නිසල බව ද සිසිල ද රාත්‍රියට අපූර්වතම මිහිරක් එක් කරයි. වරෙක නමුණුකුල ගිරිශිඛරය අභියස ගෙවා දැමූ රාත්‍රීන් කිහිපයක දී ඒ අපූර්වත්වය අත් විඳි අයුරු මට අද ද සිහිවේ... නමුණුකුළ ගිරිහිස සිඹින වළා ද ඒ මත්තෙන් නැගෙන තරු පිරිවර හා සඳ ද.... මිහිදුමෙන් ද සැරසුණු ඒ රාත්‍රීන් දිව්‍යමය විය...
තිසා වැව් තාවුල්ලේ හිඳ මළානික හිරු රැස් කෙමෙන් වියැකෙන මොහොතේ සිට සඳ දියදෝවන තුරුම... ඔබ්බෙන් පෙනෙන දාගැබ් දෙස බලා සිටි රාත්‍රිය ද ඊට ම උරුම වූ සෞම්‍ය සිහිලක් ද ශාන්තියක් ද සිත තුළ ගොඩ නැගීය....
හිම පියලි මුව සිඹින රැයක කෙත් අතරින් දිවෙන පාළු මාවතක අඩ අඳුරේ ද ඒ සොඳුරු මිහිර කැටිවී තිබිණ...හිම මිදෙන සීතලේ මා මාවත් දිගේ ගෙන ගියේ අපූර්වත්වයයි... ඒ සොඳුරු රාත්‍රීන් මා සිත නොමැකෙන මතක සටහන් රඳවා ඇත...
රාත්‍රිය හා අනුරාගය අතර ද අපූරුම බැඳීමක් ඇත... බොහෝ සෙයින්ම ප්‍රේමය ද අනුරාගය ද වර්ණනාවට ලක්වී ඇත්තේ... රාත්‍රිය හා සඳ සමග මිස... හිරු හා දහවල සමග නොවේ... මේ පද පෙළ ද මා සිතේ ඒ අපූර්ව වූ රාත්‍රියේ මිහිර ම සිත්තම් කරනු මට දැනින... සඳ එළියේ වැව්දිය මත සැලෙන කුමුදු මලක් හා දොඩමළු ව ගයන, ඒ අපූර්ව රාත්‍රියේ ඇය පමණක් ම අඩු බව දැනෙන ඔහුගේ ප්‍රේමයේ යැදුම...
දැන් එන්න සොඳුරිය දොර ඇරන්...
වැව් කුමුදු මල් දිය මත ඉඳන්...
පුර හඳට ළංවී සීරුවෙන්....
නිල් සළු ඇඳන් වැව රැළි නගයි...
රෑ කුමරියට බැඳි ප්‍රේමයෙන්...
ඔබ විතරමයි අඩු මේ රැයට....
දැන් එන්න එළියට දොර ඇරන්...
එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්...
සීතල සුළං සීපද කියයි...
වැව් ඉවුර මත මදහාසයෙන්...
තුරුලිය සෙමෙන් කෙහෙරැලි කඩයි
මීදුම් යහන අනුරාගයෙන්...
ඔබ විතරමයි අඩු මේ රැයට...
දැන් එන්න එළියට දොර ඇරන්...
Subscribe to:
Post Comments (Atom)
මානව සබඳතා - The beauty of human relationships
මිනිස් සබඳතා සංකීර්ණය. ඒවා ඇතිකරගැනීම පහසු නැත. සෑම විටම ලබාගත නොහැක. සෑම විටම අපට අවශ්‍ය ආකාරයට ප්‍රතිචාර නොදෙයි. නමුත් ඒ සංකීර්ණත්වයම ඒවාය...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
-
අසම්මත බැඳුම් ලෝකය දවා හළු කරනව..ඇතැම් විට පිපෙන කැකුලු පවා.... ඒත් සොඳුරු ගීයක ගැයෙන පරිදිම සිනමා පටය මත හා සත්සර අතර එහි මිහිර හා අමිහිර ක...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...

විදින්න පුලුවන් සින්දුවක්... ජය වේවා!!!
ReplyDeletehats off... outstanding piece of writing.
ReplyDelete