අනුරාගයේ ගීය ගයනා
සොඳුරු සඳවත නුඹ ද අසනා
නුබගැබෙහි රැඳි සඳවතිය හා
දිය කැඩපත ද ප්‍රේමයෙන් බැඳුණා
නුබ ගැබට සඳ හිමිව ඇති සිතුණා
දිය කැඩපත ද සඳ හිමිව ඇත සිතනා
නුබ ගැබ ද දිය කැඩපත ද දෙදෙනා
සඳවත හිමි වු උද්දාමයෙන් දිලුණා
අනුරාගයේ රාත්‍රිය ගෙවුණා
නුබ ගැබෙහි සඳවත සැඟව ගියෙනා
කැලඹෙනා දිය කැඩපතින් නැගෙනා
වැලපුම ද මුදු සරින් එහි ඇසුණා
නුබ ගැබෙහි රැය පහන් කර දිලෙනා
දිය කැඩපතට ඇය අහිමි ඇති සිතුණා

No comments:
Post a Comment
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...