, ඔය නිව්ස් එකක්, එහෙමත් නැත්නම් වෙන මොනා හරි දැක්කම ලියවෙන ඒව, අනික මම හැම වෙලේම කඳුලු කවි කරල ලියන්න ආස නෑ...වෙනසක් නැත් නම් මටම එපා වෙනව..
ReplyDeleteඉතින් බොහෝමත්ම ස්තුතියි කියවන්න එනවට..ආස වෙනවට..
නිමන්ති, මම මෙහේ ඉන්නෙ තනියම නිසා වෙන්න ඇති මට දුක තදින්ම දැනුනෙ.. අනික එක යාලුවෙක් අපේ ගෙදර සති දෙකක්ම ඉඳලත් ගෙදර ගියෙ.. එයාගෙ ඇඳුම්, සුවඳ, ඔක්කොම ගෙදර තියල ගිහින් තියෙද්දි එයා ලංකාවට ලන්ඩ් කළා කිව්වම ඇස්වල කඳුළු මට නවත්වගන්න බැරිඋන..
ReplyDeleteඒත් ඉතින් ඔයා පස්සෙ තවත් පුංචි හිත් දෙකක තියෙනව නම් ඔයාට මට වගෙ වෙන්වීම් කඳුලින් දරන්න බෑ.. මම ඒක දන්නව..
පමාවට සමාව ගෙන පිය මැන්නා
ReplyDeleteලස්සන පදවැලක් ගොඩාක් රසවින්දා
ගෙදර යනගමන් ගන්නට බැරි මන්දා
කාසි පනම් මිලකර දෙරන
දුකට බරක් ඇතත් දැනෙන
සතුට සැහැල්ලුය තුටින් පිරෙන
එනිසාමද මිලක් නැත්තේ කිරන
ඔබට යහපතක්ම පතමි!
ගල්මල්-Coral
ReplyDeleteසතුට සැහැල්ලුයි....
ඒත් අමිලයි...
ගොඩාක් ස්තුතියි ගොඩ වැදිල ගියාට
දියවන්නාවේ මොන්ටිසෝරි බබාල ටික ගැනත් එයාලගේ කෙරුවාවත් ගැන ලස්සනට කියල තියෙනව...
ReplyDeleteසියුම් උපහාසයකුත් එකතු කරගෙන...
අර හැමදාමත් වගේ හිතන්නම තමා ලියන්නේ නේද ?
මට නම් චේජනා අක්කට, නිමන්ති අක්කට වගේ හිටිවන තියා හිටගෙන වත් කවි ලියන්න බෑ...
සමාව ඉල්ලනවා ඇරෙන්න මට වෙන වැඩක් නැතිවෙයි ඕං...
අනේ මං දන්නැහැ අක්කේ කාල කළමනාකරණය ගැන නම් මට ආයෙම හිතන්න වෙනවා..
මේ දවස්වල වැඩ ගොඩ ගැහිල...
රස්සාව.. පවුල් ජීවිතය.. ආදරය.. යාලුමිත්‍රකම්.. නෑදෑ හිතවත්කම්..
අප්පොච්චියෙ මෙකී නොකී හැමදේම කොහොමද සමබර කරගන්නෙ කියල මටනම් තේරෙන්නෙ නෑ...
අක්ක පහුගිය ටිකේ ගොඩාක් දුකෙන් හිටි බව දන්නෙත් දැනුයි...
දැන් ප්‍රශ්නයක් නෑ නේද ?
ඕං බලන්නකො මේ මලයට ගිය කල... වෙනද අපායට ගියත් කලින් ගිය එකා දැන් හැම තැනටම පරක්කුයි...
වෙහෙසකර දවස් ගාණකට පස්සේ සයිබරයේ කරක් ගහන්න ඉඩ හසරක් ලැබුණේ ඊයේ... මේ පැත්තෙ ඇවිත් ගියත් මොනව ලියන්නද කියල හිතාගන්න බැරුවයි හිටියේ...
මේ ඉතින් දියවන්නාව ගැන කතා කරන දවස් නේ...
ReplyDeleteටිකක් වැඩ වැඩි කාල ජීවිතේට එනව මල්ලි, ඒකට සාර්ථකව මූණ දෙන්න... වැඩත් පාඩු කර නොගෙන...එතකොට ඒ කාලෙ ගෙවිල ආයෙ ඒවි නිදහසේ ඉන්න පුළුවන් කාලයක්.. එදාට ඇති තරම් කතා කරමු..
සමාවෙන්න ඕනෙ පරක්කුවෙලා ආවට සිස්
ReplyDeleteහරිම අපූරු පද ටිකක්...දෙයක් කියන්නද ? අර ඈතින් පේන බිල්ඩිං එක ලග ගෙදරක තමා මම බෝඩිං වෙලා උනේ. නුගේගොඩට එන්න කලින්. අවුරුදු 2ක්ම. දියවන්නාව මූන ලග තියන්. හපෝයි.....
ස්තුතියි දිල් ඇවිත් ගියාට.. ඔයා එහෙනම් දියවන්නාව එපා වෙන්නම දැකල ඇතිනෙ..
ReplyDelete