මම බාගත කරගෙන කියවිය හැකි e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා කියවීම පටන් අරන් මම හිතන්නේ දැන් අවුරුදු 16ක් විතර ඇති කියලයි... බ්ලොග් ලිවීමට වඩා ඒ පුරුද්ද අවුරුද්දක් හෝ එකහමාරක් විතර පරණ ඇති...
Count of Monte Cristo, Morning Star වගේම She - අදටත් මගේ ලෝකෙ ඉහළින්ම වැජඹෙන මේ පොත් තුනේම මුල් ඉංග්‍රීසි පොත් මම කියෙව්වෙ e-book විදියට...ඉංග්‍රීසි තේරීම අඩුකමයි, e-book වීමයි, ඒවයේ තියෙන අමුතු තාලෙ ඉංග්‍රීසියි එක්ක ඒව එහෙම කියවන එක කොච්චර අමාරු වුණත්, ඒවායේ සිංහල පරිවර්තන කියවල ඒවාට වහ වැටිල හිටපු මම 2008 ජපානෙ ඉගෙන ගන්න කාලෙ තිබුණ තනිකමත් එක්ක ඒවා කොහොම හරි ටික ටික කියෙව්වා... පොතක් කියවද්දි ඒකෙ අන්තිම වෙන්නෙ මොකද්ද කියල බලල පොත කියවන නරකම වර්ගයේ පාඨකයෙක් වෙන මට, සිංහල පොත් කියවපු ඒවායේ ඉංග්‍රීසි පොත් නිසා ඒ පොත්වල මම කැමති තැන් හොයාගෙන ආයෙ ආයෙ කියවන්න e-book වලින් ලැබුණේ ලොකු උදව්වක්...ඔහොම නොසැලෙන ධෛර්‍යයෙන් ඒවා කියවල ම තමයි මට ඉංග්‍රීසි නවකතා තේරෙන්න ගත්තෙත්...
ඔය අතරෙ scanned pdf විදියට අන්තර්ජාලයේ තිබුණු සිංහල නවකතාත් මම අනන්ත ප්‍රමාණයක් කියවල ඇති...කොහොමත් පොඩි කාලෙ ඉඳලම අකුරු තියෙනව නං ඒවා කියවන එක පුරුද්දක් වුණ මට ඒවායෙ ස්වභාවය ඒ තරම් වැදගත් වුණෙත් නෑ... චාතුර්යා...සින්දූර් වගෙම තව ඔය අනන්ත මල් නවකතාත් මම ඒ දවස්වල කියවල තියෙනවා...
pdf විදියට භාගත කරගත් නවකතා කියවීමේ දී සිංහල පරිවර්තන නැතිව අලුතෙන්ම කියවපු ඉංග්‍රීසි පොත් අතරෙ මට අමතක නොවෙනම පොත් තුනම ලෝකෙ පුරාම ජනප්‍රිය වුණු නවකතා වගෙම චිත්‍රපටත් බිහිකළ Twilight series, Fifty Shades of Grey series සහ Me before You series...ඒ ඔක්කොම පොත් එකකට වඩා වැඩි ඒවා...
Fanfiction කියන ඒවා මගේ ලෝකෙට ආවෙ Twilight හරහා...මම මුලින්ම Fanfiction එකක් විදියට කියෙව්වෙ බෙලාගෙ පැත්තෙන් නවකතාවේ රචකයා (Stephenie Mayer) ලියන කතාව එඩ්වර්ඩ්ගෙ පැත්තෙන් කියන එකක්...පොත්වල මම කැමති නැති අවසානය මට ඕනෙ විදියට ලියන්න පුළුවන් කියල මම ඉගෙනගත්තා Fanfiction කියවලා... ඒකත් නියම අදහසක්... අපිට කැමති විදියට අපේ ලෝකෙ ඇතුළෙ නවකතා ප්‍රතිනිර්මාණය කරගැනීම...
වෙබ් නවකතා ලෝකෙ මුලින්ම ඇතිවුණේ 2000 දි විතර කියල අන්තර්ජාලෙයෙ තියෙනවා... ඒත් වෙබ් නවකතා මගේ ලෝකෙට ආවෙ 2018 විතර මම හිතන්නෙ...ඒ Fanfiction හරහා...
ඒත් මේ වෙනකොට වෙබ් නවකතා ලෝක සාහිත්‍යයට දැඩි බලපෑමක් කරන තත්වයට ඇවිත්... විශේෂයෙන්ම ආසියාවේ... වෙබ් නවකතා කිහිපයක්ම ඉතා සාර්ථක TV series බවට පත්වෙලා තියෙනවා...ඒ TV series ලෝකය පුරාම බිලියන ගණනක් ප්‍රේක්ශක අවධානය දිනාගෙන තවත් අති විශාල Fanfictions ගණනක් සමග තවමත් ඉදිරියට යන ගමන්...ඉලෙක්ට්‍රොනික යුගයත් එක්ක ඉදිරියට යන ලෝකෙ මින් ඉස්සරහට නවකතා ලෝකය තව දුරටත් වෙබ් නවකතා අතට පත්වේවි ද කියලත් මට හිතෙනවා...