Friday, March 26, 2010

අධිවේගී මාවතේ..


අධිවේගී මාවතේ..
දිදුලනා විදුලි බුබුළු අතරේ..
වේගයෙන් ඉගිලුනා..
දැනුණා යමක් ගිලිහී ගිය බව...
හැරී බැලුවේ නෑ..
පැරදේවි යයි සිතලා තරගය...

දිනා තරගය
හැරී බැලුමුත්..
වටිනාම දෙයක් නැතිවෙලා...
පුදුමයි...

අධිවේගී මාවතේ වැටිලා..
මගහැරී තිබුනේ....

ජීවිතය....


http://blogs.edf.org/

19 comments:

  1. නියමයි!
    ජීවිතේ ගලාගෙන යද්දි, අපි තෝරගන්න සමහර මාවත් ඔස්සෙ යද්දි අපිට පහුවෙන ගොඩක් දේවල් විඳින්න තියා දැක බලා ගන්නවත් බැරි වෙලා යනවා.
    අපි සමහර දේවල් පසුපස තරගයට වගේ යන්නෙ ජීවිතය විඳින්න ඒ දේවල් සහ ගමන් රුකුලක් වෙයි කියල හිතාගෙන තමයි. ඒත් අපිට අපේ අරමුණ අමතක වෙනවද මන්ද එහෙම ටිකක් දුරක් යද්දි.

    මේ කවියෙ අන්තිම පදපෙළවල් තුන නැතුව කියවලා බැලුවමත් මාරම ගති.

    ReplyDelete
  2. පින්තූරයක් දැකලා ඒකත් එක්ක දාර්ශනිකව ජීවිතේ ගලපන්න ඔයා‍ට නං තියෙන්නේ පුදුම හැකියාවක් චේජනා..

    මමත් වෙලාවකට මේ කියන දේ ගැන හිතනවා. සම්බන්ධකම් , මිනිස්සු , ආදරේ , ජීවිතවල වටිනාකම හැමදෙයක්ම මේ තර‍ඟෙ එක්ක පරිස්සම් කරගන්නේ කොහොමද කියලා..
    -ජය

    ReplyDelete
  3. හැමදාම වගේ අරුත්බර පද පෙලක් අක්කෙ... ජීවිතේට ගලාගෙන යන්න ඉඩ නොදී ජීවිතෙත් අරන් දුවන්න ගියාම අපිට නොදැනිම ජීවිතේ අතහැරෙනවා.... ඒත් පහුවෙලා බලද්දි ප්‍රමාද වැඩී.....


    අන්ධ කරගෙන දෑසම..
    දිදුලන නියොන් එළි මැද....
    දුවන්නේ තරඟෙට...
    උනුන් පරයා දිනුමට....
    අතැර ගෙන ජීවිතයම....
    දුවන්නේ කොයිබටද නොම දැන...
    දිනුම යැයි රැවටී ගෙන....
    බලද්දී ආපස්සට.....
    මඟ හැරුණු රසවින්ඳන...
    මතක් වී එයි ලතැවුල...

    ReplyDelete
  4. අක්කාගෙ කියන කවියෙ අනිත් පැත්ත මට.. මට තරගෙයෙන් ඇත් වෙලා දැන් ජිවිතය විඳිනවා.. තරඟයෙ තවම දුවන මිනිස්සු මට එන්න කියනවා.. " වර යන්න දුවන්න.. තො මොකද්ද ඔය කරන්නෙ.. " මහගම සෙකර මහත්තයත් ගොඩාක් තැන් වලදි කිව්වෙ මෙ දෙ ගැන තමයි.. එ උනත් මටත් තවටික දවසකින් මෙ තරඟ බිමට බහින්න වෙනවා..බැහැලා අනිත් උන් වගෙ දුවන්න වෙනවා. අතරමන් වෙනවා..නමුත් ඔයා දුවන ගමන් අපිට අනතුරු හඟවනවා..ස්තුති ඔයාට හැමදාමත් වගෙ කෙටියෙන් ලස්සනට කියනවා..

    ReplyDelete
  5. මේ කවිය දැක්කාම මට මතක්වුනා තව දෙයක්. දැනුයි හොයලා හොයලා හොයාගත්තේ.
    මෙන්න මේ තියෙන්නේ ඔය වගේ මං අහපු හොඳම කතාවක්..
    The Things We Miss: A Violin Virtuoso Plays A DC Metro Station

    මෙන්න link එක.
    http://www.huffingtonpost.com/2009/01/15/the-things-we-miss-a-viol_n_158188.html

    වීඩියෝ එකේ link එකත් තියෙනවා මෙතන
    http://www.youtube.com/watch?v=IMyXfdk_Fp8

    ReplyDelete
  6. යෝගී...

    Joshua Bell,සල්ලි වලට ටිකට් ගහල ලොකු show එකක් කරනව කීවනම්... ඔතනින් ගිය බහුතරය එතනට ඒවි.... සත්තකින්ම( If we do not have a moment to stop and listen to one of the best musicians in the world playing the best music ever written, how many other things are we missing?") සහතික ඇත්ත...... යෝගී ඔබට ස්තූතියි.......


    "never take someone for granted hold every person close to your heart cause you might wake up one day and realize that you've lost a diamond while you were too busy collecting stones"--

    ReplyDelete
  7. @Wath :
    මේ බලන්න..
    He played one of the most intricate pieces ever written, with a violin worth $3.5 million dollars.

    "Two days before Joshua Bell sold out a theater in Boston where the seats averaged $100."
    ඔබ කියපු එක හරියටම හරි..

    චේජනා මට බනීද දන්නෑ.. මේ ලස්සන post එක අස්සේ වෙන කතන්දර ගොඩක් කියන්න ඇවිල්ලා..
    :(

    ReplyDelete
  8. මල්ලි, හෙට ජීවත් වෙන්න හිතාගෙන අද තරගය දුවන බොහෝ දෙනා තමන් ගිහින් තියෙන්නෙ මිරිඟුවක් පස්සෙ කියල දැනගන්නකොට ජීවිතේ විඳින්න කාලයක ඉතිරි වෙලා නෑ නේද..ඔය කියන දේත් හරි තමයි.. අපි මුලින් දුවන්න පටන් ගන්නෙ ජීවිතේ හෙට විඳින්න තියෙන ආසාවට.. ඒත් ටිකක් දුවද්දි ඒක අමතක වෙලා ඇයි දුවන්නෙ කියල අමතක කරල දුවනව..

    ReplyDelete
  9. ඉස්සෙල්ලම thanks යෝගි..
    ඔය ඔක්කොම පරෙස්සම් කරගෙන දුවලත් සෑහෙන තරමකට තරගයෙත් ‍රැ‍ඳෙන්න පුලුවන්.. (හුඟක් වේගයෙන් නම් නෙවෙයි.... ) හැබැයි ඉතින් සෑහෙන තරමකට කියන එකත් ආයෙ සාපේක්ශයි නෙ..
    ඔයාගෙ ලින්ක්ස්වලට ගොඩක් ස්තුතියි යෝගි... නිදහසේ ඉන්න වෙලාවක ඒ කතාවත් කවියක් වුනොත් මගේ හිත ඇතුලෙ ඒකත් මෙතන ලියල තියන්නම්කො..
    ඔයා වත් එක්ක කතා කර ඉන්දෙදි මම නිදි, නැත්නම් මමත් ඒකට සම්බන්ද වේවි...
    ඒ සිද්දිය සහ ඔයාල දෙන්න කතා කර කර ඉඳපු දේවල් පෝස්ට් එක ලස්සන කලා කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
  10. විශ්මි නංගො..මට හිතෙන්නෙ නම් ජීවිතෙත් අරන් හෙමින් දුවන අය තමයි මෙතන ඉන්නෙ කියල.. වේගයෙන් දිව්ව නම් ඒ අය මෙතෙන්ට ගොඩවෙලා යන්න එන්නෙ නෑ.. ඒ වෙලාව තරගය දුවන්න තියෙන කාලයෙන් අඩු වෙන නිසා... ඒත් ඉතින් අපි ඔකොම එහෙම නෙවෙයි නෙ.. හැන්දෑවට මොකක් හරි බ්ලොග් එකක ජීවිතේ විඳිනවනෙ, කවදාවත් මුන ගැහිල නැතත්...

    ReplyDelete
  11. රවා මල්ලි, තරගයෙන් ඉවත්වෙන එක ප්‍රායෝගික නෑ මල්ලි, මම හිතන විදියට.. අපිට ඒකෙ දුවන්න වෙනව, ඒත් වේගය තීරණය කිරීමේ නිදහස අපිට තියෙනව..
    ඒනිසා මම මට වේගයක් තීරණය කරගෙන (ජීවිතය මග නොහැරෙන තරම් වේගයක්) තරගය දුවනව. එහෙම දුවද්දි මාව පහුකරගෙන දුවන අය දැක්කට මට දුක හිතෙන්නෙ නෑ.... ඒත් මම හෙමින් පස්සෙන් යද්දි ඒ අයගෙ ජීවිතය අදිවේගී මාවතේ මග හැරිල තියෙනව දකිනව...

    ReplyDelete
  12. වත්, කමෙන්ට් නොකලට ඔයා මෙතනට එනව ඇතියි කියල මම නිකන් guess කරල තිබුනෙ.. ඔයා අද ඒක මට තහවුරු කරල ගිහින් ... ස්තුතියි...

    ReplyDelete
  13. යෝගි තියන කතාව හරියටම හරි.
    ඔයා හරිම දාර්ශනිකව, යථාර්තවාදීව ජීවිතය දකින..විඳින කෙනෙක්.

    මේ දවස් වල වේගයෙන් දුවලා මටත් හරි වෙහෙසයි..චේජනා.
    ඔයාගේ කව..මට හිතන්න ගොඩක් දේවල්..මතක් කලා.

    ReplyDelete
  14. නිල් අහස..හැමදාමත් ඉඩ තියෙන විදියට ඇවිත් යන ඔයා මේ තරගය ජීවිතෙ මග හැරෙද්ද්දි දුවන කෙනෙක් කියල මම හිතන්නෙ නෑ. ඒත් ඉතින් මේ දවස්වල මොකක් හරි තාවකාලික හේතුවක් ඇතිවෙන්න ඇතිනෙ..
    ආපහු දුවන්න කලින් පොඩ්ඩක් විවේක අරගෙන ජීවිතෙත් අරගෙන ම යන්න...

    ReplyDelete
  15. (පමාවට... සමාව හිමිවේද මට ..?)
    හරියට හරි අක්කි !
    ඔයාගෙ කතාවට කටේ මසුරන් දාන්න ඕන.. අපි හැමෝම හැල්මේ දුවනවා.. ලෝකයත් එක්ක.. මොකද ලෝකය කවුරු නිසාවත් කිසිම වේලාවක නතර නොවන නිසා... ඒත් ආපහු හැරිල බැලුවහම ඔයා කියන විදිහට අපට ජීවිතය මඟහැරිලා....
    මීට කාලෙකට කලින්, ඒ කියන්නේ අවු 8 කට විතර කලින් මාත් ඔය ගැන පුංචි පද පේළි කිහිපයක් ලිව්වා...හැල්මේ දුවන ලෝකය ගැන... ඒක මෙතනම ලියන්න ගිහින් ආයේ මගේ අඩවියෙම පළ කරන්න හිතුවා...“අද පමණයි...“

    ReplyDelete
  16. පරක්කු වුනාට නම් කමක් නෑ මල්ලි, exam කොහොමද ... අදින් ඉවරද? නැත්නම් තව තියෙද?
    ඔයාට කනගා‍ටු වෙන්න දෙයක් නෑ මම හිතන්නෙ නෑ ඔයා ජීවිතය මග හැරෙද්දි දුවයි කියල...

    ReplyDelete
  17. අපි දුවමු හැබැයි.. සමහර මිනිස්සුවගෙ පලවෙනියා වෙන්න නෙමෙ, වැටිලා තුවාල වෙලා ඉන්න එක්කෙනාවත් දිනුම් කණුවට අරන් යන්න.. මොකද කියන්නෙ අක්කා.. දුවන එකෙන් අයින් උනාහම සමාජයෙන් ප්‍රතික්ෂෙප වෙනවා. දුවන ගමන් නතරවෙලා.. තව කෙනෙක්වා නැගිට්ටවලා තියනවා මමත් හැබැයි එයා මට වැඩිය හයියෙන් දුවලා ගිහිල්ලා...තරගෙ තමයි තරගෙ... ඉතින් හැමදෙම හිනාවෙන් දරාගන්න ගමන් ආපහු තරඟ බිමට බහින්න ඔනා.. කියන හැගිම මට ආහපු දැනෙනවා...

    ReplyDelete
  18. ඔව් මල්ලි, ඒක නම් හොඳ අදහසක්.. ඒකයි මම කිව්වෙ කවුරුවත් මාව පහුකරන් ගියාට මට දුක නෑ කියල.. ඔයා වගේම මමත් ඔය තරගෙදි වැටෙන මිනිස්සුත් නැගිට්ටවල ඇදගෙන දුවල තියෙනව.. මට පුංචි පාඩුවක් ඒවයින් වුනත් මට ගානක් නෑ, මගේ හිතේ සතුට ඒ පාඩුව මකල දාල හිත පුරෝන නිසා..
    හැමදෙයක්ම සතුටින් දරාගෙන ආපහු එන්න අපි දුවමු..කොහොමත් ඉතින් අපි අපිව පහුකරල ගිය අයව එලෝගෙන පස්සෙන් දුවන්න ඕනෙ නෑ.. අපි ටික ඔක්කොම එකතු වෙලා හෙමින් යමු,

    ReplyDelete
  19. Opsss Sorry චේජනා.
    මම ඔයාගේ කවි කියවන්න පටන් අරන් තියන්නේ 'හිරු රජුනේ-To the Sun God...'ඉදලා මම මේක දැක්කේ දැන්.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...