Tuesday, March 23, 2010

නන්නාඳුනනා දේශයේ වසන්තය අභියස...




දවසම වැඩ කරල හරිම මහන්සියි.. පාරදිගේ ඔහේ පාවි පාවි ගියා...ගිහින් ගිහින් නැවතිලා තිබුනේ ගං ඉවුරේ බැම්ම උඩ ... ඉහට ඉහළින් හඳයි තරුයි නිල් අහසයි විතරයි.. විතරම විතරයි... හඳේ ඡායාව ගං දියේ දිදුලනවා..ගං දිය ගලා බසින හඬ හැරුණුකොට මුළු පරිසරයම නිසලයි..ශිශිරයේ නටබුන් තාමත් ඉතිරි නිසා තණ තිල්ල මත නිරුවත් දෙපා තියන්න බෑ... එතකොට තමයි වසන්තය මතක් වුනේ...
සොඳුරු වසන්තයෙදි මේ තණතිල්ල ආපහු අලුත් දළු ලාවි...පුංචි පුංචි මල් පිපේවි..
පාවහන් ඉවත ලූ දෙපා මේ තණ තිල්ල මත තියල දුවගෙන යන්න පුළුවන් වේවි..මට එහෙම හිතුන..කෙහෙ ‍රැළි හුල‍ඟෙ පාවෙද්දි එහෙම දුවගෙන යන්න මම ආසයි..

ඒත්...

ඊළඟට හිතට මෝදු වුනේ දුක... වෙන මුකුත් නිසා නෙවෙයි.. මම ඉපදුන මගේ රට මතක් වෙලා...මම කොයිතරම් ආස වුනත් මේ වින්දනීය අත්දැකීම මම ඉපදුනු මගේ රටේදි ලබාගැනීමේ අයිතිය මගෙන් උදුරගෙන..මම තනියම මේ වෙලාවෙ මේ ගං ඉවුරට ආව නම් මගේ රටේදි..
මම ආපසු නොයන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩියි.....

ඉතින් මේ නන්නාඳුනනා දේශයට මගේ හිතේ ලෙංගතුකමක් මෝදු වෙන එක කොහොමද නවත්තන්නෙ...

මගේ හිත මගෙන් ඇහුව...

මට උත්තරයක් නෑ දෙන්න..

ඒත් දකුණු ආසියානු බුද්ධි ගලනයට මේ සාධකයත් බලපානවදෝ කියල ආපහු එද්දි මට හිතුන...

http://www.flitemedia.com/

19 comments:

  1. ගං දෑලේත්, තණ පලසේත්, සඳ තරු සපිරි අහසේත් දු‍ටුවේ තමන්ගේම හිතද....? පසෙකින් හිඳ කන් අග මුමුණන සිහින් වදනක්, නොපලවා යවාවිද ඒ සුන්දරත්වයන්...?

    ReplyDelete
  2. "සොඳුරු වසන්තයෙදි මේ තණතිල්ල ආපහු අලුත් දළු ලාවි...පුංචි පුංචි මල් පිපේවි...."

    සුන්දර හැඟීමක්.....!!

    ReplyDelete
  3. ලංකාවෙදි නිදහස කියන එක බුක්ති විදින්න තියන ඉඩකට හරිම අඩුයි අක්කෙ. මිනිස්සු බලන්නෙත් වපරැහින්..එක අතකට හිරවෙලා වගේ.

    ReplyDelete
  4. ලංකාවේ සුන්දරත්වය නම් මේ විදියට තනියම විඳින්න ඉඩක් නෑ අක්කෙ....මෙහෙ ඉන්න හුඟක් මිනිස්සු මේ මහ පොලව තරම් සුන්දර නෑ....

    ReplyDelete
  5. අක්කා රාවෙන්, විශ්මි කියන එක ඇත්ත.. අක්කෙ... එත් මෙහෙත් ඉන්නවා ගොඩක් ලස්සන හදවත් ඇති.. ලස්සන සිතුවිලි වලින් පොහොසත්.. ලස්සන මිනිස්සු ටිකක්.. බ්ලොග් අතර ඇවිද්දිදි මෙච්චර ඉන්නවා නම් සමාජයෙ කොච්චර ඉන්නවා ඇතිද...? මොකද එයාලව අපිට පෙන්නෙ නැත්තෙ... එයාලා බොහොම නිහඬයි.. එයාලා තමයි ඔයා පාරක ඇවිදිද්දි පය පැටලිලා වැටුනොත්.., දුවගෙන ඇවිල්ලා " මොකද උනෙ දුවෙ.. ගලක හැප්පිලා වැටුනද..? ,මගෙ දුවට තුවාලද..? අක්කට එහෙම වයසක අයව හම්බවෙලා ඇති.අක්කා එහෙමත් හිතන්න එපා..මගෙ රට කාලෙකට කලින් ඔහෙට වඩා ලස්සන ,සරල, සුන්දර මිනිස්සු හිටපු රටක්...සරල ජිවන රටාවකට උරුමකම් කියපු ...., තවම කියන .. ලස්සන මිනිසුන් ගොඩාක් තැන්තැන්වල විසිරිලා ඉන්න රටක්...සැම නරුමයෙක් පාසම හිත හොද අවංක මනුස්සයො ඉන්නවා.. ඔයා ඉන්න රටෙත් එහෙමම තමයි...

    ReplyDelete
  6. කපු‍ටු පෝතක..ස්තුතියි ඇවිත් ගියාට ආයෙත් එන්න.. (මම හිතන්නෙ ඔයා ආවෙ පලවෙනි වතාවට කියල..)

    තිස්ස අය්යෙ..සුන්දර දේවල් ලෝකෙ තිබුනට ඒව පේන්න නම් සුන්දර හිතකුත් තියෙන්න ඕනෙ මම හිතන්නෙ, මම දකින ඇත්තෙත් මගේම හිත වෙන්නත් ඇති..

    ඔව් සමනලී, වසන්තයෙ එලිපත්තෙ මෝදු වුනු සකුරා කැකුලු පිපෙන්න විතරක් ඉතිරි වෙලා තියෙන මේ දවස්වල ඔය වගෙ දේවල් හිතෙනව..

    ReplyDelete
  7. නලින්, විශ්මි, මට හිතුන නලින් කියලම ලියන්න මල්ලි ඔයාට, රේවන් කියද්දි නාඳුනන කෙනෙකුට කතා කරනව වගේ... ලංකාවෙ සුන්දරත්වය විනාශ කරගෙන අපිම, කුණු ගොඩවල් පාගෙගෙන ගං ඉවුරට යනකොට එපා වෙනව සමහර තැන්වල,
    අනිත් පැත්තෙන් ටිකක් නිදහස් තැනක් දැක්කොත් මිනිස්සු සෙට් වෙන්න නියම තැන කියල ගිහිල්ල එතන බීල, තව කෙනෙකුට පළාතෙ යන්න බැරි විදියට හැසිරෙනව, ගෑනු ළමයෙක් තනියම ගියොත් ඉවරම තමයි, කියන කතා ටික ඇති ගං ඉවුරෙ ඉඳල ගඟට පනින්න සිද්ද වෙන්න...

    ReplyDelete
  8. රවා, මල්ලි, මමත් සුන්දර මිනිස්සු දැකල තියෙනව, එක වතාවක් මම උණ හැදිල කොලඹ ඉඳල ගෙදර යද්දි එක නන්නාඳුනන අම්ම කෙනෙක් මාව උකුලෙ ඔළුව තියල නිදිකරවගෙන ගියා, මට හොඳටම මතක සිද්දියක් තමයි ඒක.. ඇත්තටම අමතක නොවෙන කිව්වොත් හරි.. ඒත් මල්ලි ලංකාවෙ හුඟක් මිනිස්සුන්ට ගෑනු ළමයෙක්ගෙ ආරක්ශාව මතක් වෙන්නෙ තමන්ගෙ නම් විතරයි. මේක මහ පුදුම දෙයක්, තමන්ගෙ සොයුරියට කවුරු හරි වචනයක් කිව්වම රන්ඩු වෙන අය්යල අනුන්ගෙ සොයුරියට ගරහනව... මෙහේ තියෙන වෙනස ඒකයි.. ලොකුවට අනුන්ට ලෙංගතුකම් පාන්නෙ නෑ, (සමහර වෙලාවට තමන්ගෙ අයටවත්) ඒත් අනිත් අයට කරදරයකුත් නෑ..

    ReplyDelete
  9. අපි උඹලා වගේ සුන්දර මිනිස්සු ඉන්නවනම් මේ ලෝකේ කොයිතරම්නම් සුන්දර වෙයිද නේද

    ReplyDelete
  10. ඔව් දසුන්.. සුන්දර හිත් ඇති මිනිස්සු ලෝකය සුන්දර කරනව... හැමෝගෙම හිත සුන්දර නෑ.. ඒත් මේ වෙබ් අවකාශයෙ සුන්දර හිත තියෙන ගොඩ දෙනෙක් ඉන්නව.. ඒ වගේම තවත් මිනිස්සු මේ ලෝකෙ ඇති.. රවා කියනව වගේ අපි ඒ මිනිස්සුනව හොයා ගන්න උත්සාහ කරමු..

    ReplyDelete
  11. "ඒත් දකුණු ආසියානු බුද්ධි ගලනයට මේ සාධකයත් බලපානවදෝ කියල ආපහු එද්දි මට හිතුන..."

    oya kiyana de atta tamai nangiyaa . . . .

    ReplyDelete
  12. ඔව් දුකා අය්යෙ, මම වගේම ගොඩක් ගෑනු ළමයි මේ රටේදි විඳින්න ලැබෙන නිදහසට ආස වෙනව... වැරදි විදියට පාවිච්චි කරන්න නෙවෙයි.. ඒත් පාරක යනකොට රෑ 12 ට ගියත් කවුරුත් මුකුත් නොකියන නොබලන කරදරයක් නැති එකම මොන තරම් නම් හිතට සහනයක්ද?

    ReplyDelete
  13. ඔයා ඔහොම කියනකොට අපේ රට ගැන දුකකුත්..සකුරා මල් පිපෙන රට ගැක ආදරයකුත් ඇති වෙනවා.
    අපේ රටත් ලස්සන වගේම , ඒවැනි නිදහසකිනුත් පරිපූර්ණ වූවා නම් කොතරම් හොඳද....

    මටත් ඇවිත් යන්න ආස හිතෙනවා..චේජනා.

    ReplyDelete
  14. ඔව් නිල් අහස, මගේ හිතේ මගේම රට ගැන මෝදු වුන දුක තමයි මේක ලියන්න පෙලඹෙව්වෙ..
    අපේ රට ලස්සනයි.. මේ රට වගේම.. ඒත් ඒ ලස්සන විඳින්න අපේ අයිතිය අපේම මිනිස්සු උදුරගෙන...
    (ඔයාගෙ ඇවිත් යන්න තියෙන ආසාව වෙනුවෙනුත් මම virtual tour එකක් සැරින් සැරේ arrange කරන්නම්කො..)

    ReplyDelete
  15. හේතුව මොකද්ද කියල කියන්න දන්නෙනෑ.
    ලිපිය කියවද්දි හරිම අමුතු හැඟීමක් හිතට ආවේ.
    ඒක මොකද්ද? පාලුවද,කලකිරීමද,නැවුම් බවද, අනේ මන්ද ගොඩක් දේවල් මිශ්‍ර වෙච්චි හැඟීමක්.

    ReplyDelete
  16. තීර්ථ යාත්‍රිකයා

    ස්තුතියි කමෙන්ට් එකට... මටත් තේරෙන්නෙ නෑ ඔයාට හිතුනු දේවල් ගැන..මුකුත් කියන්නවත්

    ReplyDelete
  17. චේජනා අක්කි,
    (සමාවෙන්න..පරක්කුයි කියන්නෙ හොඳටම පරක්කුයි.. නේ ? ඒත් අදහසක් නොලියා යන්න හිතෙන්නෙ නෑ...)
    හැමෝම කියල තියෙන කතා දිහා බැලුවම හිතෙනව අපි හැමෝම ඉන්නෙ එකම බෝට්ටුවෙ නේද කියල... අපි හැමෝම ලංකාවට ආදරෙයි..!!! ඒත් අපි ලංකාවත් එක්ක තරහයි !!! ලංකාවේ මිනිස්සු තමන්ගෙ චින්තනය වෙනස් කරගන්නෙ කවදද කියල මට නම් තේරෙන්නෙ නෑ..

    ReplyDelete
  18. ඕක ගොඩක්ම දැනෙනව මල්ලි පිට ඉන්නකොට.. මෙහේ අපේ කියල කවුරුත් කිසිම දෙයක් නෑ කියල දැනෙද්දි අපේ රටට ආදරේ හිතෙනව.. ආයෙ අපේ රටේ වෙන වැඩ මතක කළාම මෙහේ කොච්චර හොඳ ද කියල හිතෙනව..
    ඉතින් ඔය ඝට්ටනය හැමදාම විඳ විඳ අපිත් ඉන්නව.. ඒත් මට හිතෙනව කාලයත් එක්ක මිනිස්සු හිතන විදිය වෙනස් වෙලා අපිටත් ආදරේ හිතෙන රටක් ලැබෙයි කියල..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...