Friday, February 11, 2011
නිදිකුම්බා මල්...Fly trap සහ මාංශ භක්ශක පැළෑටි
තමන්ගෙ පරෙස්සමට කොයිතරම් කටු තිබුන වුණත්, පය වැදුන ගමන් කොළ ඇකිලෙන නිසා ම නිදිකුම්බා ගස් පොඩිඋන්ට නම් මගෑරෙන්නෙ නෑ... කොහොමහරි කටු ඇනෙන්නෙ නැති වෙන්න නිදිකුම්බා ගස්වලට පයින් ගහන එක මට තිබුන ලොකුම ලොකු විනෝදයක් පොඩිකාලෙ... පය වදින වේගෙ අනුව නිදිකුම්බ ගාල නිදාගන්න වේගෙත් වෙනස් වුණා, හයියෙන් ගැහුවොත් ගස් ඔක්කොම හෙලවිලා ඒව ඔක්කොම විගහින් ම ඇකිලුණා...ඒත් ටිකක් හෙමින් ගැහුවොත් නිදිකුම්බ ගාල වටේ ගිහින් ගොඩක් තැනකින් පයින් ගහල බලන් ඉන්න පුළුවන් කොල මැලවෙන හැටි...
ආයෙ ටිකකින් ඒ කොළ ටිකින් ටික නැගිටිනව... හරියට මම ඉන්නව ද කියල වටපිට බලනව වගෙ... නිදිකුම්බා මලුත් සෙල්ලම් ගෙවල්වල උයන්න කඩාගෙන එන ජාතියක්... මේ සෙල්ලම් කරද්දි නිදිකුම්බ කටුත් ඇනෙන්න ඇති... ඒත් නිදිකුම්බගාලට පයින් ගහල ඒක නිදිකරවපු මතකෙ මිස කටු ඇනිල රිදුනු මතකෙ හිතේ නෑ... නිදිකුම්බ පොහොට්ටුව මම නම් කනව ඒ කාලෙ... අර වටේ තියෙන රෝස පාට ටික විතරක් හිමීට ගලව ගලව...ඉවසිල්ලෙන් කන්න ඕනෙ.. මැදටික කැවුණොත් රස නැතිව යනව...
ඒත් නිදිකුම්බා ගැන මේ කතා ටික ආය මතක් වුණේ පර්යේෂණ සටහනක් නිසා... කාටවත් කියවන්න ආස හිතෙයිද නැද්ද මන්ද... ඒත් මට ලියන්න ආස නිසා මේ ටිකත් ලියවෙනව...නිදිකුම්බා ගහක නින්ද හරිම සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියක්...ඒත් ක්ෂණිකයි...
අනිත් අතින් දැඩි සුළඟට නිරාවරණය වෙන ලොකු ගස් පවා... මේ සංකීර්ණ ක්‍රියාවලියෙ ප්‍රථිපල පෙන්නනව... ඒ ගස් මිටියි... අතු ඉති වුණත් සුළඟෙන් නොකැඩෙන විදියට හැදිල...
නිදිකුම්බාවල සිද්ද වෙන මේ ක්‍රියාවලියම තමන්ට ආහාර හොයාගන්න බාඳුරා ඇතුළු අනිත් 'Fly trap' තියෙන පැළෑටිවල සිද්ද වෙනව, ඒ වගෙම ක්ෂණයකින්... පුංචි මැස්සෙක්ගෙ කුරුමිණියෙක්ගෙ පය ගැටෙන මේ සංවේදනය ඊළඟ මොහොතේ ඒ සතාට මරු කැඳවනව... ගස්වැලුත් කොහොම හරි ජීවත් වෙන්න එපෑ...නයිට්‍රජන් පොස්පරස් අඩු පරිසරයක වැවෙන පැළෑටි ඒව ලබාගන්නෙ මේ විදියට...ප්‍රයෝජනයක් නැතිව ශක්තිය නාස්තිවීම වළක්වාගන්න තරම්ම මේ උගුල් සූක්ෂ්මයි... එක තත්පර 20 ක් ඇතුළත් දෙවරක්වත් යමක් ගැටීම මේ උගුල ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි...ඒ අතරෙම වැහිබිඳු වගේ ඒවයින් මේ උගුල වැහෙන්නෙ නෑ...ස්පර්ශ සංවේදනය පැවැත්ම සඳහා යොදාගන්න මේ ශාක අතරෙ හVenus Flytrap, Dionaea muscipula හරිම සුන්දර පැළැටියක්...
බාඳුරා මල්...(Nepenthes distillatoria L.) ඒත් එහෙම්මයි...
මාංශ භක්ශක පැළෑටි වටේ ගෙතුණ ප්‍රබන්ධ කොහොමටත් හරිම අපූරුයි... ලොකු ගහක් බල්ලෙක්ව කෑමට ගන්න කතාවක් කියෙව්ව මට තාමත් මතකයි... අන්තිමට වෙඩි තියල ගහ මරල දාන්නත් වෙන...
අනේ මන්දා...
(ඔක්කොම ලියල ඉවර වෙල නිදිකුම්බ ගහක පින්තූරයක් හොයද්දියි දැක්කෙ... නිදිකුම්බා ගෙවතුවල වවාගන්න විකුණන්නත් තියනව.. කියල... )
http://en.wikipedia.org/wiki/Venus_Flytrap
http://en.wikipedia.org/wiki/Nepenthes
Subscribe to:
Post Comments (Atom)
Enjoying the Glory of a Star
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත ස...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
නිදිකුම්බා ගහ අපිට අගේ නැතිවුනාට බටහිර රටවල විනෝදාංශයක් හැටියට වවන ගහක්. ඒවගේම අනික් පොස්ට් එකේ සඳහන් අනික් ගස් ද ඒවායේ ඇති සංවේදීතාවය ගැන හිතුවොත් පුදුමයි. බොහෝම ස්තුතියි නංගී විස්තර වලට.
ReplyDeleteනිදිකුම්බා අයිති රනිල කුලයට මුං, පරිප්පු, කව්පි ආදි දෙපියලි සහිත බෝග ද අයත්. ඒ ගස්වල මුලේ ඇති ගැටිති වලින් වායුගෝලීය වාතය පස සරුකරන්න අවශ්‍ය නයිට්‍රජන් හැටියට පත්කරන්න පුලුවන් විශේෂ හැකියාවක් තියෙනවා. කුලය එක වුනත් නිදිකුම්බා වලට ඇති හැකියාව විශේෂයක්.
ඔක්කොම මස් කාල තමා ජීවත් වෙන්න...හ්ම්ම්ම්ම්...ගස් උනත් ජීවත් වෙන්න එපැයි.....ලෝකේ හරිම පුදුමයි නම් තමා
ReplyDeleteබාඳුරා වල බිත්තර දාන ගෙම්බො ඉන්නවා!
ReplyDeletehttp://www.wired.com/wiredscience/2010/08/tiny-frog/
Dee, මම අදමයි ඒක දැක්කෙ... ජීවත් වෙන්න ඕන කරන පරිසර තත්ව කොහොම හරි හොයා ගන්නව...
ReplyDeleteරත්ගමයා,
ReplyDeleteආහාර දාමයක ඉහළට යන එක නෙ මස් කනව කියන්නෙ... ඒත් ඉතින් ආහාර දාම බිඳිල ගියත් ඵැවැත්මක් නෑ නෙ...
ගල් මල් අය්යෙ,නිදිකුම්බාවලත් මූල ගැටිති තියනව කියන එක මම දැනගෙන හිටි දෙයක් නෙවේ... රනිල කුලයේ බෝගවල තියෙනව කිව්වට...
ReplyDeleteනිසරු පසක ජීවත් වෙන තවත් විදියක් තමා ඉතින්...
(මෙහේ flood plain වල බොරළු ගොඩවල්වලත් හැදෙනව ඔය ක්‍රමයෙන් nutrients හොයාගන්න ගස්...)
සටහනට ස්තූතියි.
ReplyDeleteමටත් //නිදිකුම්බගාලට පයින් ගහල ඒක නිදිකරවපු මතකෙ මිස කටු ඇනිල රිදුනු මතකෙ හිතේ නෑ//. මිහිරි මතකය අරන් යන්නම්!!!
ලංකාවට ආපු දවසක නිදිකුම්බා පැළයක් හොයාගන්න ලැබුනෙ පොළොන්නරුවට ගියාම. ඇමෙරිකාවේ හැදිච්ච වීනස් ෆ්ලයි ට්‍රැප් ගැන දන්න දුවට නිදිකුම්බා පෙන්නලා හරි සතුටක් ලැබුවා.
ටෙනසි මීදුම් කඳුවැටියේ වැවෙනවා නිදිකුම්බා වගේ පෙනුමට ඇති කුඩා පැළෑටි. ඒත් නිදියන්නෙ නැහැ.
අරුණි, මෙච්චර දුර එන්න එපා, Central America වලට ගිහින් Touch-me-not හොයා ගන්න! :-)
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Mimosa_pudica
Dee, ස්තූතියි. වහාම බෑග් පැක් කරගන්නම් !!
ReplyDeletearunishapiro
ReplyDeleteතවමත් අපේ ගෙදර අහල පහළ නම් නිදිකුම්බා ඕනෙ තරම් තියනව...මම මේ පාර ගියාමත් ඒවට පයින් ගහල තාමත් ඒව නිදියනව ද බලල ඒ මිහිරි මතකෙත් අරගෙනමයි ආවෙ... :-)
ඇත්තටම ළමාකාලෙ මිහිරි මතකයන් ඇවිස්සුවා මේ සටහන. ඒත් මම නිදිකුම්බා මල් කාලා නෑ. දැන්නම් ඉවසිල්ලක් නෑ එකක් කාලා බලනකම්.
ReplyDeleteමැද ටික කහට රහයි... වටේ ටික පරෙස්සමට කන්න...:-)
ReplyDeleteමමත් පොඩි කාලේ කරපු දෙයක් තමයි ඕක. පඳුර වටේ තියෙන ඒවට හිමිහට තට්ටු දාලා අනෙක් ඒවා ඊලග තටටු දැවිලි වලින් වැහෙනව බලන්න ඒ දවස් වල හරි ආසයි- හැබැයි මගේ නම් නිදිකුම්බා කටු ඇනිලා ඇති ගමකට -
ReplyDeleteස්තුතියි බෙදා ගත්තට- (ටික දවසකින් මේ පැත්තේ ආවේ)
මේ ලගකදි ජාතික රූපවාහිනියේ ගියා බාදුරා කෙණ්ඩිය ඇතුලේ මැරිල හිටපු තඩි මීයෙක් ගැන !
ආදරේ රන් බිඟුන් නැසූ....
ReplyDeleteනිදිකුම්බා මල් ද ? ;-)
ReplyDeleteනිදිකුම්බා මම හිතුවට වඩා හරි සංකීර්ණයි
ReplyDelete