Tuesday, February 15, 2011

හිරු ඇවිත් අද වෙනදටත් කලියෙන්...



මඳ ඉසිඹුවක් ලද නිමේශයෙ
හිරුටත් හොරෙන් ඇවිදින්
තුරුඅගිස් අග මිහිමඬල මත
වැජඹුණත් වෙසෙසින්

හිරු ඇවිත් කලියෙන්ම ඔද තෙද
වෙනදටත් වැඩියෙන්
සැඟව යන්නට මොහොත ඇවිදින්
හිරුකිරණ මැද දියබිඳක් විලසින්...

19 comments:

  1. හිරු රජු
    උරණ වෙන්නැති
    විවේක මොහොතක
    පලස එලුවට
    හිම පොඩි
    පෙන්නමි බලන් කියා
    උදෙන් එන්නැති

    ReplyDelete
  2. මගේ සටහනේ පොඩි වැරද්දක්

    "පෙන්නමි බලන් කියා" පේලිය "පෙන්නමි බල කියා" යනුවෙන් නිවැරදිවිය යුතුයි.

    ReplyDelete
  3. රැයක් පුරාවට පිපෙනා හිම මල්..
    තුරු පත් කෙළවර දිලෙනා හිම මල්..
    හිරු තෙද අබිමුව මියෙනා හිම මල්..
    නෙත පිනවන මුදු සුසිනිඳු හිමමල්..

    කියල තිබුනලු දවසක් දා -
    http://chejanas.blogspot.com/2010/03/blog-post_06.html

    ReplyDelete
  4. ඒ ගියපාර හිම වැටුණමළු නෙ ........ එහෙම කියල තිබ්බෙ...

    ReplyDelete
  5. හිස්තැනට ගැලපෙන වචනෙ මොකද්ද?

    ReplyDelete
  6. වෙන මොකද්ද ඉතින්.. ඉබ්බ.

    ReplyDelete
  7. අපෝ මෙන්න මේ දෙන්නා මෙතනත් රණ්ඩු වෙනවා :-)

    යෝගියෝ -- වැඩ නැද්ද..?? හිස්තැනට චේජනා ගේම වචනයක් දාගන්න

    ReplyDelete
  8. ඔය දාල තියෙන්නෙ අක්කෙ. එයාගෙ ප්‍රියතම වචනෙ

    ReplyDelete
  9. ඔයාට ඔය උඩින් තියෙන කවිය එහෙම පෙනුණෙ නෑ නේද අක්කෙ.. අපි දෙන්නගෙ වලියයි මගෙ ප්‍රියතම වචනෙයි මිස...

    ReplyDelete
  10. එව්ව ඉතිං සීගිරියෙත් තියෙන්නෙ..
    අක්කට අමුත්තක් පේන්න නැතිව ඇති

    ReplyDelete
  11. ළමා...යි රණ්ඩු වෙන්න එපා.
    @යෝගියෝ
    ගල් කියන කෑල්ල හැලුවේ ඇයි දන්නෙ නෑ.
    ඒ වචනෙට පස්සේ මම දැකලා තියන ප්‍රියතම වචනේ මම ලියපු හිස් තැනට දාගන්න.

    @චේජනා
    අනේ කවිය දැක්කා ඉස්සෙල්ලා කවියත් කියෙව්වා.දෙකම මට මඟ ඇරිලනේ:-(
    ප.ලි.සතුටු වෙන්නකෝ චේජනා සීගිරියේ කවි වලට සමානලුනේ ඔයාගේ කවි..
    ප.ලි.ප.ලි. යෝගියගේ ඇස් පේනවා අඩුද මන්දා මේ දවස් වල:-))

    ReplyDelete
  12. ඔයා දන්නවනෙ අක්කෙ, මං කාත් එක්කවත් රණ්ඩුවෙන ළමයෙක්ද..(මේකා කට පියාගන ඉන්නව නම්..)

    යෝගි,
    (යෝගියගේ ඇස් පේනවා අඩුද මන්දා මේ දවස් වල:-))

    හොඳ වැඩේ... :D, මට හරිම හැපි...

    ReplyDelete
  13. කොයි දැන් අර හිතා ගන්න බෑ කියපු පා...ලම් මහත්තයා..?? පා..ලමක් වත් විවෘත කරන්න ගියාද දන්නේ නෑ නේද..??

    ReplyDelete
  14. අක්ක කියල තියෙන දේ හරි. ඒත් හිත රිදෙයි කියල මං කිව්වෙ නැත්තෙ. ඇස් නොපෙනුනාම නෙමෙයි. කෝකටත් ඉතිං බේතකට වගේ ඉන්න යාළුවනෙ කියල ඇත්තම නොකිව්වෙ.

    ඔව්ව කුරුටු ගී වලටවත් දාන්ඩ බෑ නෙ. දෙබරු අනිනව ඔව්ව ගල්වල ලියන්ඩ ගියානං.

    ReplyDelete
  15. ගිහින් ලියන්න හදපු නිසා වෙන්ටෑ දන්නෙ... නේ ද ?

    ReplyDelete
  16. අක්කෙ, ඔයාටත් දෙයියනේ කියල මෙතන්ට අඩු කවුද කියලත් මතක් වෙනව නේ...

    ReplyDelete
  17. ඔව් නෙ. අර මුලින් ම කොමෙන්ට් එකේ තියෙන එක ලියන්ට ගියා - ගිය අවුරුද්දෙ. දෙබරු ඇනල පත්තරෙත් නම වැටුන.

    ReplyDelete
  18. යුරේකා මෙන්න ගිය අවුරුද්දේ සීගිරියේ බඹරු ඇවිස්සුන හේතුව එලි උනා..
    @චේජනා ඔව් අනේ එහෙම අමතක කරලා පුලුවනෑ.මඟ නැගුමේ පාලමක් වත් විවෘත කර ගන්න ඉන්නේ ඔච්චරයි නොවැ..

    ReplyDelete
  19. අගේ ඇති කවියක්!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...