Friday, March 12, 2010

පිපාසිත මිහිතලේ..


සුදු පුළුන් කැටි පාවුනත් අහසේ..
ඉඩෝරය ඉරිතලා පොළොවේ..
පිපාසිත ලෝකයක- පිපාසය නිවනු වස්..
අහස ගුගුරා.. ‍රැගෙන එන් දිය බිඳක්
කළු වළාවේ..

තෙමාගෙන පිපාසිත මිහිතලේ ..
කළල් කරනට ඉරි තැලුනු කෙත..
සයින් පීඩිත ලොවක - සාගින්න නිවන්නට..
වැස්ස වලාහක දෙවියනේ..

එවන්න.......... වැස්ස....

සේයා රුව:http://www.wunderphoto.rilinger.com/

11 comments:

  1. ඉඩෝරයෙන් පීඩිත වෙලා , ඉරිතැලිලා ගිය බිමක කොළ පාට ට දළු දාපු ලස්සන එකම එක පැළයක් ඉතුරු වෙලා.කොහොම වෙතත් අනිත් හැමෝම නිඟයෙන් පීඩිත වෙද්දී එක පැළයක් විතරක් ඉතුරු වෙලා වැඩක් යැ නේද ?

    ලස්සන පද පේලියක්. හැමදාම වගේ ඒකටම ගැලපෙන පින්තූරෙකුත් එක්ක..

    -ජය

    ReplyDelete
  2. අර්ථවත්..සුන්දර පද පෙලක්...චේජනා.

    ReplyDelete
  3. ඔව් යෝගි,
    වැස්ස නොවැ‍ටුනොත් ඒ පුංචි පැලෙත් මැරිල යනව..
    වැස්සෙන්ම යැපෙන ලෝකෙට වැස්ස කොච්චරනම් වටිනවද..

    දසුන්.. ගොඩක් ස්තුතියි..
    නිල් අහසටත් ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  4. 'පිපාසිත ලෝකයක - පිපාසය නිවනු වස්'
    ඔව් වැස්සක් අවශ්‍යයි

    ReplyDelete
  5. හැමදාමත් ඔයා ස්භාවධර්මයෙ දෙයකින් ජිවන දැක්මක් ඉදිරි පත් කරනවා නෙද...? කොහොම උනත් ලස්සනයි

    ReplyDelete
  6. පිටස්තරයා..වැස්සක් ඕනම දවස්වල නෙ අපි ඉන්නෙ..

    රවා, වැඩක් කරන අතරෙ සමහර වෙලාවට මොකක් හරි දැක්කම මගේ හිතට එන දේ මම ලියල තියනව..

    තැන්ක් යු ඇවිත් ගියාට දෙන්නටම

    ReplyDelete
  7. පද පෙලයි පින්තූරයයි දෙකම අගෙයි අක්කෙ.....

    ReplyDelete
  8. තෑන්ක්ස් නංගියො..

    ReplyDelete
  9. හරිම ලස්සනයි. විශිෂ්ඨයි...!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...