Wednesday, April 21, 2010

කිරි අම්මාවරු දනට වඩිනවා...


හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක..

" අම්මා...."
එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ...

මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්වරුන්ගේ දානයකට නොකැඳවූ බව නම් මගේ මතකයේ ඇත.....

සියල්ල එකට ගැලපුන කල ඉතිරි වන්නේ මා පිළිගැනීමට අකමැති ම තිත්ත ඇත්තද...?

කිසිදා නෑ සියන් අතර මා ඔවුන්ගේ දියණියක් ලෙස පිළිනොගැනුනේ ඒ නිසාමද..?

හිස පුපුරන තරම් වූ වේදනාව සමගින් තවත් මේ ගැන සිත් යොමු කළ නොහැකි වුව ද මේ සිතුවිලි දාමයෙන් සිත මුදා ගැනීමට ද නොහැක….

අනෙක් අතින් මා ඔවුන්ගේ දියණියක් නොවූව ද මට කළ හැක්කේ කුමක්ද..?
මතක අතීතයේ කොතැනකවත් ඔවුන්ගෙන් තොර මතකයක් නම් නොවේ..

අන් අය කෙසේ වුවද මගේ මව්පියන් මට දුන් සෙනෙහසේ අඩුවක් තිබුන බවකුත් සිහියට නගා ගත නොහැක...

සොයුරා අතින්ද කිසිදු සැලකිල්ලක් නොලබන, පීඩා පමණක් ම ලබන මව්පිය දෙදෙනා හැර යාම ද නොකළ හැක්කකි...

ඔවුන් පිදූ සෙනෙහස ට පෙරලා යමක් කළ හැක්කේ එයින් පමණකි....

.....................................................................................

එහෙත් ටික වේලාවකට පෙර සවනේ වැකි වදන් නැවතත් සවන්පත්වල දෝංකාර දේ.....

නැවතත්....

.....................................................................................

පසෙක හිඳ හිස පිරිමදින අම්මා ගේද... වේදනාත්මක දෙනෙතින් මා දෙසම බලාහිඳින තාත්තා ගේද දසුන බොඳ වූ නෙත් අතර කෙමෙන් කෙමෙන් පැහැදිලිවේ...

මේ නිමා නොවෙන දාරක ස්නේහයම ද...?

141 comments:

  1. පසු සටහන:

    විඩාබර දවසක් වුවත් තවත් පැය දෙකකට මෙපිටින් දවස නිමා කිරීමේ වරම ලැබෙන්නේ නෑ...
    හිතට නැගෙන අදහස් ගොනු කිරීමෙන් කෙටිකතාවක් ගැලපීමට හැකිදැයි අත්හදා බැලීමට සිතුනේ එනිසායි...
    ලියවුනු පසු එය විශ්මි නංගි ගෙ සහ නලින් මල්ලි ගෙ ලියවුම් රටාවේ ලක්ෂණ අනුකරණය ට තැත් දරා ඇත් දැයි සැකයි... එහෙත් එසේ නම් එය හිතාමතා නම් කළේ නෑ... විමසුම ඔබ සතුයි...

    කෙසේ නමුදු... කෙටිකතා ලිවීමේ අදහස හිත ට ගෙනාවේ නම් විශ්මි නංගි ඔබ සහ නලින් මල්ලි ඔබයි... ඒ නිසා කියවන ඔබට විමසුම සඳහා ද යොමු කරන මෙහි පිදුම විශ්මි නංගි සහ නලින් මල්ලි ඔබ දෙදෙනාටමයි....

    ReplyDelete
  2. නිමානොවන සෙනෙහසක් ගැන සංවේදී ලියවීමක්. අක්කාගේ කවි සහ සටහන් තුළින් මම දකින සහ වඩාත් කැමති එක දෙයක් තමයි ඒවා බොහෝ පැති වලින් හිතල දුර යන්න අපට ඉඩ කඩ සැලැස්වීම. මේ කතාවත් එබන්දක්. බොහෝ තැන් ඔස්සෙ බොහෝ පැති වලට ගමන් කරන්නට පොළඹවනවා.

    අක්කාගේ පිදුම ඇහැට කදුළක් එක්ක සියුම් ආඩම්බරයක් ගෙනාවා හිතට.

    මෙහි අනුකරණයක් මට නම් පෙනුනේ නැහැ. සාමාන්‍යයෙන් මොනව හරි ලිවුවට පස්සෙ මටත් එවැනි හැඟීමක් එනව මම ලියපු එක තව තැනක ලියැවුණු හෝ වෙනෙකෙකුගේ ලියවීම් රටාවක අනුකරණයක්දෝ කියල.

    තව ලියමු අක්කේ ඉඩ ඇති හැම විටක.

    ReplyDelete
  3. දවස නිමාවට පෙරම හිතේ සැකය දුරු කරමින් මේ සටහන තැබීම වෙනුවෙන් ඔබට ස්තුතියි..
    දැක හුරුපුරුද්දක් හෝ කිසිදු හැඳිනීම ක් නැති නමුදු මගේ හිත ළඟ තනි රකින සොයුරු කැල වෙනුවෙන් මට කළ හැකි මෙපමණමයි...
    තනි ව හිඳින මට ඔබ බොහෝ සෙයින් අගනේය..
    ඒ නිසාම යමක් ලියවුනු පසු එය ඒ හැඟීම මා සිත පිළිසිඳ ගැනීමට උදව් දුන් ඔබට පිදීම සතුටක්..

    ReplyDelete
  4. කියවගෙන යද්දි කෙටි කතාවක් කියල නොහිතෙන තරමට හිතට දැනුණු සංවේදී ලිවීමක් අක්කේ..... අපූරුයි..... වෙනසක් නැති දාරක ප්‍රේමය...... තම කුසින් බිහිකලත්, තම ලෙයින් ජනිත කලත් දරුවන්ට ආදරයක් නැති නොමිනිසුන් අතර මෙවන් දෙවිවරුද නැතුවා නොවේ කියල අක්ක මේ කතාවෙන් හිතට තට්ටු කරල කියනවා.....

    ජය පතනවා අක්කෙ තව තවත් නිර්මාණ බිහි කරන්න ලැබෙන්න කියලා....... රේවන් කිවුවා වගේ හිතට ආඩම්බරයක්ද නෙතට සතුටු කඳුළක්ද එකතු කලා අක්කගෙ පිදුම.....

    අනුකරණයක් නෑ අක්කේ... ඒක නිර්මාණයක් කලාම හැම කෙනෙක්ටම ඇති වෙන පොදු හැඟීමක්..... මේවගෙ දෙයක් කලින් කියෙවුවදෝ කියල....

    තව ලියමු....

    ReplyDelete
  5. ස්තුතියි විශ්මි නංගි,
    විඩාබර දවසක නිමාව සෙනෙහසින් සටහන් කිරීම වෙනුවෙන්..

    ReplyDelete
  6. " කිරි අම්මාවරු දනට වඩිනවා
    කිරි සුවඳයි ගම්මානේ
    අම්මේ ඇයි නුඹ දනට නොයන්නේ
    නොඅසන් පුතනුවනේ..."

    ReplyDelete
  7. ඒ නිමා නොවෙන දාරක ස්නේහයමද.?

    ReplyDelete
  8. මගේ දවසනං වේගෙන් ගෙවිලා ගියා චේජනා.. ඒ අතරතුරේ දන්න හදුනන නවාතැන් පොළක දෙකක මඳකට නැවතුනා.

    මේක කියවලා ඉව‍ර වෙනකම් ම මගෙ හිතේ හොල්මන් කලේ මෙන්න මේ වචන ටිකයි .. "සැබෑ අත්දැකීමක් නොවේවා !.. "
    ඒ තරම්ම තාත්විකව ලියලා තියෙනවා.

    හිත සැහැල්ලු වුනා ඔබේ පසු අදහස් දැක්වීම දැක්කාම.

    ශෛලිය මඳක් වෙනස් කර ලිවීම අනුකරනයක් ලෙස අපි‍ට ‍පේන්නේ නෑ... ඔබට ‍ඇති හැකියාවත් සමඟ අනුකරනයක් අවශ්‍ය වන්නේත් නැතැයි අපට පැහැදිලී කොහොමත්..

    මා බොහෝවිට දැක්කේ ඔබේ කවි සිතුවිලි පමණයි. නමුත් ‍ඔබේ රචනා ශෛලියද සිත්ගන්නා සුළු බව දැක්කේ අදයි .

    -ජය

    ReplyDelete
  9. චේජනා මේක ඇත්ත නෙමේ නේද?

    /බිඟුවා...!

    ReplyDelete
  10. ඔබේ වෑයම ගොඩාක් සාර්ථකයි. ලිවීමේ විලාශය, තාත්වික බව කියවන අය බැඳ තබා ගන්න සමත්. මා නම් මින් අනුකරණයක් දකින්නේ නැහැ.

    කථා වස්තුව සිත පතුලටම කිඳා බැස්සේ මටත් හොරා.

    නංගී, ඔබේ නිර්මාණ තුල දුටු විශේෂය නම් සෙනෙහසට දී ඇති උතුම් තැන. පසුගිය දිනෙක මෙ පිටුවේ කියවූ අදහස ...පෙම් කවි ගොතනා කවිඳුනි සොයුරුපෙමට කවි ගොතපන්... (සමාවෙන්න, වචනින් වචන මතක නැහැ). ඇත්තෙන්ම එවැන්නක් කරගෙන යන මට ඔබ ගැන ඇති වුනේ ලොකු ගෞරවයක්. මීට පෙර මා පල කල එවන් නිර්මාණ දෙකක් ඉදිරියෙදී මගෙ බ්ලොග් හි පල කරන්න අදහසක් ඇත.

    නිර්මාණයන් කියවා සටහන් තබන අය ටික දෙනෙක් වෙන්න පුලුවනි. ඒත් බොහෝ අය ඒවා කියවන බවයි මගේ අත්දැකීම. ඒ කියන්නේ නිර්මාණයක පණිවුඩය, තරංගය විහිදෙනවා කියන එක නේද?

    දිගටම මෙවන් විමසුම්, අත්හදා බැලීම් කරන්න. සුබ පැතුම්!

    ReplyDelete
  11. යෝගි,
    විඩාබර දවසේ අවසානය කුමක් හෝ බ්ලොග් පි‍ටුවක එක්ව විඳින්නට තරම් සොයුරු බැමිවලින් අපි බැඳිලා...
    වේදනාත්මක යමක් කියවීමේදී මෙය අප ආදරයෙන් බැඳුනු සොයුරාගේ හෝ සොයුරියගේ "සැබෑ අත්දැකීමක් නොවේවා !.. " කියන පැතුම ඉබේම සිතට නැගෙනව...මටත්...

    ස්තුතියි නිර්මාණය ඇගයීම වෙනුවෙන් නම්...තරගකාරී අධ්‍යාපනය විසින් මොට කළ ලිවීමේ ආශාව හිත දරාගෙන ඇරඹි මේ බ්ලොග් පි‍ටුව විනෝදය මෙන් ම දයාව සෙනෙහස ඉතිරෙන ‍තෝතැන්නක් කළේ ඔබ මයි...

    ඔබට ත් සොඳුරු ම දිනක්...

    ReplyDelete
  12. නෑ බිඟුවා...

    බිඟු ‍රැජින ට දැන් පුතා (ඉස්සර බබා :) ) ලැබෙන්න ඉන්නව වගෙම අපේ අම්මටත් මාව ලැබෙන්න ඉඳපු බවට මුළු ලෝකයක්ම සාක්ෂි දරනවා..
    අනිත් අතින් එය එසේ නොවුව ද මට කිසිම වේදනාවක් නෑ...
    මගේ දෙමව්පියන් එතරම් ම සෙනෙහසින් මා රකිනව අදත්...

    ReplyDelete
  13. අය්යෙ,
    ලෝකය වෙතින් මට පිදුනු සෙනෙහසත් මා පෙරලා ඊට පිදූ සෙනෙහසත් පමණක් ම මා ජීවිතය ලෙස දකිනව... අන් සියල්ල මග නොහැර කරගෙන යමින් ප්‍රායෝගික ජීවිතය ගෙන ගියත්.....ඒ නිසා සෙනෙහස ගැන මගෙන් ලියවෙනව වැඩි ඇති..අනික මව්බිමෙන් ඈත් වුනු නිසා සෙනෙහසේ අගය වැඩිපුර දැනෙනවත් ඇති මට...

    "පෙම් කවි ලියනා කිවිවරුනේ සුපසන්..
    සෝයුරු පෙම ගැන නව කව් ගී පවසන්" කියල එදා ලියල තිබුනෙ සොයුරු පෙම හිත නිවා සැනසූ දවසක් නිසා එදා..සොයුරු පෙම ගැන ඔබේ සටහන් ලියවෙන තුරු මා පෙරමග බලා සිටිනව....

    මේ පි‍ටුව වෙත ලියවෙන සටහන් ගැන නම් මා අතිශයින්ම තෘප්තිමත්....

    ඉතින් වැලි කතරේ දිනය ඇරඹුනු ගමන් ම මෙහි සටහනක් තබා ගිය ඔබටත් සුන්දරම දවසක් වේවා...!!

    ReplyDelete
  14. දරු සෙනෙහසට නියමිත මට්ටමක් තිබිය හැකිද? එය එකිනෙකාගේ හදවතේ පරිමාණය තීරණය කරනු ඇත.
    ඔයාගෙ උත්සාහය හොඳයි ඇත්තටම.
    ඒ වගේම අපේම ස්වාධීනත්වයක් අපිට නෑ. අපි එකම රැහැනැකින් බැඳී ඉන්නව මුඵ වර්ගයාම. එබැවින් එකම සිතුවිලි අපි කාටත් ඇතිවිය හැකි බැවින් අනුකරණය වුණා ලෙස නොසිතන්න. වෙනස්කම් වගේම සමානකම්ද තිබිය යුතුයි පැවැත්මට.

    ReplyDelete
  15. හරිම සංවේදීව දැනුනා චේජනා...
    ගත්ත උත්සාහය හුගාක් සාර්ථකයි කියලා හිතෙනවා..

    ReplyDelete
  16. ``` Outsider```
    ස්තුතියි... දරු සෙනෙහස ට නම් නිමාවක් නෑ..
    ඒත් දරුකමට හදා ගන්න දරුවෙක් ඒ යතාර්ථය අත් විඳින හැටිත්, නියම දාරක ස්නේහය ඔහු හෝ ඇයගේ හිතේ නිදන් වුනොත් ඔහු දෙමාපියන් හැර නොයාවි යි කියන අදහසත් මතු කරගන්න යි මට ඕන වුනේ....

    ස්තුතියි දිල් ඔබටත්....
    කෙටි කතාවක් ලිවීමේ මගේ කුළුඳුල් උත්සාහය සාර්ථක බව
    කියල ගියාට...

    ReplyDelete
  17. අම්මට තාත්තට වුනත් ඕනවට වැඩිය බැඳුනොත් තමුන්ට තමන්ගේ ජීවිතය තමුන්ට ඕනෑ හැටියට ගෙවන්න බැරි වෙනවා... ජීවිතේ බෙදා ගන්න ඉන්න මනුස්සයටත් වාතේ ඉතින්...

    Raven ට ‍රැවටෙන්නෙ එපා... ඔහු "භවත්‍රා" ටෙලි නාට්‍යයේ මෙන් වෙස්වලාගත් පිටසක්වල ජීවියෙක්... විශ්මි නංගී ඔහුගේ රොබෝවක් පමණයි... කල්පනාවෙන්....

    ReplyDelete
  18. කාලයක් තිස්සේ ලවන ජලයට සේදී දිරාපත් වුණු කොරල් පර යටිපතුල් තුවාල කරනවා... කල්පනාවෙන් අංක 2....

    ReplyDelete
  19. තිස්ස අය්යෙ,
    ඒ අනාගතයයි... එහෙත් මේ වර්තමානයයි...

    වර්තමානයේ මගේ ලොව එකම බැඳීම ඇත්තේ දෙමාපියන් වෙත ම පමණයි..
    එනිසා ම එය බොහෝ සවිමත් විය යුතුමයි....

    අනාගතය තවත් බැඳීම් එක්කළ පසු ඒවාට ගැලපෙන ලෙස ජීවිතය ගලා යනු ඇත...ජීවිතය වෙනස් වීම්වලට අනුකූල ව ගලා යන ගඟක් ම මිස කිසිදා නොවෙනස් වන සාගරය නොවේ..

    ReplyDelete
  20. ඒ සැරේ මොකද තිස්ස අය්යෙ...Raven පිට සක්වළ ජීවියෙක් වුනේ..

    අනික මේ මුහුදක් ආසාවට දකින්න නැතිව ඉන්න මට එක පාරටම කොරල් පරවලින් පරෙස්සම් වෙන්න අවවාදයක් ලැබුනෙ....

    ReplyDelete
  21. මගහැරුනු සන්නාලියාගෙන්ද පරෙස්සමෙන්....අංක3... භාවනානුවේ යැයි කීවද... විඩෙන් විඩේ සමවැදී උන් දැහැන් උනා දමා බ්ලොග් වලට කඩා පනී, පාන්දර ජාමේ.... පලංචියේ ලී ඉ රුවේ අපි එකට.....

    ReplyDelete
  22. ඒක තමයි අය්යෙ, මේකා නම් තියන්න වටින්නෙ නෑ.... නිදි මරාගෙන බ්ලොග්වලට රිංගනව....
    ඒකත් කමක් නෑ කියමුකො, ලියුම් කරදහි ත් ලියන්ව නෙ ඕං..
    ඒත් ඉතින් දැන් ඔයාට ඒ හැටි කරදරයක් නැතිව ඇති නෙ... අනිත් අය දැන් ඔයාට ෂී ෂී කරල නෙ ඔය මලයට ලියුම් දානව ඇත්තෙ...;)

    ReplyDelete
  23. මොකක් කිව්වා... ලියුම් කරදහි...!!??!?!?!
    හිටපිය කරවන්න ඕකට මං ෂී ෂී....!!!

    ReplyDelete
  24. අය්ය විශ්වාසෙ තියාගෙන හිටියට ඉතින් ඔය මලයල ඔක්කොම ඔහොම තමයි...

    ReplyDelete
  25. අනේ අපොයි.... මගෙ අහිංසකයව ඒ ගමන පිටසක්වල ජීවියෙක් කොලාද? ඒ මදිවට මාව රොබෝවෙක් කරලා.......

    පිටසක්වලයෙක් නම් නෙවෙයි ඕන් මායාකාර වශී ගුරෙක් කිවුවොත් නම් හරි...... ;)

    ReplyDelete
  26. ඔන්න දැක්කද තකහනියක් ඇවිල්ල කියලා ගිය දේ... මේකා කරිඤ්ඤං බීලාද කොහෙද .
    Raven හවත්‍රා ලු. විශ්මි රොබෝවෙක් ලූ.

    ඒමදිවට අර අහිංසකයාව ලවන ජලයෙං හෝදලා.

    ඩීන් අයියේ මේ මනුස්සයාට ඔය වෙල් පැන්ටා වර්ග නැතුව ටිකක් හොඳ බීමක්වත් හොයල යවන්ටකෝ පුළුවන්නං.

    ReplyDelete
  27. හපොයි .. මං කලිං comment එක Type කරන අතරතුරේ මේකා මටත් දීලනෙව වැඩේ !..
    ඔය 1 , 2 , 3 සියළුදෙනාම එළියට බැහැපල්ලා දැං ඉතිං.
    චේජනා අමනාප වෙන්ට එපා ඕං ඔයාගේ blog එකේ යුද්ධයක් පටං ගන්ඩයි යන්නේ..

    ReplyDelete
  28. ඒක තමා නංගි, ඔය ඉරිසියාව වෙන මුකුත් නෙවෙයි..

    ReplyDelete
  29. බොලේ මූණ කට වත් හෝදාගන්න දෙන්නේ නැද්ද ... හිනා වෙලා පනයනවා බං...

    ReplyDelete
  30. ඔව් යෝගි මේවට දැන් සටන් කරන්න ම වෙලා තියෙන්නෙ....
    ප්‍රජාතනත්‍රවාදය අමතක වුනු මිනිස්සු ආශ්‍රයේ වරද...

    ReplyDelete
  31. @යෝගි අයියා, චේජනා අක්කා......... මෙවුවා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන....

    ReplyDelete
  32. මට කොහොමත් කොහෙ හරි බ්ලොග් එකක ගෙනියන්න වලියක් තියෙනව...
    මගේ ජිරාෆ් පැටියට මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳ ව...

    තිස්ස අය්යෙ,
    ඒක නම් ඇත්ත...පණ යනව..තමයි 12.15 AM

    යෝගි කියනව වගෙ

    " නිදන්න බැරි නම් ඇහැරන්
    කරන එකයි ඕනෙ දෙයක්"

    ReplyDelete
  33. ඔව් නංගි, අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට එරෙහිව නැගී සිටින්න ඕනෙ..

    ReplyDelete
  34. ඒ මොකද චේජනා.. මට මඟඇරුනු වලියක් ද? ජපානේ දැං හුරතලේට හදන්නේ ජිරාෆ්ලා ද ?

    විශ්මි , ඔය කුමන්ත්‍රනයක් නං නෙමේ මං හිතන්නේ..
    අර බූතයා රටඉඳි බීමක් බීලා පාර පුරා එක එකාට බැන බැන යනවා.

    ඕං උදේ වෙනකොට ඇරිලා යයි.

    ReplyDelete
  35. හප්පා ලිපිය සෙනෙසින් පටන් ගත්තට සෙනෙහස දෝරෙ ගලන් යනවා මෙතැන දැන්. ජීවිත කීයක් නැති නාස්ති වෙලා නවතීද මන්ද?

    ReplyDelete
  36. ඔව් යෝගි, ඒක personal වලියක්.. මට ඉන්නව හුරතලේට හදන පුලුන් පිරෙව්ව ජිරාෆ් පැටියෙක්.. ඒකට මරණ තර්ජන එල්ලවෙනව දැන් දැන්..:)

    ඒකත් වෙන්න ඇති... බොනව කියල ඔහොමත් බොනවද මම අහන්නෙ..

    ReplyDelete
  37. මම නම් බ්ලොග් කෙරුවාවට අලුත්. ඒත් චේජනාගෙ බ්ලොග් එක කියෙව්වහම තේරුනා අපි දෙන්නම් ඉන්නෙ එකම රටේ විත්තිය. මට නං මේ වලියෙ අගක් මුලක් මැදක් මොකක්වත් මීටර් වෙන්නෙ නෑ. ඒත් වලියකට සප් එකක් ඕනනම් අපිටත් කියන්නකො. තක්‍යුබින් එකෙන් මෝටාර් එකක් හරි එවන්නං.

    ReplyDelete
  38. ඒක තමා මල්ලි, පස්සෙ කාලෙක කවුරුහරි මේක බැලුවම දෙමව්පියන්ට තියෙන සෙනෙහස ඉබේම මතක් වෙයි..

    ReplyDelete
  39. @යෝගි අයියා.. ඒකත් එහෙමද... උදේ වෙන්න කලියෙන් දැන්මම දෙහි බෑයක් අතුල්ලන්න කිවුවනම් හරි ඔලුගෙඩියෙ..... දුකා අයියා ළඟපාත නැද්ද මන්දා.....

    ReplyDelete
  40. මතක මංපෙත
    මේක නැගල යන වලියක්.. ඒක ඔයාට තේරෙන්න බ්ලොග් කීපයක්ම බලන්න වෙනව..

    ඒත් ඉතින් අතිශයින්ම සතු‍ටුයි...
    මේ නාඳුනනා දෙශයේ අඳුනනා කෙනෙක් මුණ ගැහීම වෙනුවෙන් නම්...
    සප් එක දෙන්න බ්ලොග් එකට හැමදාම .... මේ සෙනෙහස ගලායන සෙනෙහසින් බැඳුන සොයුරු කැලක හමුවක්...එකතු වෙන්න සෙනෙහසින්..

    ReplyDelete
  41. බලමු දුකා අය්ය හරි ගල්මල් අය්ය හරි හොයා ගන්න... නැත්නම් උදේ වෙනකම්ම කියවද්දි පොලිසියෙන් අල්ලන් යයිද දන්නෙත් නෑනෙ..නේ නංගො talks දුන්නත් ඉතින් අය්ය නෙ

    ReplyDelete
  42. බුදු රත්තරන් මතක මංපෙත... උඹ ඔය චා‍ටු කතා වලට ‍රැවටෙන්න එපා... මාව විශ්වාශ කරලා මගේ පැත්තේ ඉඳින් මගේ දෙයියා....

    ReplyDelete
  43. විශ්මි නංගී
    මොකුත් උදව්වක් කොරන්න බෑ.දුකා නං පේන්න බෑ. ඉතුරුවෙලා ඉන්නේ අපේ ගල්මල් අයියටත් ලුනු වතුර දාලා මළකඩ කැව්වනේ ‍අපේ ලොක්කා. දැං ඉතිං කහඹිලියා මිසක් දෙහි ලෙල්ලක්වත් ගාන්ඩ එයිද ඒ මනුස්සයා.

    ReplyDelete
  44. දෙහි ඔලුවෙ අතුල්ලන්නෙ අපරාදෙ. ඒකත් දාලා හොද කොක්ටේල් එකක් හදාගමු වොඩ්කා පාරක්වත් දාන්න.

    තිස්ස අයියා මේ අරගලයෙන් පසු කොහොමත් අපි ජයපැන් බොමු ජුනි වල.

    කාන්තා පරපුර‍ට නැගිටින්න දෙන්න හොද නැහැ. එහෙම දිය යුතු අවස්ථා දෙකයි තියෙන්නෙ. උදේ අපේ තේ එක හදන්නයි තව මෙතන කිව නොහැකි දෙයකුයි.

    ReplyDelete
  45. @යෝගී: උඹ එකදවසක් බීවා නම් ඒ අමෘතයට ඔහොම අපහාස කරන්නේ නෑ... එව්වා බොන්ට වාසනාව නෑ බොලාට...

    ReplyDelete
  46. @ යෝගි අයියා....... හි හි හි තිස්ස අයියා අරහේ නංගිලාව තරහා කොර ගත්ත මදිවට මෙහේ මල්ලිලා ටිකත් තරහා කරගත්තා....... අපොයි පව් අසරණයා....


    ඒක තමා අක්කේ කියන්නේ කොට්ටෝරුවා කොට කොට ගිහින් කෙහෙල් ගහට කෙටුවම හොට පැටලෙනවලු.....

    ReplyDelete
  47. ජිරාපයට හෙනගහපිය...
    විශ් නංගිගේ බත රොස්වෙය...
    යෝගියාගෙ ලැප ස්ටක් වෙය...
    ඇල්ගී පැල හෙට කෙල වෙය...

    ReplyDelete
  48. ඔව් නංගි, එන්න උපරිම ඉල්ලීම් දිනාගන්න... Raven ද ජපානයට ඇදී එමින් පවතී...අය්යා තනිකරමින්..

    ReplyDelete
  49. පැත්තක් ගන්න කලිං කතාවෙ මුල මැද අග හොයාගෙන ඉන්න ඕන. මං තාමත් කරක්වල අතඇරිය වගේ. හැබයි ඉතිං තමංගෙම කියල කවුරුත් නැති මෙ රටේ අනිත් කොනේ තමංගෙම රටේ කෙනෙක් ඉන්නකොට එයාට තමයි සප් එක දෙන්න හිතෙන්නෙ.
    ම්ං ඔය කවි නිසඳැස් නං ලියන්න දන්නෙ නෑ ඕං

    ReplyDelete
  50. වස්කවිවලට මම නම් බය නැත්තේය..
    ඒත් ඇල්ගීවලට කල සාපයට නම් මාද ඔබට පෙරලා සාප කරමි

    ReplyDelete
  51. @මතක මං පෙත: උඹට පිස්සිද මගේ දෙයියා...
    අර මෝහිනී ලමයා දුන්නහම උඹ ගන්නවද....

    ReplyDelete
  52. මතක මංපෙත...
    ඔබේ ප්‍රඥාවන්ත තීරණයට මගේ ප්‍රණාමය..

    ReplyDelete
  53. වොඩ්කා මක්කටෙයි........ ජින් හොඳා ඊට වඩා....... ලයිම් එක්ක හොඳට කැපෙනවානෙ.......... ජූනි වල ජය පැන් බොන්න යන්න දෙන්න එපැයි.... ඔය නම් හදන්නේ තේ එක වගෙම අර නොකිවුව මොකද්ද මම නොදන්න වැඩෙත් නැති කරගන්න කැන්දන් ගියාට පස්සෙ.........


    @චේජනා අක්කා... ජය වේවා.............

    ReplyDelete
  54. තිස්ස දොඩන්ගොඩ...
    නෑ. එයාටම ළමය අල්ලගෙන ඉන්න කියල මම රෙද්ද ගැටගහල දෙනව.

    ReplyDelete
  55. මතක මංපෙත...
    ඔබ ප්‍රඥාවන්ත ය...

    අවවාදය:

    මුරුංගා අතු එතරම්ම සවිමත් නැත...
    ප්‍රවේසමින් ‍රැඳි සිටින්න...

    ReplyDelete
  56. @මතක මං පෙත: උඹත් මොන රෙද්දක් කතා කරනවාද මංදා බං....

    ReplyDelete
  57. @මතක මංපෙත... චේජනා අක්කා අත්දැකීමෙන් අවවාදය දුන්නේ...... පිලිගන්නේ නම් මැනවි....... ;)

    ReplyDelete
  58. ඔව් නංගි, ඉතාම ප්‍රවේසමින් කොන්ද කඩානොගෙන බිමට බැහැගත්තෙ..
    අබුඩාබිවල මුරුංග ගහෙන්..

    ReplyDelete
  59. @චේජනා
    ඔයාගෙ කතාවත් අර ලංකාවෙ සිගරට් පෝස්ටරයක් වගේ.
    ඒකෙත් ලස්සන රූපෙට යටින් පොඩියට තියෙන්වනෙ "අවවාදයයි!!දුම්බීම පිළිකා ඇතිකරයි" කියල. ;-)

    ReplyDelete
  60. @මතක මංපෙත...... එසේය එසේය........ අබුඩාබි වල මුරුංගා අතු ලංකාවේ තරම් වත් හයිය නැත.......

    ReplyDelete
  61. @මතක මංපෙත: මේ දිගටම අපිත් එක්ක ඉන්න ... මොලේ ටික ටික පැදෙයි මේ මාර දූවරු ගැන... අදට මං යනවා බොහොම හිනා වුනා අද... ඔක්කෝටම පිං....

    ReplyDelete
  62. එහෙම තමා මල්ලි, අවවාදය නොදුන්නොත් දෝශාරෝපනය ට ඉඩ ඇති නිසා

    විශ්මි නංගි, එතනදිද මා ඔබට එකඟයි

    ReplyDelete
  63. සොඳුරුම සෙනෙහස් බැඳුම් මැදින්
    ගලාගියත් අඬදබර කමෙන්ට්
    හදවත බැඳුමන් සවිමත් කෙරුවා
    දෝර ගලන් යන සතුට අරන්

    දවස නිමාවී ඊලඟ දවසත්
    හිරු නැගෙනා රට වෙතට ඇවිත්
    නිදි දෙව් දූ තුරුලේ සැනහෙන්නෙමි
    ඔබටත් සොඳුරුම රාත්‍රියක්

    ReplyDelete
  64. @ හැමෝටම
    ඔව් අප්පා. මටත් හෙට ලොකු වැඩක් තියෙන්ව.
    අහෙනම් අපිත් නිදාගන්න යනෝ.........

    ReplyDelete
  65. සුබ රාත්රියක් පතනෙමි අක්කෙ ඔබටත්
    වාද හුයෙන් වුව බැදුනේ අප හදවත්
    හද නොමැකෙන තුටු හැගුමන් තුරුලු කරන්
    සමුගන්නමි මමද අදට මේ පියසින්

    හැමෝටම සුබ රාත්‍රියක්.

    ReplyDelete
  66. සුබ රාත්‍රියක් හැමෝටම........ සතුටින් පිරි දවසක අවසානය සිනාවකින් සටහන් විය......

    ReplyDelete
  67. කාවො කාපු පරණ පීස් ටික සැරිං සැරේ ජිරිබිරි ගාපං
    අක්ක කතාකරන වෙලාවටම ජී ටෝක් එක කැඩි කැඩී ඇහීයං
    වන් ටී බී හාඩ් එකේ ඇති චිත්තරපටි ටික මැකිලා පලයං
    වස්කවි කියන වෙරිකාරයට කට ඇරගෙන ඔතන නින්දම පලයං

    ( මෙහෙම කිව්වට අර පළවෙනි එකයි දෙවෙනි එකයි නොවේවා ! )

    ReplyDelete
  68. යෝගි,
    නියම වස් කවිය...

    ReplyDelete
  69. අහා මේ මොකද අප්පේ කෂ්ඨියටම එක පාරටම උනේ.
    මේක දැක්කේ වත් නැහැනේ නිකමටවත්..මාර දූවරු කිව්වේ නංගිලාට වෙන්න ඇති...කථා කරන්න ලමයි මේවට....

    ReplyDelete
  70. ඔය අක්කෙ ඊයෙ රෑ අපේ අය්යන්ඩිට ටිකක් වැඩි වෙලා...(රට ඉඳි බීමක් බීල..යෝගි කියන විදියට)
    පුළුවන් උපරිමේ ම මායි විශ්මියි කතා කළා...අන්තිමට ඉතින් අය්ය ශේප් වුනා මටයි විශ්මි නංගිටයි බෝනික්කො ටොපි චොකලට් ගෙනත් දෙන්න ම් කියල..

    ReplyDelete
  71. රසදිය කඳ උස් වෙලා
    ගොයියා මොටර් වෙලා
    ග්‍රීස් ටික උණු වෙලා
    නට් ද බුරුල් වෙලා

    අද වැඩ හින්දා ගොයියා
    තරහින්ද මන්දා
    ගැත්තාට සමා කරමු ඒ හින්දා
    කෙමිස්ට්‍රි හින්දා අදත් මලක් පූදියි ද මන්දා

    බෙහෙත නම් බීමක් වෙන්න බැහැ උණ වැඩිවුනාම ගොඩාක් දෙන්නෙ සපොසිටරි මිසයිල්

    ReplyDelete
  72. වේවැල් කෝ‍ටු නාරං සියඹලා අතූ..
    ගල්මල්-Coral, යෝගියො හා විශ්ම තරූ...
    එකපැත්තක් ගෙන ඇයි මේ මටම තැලූ...?
    Land Lady නංවයි මදහස් මුකුලූ...

    ReplyDelete
  73. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින නමුත්
    එහි සිට ලෝකය පුරා ආධිපත්‍ය පැතිරවීමට
    තැත් දරන "දොඩන්ගොඩ අධිරාජ්‍යය" ට එරෙහිව නැගී සිටි
    සියලු සොයුරනි ඔබට ප්‍රණාමය....

    ReplyDelete
  74. රිදුනා නම් සමා කරන් යාලු
    රස්නෙට පරවුනත් දලු
    කවි තැල්මෙන් තැලීලා ද පොතු
    කව් පොඩ්ඩ්ක් පිපිලා
    තුටු

    ReplyDelete
  75. අහා !...
    ඔන්න අංක 2ත් වැඩට බැහැලා.

    ReplyDelete
  76. කරදිය ගැඹර අප කරණම් ගැසු කාලේ...
    මවගේ ඇකයේ කිරිබී උන්නලු බාලේ...
    එව, තව ‍රැගෙන, බෝ සගයන් අඳ බාලේ...
    සුන්කර ලාමි, නංවමි අධිරද, රාළේ...

    ReplyDelete
  77. අද අප්‍රේල් 23, ලලිත් අතුලත්මුදලි නම් මහපොල ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවා එතුලින් අපේ විශ්වවිද්‍යාල සිසු සිසුවියනට යමක් කරන්න පුලුවන් පවුරක් තනන්න මූලික වූ පහන නිවී ගිය දවස.

    දේශපාලකයින් කියන විට නිතැතින්ම අකුරු කරන්න බැරි විශේෂන ගලා ආවත්, ලලිත් නම් ඒ රාජාලියාගේ හොටට නොව තියුණු ඇසට මා ගරුකරා ඉන් එලිය ලබූ අනන්ත වූ මුතුකැට බොහෝමයක් නිසා.

    ඉතිං, සොයුර සොයුරිය අද දවසේ තවත් දෙපැයකින් වෙන්වන මගේ පින් දීමේ අඩපැය එතුමන් වෙනුවෙන් යොදාගන්න අදහස.

    (මෙ සටහන මතක් කිරීමක් උදෙසා තබන්නෙමි, ඉන් වරදක් වුනා නම් සමා කරන්න)

    ReplyDelete
  78. තිස්ස අය්යේ,

    බෝ දුර ගෙවා වැලිකතර ට පා තබමී
    සෙනෙහස අකුරු කළ සෝයුරු පෙම විඳිමී
    හිරු රද සේම ඔබ ඔද තෙද පිළිගනිමී
    ඔබ අදිරද වෙන්න ඔබ ළඟ හිස නමමී

    චේජනා නංගි

    ReplyDelete
  79. ගල්මල් අය්යෙ,

    නිදහස් අධ්‍යාපනයේ අමිල පල විඳි අපට එයින් අප මේ සියල්ල ලැබූ බව අමතක කල නොහැකියි...
    දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි...
    එසේම ඔබට මගේ ගෞරවනීය ප්‍රණාමය ද පුද කරමි..
    එවන් දැනුවත් කිරීමක් හා පින්දීමක් කිරීම වෙනුවෙන්..

    ReplyDelete
  80. දැනට එකයි, තව ඇත, උන්දැල දෙනමක්...
    හවහට කොටයි මුවහත් වූ විශ්මි ලඳත්...
    පිළිගමි ඔබේ යටහත් බව, පසුව වුවත්...
    පත්කර ලන්නෙ ඔබ, ‍රැකුමට ජපන් රටත්...

    ReplyDelete
  81. ඉතිං සොයුරනි සොයුරියනි මගේ
    අපි නොවෙමු කඳු
    ඒත් එකම සයුරක හමුවන ගංඟා
    කුමට අතගමුද කඩු...

    ReplyDelete
  82. සොයුරේ TD තව නම් බැහැ අබලන් අඟිල්ල කොටයි රිවර්ස්

    ReplyDelete
  83. පමා වුනා බොහොමත් මගේ අයියන්ඩී...
    එකලස් කලා ආයුධ පිට කරන වෙඩී...
    හවහට තිබේ කරනට බ්ලොග් පි‍ටුව හැඩී...
    කරනුය බොරුය සිසිලස්, මා හිත වු දැඩී...

    ReplyDelete
  84. අපි කඳු නොවෙනා හින්දාමයි අප සිත් එක ලෙස බැඳුනේ
    අය්යේ ඔබහට හිස නැමුමට නැත මට නම් දුක හිතුනේ
    වැලිකතරද මව්බිමද ජපානෙද එකක් ම කළ පිනිනේ
    සෝ ලතැවුල් ඔබ සිත ට නොවේවා සැනහෙනු මැන ඉතිනේ

    ReplyDelete
  85. අවි ගත්තෝ අවියෙන් ම නසින බව ඔබත් අසා ඇතියයි සිතමී
    එක් කළ ආයුද ඉවතට ලනු මැන ඔබේ නැගණි අයදී
    සැමදා සිත ළඟ ඉන්නා නැගණිට සමාව දෙනු මැනවී
    ඈ නෙත කඳුලැලි මුතු කැට වන මුදු ඇය නෙතු නොතෙමා ඉනු මැනවී

    ReplyDelete
  86. කොමිස් බලා ගත්තාට තියන්න එපා වෙඩි
    රතිඤ්ඤා උනත් මෙහේ තහනම් ගෙඩි
    මැසි මරන ස්ප්‍රේ නම් තියෙනවා හැඩි
    තණකොල පෙත්තන්ට ඒවත් සැර වැඩි

    ReplyDelete
  87. ඉම්බා කපන්නට බැරි අත ගෙන රන්දා...
    දැම්මා හැට හතර, අන් යම නැති හන්දා...
    දෙන්නට සමා අධිරද ලඟ නැති හන්දා...
    එනතුරු හිඳිනු සංධානයෙ අර උන්දා..

    ReplyDelete
  88. හැම දෙන සටනට කැඳවා ගැන්ම ද මා කල වරදක් ලෙස දකිමී
    සොයුරන් ඇත්තේ රිදවන්නට නොව සමාව දීමට යයි සිතමී
    ප්‍රමාද වුනු මුදු සමාව ගන්නට තාමත් කල් ඇතිබව සිතමී
    "නැගණියකට බැඳි සෙනෙහස නොවෙනස්" යයි ඔබ කී බව සිහිකරමී

    ReplyDelete
  89. සංධානයේ යළි කිසිදා නොබැ‍ඳෙන්නම්
    අය්යා කියන විදියට නංගී ඉන්නම්
    සමාවෙන්න ආයෙත් මා අයදින්නම්
    සිත නොතලන්න මා ඔබහට වඳින්නම්

    ReplyDelete
  90. බීලා "ඔසුව" සැදු මිරිකා ඉඳි, සැංගී...
    කියපු කතා ඕවා, පිස්සුද නංගී...
    කෝ අර නුඹේ හයි හත්තිය ඇති යෝගී...
    එන්ට කියව ගලවන්නට උගෙ ජංගී....

    ReplyDelete
  91. පැමිණ උනිමි සැගවී මෙහි බලාගෙන
    චේ අක්කා අර අදී සාම කතාවට
    තිසා සිතේ තෙත බිඳකද ලකුණු නැත
    යන අයුරක් නැතිය ගිනිදැල් නිවීගෙන

    ReplyDelete
  92. අන් සොයුරන්ද පාවා දිය නොහැක මට...
    සියලුම වැරදි මා පිටට ම ගනිමි මම..
    සමාව දෙන්න ලොකු අය්යේ දැන්ම මට....
    හිතමා මුදුයි නොරිදව ඉනු මැන ඉතින

    ReplyDelete
  93. බ්ලොග් එක බ්ලොක් කරගන්නද හදන්නෙ හැබෑට

    ReplyDelete
  94. සෙනෙහස බැඳුනු සිතකින් තව කෙනෙකු සිතක්
    රිදවිය හැකියි මල්ලියෙ එය ලොව සැටියක්
    ගිනිදැල් නිවෙයි නෙතු කඳුලැලි වලින් ඉතින්
    නංගිගෙ නෙතට කඳුලක් ඔහු නොදෙයි ඉතින්

    ReplyDelete
  95. රිවස් උනා මාගේ තත්වය නංගා...
    ඊයේ වින්ද දහ දුක ඔබටත් දෙන්නා...
    ඔන්න ඇවිත් මාගේ සකි සඳ කපුටා...
    විඳිනුව ඉතින් මා විඳි ඒ නව නින්දා....

    ReplyDelete
  96. අය්යා මගේ සිත නොරිදා ඉඳියි නම්
    මල්ලිත් මගේ සිත නොරිදා යාවි ඉතින්
    සොයුරු පෙමට නෙතු කඳුලක් හැලේ නම්
    එය මා වරද නොව මා මුදු සිත වරදක්

    ReplyDelete
  97. බ්ලොග් එක බ්ලොක් වුනත් කල හැකි දෙයක් නැත
    අය්යා සමා වන තුරු සිත ගිනි ගනිත
    නෙතු කඳුලකින් ඒ ගිනි නිවුමට නොවෙත
    අය්යා සමා වී ඇත මට දැනෙන ලෙස

    ReplyDelete
  98. බ්ලොක් කියුවේ TD ගලවන බව කී එකට
    එවා තහනම් කරයි බලන්න බැරිව අපට

    ReplyDelete
  99. විදි නව නින්දා සිහිකොට
    නවතම නින්දා දෙවමින
    පෙරදා අපගත් අභීත පියවර
    ඉදිරියටම තියමුද අයියේ අප

    කදුළැලි වෙයි ළදුනට ආයුධ
    ගසා පෙළයි ඉන් දුර්වලයන් හට
    අධිරද ගුණ ඇති මහා තෙදැති ඔබ
    නොසැලෙනු මැන ක්‍රොකඩයිල් කඳුලු දැක

    ReplyDelete
  100. ඕවා හිතන්නට තිබුනේ පෙරේදා...
    මල්ලී ඉන්නේ මා ඉන්නා පැත්තේ මෙදා...
    දැන් පෙන්නා කඳුලැලි අප නොකර මුලා...
    නැගිට වරෙව් සංධානයේ හතර දෙනා...

    ReplyDelete
  101. අය්යා සිතින් ලැබගත් මුත් අනුකම්පා
    මල්ලී එය මැදට පැන ආපසු ගත්තා
    මොනවා කරන්නද මම නම් දැන් අප්පා
    කවුරුත් නැද්ද ගෙන එන්නට දිරිබල මා

    ReplyDelete
  102. අන්න මගේ මල්ලී ගුණ සුවඳ දෙන...
    හිතුවා මමත් සිතනා ඒ විලසටම...
    කරුණා ගුණය පෙන්වන්නට වෙලා ඇත...
    යමු අපේ මළේ සිඳ බිඳ නුහුගුණ පවුර...

    ReplyDelete
  103. සිත නොරිදවන බව කියමිනා..
    ඒ නමුදු ළඟ හිඳ රිදවනා..
    යළි නොඅමතන බව කියමිනා...
    දින ගෙවී යද්දී අමතනා..

    දැවටෙමින් සුලඟක් මෙනා..
    ඔබ සිත ලඟම හිඳ හිනැහෙනා...
    නැගණියක් සොඳුරු යැ යි සිතු සිත
    නොවෙනස් ද තව කිව මැනා...

    ReplyDelete
  104. යයි ඉවත ඒ සුලඟ සැදූ විට සංධාන...
    අමතකය සොයුරු පෙම, ලද බොලඳ බස් නොමැත...
    පායි ඇඟලුම් සිනා කතා බස් හසුනෙනා...
    මේ සියල්ලටම මුල, ඔබෙ චපල බව ඉතා...

    ReplyDelete
  105. දැන් නම් කඳුලු මා නෙතු අග රොක් වෙනවා
    යළි සංධාන නොමවෙමි මා දිවුරනවා
    සමාවෙන්න අය්යේ මා අයදිනවා
    මේ හැටි කියද්දිත් ඔබ මා රිදවනවා

    ReplyDelete
  106. මල්ලී ඔබට හොඳ නම් ඔහු හා ඉන්න
    නංගී ඔබව දමලා යාවී ඔන්න
    ඕනම දෙයක් දැන් ඔබ ‍තෝරාගන්න
    ආයෙත් යදින්නම් නොරිදව ඔබ ඉන්න

    ReplyDelete
  107. හප්පේ මොකක්දෝ මේ සිදුවී ඇත්තේ...
    ගියා මමත් සමූපකාරය පැත්තේ...
    ලැප් එක මගේ හැක් කර මූ සිට ඇත්තේ...
    දුවපිය කිව්වෙ, දඬුවම් නම් දිය යුත්තේ...

    ReplyDelete
  108. නංගී චපල නෑ ඔබ කීවත් රිද්දා
    සතුට ට ලොල් ය ඈ දුක දන්නා හින්දා
    තව කොපමණක් කීවත් රිදවන හින්දා
    සමාවෙන්න මම ඔබෙ පා යුග වැන්දා

    ReplyDelete
  109. කවි ලිය ලියා ගත වී යන මුත් කාලේ
    අය්යා සේම නංගි ද වෙහෙසෙයි නොරටේ...
    ඒ හින්දාම තව කවි මා ලියනු කෙසේ..
    සමාව දෙන්න පොත වෙත යන්නට රිසිසේ..

    ReplyDelete
  110. තාමත් ද හවල්ය හිරු නැගෙනා රටට
    එකලස් සිතක් ඕනෑ මට උගැන්මට..
    සමා වෙලා ඒ දෙනු මැන නංගීට..
    ‍අය්යෙ සමාවූ බව කිව මැන මෙමට

    ReplyDelete
  111. හපොයි මගේ මිතුරෙක් ගේ වැඩ මේවා...
    මම නම් කියයි දෝ ඔයවැනි බස් කෝමා...
    මීට පස්සේ යනතැන නොම යමි නෝනා...
    ලොක්කර නොම දමා මගෙ මේ ලැප් පොඩ්ඩා...

    ReplyDelete
  112. ඔබ සමා වූ බව සිතමි
    පොත වෙතට යළි නෙතු යවමි
    නැගණියක් සොඳුරු යයි සිතු සිත
    නොවෙනස් ම බව යලි සිතමි

    ReplyDelete
  113. දත් බේත් ටියුබ් එක, පැලැස්තර පෙට්ටියම..
    සම්පකාරයේ දමා, මා හනික පැමිණ ඇත..
    යතුරු ලමි, නැවත යමි, ඒ බඩුත් ගෙන එන්ට..
    පිස්සු පීකුදු නැතුව, ඔය වැඩක් කරගන්ට...

    ReplyDelete
  114. .net නැතුව කවි කටුගෑ වෙන හන්දා
    කවි ලිව්වොතින් job එක කෙළ වෙන හන්දා
    සටනට එන්නෙ මං අද රෑ වී හන්දා
    නටපං කකුළුවෝ දිය තව ඇල් හන්දා

    ReplyDelete
  115. මගෙ කඳුලින් ගින්න මා නිව්වා පමණයි..
    යෝගී ඇවිත් ඒ ගිනි ලන්නට තතනයි..
    ආපහු රෑට ගිනිඅවුලා නිවාගනියි..
    නෑ සංධාන නංගී අය්යගෙ පමණයි..

    ReplyDelete
  116. ඔබ කිසිවකුත් මා පාවා නොදුන්නෙමි..
    ඔබ වරදටද සමාව මා අයැද්දෙමි
    මින්පසු ඉතින් ඒ ඔබට ම බාර දෙමි
    මා පොත ලඟයි දැන් නම් මා යන්න යමී

    ReplyDelete
  117. වන් ඩවුන් ත්‍රී ‍ටු ගෝ...
    තනියෙන්ම අමාරුයි...
    රේවනුත් ආවොතින්...
    මගෙ පැත්තේ තුන්දෙනයි...

    ReplyDelete
  118. රට ඉදි බීමේ සැර අඩුවී ඇති පාටයි
    නංගී බය උනත් අපි නම් භය නෑමයි
    විශ්මී කෝ කොහෙද අද නම් නැති පාටයි
    කෝ සංධානෙ එන්නද මම උදව් ගෙන

    පිටකොටුවෙන් ලාබෙට ගත් ටෙඩී බෙයාර් දීලා
    රවටාගන්නට හදනවා මේ අයියා නංගා
    චොකලට් ටික Food city යෙන් ගන්න හිතපු හින්දා
    අරාබියෙන් කිසිම දෙයක් ගේන්නැද්ද අයියා

    ලැප් එක හැක්කලේ කවුදැයි කියනවද
    මිතුරා කවුද මෙතරම් රස කවි ලිව්ව
    බොරු නම් එපා අයියේ හිත සනසන්න
    කෝ චේජනා ඇයි භය ඔබ ඔතරම්ම

    මල්ලිට දුන්න අවවාදය හරි නරකයි
    අයියා කරන වැඩ මල්ලී නම් නොකරයි
    රට ඉදිබීම වෙන්නට බැහැ මේ බීම
    නරකද නැවතුවොත් ඇත්තට ඔය බීම

    ReplyDelete
  119. නාහෙන් වැගිරෙනා සො‍ටු සෙම් කඳුලු නිසා..
    ඔන්න මාරු වුනි "පොත් " යැයි පොතක් දෙසා...
    හොඳ හොටලේකින් කිසිදිනකදි නොකෑ නිසා...
    ආවාදෝ නුඹත් ඉල්ලන් කනු පිණිසා...

    ReplyDelete
  120. බිය සහ සෙනෙහස ට ඇත්තේ පොඩි වෙනසයි
    සටන ට වැදී ගන්නා ජය මට නොවටියි..
    ඒ හින්දා ම නංගී වාදයට නොයයි..
    ඔබ යුද වැදුන දින ඒ වැටහෙනු නියතයි

    ReplyDelete
  121. දයානුකම්පා ඔබ සිත තුළ නැත ඔබ නොදනී ඒ කුමක් කියා
    මට වැරදුනි මා සෙව්වේ සෙනෙහස සෝයුරු සිත ළඟ ඇතියි කිය
    අය්යල මල්ලිල කවුරුත් ආපහු එන්න එපා මා ඔබේ කියා
    ඔබෙන් රිදුනු සිත අරගෙන නංගී ඔබ හැර යන්නම යන්න ගියා

    ReplyDelete
  122. හොඳ හෝටලේකින් කානැති බවනම් ඇත්තයි
    කන්නට ඕනෙ කමකුත් නැති බව ඇත්තයි
    මට දැන ගන්න ඕනෑවුයේ ඇත්තයි
    හිත් නොරිදවා ඉන්නට බැරි හැටි පුදුමයි

    ReplyDelete
  123. @Nimanthi
    මට රිද්දුවොත් නම් කාටත් වෙන දේය...
    ඈත්ත එයයි දැන ගත්තොත් ගුණ වේය...
    උපන් දා පටන් හුරු කලෙ ඔය දේය...
    දැන්වත් ඉතින් තීරණයක් ගත්තාද...?

    ReplyDelete
  124. එකට එක කිරීම හොඳයැයි නොසිතමි
    උපන්දා පටන් ගති අතාරින්නට කාලයයි
    මට රිදවන්න නම් පොඩ්ඩක් වෙලායයි
    තීරණය විය යුත්තේ ඇත්තටම සමාවයි
    වැරදි සිදුවීම නම් මිනිසුන්ගෙ අතින් මයි
    සමාවක් දිය හැක්කේ දෙවියන්ට පමනමයි
    ඉතින් ඇයි බැරි තමා තුල ඇති හොඳ ගති
    පෙන්වන්න මේ වගේ වෙලාවකදි

    ReplyDelete
  125. වෙලා වුනත් අරගෙන රිදවන්ට සරී..
    කෙනෙක් ඔන්න හම්බ වුනා සිත සපිරී...
    දෙව්, බඹු , මිනිස්, කැල හට කියනා සදිසී...
    අහන්නේ නැතිය යක්කුන් බණ ඔවැනී...

    ReplyDelete
  126. හා යකෙක් එහෙනම්
    මිනිස් වෙසින්
    කිමද අත්හලේ සැබෑ වෙස
    කොයි තරම් නරකයිද
    බොරුවෙනුත් රැවටීම
    වෙස් මුහුණකුත් දමාගෙන

    ReplyDelete
  127. මේක මිනිස් මුහුණක් යැයි සිතුවේ ඔබ...
    එයට මිනිස් ගති තවරා සැදුවේ ඔබ...
    කවුරු හටත් මෙ දේ දැන් කියමි මම...
    ගැටෙන්නට පෙරම සොයනුව කව්ද මම...

    ReplyDelete
  128. කවුද කියා නොසොයමි මම ඇත්තටම
    වැදගත් නොවේ නොවෙදැයි එය සැබෑවට
    මට වැදගත් වෙන්නේ සාමය සැම තැනම
    ඇයි බැරි කියනවද?? සමාව ලැබ දෙන්න

    ReplyDelete
  129. යක්කු, සමා කවදාවත් දෙන්නේ නැත...
    දුන්නත් දෙන්නේ නොදැනිම වුනු වරදකට...
    එක්කහු වෙලා නව නින්දා කල එකට...
    යක් පිලිවෙතින් පලිගමි ඔබ හැමගෙන්ම...

    ReplyDelete
  130. @nimanthi

    තනිව සටන් වැදුමට ඔබ ඉඩ දෙන්න
    නිමන්ති අක්කෙ මා මෙන් ඔබ නවතින්න
    අය්යා කවුරුදැයි හොඳ හැටි දැන වුන්න
    නංගී යන්න ගියෙ එ නිසයි දැනගන්න

    ReplyDelete
  131. අහෝ
    කුවේණිය සදිසි කෙනෙක්
    ඇත පහලවී
    එක්කහු වෙලා නව නින්දා නොකෙරු වෙමි
    ඊයේ දවසටම මේ පැත්තේ නාමි
    පැත්තක සිටි කෙනෙකු ලෙස යලි යලි මම කියමි
    තරහ අවසරයි සමාව දෙන්න යලි

    ReplyDelete
  132. @Nimanthi
    ඊයේ වෙච්චි හබයේ පැත්තක් ගත්ත...
    ඔබහට නොමැත අනුකම්පා අපගේ සිත...
    ඊයේ හිටියේ පැත්තක බව මක්කටද...
    අද ඔබ අපට එදිරිව නැගි තව කතක..

    ReplyDelete
  133. මේ ඔහු මසිත රිද වූ මුල් වර ද නොවේ
    ඒ හින්දා ම මේ අවසන් වර ද නොවේ
    අක්කාවරුන් නම් මා සිත ගෙනෙන සුවේ
    කිසිවිට මසිත රිදවා ගිය දිනක් නොවේ

    මොන අරගලය තිබුනත් බ්ලොග් අවකාශේ
    ඔහු අබුඩාබි හිඳ අප සැමටම හිනැහේ
    අක්කේ යන්න ඔබ වෙන්වී නිවස කෙරේ
    අය්ය තනිව කියවා ඉවර ව සැනහේ

    ReplyDelete
  134. තිස්ස අය්යේ

    අක්කා වෙනුවෙනුත් මා ඔබ අයදින්නම්
    මේ අරගලය මෙතනින් නිම කරන ලෙසින්
    ඊළඟ පි‍ටුව පුද දුනි මා ඔබේ නමින්
    අය්යේ එහි එන්න සෙනෙහස තුරුළු කරන්

    ReplyDelete
  135. රට ඉදි බීමේ සැර
    ඉවරවී නැති හැඩයි..
    මම කුමක් කරන්නද
    සටනකට අඬ ගසයි
    අනුකම්පාව නම්
    කොහොමටත් මට එපා
    හැකි කමක් වේම නම්
    ඉල්ලුවේ
    සමාවක් පමණමයි
    එයද මට නොව ඇයට...

    ReplyDelete
  136. යක් පරපුරේ අය වුවගේ හිත නිවනා...
    නංගියේ ඔබේ ස්වරයට මා සිත සැලුනා..
    ඕං එහෙමනම් යමි මම යලි නො එනා...
    අනෙක් වුන් සමග සිටිනුව ඔබ සොඳිනා..

    ReplyDelete
  137. ඔබ සිත ‍රැඳුන සෙනෙහස මා හඳුනනවා
    ඒ හින්දාම ‍රැවටිලි මා හට බැරුවා
    මොන අයුරකින් වැසුවත් ඒ ඉපිලෙනවා
    අය්යේ එන්න ඔබ නොමැතිව පල නැතිවා

    ReplyDelete
  138. @චේජනා
    හමන සුළගට සැලෙන
    වහින වැස්සට හඬන
    ඔබේ සටන ඔබ කොහොම
    අරන් යන්නද පෙරට..
    වෙස් මුහුණ ගලවලා
    දමාවිද අද හෙටම
    ඔන්න ඔබ කිව් නිසා
    නවතිමි මම මෙතන.! :-(

    ReplyDelete
  139. සෙනෙහස සතුට අරගෙන ආයෙම එන්න
    හැම දින මගේ ලොව ඔබ අය්යා වෙන්න
    නිමන්ති අක්කෙ ඔබ ඔහු සිත සනසන්න
    තව එක කවක් ඔහු වෙනුවෙන් පවසන්න

    ReplyDelete
  140. යන්නද කිව්වේ ඇත්තට පිස්සුද? මංදා
    සිංහල තේරෙන්නෙ නැති දැයි අනෙ මංදා
    නවතින්නැයි කියන හඬ වෙත ඇස් යොමලා
    කරුණාකරලා නවතිනවද?? දැන් මෙතනා

    ReplyDelete
  141. හමන සුළගට සැලෙන
    වහින වැස්සට හඬන
    මගේ සිත ඔහු නිතින
    සුරකීවි සෙනෙහසින

    හැමදාම ඔබ මසිත
    සොහොයුරිය වී ඉන්න
    සොයුරෙක්ද සොයුරියක්
    සනසවයි මා නිතින

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...