Friday, February 25, 2011

දූගේ දෑතින් යළි නිමවෙන්නට ලෝකය බලා හිඳී...


......... කොහෙද ඉන්නෙ.. ?

ගෙදර ඉන්නෙ, ඇයි ඒ ?

උඹ ඉන්නෙ ඉඳගෙනද , හිටගෙනද?
පොඩි ප්‍රශ්නයක්.. මේක කිව්වාම උඹ ඇදගෙන වැටෙයිද දන්නෑ නෙ, ඒකයි

කියපන් ඉතින්
මොකද්ද දැන් ඔය මම ඇදගෙන වැටෙන ප්‍රශ්නෙ

ඉඳගෙන නෙ ඉන්නෙ? ෂුව‍ර් නෙ  
ඔව් බොල 
හොඳා, උඹ නැන්ද කෙනෙක් වෙන්ඩ යන්නෙ :)

ආ  :-o

.......................................................

ඒක නෙවෙ
  ..........යි බබයි කොහොමද ?
එළ, බබා දැං දෙනවා පාරවල්
 ආ, එයාට දැන් මාස කීයක්ද ?

 5
 නෑ
7
 නෑ
 6
.......................................................

දුවෙක් ද පුතෙක් ද .... ?
ඇයි මම කිව්වෙ නැද්ද ?
නෑ නේ,  ඒක නෙ අහන්නෙ.. ?
කවුරු වෙන්න ඇති කියල ද උඹට හිතෙන්නෙ...?
දුවෙක් වෙන්න ඇතියි...

දුවෙක්,

:)
.......................................................

බාලොලි ලොලි ලොලී - බාලොලි ලොලි ලොලී
ම්ම්...ම්ම්...ම්ම්
දෙව් දූවරු සහසක් ළංවී- නළවයි මගෙ දූ මල් කැකුලී
පායා සුව දි සඳ කොමළී- සැනහෙයි දූ සිහිනෙක ගුලිවී

නාඬා ඇහැරී සිනාසෙන්න නිදි දෙව් සිහිනෙට සමුදී
දූගේ දෑතින් යළි නිමවෙන්නට ලෝකය බලා හිඳී...

සිනහව අමතක වුණ ලෝකේ දූ හිනැහෙන තුරු බලා හිඳින්නේ
දූගෙ සිනාවෙන් මැවෙනා පාරාදීසේ සිනාසිසී ජීවත් වෙන්නයි...

හඬ ගිලිහී ගොලු වුන ලෝකේ දූ අමතනතුරු බලා හිඳින්නේ
දූගේ වදනින් මැවෙනා පාරාදීසේ සොඳුරු හඬින් දූ අමතන්නයි



සුබ පැතුම් යෝගී... 
මේ සටහන යෝගිගෙ අලුත උපන් ආදරණීය දූ පැටිය වෙනුවෙන්...
----------
2011.FEB.20


9 comments:

  1. ම්ම්ම්ම්ම්ම් ෂුවර් නේ??

    ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්.....!!!!!
    යෝගියටයි....ටයි..දෙමව්පියෝ උනාට..
    පුංචි දුවටයි..අම්මටයි,තාත්තටයි..තුන්දෙනාටම බුදු සරණයි..!!

    ප.ලි.
    හනේ මන්දා මේවා දැන් මෙහෙම පෝස්ට් දාන්න ගියාම කට්ටිය කොහෙන් නතරවෙයිද කියලා.කතා කරන්නත් බයයි වගේ..කා එක්කවත්..

    ReplyDelete
  2. කමලිකා අක්කෙ, මොකද්ද අක්කෙ ෂුවර් ද ඇහුවෙ..?
    ඔයා මාත් එක්ක කතා කරන්න බයවෙන්න එපා..
    මේ පෝස්ට් එක අවසර අරන් දැම්මෙ...ඉස්සර ඉඳලමත් මම එහෙමයි... යෝගිගෙ නම දානව නම් යෝගිගෙන් නැත්නම් යෝගීගෙ අය්යගෙන්වත් අවසර ගන්නව...

    ReplyDelete
  3. රත්ගමයා, ස්තුතියි දැනට මගෙන්... පස්සෙ යෝගි ඇවිත් සුබ පැතුම්වලට ස්තූති කරාවි...

    ReplyDelete
  4. ඔන්න මාත් සුබ පැතුවා........!! තවම නමක් එහෙම දැම්මෙ නැද්දෝ......

    ReplyDelete
  5. චේජනා..
    යෝගියගෙන් නම් ඉතිං අවසර ගන්න දෙයක් නෑ.ගත්තත් එකයි නැත්තත් එකයි.. ඒත් අර කියන අයියගෙන් තමා ප්‍රවේසම් වෙන්න ඕනේ...නේ..??කෝ දැන් එයා ඇත්තටම....??

    ReplyDelete
  6. දිනේශ්, ස්තුතියි සුබපැතුමට... යෝගි තාම නම් හොයනව...

    ReplyDelete
  7. ;-), ඔය අද දවලුත් යෝගිගෙ දූට නම් තියන්න හොය හොය හිටියෙ...

    ReplyDelete
  8. ගොඩක් වැඩ එක්ක ගොඩක් Busy උනා.. අළුත් අමුත්තිය නිසා ගෙදර හැමෝටම හරියට වැඩ. ස්තුති කරන්න එන්න වෙලා ගියාට සමාව ලැබෙනව කියල දන්න හින්ද බය නැතිව අනිත් වැඩටිකත් ඉවර කරගෙනම නිදහසේ ආවා.

    ජීවිතේ කියන්නෙ හරි පුදුමයක් වගේ. කොච්චර මේ අත්දැකීම ගැන අපි අහල, දැකල, කියවල තියෙනවද. ඒ තැන්වල ඉඳල තියෙනවද. ඒත් ඒ දේ අපි විඳිනකොට දැනෙන වෙනස , අපූර්වත්වයගැන කවදාවත් ඊට කළින් අපිට හිතාගන්නවත් බෑ.

    ඒ වගේම තමයි අළුත් අමුත්තිය අරං එන්නං කියල දොස්තර මහත්තුරු, හෙදි නෝනල එක්ක ඇතුළට යන කෙනා ගියාට පස්සෙ , ජීවිතේ ගතකරපු දිගම පැය කීපය. බිත්තියකට මෙහායින් ඇයගේ වේදනාබර හඬ ඇහෙද්දී, අපහසුවක් නොවෙන්න - කරදරයක් නොවෙන්න කියල නොපෙනෙන දෙවියන්ට කියනව ඇරෙන්න කරන්න වෙන කිසිම දෙයක් අපිට නෑ.

    හදිසියෙ ඒ වෙලාවෙ කතාකරල විස්තර අහලා මාත් එක්ක දෙවියන්ට හරි , ඇහෙන කාට හරි කියන්න එකතු උන, බුදු පහන තියල ප්‍රාර්ථනාවක් කරපු නුඹ....
    "කලබල වෙන්න එපා. හැම දේම හරියයි." වචන දෙක තුනක් හිතට කොච්චර හයියක්ද? ජීවිතේ කවදාවත් අමතක නොවෙන මොහොතක්.
    හැම දවසකම අම්මගෙත්, බබාගෙත් සැපදුක් අහපු නුඹටත්, අනිත් හැමදෙනාටමත්, රත්ගමයා, දිනේෂ් සහ කමලිකා අක්කාටත් ගොඩක් ස්තුතියි.

    සමුදුරින් එහා දුර සුළඟින් ඈත් වී නොගිය ඒ මිතුදමේ සෙනෙහසට මේ පුංචි උපහාරය !...

    ඒ වගේම තමා; අපට ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියල දැනගත්තු දවසෙ නුඹ දීපු මේ සින්දුව අහපු පළවෙනි වෙලාවෙ වගේම, දෝණි ලඟින් ඉඳගෙන අහිංසක ඇස් දෙක දිහා බලාගෙන මේ සින්දුව අහන හැම වෙලාවකදිම තාමත් නොදැනිම මගෙ ඇස් වලට කඳුළු පුරනව.

    -ජය

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...