Wednesday, June 5, 2024

ප්‍රේමය නම්...

"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි" සුනිල් ආරියරත්නයන් ලියා තිබෙනවා. දිනක් මා බොහෝ වේදනාවෙන් සිටින මොහොතක සැබෑ ලෝකය තුළ ප්‍රේමය එසේ වන්නේ නැති බව  මගේ මිතුරෙක් මට පැවසුවා. එදා වනවිට "ප්‍රේමය නම්" කෙසේ වියයුතු ද යන පැනයට මගේ පිළිතුර මටවත් පැහැදිලි වී තිබුණා ද මන්දා... මට අද සිතෙනවා...

නමුත් මා ඒ වනවිටත් විශ්වාසයෙන් සිටි එක් දෙයක් වන්නේ ප්‍රේමය රාගයෙන් තොර නොවන බව තම පෙම්වතිය අකමැත්තෙන් කායික සම්බන්ධතාවක් කෙරෙහි පොළඹවා ගැනීමට භාවිතා කළ හැකි අවියක් නොවන බවයි...

අද දින මේ මොහොතේත් විවාහයට පෙර පවත්වන කායික සබඳතා සහ ඒ තුළ තිබිය යුතු වගකීම් සහගත ආරක්ෂාකාරී බව පිළිබඳව යෞවනත්වයට නිවැරදි වැටහීමක් ඇතැයි මට සිතෙන්නේ නෑ...විශේෂයෙන්ම බොහෝ යුවතියන් කායික සබඳතාවලට ස්ව කැමැත්තෙන් යොමුවනවාට වඩා පෙම්වතාගේ පෙළඹවීම මත ඊට යොමුවන බව පසුව ඇතිවන ගැටළු පිළිබඳව විමසන විට මට අවබෝධ වී ඇති අවස්ථා එමටයි...
අනපේක්ෂිත ගැබ් ගැනීමකින් පසු පෙම්වතා සමග විවාහ වුණු නමුත්... ඉන්පසු බොහෝ කලක් ගතවන තුරු එහි අතුරු ප්‍රථිඵල ලෙස විශාදය සමග ගනුදෙනු කළ යුවතියක් මට මේ මොහොතේත් සිහිවෙනවා...

කාලයත් සමග මා අවබෝධ කරගෙන ඇත්තේ ප්‍රේමය රාගයෙන් තොර විය යුතුම නැති නමුත්... ප්‍රේමය එකිනෙකාගේ කැමැත්තට ගරු කරන්නක් විය යුතුමයි. එකිනෙකා ගේ කැමැත්තට ගරු කරන, සිය අනාගත සහකාරියගේ ගෞරවය සුරැකීම සිය යුතුකම බව අවබෝධ කරගත් මිනිසුන් ජීවිත ගමනක් දිගු කලක් ගෙනයා හැකි සහකරුවන් බව මා සිතනවා...

ප්‍රේමය රාගයෙන් තොර විය යුතුද නැත් ද පිළිබඳව විනිශ්චය මට අයත් නෑ... නමුත් ප්‍රේමය නම් කුමක් ද යන්න පිළිබඳව වටහා ගෙන තමාට තම ජීවිතයේ වගකීම් දැරිය හැකි ආකාරයට ප්‍රේමය හැසිරවීම වඩා සාර්ථක හා තෘප්තිමත් ජීවිතයක පදනම යයි මා සිතනවා... 




1 comment:

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

සබඳතාවක් තුළ මට අවශ්‍ය සුරක්ෂිතභාවය - Relational security

මානව සබඳතාවක් තුළ සුරක්ෂිතභාවය පිළිබඳව මට ඇති අවශ්‍යතාවය හා මා තුළ ඊට ඇති සංවේදීභාවය අන්තඃකල්පිත මනසක්  හිමිවීමේ ප්‍රථිපලයක් ද නැත් ද යන්න ම...