Monday, February 14, 2011

හිම කුණාටුවෙ රැයක...


කැකුළු පොබයන වසන්තය
අද හෙට ම එයිදෝ බල බලා...
ඉපල් අහසට යොමා දිය බිඳු
අයදිනා යැදුමක් අසා...
අහස නුඹ හැඬුවා...

මෙතුවක් කලක් ශිශිරයේ පීඩා
උහුලමින් හරිතය දරා
උන්නු අතුඅග හිම පියලි වී
රැඳෙන දිය බිඳු බල බලා
පොළව නුඹ හැඬුවා...


මන්දාරමේ සිරි වින්ද මා නෙතු
සුදු පුලුන් කැටි අසිරි දැක දැක
කොහොම යන්න ද
සිතා මග රැඳුනා...

කොපුල් දවනා හිම පියල්ලෙන්
මිදී උණුසුම සොයා යනු රිසියෙන්...
උනුන් පරයා දිවෙන දන අතරේ...
හිම පියළි සිඹිමින්
කුමට රැඳෙනව දෝ...
මළවුන්ගෙ නගරයෙ
කිරි ගරුඬ ටැම්
මුදුසරින් ඇසුවා...





4 comments:

  1. Today Kanto plain is receiving its share of snow... It is snowing from 6 pm, without a break...

    ReplyDelete
  2. අද කවිය බොහොම මිහිරියි... හැඟුම් බරයි...!
    ජයවේවා...

    ReplyDelete
  3. තෑන්කූ... ඔයාට ඔහොම එකක් හිතුනත් කියවෙන්නෙ හරි හදිස්සියෙන් නෙ... ;-) නේ..ද අය්යේ...

    ReplyDelete
  4. සොබාදහමේ අසිරිය. පදපෙල ගොඩාක් ලස්සනයි නංගී.
    (මේ දවස් තුන හතරක අපිටත් 19-21 අතර නුහුරු සීතලක්)

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...