සුපුරුදු පරිදි ම අප දොඩමළු වී සිටියෙමු..
මගේ මුවින් පිට වූ වදන් කීපයක් ඔහු කෝප ගැන්වීමට සමත් ව තිබිණ....
කෙතරම් සමාව යැද්ද ද දින දෙකක් ගත වනතුරු ද ඔහු මට සමාව දුන්නේ නැත...
දෙවන දින අවසන ඔහු මට සමාව දෙන විට සෙනෙහසේ සහ මිතුදමේ වත්කම් සියල්ල ම මා ගෙවා තිබිණ....
ඔහු මට සමාව දීම මට සතුටක් වුව ද නැවත කතා කිරීමේ ආශාවක් නම් මසිත්හි නොඉපදිණ.....
………………………………………………………
කාලය අප පසු කරමින් පියඹා යන්නට විය... කෙතරම් සෙනෙහසින් ඇමතුව ද නැවත මා නම් යථා තත්වයට පත් වූයේ නැත...
කොයි මොහොත ක හෝ නැවත මසිත පීඩාවට පත් වන බැව් ම පමණක් මගේ මතකයේ සැරිසරද්දී තමා සිය ආදරණීය යෙහෙළිය ද නැගණිය ද අහිමි කරගත් බැව් ඔහුට වැටහෙමින් තිබිණ....
එතැන් සිට ම ඔහු මසිත පිරියම් කිරීමට කැප වූ බව නම් මට මතක ය...
………………………………………………………
ඔහු ජයගත්තේය...
පළුදු නොතබා ම ඔහු මසිත පිරියම් කර පෙරදා මසිත ඔහු වෙනුවෙන් රැදී තිබූ මිතු දම ද සොයුරු පෙම ද එහි රඳවා ගොස් තිබිණ...
නැවත අතීතාවර්ජනයේ යෙදෙමින් ඔහු ඒ කළ හැටි සෙවීමට සිදු වුණේ බිඳුණු කැඩපතක් පළුදු නොමැතිව පිළියම් කළනොහැකි බව මා හොඳින්ම දැන වුන් බැවිනි.
…………………………………………………………
අපේ බැඳීම නම් කැඩපතේ දසුන් බොඳ වී ගියේ එහි වීදුරුව වූ විශ්වාසය බිඳීමෙන් නොවේ...
එය කැඩපත ක් කළ රසදිය ආලේපය පළුදු වීමෙන් පමණි....
කැපවීමෙන් ඔහු එය නැවත ආලේප කර තිබිණ......පළුදු කිසිවක්ම එහි නොවිණ....
……………………………………………………………
අවසන.......
ඔහු නැවතත් මාසිත සුවපත් කළ මිතුරා ද සොයුරා ද විය...
.............................................
පසු සටහන:
මෙය නම් සැබෑම අත්දැකීමකි......එහෙත් ඔබ මා අතර නොවේ...
ඔහු බොහෝ විට මගේ ජීවිතයේ පසෙක හිඳ මගේ ජීවන ගමනට දිරිය දායාද කළ අතර සිත රිදුන තැනකදී නිදිවර ව මා වෙත රැඳුනු... එහෙත් එකම වදනකින් වූ වරදට මට සමාව නොදුන් මගේම ආදරණීය සොයුරා විය...
බැඳීම්වල ට ම ලොබ බඳිමින් අන්තරජාලය හදවත් තුළ ගෙත්තම් කළ බැඳීම් යථාර්තයක් බව පසක් කරමින් ....
මව්බිම ද අබුඩාබි ද ජපානය ද එක ම රේඛාවකින් යා කළ..
නිබඳව ම සිත අසළ රැඳෙන ආදරණීය සොයුරන් වන….
යෝගි, ගල්මල් හා තිස්ස අය්යලා වෙත පුදමි....
මේ සටහන මෙහි රැඳවීමට සුදුසු ම අවස්ථාව මේ යයි හඟිමි...
ReplyDeleteගල්මල් අය්යේ, ඔබ මෙහි පසෙක මා තැබූ සොයුරු පෙම පිළිබඳ සටහන ඇගයීම මෙය ලියැවීමට හේතු විණ..
එසේම
යෝගි හා තිස්ස අය්යා වෙත මගෙන් සෙනෙහසින් පිදෙන මේ තිළිණය ඔබට උවමනා අයුරින් ප්‍රයෝජනයට ගත හැක.. තීරණය ඔබ සතුයි....
සෙනෙහසින්,
චේජනා නංගි...
සංවේදී සටහනක් අක්කෙ. මටත් ජීවිතේදි නොයෙක් හේතු නිසා ඈත් වෙච්ච මිතුරෙක් දෙන්නෙක්ව සිහි ගන්වන්නට සමත් උනා මේ ලියවිල්ල.
ReplyDeleteඉහත කමෙන්ටුවෙන් දැක්වූ සොයුරන්ද ඔබ ඇතුලු තවත් සොයුරු සොයුරියන් කිහිප දෙනෙක් නොවන්නට අප කරනු ලබන මේ බ්ලොග් ලියවිල්ලමෙතරම් හෘදයාංගම සහ තෘප්තිජනක නොවන්නට ඉඩ තිබ්බා.
ඒ හැමටම ස්තූතිවන්ත වෙන්න මමත් මෙය අවස්ථාව කරගන්නවා. මේ සෙනෙහසත් හිතේ දරාගෙන අපි ඉපදුන බිමේ මහ පොළව උඩ දවසක හමුවෙමු.
ඔව් මල්ලි, ජපානයේ ගත ද ලංකාවේ සිතද ඇතිව ජීවත් වූ ජීවිතයට නව පණක් දුන්නේ මේ බැඳීම්...
ReplyDeleteඅපි උපන් අපේ පොළව මත දිනක හමුවෙමු සෙනෙහසින්...
මේ තරම් රිදෙන හිත
ReplyDeleteසඟවාන ඔබ ඔහොම
කොයිතරම් කාලයක්
තව ඉන්න හිතනවද
සැලෙන එක කොලයටත්
හමන මඳ පවනටත්
වහින මහ වැස්සටත්
නොරිදවාගෙන සිත
ඉන්න හැදුවොත් ලොව
පහසුවෙයි ජීවිතය
මීට වැඩියෙන් ඔබට
ඒ මිසක් මේ ලෙසට
කඩා ගෙන වැටුනු විට
දින ගණන් අපරාදේ
ඔබේ මහඟු කාලයේ
සිතමි මම සැබෑවට
විය යුතුයි මෙය මෙලෙස
පතන්නම් රිදුනු සිතට
සමාධිය ලං වෙන්න ඉක්මනින්....
සැලෙන එක කොලයටත්
ReplyDeleteහමන මඳ පවනටත්
වහින මහ වැස්සටත්
ලදැල්ල ක් සේ සැලෙන මාසිත
රැගෙන දෝතට
මුවා කර ඒ මද පවන,
මහ වැස්ස
මගේ සිත ළඟ රැඳුන ශක්තියත්
ඒ සොයුරු පෙමම ය..
සමාධිය ලං වෙන්න
තැලී පොඩි වුන සිතට
එය රිදවු සෙනෙහස ම
ළඟා විය යුතුව ඇත..
නොදන්නෙමි එතරම් ම මා සිත
මුදු වුනේ කිමදැයි..
රේවන් මල්ලි, මෙය අද පිදුනේ අද එය පිදිය යුතු යයි සිතුනු සොයුරන් කිහිප දෙනෙකුටයි..
ReplyDeleteඔබ කියන පරිදිම මෙය හෘදයාංගම සහ තෘප්තිජනක කර්තව්‍යයක් කළ තවත් සොයුරු සොයුරියන් සිටී.. ඔවුන් වෙත ද මතු දිනෙක චේජනා ගේ පිටුව පිදෙනු ඇත...
මට නම් කවි සිතක් නැහැ.. එ නිසාවෙන් මෙහෙම කියන්නේ..
ReplyDeleteඉතා සංවෙදි සටහනක් නේ අක්කි....අනර්ගයි..
ස්තුතියි මල්ලි...
ReplyDeleteඇවිත් ගියා වගෙම සටහනක් තබා යාම වෙනුවෙනුත්
වැඩි දෙයක් කියන්න වෙලාවක් නෑ. ගොඩක් අර්ථවත් නිර්මාණයක්..
ReplyDeleteමිත්‍රයා... ඔබේ වදන් කිහිපය වුව මසිතට සවියක්..
ReplyDeleteබොහෝමත්ම ස්තුතියි
එතකොට අපි නැද්ද?
ReplyDeleteඅයියෝ.....
බිඟුවො,
ReplyDeleteචේජනා ගෙ පිටුවට සෙනෙහස ගෙනා හැමෝටම චේජනා තෑගි ගේනව...
නොහිතුව මොහොතක ඔයාටත්..
දයාබර සොයුරියේ ලොකු ලොකු වදන් වලින් කල පිදීමක්. එතරම් ලොකු වරුනා ලබන්න තරම් දෙයක් මගෙන් නම් ඉටුවුනාද නොදන්නෙමි.
ReplyDeleteඔබේ නිර්මාණ තුලින් ඉස්මතු කරන උතුම් සෙනෙහස - මහමෙරක් වන් පියතුමන්, අනුපමේය මෑණියන්, මිතුරන්... හැමවිටම විශේෂයකි. ඒත් සෙනෙහස යොවුන් පෙම අතර පමණක් නොරඳවා කවි සිත් වලට ඔබ කල ඇමතුම "පෙම් කවි ලියනා කිවිවරුනේ සුපසන්.. සෝයුරු පෙම ගැන නව කව් ගී පවසන්" ලොකු ගෞරවයක් ඇති කලා. එයයි මා ඇගයීමට බඳුන් කලේ.
එහෙත් ඔබේ "බොඳ වු කැඩපත" නිර්මණය තුලින් පිළිබිඹු වෙන්නේ ඔබේ නිහතමානීකම (down to earth) වගේම පිළිගැනීමේ හැකියාව (acceptance), එය මහත් බැතියෙන් ගෞරවයෙන් අගයන්නෙමි.
මිනිසත්කම ලන්සු වන යුගයක කිසිදාක ඇසින් නොදුටු පිරිසක් මෙතරම් කුලුපඟව සිටීම ගැන ලියන්න වචන නැත. යාන්ත්‍රීකරණය වූ ලොවක විවිධ දිශාවල කෙළවරක් නැති මැරතනයන් හි යෙදී ඉන්නා අපි සැවෝම මුණගැසෙනා දිනයක්... මොනතරම් ලස්සන දවසක් වේවිද... ඒ දවස උදාවේවා!
post එක කියවලා බලන්න කලිං එකපාරටම හිතුනේ " තවත් යුධ පිටියක් ! " කියලා.. ඒත් කියව්වට පස්සේ තමා , තේරුනේ විහිලුවේ රඟේ..
ReplyDeleteබෝ දුරින් දුරස් වී සිටියත් මේ ආදරණීය සොහොවුරු කැළ නොවේනම් අපෙන් කී දෙනෙක් පටන්ගත්තු බ්ලොග් ලියවිල්ල අතරමග නවතලා ද?
ඒ විතරක් නෙමේ.. දැං මේක ඇබ්බැහියක් වෙලා චේජනා. අද උදෙත් යුධ පිටියට ඇවිත් යාංතං එක පිළිතුරක් ලිව්වේ කොහොමද කියලා දන්නවනං උඹලා ඔක්කොම මට හිනාවෙනවා..
කවිය අකුරු කෙරුවේ මං වැඩකරකර උන්නු Program එක අස්සේ. ඒක හදිසියේ කවුරුවත් බැලුවනං මං කවිවලින් Softwares හදන ලෝකේ පළමුවෙන් Programmer වෙනවා..
වෙලාවකට අපේ පරක් තෙරක් නැති විහිලුවලින් ඇස් රතු උනත් , එක උණුහුමකට ගුලිවෙලා ඉන්න පුංචිඋන් රංචුවක් වගේ ඉඩක් ලැබුනු හැම වෙලාවකම මේ වෙබ් අවකාශේ සහෝදරකැල හොයං එනවා දුවගෙන...
මේ ආදරණීය සංසාරික බැම්ම ගැන සටහනක් ලියන්න හැමදාම හිතුවත් , ඒක තාම අකුරු වුනේ නෑ.. ඒක හරිම සංවේදී වේවි , හරිම දිග වේවි .. එහෙම නේද ?
-ජය
@යෝගී...:
ReplyDeleteඒ වෙලාවට තමයි හිතෙන්නෙ Swap කරන්න පුලුවන් ඔලු තිබුනොත් කියලා නේද?
කලකට ඉහත SQL ප්‍රොග්‍රෑම් එකක් කොම්පයිල් කරන්න සෑහෙන්න වෙලාවක් ගන්නවා, progress එක පෙන්වන්නේ මොනොක්‍රෝම් මොනිටරයේ තරු (*) ලකුනුවලින්, ඉඳහිට එකක් මතුවෙනවා. අපි පොත් කියවන්නේ ඒ වෙලාවට, ඒකාලෙ Internet තිබුනේ නැහැ. වැඩ කරන්න කැම්මැලි දවසක් අර වගේ තරු output වෙන්න ප්‍රොග්‍රෑම් කරා, පැය 2ක් විතර පොතක් කියවන්න හොඳ රෙස්ට් එකක් ගත්තා. ඊට පස්සේ රෑ තිස්සේ පැල්බැඳ ගෙන වැඩ කරා...
හී හී... බලං ගියාම අයියේ අපි ඔක්කොම එක ජාතියේ නේ..
ReplyDeleteසතුටුයි සතුටුයි දැනගන්න ලැබීමත්. ලොකු ඉතිහාසයක් කියයි වගේ.
අපි නං computer ගන්නකොට 98 . Programming කරද්දි XP. ඔබේ පරපුරට වඩා සෑහෙන්න පහසුකම් සහිතව තමා අපි පටන්ගත්තේ.
ඉතිං ඔබ දන්න රසවත් ඉතිහාසේ කියන්න පුළුවං කීපදෙනයි මට හමුවෙලා තියෙන්නේ.
දැන් ඔය දෙන්න කියන්නෙ ආපහු මට උදේ පාන්දර නැගිටගෙන මේවා අහගෙන ඉන්න කියලද....ඉර දෙවියනේ.. පැය 5 ක්...
ReplyDeleteඅනේ මම ත් ඉතින් මේ පිටුව ඔබටම පුද දෙමි කියල දුන්න නෙ... හිතේ හැටියට ලියනව.. දෙන්නෙක් මේ...අනිත් අය්යණ්ඩිත් ලියද්දි .....OH!!!!!!!!! SUN GOD
ReplyDelete(ඔබේ ඉතාම විමසුම් සහගත් ලියැවුම්වලට පසුව පිළිතුරු දෙන්නම්...!!)
ReplyDeleteOh!! SUN GoD!! Please match the time...!!
"ඔබට උවමනා අයුරින් ප්‍රයෝජනයට ගත හැක"...
ReplyDeleteගල්මල් අයියේ.. බුලත් විටකුත් අරං මේ පැත්තේ ආවනං අඹ කයියක් ගහන්ඩ ..
පුල් පර්මිෂන් දීලා තියෙන්නේ ..
කරිඤ්ඤං කුරුල්ලත් එන්ඩ පුළුවං තත්තෙක හිටියොත් අඬගහං එන්ට.
කපුට නං ගිහිං වගේ දොයියන්ඩ.
* 4:53am ? චේජනා .. දැන්නං හොඳටෝම ඇති නිදිමැරුවා.ඔයා හෙට උදේ එන්න , දැං ගිහිං..
ReplyDeleteනිදි මැරුවා නෙවෙයි යෝගි, නිදියල නැගිට්ටා...ඊයෙ දවසම කවිලියල නිදි මරන්නෙ කොහොමද...හවස් වෙනකොට ඔලුව රිදෙනව.. යක්කුන්ට නැති වුනාට මිනිස්සුන්ගෙ ඔලුව රිදෙනවනෙ..!!
ReplyDeleteකොහොම වුනත් ඔයාලට සුබ රාත්‍රියක්..!!
ඔන්න අදට චුට්ටක්...
ReplyDeleteමගෙ පලමු Programm එක 1983දි, පඩිය රු 700යි (වයස 20දී)
1983-84 දී සිංහල අකුරු/font සියල්ල ඩිසයින් කරා PC brand එකකට
1984-85 සිංහල බසින් වර්ඩ් ප්‍රොසෙසර් එකක් හදන්න ගත් උත්සාහය සාර්ථක විය
1985 දි SLRC එකට අකුරු ටික දෙන්න තිබූ අවස්ථාව මහා පරිමාන ව්‍යාපාරයකින් වැලකුනා. මගේ වර්ඩ් ප්‍රොසෙසර් එකට හොඳ මිලක් ලැබුනත් ලංකාවෙ නිපයුමක් සේ පෙන්වන්න සමාගමක් මැලි වුන නිසා විකුනන්න කැමැති වුනෙ නැහැ.
1986 දී ඔක්කොම පැත්තක දා පවුල් බර කරගහගෙන කාන්තාර තරණය ඇරඹුවා
1986 දී මුලින්ම elecronic mail බාවිතා කරමින් මහා පරිමාණ SQL සිස්ටම්ස් වල
Good Night!
brilliant !
ReplyDeleteමගේ උපකල්පනය හරි නේද ? ඔය තියෙන්නේ රසවත් කතා ඕනතරං.
ගල්මල් අය්යේ, මෙහි පිදුමට අප භාෂාවේ සොඳුරු වදන් යොදාගත් බව නම් ඇත්තයි.. එහෙත් ඉන් ඒ වදන්වලට අගෞරවයක් වන්නේ නෑ.. ඒ වදන් ඇත්තේ පිදිය යුත්තන් පිදීම සඳහා ම බැවින්..
ReplyDeleteයොවුන් පෙම මා ලඝු කොට තැකුවේ නෑ.. එහෙත් එහි සුන්දරත්වය මෙන් ම විරහව ද බ්ලොග් අවකාශයේ ප්‍රමාණවත් තරම් කතා කරන බවයි මගේ හැඟීම... ඒනිසා ලොව පවතින අනෙක් බැඳීම් ගැන මෙහි කතා කිරීම ට මා කැමතියි..
ඔබේ පැතුමට මම ද මුළු හදවතින් ම එක් වෙනවා..
දින ක අප ලංකාවෙදී සෙනෙහසින් හමුවේවා..!!
යෝගි,
ReplyDeleteයුද පිටියේ මට රැඳී සිටිය හැක්කේ ඉතාම ස්වල්ප වෙලාවක් පමණයි..
ඉන් එහා.. මගේ සිත හඬා වැටීම අරඹනවා..(එහෙත් ඒ සංවේදි සිතට මා කැමති බැවින් ඉන් මා නැවත යුද වැදීම නවතා ලන්නෙවත් ඔබ යුද වැදීම නවතා ලන්නෙවත් නෑ...:) රිදවුමේ දුක දැනෙන සිතකට සැනසුමේ සුවයද ඉතා තදින් ම විඳිය හැකි බැවින්.. )
ඔබ කරදර විඳිමින් යුද පිටියට වැදී program කවි කිරීම වෙනුවෙන් නිසි ඇගයීම සුදුසු මොහොතේ ගෞරවනීය ව මා ලබා දෙනවා.. බලා හිඳින්න...
මේ ආදරණීය සංසාරික බැම්ම ගැන සටහන ඔබ අතින් ලිය වෙන තුරු මා ද බලා සිටිනවා..
මම මොනවා කියන්නද මගේ අනිත් භාගේ කිව යුතු සියල්ලම කියලා තියෙද්දි.....
ReplyDeleteසංවේදී සටහනක් අක්කේ.... මේ ලෙංගතුකම්, සහෝදරකම්, හදවතට එක් කරන්නෙ පුදුමාකාර සැහැල්ලුවක්...... අක්කත් ඒ සැහැල්ලුව සතුට අත්විඳින බව මේ සටහනින් මොනවට පැහැදිලි කරල තියෙනවා....
සමාවෙන්න අක්කේ ප්‍රමාද වුනාට එන්න....
ඔව් නංගි...
ReplyDeleteලතැවුල්, සැනසුම්, සියල්ලන්ගේම කාලය කා දැමීම් මේ සියල්ල අතරින් ගලා යන මේ ලෙංගතුකම්, සහෝදරකම් මම හුඟක් සතුටින් ම අත් විඳිනව..
ප්‍රමාද වුනාට කමක් නෑ නංගො..