Thursday, April 8, 2010

වරද, විනිශ්චය හා දඬුවම...


මගේම වරදින්
ආදරණීය ම අයකුගේ
සිත රිදවීමෙන් ද,
ඒ වරදට
සමාව ඉල්ලීමට
අවසරයක්වත් නොදෙමින්
කොන්දේසි විරහිතව
ගෞරවනීය ලෙස දුන්
සමාවෙන් ද,
ලොව ලැබිය හැකි
ඉහළම දඬුවම වූ
"පසු තැවීම"
මගේ හෘද සාක්ෂිය
නම් වූ
විනිසුරුගෙන් ලබා
මම ම වින්දෙමි..
මේ වරද මා විසින්ම
නැවත නොකරනු පිණිස
මෙසේ ලියා තබමි..
ඇතැම් විට මෙය දකින
හෘද සාක්ෂියක් ඇති ඔබද
මේ වරද නොකරනු ඇත...


http://businesslaw.newark.rutgers.edu/images/BooksandGavelA.jpg

17 comments:

  1. වැරදිම් එමටයි..
    හැගිම් ද එමටයි..
    සමාව සොඳුරුයි..
    හදවත වැලපෙයි..

    හදවතින් අහන නඩුවෙන් මමත් පරාදයි...

    ReplyDelete
  2. ඔව් මල්ලි, වැරදීම් නම් එමටයි..
    තාමත් අපි ජීවත් වෙන්න ඉගෙනගන්නව කියල තේරෙන්නෙ අපි අතින් වැරදීම් සිද්ද වුනාම තමයි..

    ReplyDelete
  3. වැරදීම් නම් එම්ටයි නෙ...මනුස්සයො හින්දමද මන්දා....
    හදවත වද දෙද්දී අපි තීන්දුව දුන්නොත්......
    අනේ දෙයියනේ.....මමත් ඒ වැරැද්ද ආයෙමත් කරන්නෙ නැතුව ඉන්නවා

    ReplyDelete
  4. ප්‍රශ්නෙ ඔක වැරදුනාම නෙමෙනෙ.. හදවත හෙවනැල්ල වගෙ පස්සෙන් හැම තිස්සෙම හොල්මන් කර කර ඔලුවට වද දෙද්දිනෙ.. කමක් නැහැ ගිය නුවණ ඇතුන් ලාවා වත් ඇද්දවිය නොහැකි බව වටහා ගත්තොත්, එකම වැරැද්ද නැවත නැවත නොකෙරුවොත් එ ඇති...

    ReplyDelete
  5. ඔව් දිල්, වැඩිය දුර නොහිත ගන්න තීන්දු තීරණ, අන්තිමට පසුතැවෙන්න සිද්ද කරනව හදවතින්...

    ඔව් මල්ලි, හෘද සාක්ෂිය නඩුව ඇහුවම එහෙම තමයි..දවස තිස්සෙම දැනෙනව..වේදනාව..
    එකම වරද මම ආයෙ නොකරන්න මතක් කරගන්නම තමයි මම මේක මෙතන ලිව්වෙ..

    ReplyDelete
  6. වරදක් වුනා කියලා පිළිගන්න පුලුවන් වීම කෙනෙකුගේ ඇති නිහතමානීකම පෙන්වන කැඩපතක් නේද? ඒ ගුණාංගය අගේ කර යුතුයි.

    ලස්සන නිර්මාණයක්, පදවැල මෙහෙයුම හරිම ලස්සනයි සොයුරිය. ජය!

    ReplyDelete
  7. ඔයාගේ ඉස්සෙල්ලා කවියේ කියලා තියනදේ මම දැක්කේ දැන්..ඒ කියනවා කියපු දේද? මේ..
    සමාව නොඉල්ලාම ලැබුනා නම්..ඔයා කලේ වරදක් බවත් දන්නවා නම් ඉතිං ඔයා ඇයි ඒ වරද මතක තියාගෙන ඉන්නේ වරද නෙවේ වරදින් ඉගන ගත් පාඩම මතක තියා ගන්න ..
    කියන්නකෝ බලන්න ඒක නේද හොඳ..??
    මංදා මට නම් හිතෙන්නේ එහෙමයි.හැබැයි ඉතින් වරද මොකක්ද කියන්න මම හරියටම දන්නේ නැහැනේ
    ප. ලි. මොකද ලමයෝ යාලුවෙක් ලංකාවට ආපු ගමන් මොනවද? හැරෙන තැපෑලෙන් කිව්වේ

    ReplyDelete
  8. වරදක් වුනා කියල පිළිගන්න පුළුවන් අය්යෙ..
    ඒත් මම ඉස්සර හිතාගෙන හිටියෙ වරදකට කෙනෙක් සමාව නොදීම තමයි දඬුවම කියල... ඒත් දැන් මට ඒක එහෙම නෙවෙයි කියල තේරෙනව..
    මම මේක ලිව්වෙත් හිත නිදහස් කරගන්න...අය්යෙ...

    පාඩම කවදාවත් අමතක වෙන්නෙ නෑ නිමන්ති අක්කෙ...ලොකු වරදක් නෙවෙයි කළෙත්.. මම කියපු වචන කීපයකින් යාළුවගෙ හිත රිදවීම පමණයි.. ඒත් ඒකෙන් ගොඩක් ආදරය කරන යාළුවෙකුගෙ හිත තදින්ම රිදුන..
    ඔව් ඔයා හරි.. පාඩම ඉගෙනගෙන දැන් ඒ යාළුකම පොඩ්ඩක්වත් පළුදු නොවී තියෙනව..මම ත් යාළුවත් සතුටින්.. (ලංකාවට ආව යාළුවෙක් එක්ක නෙවෙයි අක්කෙ මේ සිද්දිය වුනේ..
    තාම මං ළඟ ඉන්න කෙනෙක් එක්ක..සමහරවිට අනිත් යාළුවො ලංකාවට ගිය එකත් පොඩ්ඩක් මේකට බලපාන්න නම් ඇති...)

    ReplyDelete
  9. මේ ලියවීම වැදගත්.
    හිතේ සෑහෙන බරක් අඩු වෙන්න ඇති මම විස්වාස කරන විදිහට.

    ReplyDelete
  10. ඔව් මල්ලි, පුදුම වේදනාවක් වින්ද මම ම...මේ ටික ලිව්වට පස්සෙත් යාළුව එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියට පස්සෙත්, දැන් නම් හිත සැහැල්ලුයි...ඒත් guilty feeling එක නැතිවෙන්න තවත් කීප දවසක් යයි..

    ReplyDelete
  11. කාගෙන් සමාව ගත්තත් හෘද සාක්ෂියෙන් සමාව ගන්න අමාරුයි අක්කෙ....ඒත් පසුතැවීම කොයියම් විදියකින් හෝ පිට කරන එක තමා වඩාත් උචිත.....

    ReplyDelete
  12. හ්ම්ම්ම්....
    "සිව් සිය ගව් දුර ඇසෙන ලෙසින්...
    සෝක සුසුම් නොහෙලන්..."

    ReplyDelete
  13. ඔව් විශ්මි නංගි, අපි අතින් වරදක් සිද්ද වෙන කෙනා හොඳ තරමටමත් අපේ වේදනාව වැඩි වෙනව... සමහර වෙලාවට මගේ යාළුව මට බැන්න නම් හරි, මට ආයෙ අඬල අඬල යාළු කරගන්න වුනා නම් හරි හෘද සාක්ෂිය මීට වඩා ලේසියෙන් සමාව දෙයි.හොඳම දේ මම හොඳ පාඩමක් ඉගෙන ගෙන සිදුවීම සමථයටකට පත්වෙලා.....

    ආයෙ එහෙම කරන්නෙ නෑ තිස්ස අය්යෙ...

    දැන් නම්

    සෝක සුසුම් සුළඟේ පාවී...
    ඈතින් ඈතට ඇදී ගිහින්....

    ReplyDelete
  14. හැම වැරදි කාරයෙක්ම හදවතින් පසු තැවෙනවා . . ඒක සත්‍යක් . . . ඒත් අපි සාමාන්‍ය පෘතග්ජන මිනිස්සුනේ . . . කාගේ අතින්ද වැරදි නොවෙන්නේ . . . සමාවත් ලැබුනනම් . .. පසු තැවීම ටික ටික අඩු කරගෙන සාමාන්‍ය කර ගත්ත නම් තමයි හොඳ . ..

    ReplyDelete
  15. thanks දුකා අය්යෙ, දැන් ගොඩක් දුරට සාමාන්‍ය තත්වෙට ඇවිල්ල...

    ReplyDelete
  16. thanks අය්යෙ, ඒ තරම් කරුණාවන්ත ඒ යාලුව වගේම, ප්‍රශ්නෙකදි උපදෙස් දෙන දුක අහන ඔයාල වගේ යාලුවො ඉන්නකොට ඉතින් වාසනාවන්තයි තමයි..අය්යෙ

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...