
ලෝකය දියුණු කළේ
විප්ලවකාරී මිනිසුන් විසින්
යැයි මම සිතමි..
එහෙත්....
ලෝකය සුන්දර කළේ නම්
සොබාදම හා සංවේදී මිනිසුන්
විසින් යැයි
මා ඉඳුරා දනිමි..
අදහමි..
http://radio-weblogs.com/
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
හරවත් සිතුවිල්ලක්, ලස්සනයි.
ReplyDeleteඑය අවිහිංසාත්මක විප්ලවයක් විය යුතුය.
අපූරු සිතිවිල්ලක් සිස්
ReplyDeleteබිඳෙනු නොදී මේ බුබුල ද රැකගනු ඇත...
ReplyDeleteඑක්විය යුතු නොවේද මේ දෙපිරිසම එකට..
ReplyDeleteතනන්නට සුන්දර ලොවක් හෙට දිනට ..
එක පින්තූරයක් දිහා බලලා කොපමන දෙනෙකුට කොපමණ දේ සිතිය හැකිද ?
අපූරු අදහසක් චේජනා ...
-ජය
ගල්මල්-Coral, දිල්,
ReplyDeleteස්තුතියි
තිස්ස අය්යෙ, වීදුරුවලින් හදපු වගේද?
යෝගි, මේ දෙපිරිසම එකතු වුනොත් නම් සුන්දර ලොකයක් තැනේවි...
විනාශකාරී දියුණුවක් නැතිව...
අනිවාර්යෙන් . . .
ReplyDeleteඒක නම් එහෙම්ම තමයි නගේ මාත් එකඟයි ඔයා එක්ක . . .
අක්ක ඉර තියන්නෙ පොලවට උණුසුම් කරන්න..
ReplyDeleteහද තියන්නෙ සිතල කරන්න..
දෙකම එකතු වෙලා නෙද ලස්සන වෙන්නෙ මෙතන..
ඔයාගේ සිතිවිලි මට මතක් කලේ මාරි කියුරි හා බ්‍රටෝල් බ්‍රෙශ්ට්.
ReplyDeleteඒත් ඉතින් මේ බිංදුව මට මතක් කරන්නේ රසදියනේ.
ඒකමයි මම නිහඬව මේ තරම් වෙලා බලාගෙන හිටියේ.
දුකා අය්යෙ, ඔයත් එකඟයි කියන්නෙ මම හරි...
ReplyDeleteඔව් රවා, කඳුල, සිනාව දෙක එකතු වෙලා ජීවිතේ ලස්සන කරනව වගේ තමයි..සිනාව සුන්දර වෙන්න කඳුල විඳල තියෙන්නම ඕනේ...
නිමන්ති, ඔයා ගොඩක් සැරයක් ආව බව මම දැක්ක..
ඔය පින්තූරෙ දැම්මෙ ඇයි කියලත් මම ලියන්නම් කො..
සිතිවිලි කියන්නෙ හරියට බුබුලක් වගේ ඇති නැති වෙලා යන දේවල් නෙ..ඒත් මේ සිතිවිල්ල අර පින්තූරෙ තියෙන බුබුල වගේ නොබිඳි මගේ හිතේ තියෙනව.. ඒකයි මම ඒ බුබුල මේකට පින්තූරෙ විදියට දැම්මෙ..
මාරි කියුරි යි බ්‍රටෝල් බ්‍රෙශ්ට් යි ඔයාට මතක් වෙන එක නම් සාධාරනයි නෙ ඉතින්..
ඒත්... මට ඔයා කිව් එක ඇහුවම විප්ලවකාරී ස්ටිව් බිකෝ අමරණීය කළ සොඳුරු මිනිසා ඩොනල්ඩ් වුඩ්ස් මතක් වුනා...
ඉහත කී දෙදෙනාවම අපි හදවත් තුළ ජීවත් කරවන්න පුලුවන්නම්..
ReplyDeleteඅදහස නියමයි අක්කේ.
ඇත්ත අක්කෙ..... මේ දෙගොල්ලොම එකතු වුනා නම් ලෝකෙ වෙනස් තැනක් වෙන්න ඉඩ තිබුණා........හොඳ සිතුවිල්ලක් අක්කෙ......
ReplyDeleteදෙන්නම එක සැරේට ඇවිත්..
ReplyDeleteඅපි බලමු සංවේදීත්වය හා විප්ලවකාරී බව එකට අපේ හිත්වල ජීවත් කරවන්න...
ඔහ් :-) චේජනා ඔයා පොතම මට කියලා ලියවන්නයි ඒ හදන්නේ.
ReplyDeleteමට කට පාඩම් හරිය ඔන්න ලියනවා.
රැකියාව යලි ලැබීමෙන් පසු ටකර් කිව්වේ බිකෝ ගේ මරණය වැළැක්වීමට නොහැකිවීම ගැන තමා දැන් පසුතැවිලි වන බවය.
ඔහු පසු තැවිලි වීම ගැන තමා සතුටුවන බව වුඩ්ස් කීවේය.
බිකෝගේ වැන්දඹු බිරිද එන්ට්සිකි කීවේ ටකර්ට යළි රැකියාව ලැබුනත් නැතත් බිකෝ යළි නො එන බවය.
ඊලඟට ඉතින් මැම්පිලා රම්පීල් ect...!!!??
ටිකක් පොඩි කාලෙ කියෙව්ව පොතක් ඕක... ඒත් මට තාමත් මතකයි..ස්ටිව් බිකෝ මගේ හිතේ තාම ජීවත් වෙනව.. ආයෙ මම 7 පන්තියෙ විතර ඉන්න කාලෙ වගේ පත්තර පිටුවක "ස්ටිව් බිකෝ අමරණීය කළ ඩොනල්ඩ් වුඩ්ස් මියයයි" කියල තිබුනු title එකකුත් මේ දැන් දකිනව වගේ මතක් කරගන්න පුළුවන්...
ReplyDeleteනංගි - ලෝකය දියුණු කරේ සාමාන්‍ය මිනිසුන්ය. විප්ලවකාරී මිනිසුන් ඔවුනගේ දුක් කඳුලු පාවිච්චි කරන්නෝය. ඒත් ලෝකය සුන්දර කරන මිනිසුන් ගැන මගෙන් විවාදයක් නැත. නිදහසේ හිතන්න ශ්‍රේෂ්ඨ මිනිසුන්වුවත් ඔවුන්වත් මදකට අමතක කරන්න, එත්කොට අලුත් ශ්‍රේෂ්ඨ මිනිසුන් පරම්පරාවක් හැදේවි.
ReplyDeleteඅය්යෙ, මම මෙතන්දි විප්ලවකාරී මිනිසුන් ලෙස අදහස් කළේ විප්ලවකාරී ලෙස සිතීමෙන් නව සොයා ගැනීම් කළ මිනිසුන්ය...
ReplyDeleteඔබේ විමසුමට නම් බොහෝ ස්තුතියි..