ජපානයේ වසන්තය කිව්වම ජපානය ගැන යන්තමින්වත් දන්න කෙනෙකුට සකුරා මල් මතක් වෙන්න තරම් ප්‍රසිද්ධියක් සකුරා මල් පිපෙන ජපන් වසන්තය ට තියෙනව..ඒත් ඒ සකුරා මල් පිපෙන ජපන් වසන්තය ඇති වෙන්නෙ ජපන් ජාතිකයන්ගේ සැලකිලිමත් බවින් හා පිළිවෙලින් මිස සකුරා මලින් නෙවෙයි කිව්වොත්...
ඒකට එකඟ වෙන අය වගෙම නොවෙන අයත් ඉඳීවි... ඉතින් මට හිතෙන විදියට ජපන් වසන්තය බිහිවෙන්නෙ එහෙම තමයි...
සකුරා මල ලංකාවෙ පිපෙන සාමාන්‍ය පෙති පහේ මලක්මයි.. ඇසළ ගස්වල වගෙම ගහ පුරා ම මල් පිපෙනව... සුන්දරත්වය බිහිවෙන්නෙ ගං ඉවුරු, මංමාවත් අද්දර පේලියට පිළිවෙලට වවපු නිමා නොවෙන සකුරා ගස් බොහෝමයක සුන්දරත්වය එකට කැටි වෙන නිසා...
මේ Kudanshita, ගං ඉවුරෙ පිපෙන සකුරා මල් පෙති ගං දිය සිප ගනිද්දි ගං දිය මත ඔරු පදින ජපන් පෙම්වතුන් සමගින්..
ඒ වගෙම අදට වඩා හෙට නෙතින් දැකිය හැකි තරම් වෙනසක් පල කරන ගස්වල දලු ලෑමත් ජපන් වසන්තයෙ සුන්දරත්වයෙම කොටසක් තමයි..
වසන්තය සුන්දර කර ගැනීම සඳහා ජපන් ජාතිකයනුත් වෙහෙසෙනව... වසන්තය එද්දි දුම්රිය පොළවල, තවත් පොදු ස්ථානවල ටියුලිප් මල් ගස්, ඩැෆඩිල් මල් ගස් ඉන්දනව..
සකුරා මල් පිපෙන ජපන් වසන්තයෙ සුන්දරත්වය අතරෙ තවත් මල් ගොඩක සුන්දරත්වය සැඟවෙනව..
සකුරා මල ම පමණක්
දනන් නෙත් සිත් පැහැර ගත්ත ද
මේ ඔබ දකින්නේත්
ඒ හා සමාන
හෝ ඊටත් වඩා
උග්‍ර අරගලයක්
සිසිරය සමග දියත් කර
ජයගෙන
වසන්තයේදී
ජීවත් වීමට වෙරදරන
සිය පැවැත්ම සඳහා
වූ විශ්වීය (විශ්ව සාධාරණ) අරගලයෙන්
බිඳක් මයි..
ඉතින් මා දුටු ජපන් වසන්තයෙ සොඳුරු සේයා රූ කීපයත් එක්ක ම ඇවිත් විඳින්න..... ජපන් වසන්තය...
ජපානය කියන්නෙ ලස්සන රටක්. සොබා සෞන්දර්‍යය වගේම මිනිස්සුත්. ආසියාතික රටක් විදිහට පුංචි සතුටකුත් දැනෙනවා. ඉස්සර රූපවාහිනියේ ගිය "ඔෂින්" කතාවට මම තාමත් හරි ආසයි. නමුත් ඒ අයට තිබුනු බුදු දහමින් හික්මුණු සංස්කෘතියනම් දැන් හොදටම පිරිහෙනවා වගේ. ඒ ගැන නම් ටිකක් විතර දුකයි...
ReplyDeleteබොහෝ වටිනා ඉදිරිපත් කිරීමක්.
ReplyDelete"...
ජයගෙන
වසන්තයේදී
ජීවත් වීමට වෙරදරන.."
හදපත්ලෙන් නැගි ඔබේ පද පේලිය සකුරා මලට වඩා පියකරුයි නංගී. ජය!
ඔව්.. සොඳුරු ජපානය තරමක් දුරට ඇමරිකානු ආභාෂය හඹා යනව දෝ කියල හිතෙන වෙලාවලුත් එනව..විශේෂයෙන්ම ජපන් යොවුන් පරපුර දකිද්දි, ඒත් තාමත් ඔවුන් සතු අනන්‍යතාවය මතුපිට නැතත් ඔවුන් තුළ තියෙනව කියල මම හිතනව...මින්දද
ReplyDeleteඅය්යෙ,
ඇත්තටම ඒ හැඟීම ආවෙ හිත පතුලෙන්ම තමයි.. සකුරා ගස් ළඟම පයිනස් ගහක ඔය මල පිපිල තිබුන..කාගෙවත් සැලකිල්ලට ලක් නොවී...
ඒත් සකුරා ගස්වල ඉපල් විතරක් රැඳුනු මුළු ශීත ඍතුවෙම කොළ පාටක් තිබුනෙ ඔය ගහේ විතරයි..
මට ඒ ගහ ගැන ඇත්තටම දුක හිතුන..
පැදි පෙලත් නියමයි . . .
ReplyDeleteපින්තූර ටිකත් අපූරුයි.
මම කිව්වේ . . .
ඔයා නොරිකෝ හරහා අපේ හිත වල ඇඳුනු කටු සටහනට පාට පුරවනවා මේ විස්තර කතනයන් හා පින්තූර සමඟින් . ..
ජය වේවා . . . !
හරිම ලස්සන පින්තූර ටිකක් චේජනා....ඔයා කිව්ව වගේ සකුරා මල් මොනතරම් ලස්සන උනත් ඒ ලස්සන වඩා සුන්දරව දකින්න පුළුවන් විදියට ජපන් ජාතිකයින් විසින් රටාවකට වවා තිබීමත් වැදගත් තමා...
ReplyDeleteමම හිතන විදියට හැමදෙයකටම පිළිවෙලක් තැබීම ජපන් ජාතිකයින් අතර තිබෙන හොඳ ගුණාංගයක් නිසා ජපන් රට සුන්දරව දකින්න අපිට පුළුවනි....
මේ වගේම සුන්දර පරිසරයක් අපටත් උරුමයි නේද ? නුවර එළිය නොහොත් පුංචි එංගලන්තයේ මේ දිනවලදී දකින්න ලැබෙන්නෙත් මේ වගේම මලින් පිරුන පරිසරයක්
දුකා අය්යෙ, මම දකින දේ මට පුළුවන් උපරිමයෙන් මම ලියනව....
ReplyDeleteකියවන ඔයාල තමයි ඒක වැඩි දියුනු කලෙත්..
ඔව් දිල්, මේ වෙලාවෙ මම දකින්නෙ ජපානෙ නිසා ජපානය ගැන ලියවුනාට නුවර එලියෙ සීතලත් දරාගන්න බැරිව වෙව්ල වෙව්ල ඉඳපු දවස් මතකයෙ සුන්දර ව රැඳිල තියෙනව..ග්‍රෙගරි වැවේ පිපෙන කහ පාට ඕලු මල් වගෙම ලිඳුල ට ත් එහා "ඇල්ජින්" කියන හරියෙ මහවැලි ගඟේ පුංචි අත්තක් ගලා යන මිටියාවතක හඳ පායපු රැයක දසුන මුළු ජපානෙටම වඩා සුන්දර විදියට මගේ හිතේ ජීවත් වෙනව..සේයා රූ නෑ ළඟ.. ඒත් හිත පතුලෙ ගල් කැටයමක් වගේ රැඳිල...
සුන්දරත්වය ඉස්මතු වෙන්නේ ඒක හරියට හදුනාගෙන ඒකට හිමි තැන දුන්නොත් විතරයි..... ඒ නිසයි සකුරා වසන්තය අපේ හිත් වල රැව්දෙන්නේ.... මිනිස්සුත් ඔය වගේමයි නේද? අපි හැමෝම ලඟ සුන්දරත්වයක් තියෙනවා.... ඒක ඉස්මතු වෙන්නේ අපි ජීවිතේ පිලිවෙලට යහපත් අරමුණකින් ගොඩ නැඟුවොත් විතරයි........
ReplyDeleteසමනලී, ඔයා ගොඩක් දුර හිතල මම ලියපු වචන කීපයෙන්..
ReplyDelete(මෙච්චර දෙයක් හිතපු ඔයා දැන් ලොකු ළමයෙක් කෙල්ලෙ..
"පුංචි" අයින් කරන්න දැන්..)
චේජනා නංගී... Kudu Nishantha ගේ මූණ හරියට පේන්නේ නෑනේ... පින්තූරය පුංචි හින්දා...
ReplyDeleteපින්තූරෙ උඩ click කරාම පින්තූරෙ ලොකු වෙනව...අය්යෙ ;)
ReplyDeleteහරිම ලස්සනයි..
ReplyDeleteසැඟවෙන සුන්දරත්වය දකින්නත් හොඳ ඇහැක් තියෙන්න ඕනෙ අක්කෙ. නැත්නම් ජීවිතේ අපේ ගමන නිකන් යන්නන් වාලෙ යාමක් බවට පත් වෙනවා. අක්කාගෙ අවසාන ඡායාරූපයට මම හුගක්ම කැමති ඒ නිසයි.
ReplyDeleteපැදිපෙළත් අපූරුයි.
ස්තූතියි මේ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට.
සුන්දරයි රූප පෙළ, ලිපිය......ඒ ඔක්කොටොම වඩා සකුරා මල් අතරේ පයිනස් මලක් දකින ඔයාගේ ඇස් සුන්දරයි කියල මට හිතෙන්නෙ...
ReplyDeleteහැමෝම හැමදාම දකින සුන්දරත්වයට එහා ගිය දෙයක් අක්ක දැකල තියෙනවා....ඒ නිසාම මේ සටහන විශේෂයි.......ස්තුතියි අක්කෙ අපූරු කවි පද වගෙම සුන්දර ජපානයේ තතු අපි එක්ක බෙදා ගන්නවට......පින්තූර ටිකයි පද පෙලයි ලස්සනයි අක්කෙ......
ReplyDeleteනයා, බොහෝමත් ම ස්තුතියි..
ReplyDeleteනලින් මල්ලි, චමිල මල්ලි, විශ්මි නංගි,
මෙච්චර ලස්සන මල් ගොඩක පින්තූර අතරෙ ඒ පයිනස් මල දැකල මම ඒක එකතු කරල ලියල තිබ්බ සටහන ඔයාලගෙ සංවේදී සිත් ඇතුලට ම ගිහින්...ඉතින් මගේ සටහන සාර්තකයි වගෙම....සංවේදි සිතකින් ඒ දිහා බලල මොහොතක් නැවතිල ඒක විඳල ගිය ඔයාලගෙ හිත් හුඟක් සුන්දරයි..