
ඔබට මතක නැති-මට අමතක නැති
ඔබේ උපන්දින සමරන මොහොතේ..
මා හද පත්ලෙන් ඔබට පතමි මම
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...
සිහින සුරවිමන් අතරේ පාවෙන
සැඳෑ සාදයක මධු අතරේ නොව
සැබෑව දිදුලන ජීවිතයක් තුළ
සතුට සොයන්නට මා දිරිගැන්වූ
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...
විනය උගත්කම දැනුම වින්දනය
එක්කොට කලතා ජීවය දුන් ඔබ
මහමෙර සදිසි වු සෙනෙහස් බැම්මෙන්
සසර සරන තුරු මටම බැඳෙන්නට
වාසනා වේවා........
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...
http://www.mcnphotography.com/images/family/mother-daughter.jpg
ඔන්න චේජනා අක්කිගේ අම්මට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න මාත් එකතු වෙනව... අම්මලගෙ සෙනෙහස ගැන කව්, ගී සිය දහස් ගණනක් ලියැවිලා ඇතිවාට සැකයක් නෑ.. ඒ අතරට ඔබේ කවත් නොවරදවාම එක් වේවි...
ReplyDeleteඔබ වැනි දුවක් ලොවට දායද කළ ඒ පින් බර මව්තුමියට මම ද මෙසේ සුබපැතුම් එක් කරමි.
ආයු රක්ඛන්තු ආ වඩා..
ගොඩක් ස්තුතියි මල්ලි
ReplyDelete" සැඳෑ සාදයක මධු අතරේ නොව
ReplyDeleteසැබෑව දිදුලන ජීවිතයක් තුළ
සතුට සොයන්නට මා දිරිගැන්වූ
අම්මේ... "
එහෙම තමයි අම්මලා. ලෝකේ කොහේ ගියත් , මොනවා කළත් , අර කියන්නා වගේ එන්ඩ බැරි දුර ගියත් , මිනිහෙක් ආපහු හැරෙන්නේ අම්මගේ ආදරණීය සුවඳ දිහාවට..
ආදරණීය අම්මේ , ඔබට සුබම සුබ උපන් දියනක්.
-ජය
සදා උකුලුතල මා සුව යහනත...
ReplyDeleteතොලගින් මැතිරූ නැලවිල්ලෙන්...
ඇරලා මා සුව සිහින විමානෙක...
නිදිගන්වා මා ඔබ තුරුලේ...
යෝගි,
ReplyDeleteඔයා උදෙන්ම ඇවිත්,
"මහමෙර සදිසි වු සෙනෙහස් බැම්මෙන්"
අපි අම්මට බැඳිල යෝගි,
ගොඩාක් ස්තුතියි..සුබ පැතුමට
තිස්ස අය්යත් එලිවෙන පාන්දරම නැගිටගෙන බ්ලොග් බලනව නේ..
ආපහු හද ගී පොතෙන් ඔය සිංදු අහන්න අපි බලාගෙන ඉන්නව..
දීර්ඝායු වේවා.
ReplyDeleteචේජනා අක්කගේ මවට මමත් සුබ උපන් දිනයක් පතනවා.අක්කගෙ මේ පදපෙළ අම්මට හොඳ උපන් දින තෑග්ගක් වෙයි.
thanks malli
ReplyDeleteලස්සනයි චේජනා.
ReplyDeleteකොතරම් ලිව්වත්..නිමා නොවන කවිය..තමා අම්මා.
ආදරණීය අම්මාට මගෙනුත් සුභ පැතුම්..නිදුක්, නීරෝගී උපන් දිනකට.
මාත් එකතුවෙන්නම් ඔයාගේ අම්මාට සුබ පතන්නට...
ReplyDelete" අම්මා " මේ වචනය තුල මොනතරම් දේද ...දයාබර අම්මා...සියක් ආයූ ලැබේවා....අපෙත් ආයූ ගෙන ඔබ දිගුකල් ජීවත් වේවා !
දීර්ඝායුෂ පතනව අක්කෙ ඔයගෙ අම්මට........ ඒ වගේම සුබම සුබ උපන්දිනයක් පතනව......
ReplyDeleteතේජනා.. ඔයාගෙ අම්මට සුභ උපන්දිනයක් මමත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDelete"විනය උගත්කම දැනුම වින්දනය
එක්කොට කලතා ජීවය දුන් ඔබ
මහමෙර සදිසි වු සෙනෙහස් බැම්මෙන්
සසර සරන තුරු මටම බැඳෙන්නට
වාසනා වේවා........"
කියන ඔයාගෙ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙන්න කියලා මමත් පතනවා.
චෙජනා අක්කා
ReplyDeleteඅම්මට මගෙ සුභපැතුම් පිළිගන්වන්න..
ලියන්න වචනත් නැහැ, හැඟීම් මුකුත් නැහැ,
මට තෙරෙන්නෙ නැහැ, මෙ අම්මාව හැදුවෙ කවුද කියලා.
මෙ වචන කොච්චර දාල කැලතුවත් මට දැනෙන තෙරුමක් එන්නෙ නැහැ අම්මා ගැන..මෙ ගුණ කඳ ගැන කල්පණා කලොත් ඉතින් නිවනක් නැහැ
නිල් අහස, ඔයා කියනව වගේම කොච්චර ලිව්වත් කිව්වත් නිමා නොවෙන එකම කවිය තමයි අම්ම...ගොඩක් ස්තුතියි සුබ පතන්න ආවට..
ReplyDeleteහැමදාම වගේ මාත් එක්ක ඉන්න දිල් සහ විශ්මි නංගිලා දෙන්නටත් ගොඩක් ස්තුතියි සුබ පතන්න ආවට..
පේන විදියට නම් බ්ලොග්කරණයේ "දැවැන්තයෙක්ම" වෙන අචිර, මම ඔයාව දැක්කෙ නම් අද, සමා වෙන්න ඒකට,
සුබ පැතුමට වගේම මගේ පැතුම ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්තනා කලාට ගොඩක් ස්තුතියි...
රවා, ගොඩාක් ස්තුතියි මල්ලි සුබ පැතුමට. නිල් අහස කියනව වගේම කොච්චර ලිව්වත් කිව්වත් නිමා නොවෙන එකම කවිය...අම්මා
ReplyDeleteඅපිත් සුභ පතනවා. ඒ වාගේම නංගීගේ අම්මා නිරෝගීමත් ව සැපවත් ව සිටීවා කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteරනුලිමා චින්තනී නම් වූ ඇය වෙනුවෙන් ඇය නිසාවෙන්ම මවක වූ ඔබ
ReplyDeleteමවකගෙ භූමිකාව වඩාත් හොඳින් දන්නව ඇති නේ...
ස්තුතියි, ආදරනීයම සුබ පැතුමට
:)
Delete