Friday, October 9, 2026

දිය කැඩපතට ඇය අහිමි ඇති සිතුණා


අනුරාගයේ ගීය ගයනා

සොඳුරු සඳවත නුඹ ද අසනා

නුබගැබෙහි රැඳි සඳවතිය හා

දිය කැඩපත ද ප්‍රේමයෙන් බැඳුණා


නුබ ගැබට සඳ හිමිව ඇති සිතුණා

දිය කැඩපත ද සඳ හිමිව ඇත සිතනා

නුබ ගැබ ද දිය කැඩපත ද දෙදෙනා

සඳවත හිමි වු උද්දාමයෙන්  දිලුණා


අනුරාගයේ රාත්‍රිය ගෙවුණා

නුබ ගැබෙහි සඳවත සැඟව ගියෙනා

කැලඹෙනා දිය කැඩපතින් නැගෙනා

වැලපුම ද මුදු සරින් එහි ඇසුණා


නුබ ගැබෙහි රැය පහන් කර දිලෙනා

දිය කැඩපතට ඇය අහිමි ඇති සිතුණා


5 comments:

  1. WOW! ඒක ලස්සනයි, දෙන්නටම හිමි එහෙත් අහිමි. හිමිය කියලා හිතුන මොහොතේ ගෙන දෙන්න ඇති හිතට සතුටක්, පරිපුන්බවක්, ඒත් අහිමි වුනාම...

    ReplyDelete
    Replies
    1. දෙන්නටම හිමියි.
      ඒත් දෙන්නටම අහිමියි.
      එහෙම තමයි මටත් හිතුණෙ.

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

තථ්‍යය අතථ්‍යය හමුවන සීමාවේ - Reality and virtuality

තථ්‍ය ලොවක තථ්‍යය යළි        හමුවී අදිසි දැති රෝද කැරකෙනු       දිටිමී මායා ප්‍රතිරූ විනිවිද              පෙනුණී විභූතිමත් රූ බොල් වී       ...