Friday, April 30, 2010

අනාගතයේ දවසක්...


සියල්ල දවා හළු කරන ගිනිගත් හිරු ද, ඊට ම ඔබින ගිනිගත් දුහුවිලි සුළඟ ද කිසිදු සහනයක් නොගෙනේ...

ගස් කොලං අතීතයට එක් වූවේ කවදාදැයි මට මතක නැත...

හිරු එළියේ පහස මෙන් ම ...මුහුදු රළ පහස ද ඒ ලෙසම අහිමි විය...

....................................................................................

මට ඉවසා ගත නොහැකි තනිකම ක් දැනේ...වචනයක් දෙඩීමටවත් කිසිවෙක් නැත....

ස්වාධීනත්වය සොයා ගිය තාරුණ්‍යයෙන් මත් ව සිටි මා සුපිරි තනි නිවහනක ට පැමිනි දා තිබූ සතුට අද සී සී කඩ විසිරී ගොසිනි...

...................................................................................

ගහක් කොලක් පේන මානයක නැත...

උස් ව නැගි නානාවිධ මාදිලියේ කොන්ක්‍රීට් කණු හා ගොඩනැගිලි පමණක් ම නෙත ගැටේ...

මා ද මේ ගණන නොදන්නා මහල් නිවෙස් සංකීර්ණයේ එක් මනුෂ්‍ය ප්‍රාණියෙක් පමණක් ම වේ...

...................................................................................

එකම සිතුවිලි සමුදාය මා සිත තුළ ඇතිවී නැතිවී යයි...

.....................................................................................

මරණය කෙතරම් සොඳුරු අපේක්ෂාවක් දැයි මට දැන් සිතේ..

හහ් හහ් හා..

මරණය....

මරණය...

නැත...

මා අමරණීයත්වය සොයා ගෙන ලොවෙන් ම පිදුම් ලද වසර දෙසීයක් ආයු වැළඳූ තවත් නොදන්නා කාලයක ජීවිත අපේක්ෂා ඇති ගෞරවනීය විද්‍යාඥයා වෙමි...

......................................................................

35 comments:

  1. අදත් පුංචි උත්සාහයක්...
    සිතුවිලි ගොනු කිරීමකට..

    ReplyDelete
  2. අමරණීය කියන්නේ කරුමයක්...

    ReplyDelete
  3. ඔයාගේ බ්ලොග් එකේ වෙලාව හරිද..?

    ReplyDelete
  4. ජපානෙ වෙලාව අය්යෙ..

    ReplyDelete
  5. අවසාන කොටස කියවුවට පස්සෙ තමයි කතාව නියමාකාරයෙන්ම වැටහුනේ. නියමයි.

    මගේ හිතේත් තිබුණ නමුත් කිසිදා අකුරු කරන්නට බැරිවූ සිතුවිල්ලක් අක්කා ලස්සනට පෙළගස්වල තියනව.

    ජීවිතේ එක අතකින් හරිම ඒකාකාරීයි. හැමදාම කනව බොනව දත්මදිනව නිදාගන්නව.පොඩි කාලෙනම් දත් මදිද්දි ටූත්පේස්ට් ටිකක් කනව. බිස්කට් එකේ ක්‍රීම් හරිය මුලින් කනව.ඊට පස්සෙ නම තියන හරිය කනව.පොඩි කාලෙන් පස්සෙ ඉහත කී දේවල් වලින් ලබන විනෝදය ටිකෙන් ටික අඩුවෙලා වයස් ගත වෙද්දි අපි සම්පූර්ණයෙන්ම ඒ දේවල් යාන්ත්‍රිකව කරන්න හුරු වෙනව.

    ඒ අතරතුර විඳින සහ විඳින්න ඉඩ සලස්සගන්නා දේවල් සමුදායක් තුලින් තමයි අපි ජීවිතේ ඉදිරියට ගෙනියන්න පාර කපාගන්නෙ. අලුතින් එක්වෙන දේවල් කාලෙකින් සාමාන්‍ය දේ බවට පත්වෙනව. අපි අලුත් දේවල් හිතන්නෙ මවා‍ගන්නෙ නෑ.අලුතින් දකින්න විඳින්න ෙදයක් නෑ.

    ඉතින් සදාකාලික ජීවිතයක් කියන්නෙ මහා වධයක් වෙන්න පුලුවන්.

    ReplyDelete
  6. අමරණීය කියන්නෙ කරුමයක්.. අනික මාරයට job එක නැති වෙනව නෙ..;-)

    ReplyDelete
  7. අමරණීය වෙන්න අපිට හැකි වුණොත් ‍මේ ලෝකෙ ජීවිතය අපායක් වෙනව අනිවාර්යයෙන්ම.
    ඔයා හරි....

    ReplyDelete
  8. අමරණීය වෙන එක නම් මෝඩ වැඩක්..... ජීවිතයට ඕනා කරන කාලය ස්වභාවිකව අපිට ලැබිලා තියෙන්නේ, ඊට වඩා මොකටද?

    ReplyDelete
  9. චේජනා අක්කේ අදත් ආවා ඔයාගේ පිටුව කියවලා යන්න.ඔයා කියන්න හදලා තියෙන්නනෙ මොකක්ද කියලානම් මට තේරෙන්නේ නෑ අක්කා.ඒත් හැමදාම වගේ අදත් ආවා ඔයාව බලන්න.මට තේරුනේ නෑ කිව්වට අක්කා තරහා නෑ නේ.මං හෙමින් හෙමින් මේ දේවල් තෙරුම් ගන්න උත්සහ කරනවා.

    ReplyDelete
  10. ඇත්තටම චේජනා කියන දේ හරි..අමරණියත්වය කියන්නෙ කරුමයක්...මරනය කියන්නෙ ජීවිතයට ලැබිය යුතු දෙයක් කියලයි මම හිතන්නේ...පැවැත්මක් සදහාත්....නව ජීවිත සදහාත් මරනය ඕනෙමයි...

    මොනයම් දෙයක හරි සීමාවක් අවශ්‍යයමයි...සීමාරහිත කිසිම දෙයක් කරුමයක් වෙනවා...

    උත්සාහය අපූරුයි චේජනා...දවසින් දවස ඔයාගේ ලිවීමේ හැකියාව වර්ධණය වෙනවා කියලා දැනෙන්නේ නැද්ද ?
    මගෙන් සුබ පැතුම් ඔයාට.....

    ReplyDelete
  11. Raven ට පි‍ටුපසින් ටූත් පේස්ට් , බිස්කට් ක්‍රීම් කකා ඇවිදිමි....

    ReplyDelete
  12. අමරණීය උනොත් තවත් කොයි තරම් දුක් විදින්න වෙයි එක දිගටම මැරි මැරී උපදින එක හොඳ යි. අඩුම ගානේ පහුගිය ආත්ම වල විදින්න උන දුක් වත් අමතකයිනෙ ..
    ඔයා හරි....!චේජනා...
    අනිවාර්යයෙන්ම.

    ReplyDelete
  13. Raven මල්ලි,
    ජීවිතේ මේ විදියට විඳගන්න පුළුවන් ඒක සදාකාලික නැති බව අපි දන්න නිසා කියලමයි මම ත් හිතන්නෙ....
    සිතුම් පැතුම් උනත් ඉ‍ටු වුනාම සතු‍ටු ඉ‍ටු නොවීමේ ඉඩ කඩක් තියෙන බව අපි දන්න නිසානෙ...
    අපේ සියලුම සිතුම් පැතුම් ඉ‍ටුවන සදාකාලික ජීවිතයක් කිසිම go එකක් නැති දෙයක් වේවි..
    (මේක ලියන්න මම කියවපු විවිධ දේ හේතු වුනා.. ඔය විද්‍යා ප්‍රබන්ධවල එහෙම...)

    ReplyDelete
  14. 'outsider' , සමනලී...

    අමරණීය නොවෙන තුරු විතරයි මේ ජීවිතේ සුන්දර....
    මැරෙන්නෙ නෑ කියල දැනගෙන අසීමාන්තික කාලයක් හැම දේටම ලැබුනොත් අපිට පිස්සු වැටෙයි..මට හිතෙන්නෙ එහෙමයි..ඔයාලට වගෙම..
    අනික මට ඉස්සර ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි අමරණීය මිනිස්සුන්ට මරණීය තුවාල එහෙම උනොත් නොමැරෙන නිසා පුදුම විඳවීමක් නෙ විඳින්න වෙන්නෙ...

    ReplyDelete
  15. 'මම' නංගි,
    මම මෙතනින් කියන්න හැදුවෙ පුංචි කරුණු කීපයක්..

    එකක් තමයි අපිට කළකිරීමක් හිතට ආවම ඒක නොනැවතීම හිතෙන බව..
    දෙක.... අපිට නොලැබෙන දේවල් නැති දේවල්වලට ම නෙ ආස හිතෙන්නෙ..කතාවෙ මම කියන විද්‍යාඥයට වගෙ, එයාට සුපිරි ජීවිතයක් තියෙනව.. ඒත ආස එලිමහනෙ ඇවිදින්න යන්න..හරිම පුංචි දේකට.....
    තුන...මට හිතෙනව අනිත් ඔක්කොම පර්යේශණ තමන්ට හැර අනෙක් සතෙකුට හරි වෙන මනුස්සයෙකුට හරි කරන විද්‍යාඥයො අමරණීයත්වය හොයා ගත්ත දවසක ඒක නම් ඉස්සෙල්ලම තමන් අත් හදා බලයි කියල...
    දැන් ආයෙ කියවල බලන්නකො.. තේරෙනව ද කියල..

    (අනික ඔයාට තේරුනෙ නෑ කිව්ව ට මම පොඩ්ඩක් වත් තරහ නෑ, මම ආස ඔයා ඇත්තම කියනවට..)

    ReplyDelete
  16. දිල්,
    මම ඉස්සෙල්ලත් කිව්ව වගෙ අසීමාන්තික කාලයක් ලැබුනොත් ජීවත් වෙන්න, අපිට පිස්සු හැදෙයි.. :-)
    ස්තුතියි දිල් සුබ පැතුමට... කොහොමටත් මෙහෙම ලියද්දි ලිවීම වැඩි දියුනු වෙනව මොකද කියවන අය හිතෙන දේ ලියනව නෙ එවෙලෙම...

    ReplyDelete
  17. ඔයා Raven පස්සෙන් ම ඇවිද ඇවිද ඉන්න අය්යෙ, මේ දවස්වල ඔයා ගහපු මඩ ප්‍රමාණෙ හැටියට ඒක පරෙස්සමට හොඳයි..

    ReplyDelete
  18. නිමන්ති අක්කෙ,
    ඔයා අලුත්ම point එකක් මතක් කළා මට..
    මැරි මැරි උපදින කොට වෙනසක්වත් තියෙනව නෙ..

    ReplyDelete
  19. මම කැමතියි මම අමරණීය වෙනවට වඩා මගේ ජීවිට්තේ වටිනම කිහිපදෙනෙක්ව අමරණීය කරන්න පුළුවන්නම්...

    ReplyDelete
  20. නයා, කවුරු අමරණීය කළත් අන්තිමේදි එයාලට ඔය අත්දැකීම විඳින්න වෙයි..මුලදි ටික දවසක් ඕනෙ නම් ආස හිතෙයි... පස්සෙ එපාම වෙයි..

    ඒ නිසා ඔයා ආදරේ කරන අයව ඔයාගෙ හිත ඇතුලෙ අමරණීය කරගන්න..
    මට හිතෙන්නෙ එහෙමයි...

    ReplyDelete
  21. හපොයි මේ වගේ දෙයක් ගැන නං හිතන්නවක් කැමති නෑ මං.අර මාරයා කියන්නා වගේ අමරණීයත්වය නං කරුමයක්.

    මේ පැත්තෙ එන්නම බැරි උනා චේජනා! මේකට කමෙන්ට් කරලා පහුගිය ඒවා කියවන්න වෙයි වගේ.

    ReplyDelete
  22. මාරය නම් ඒ කිව්වෙ job එක නැතිවෙයි කියල බයේ..
    අනිත්වත් ඉඩ තියෙන විදියට හෙමින් කියවන්නකො බුද්ධි..

    ඔයාට සුබගමන්... පරෙස්සමින් ගිහින් එන්නකො ආයෙ මේ පැත්තෙ ත්..

    ReplyDelete
  23. මරණය සුන්දරයි කියල කියන්න හිතෙන්නේ මරණයත් එක්කම ජීවිතයේ විඳීම් බැඳිලා තියෙන නිසා නේද අක්කේ..... ජීවිතේ තුල අපි විඳින යම් යම් දේවල් අපි මහ ලෝභකමකින් හදවතින්ම විඳින්න පුරුදු වෙලා තියෙන්නේ මේ හැමදේටම අවසානයක් තියෙන බව අපේ හිත් වල අවිඥාණිකව තැන්පත් වෙලා තියෙන නිසා කියල හිතෙනවා.... හොඳ සිතුවිල්ලක් අක්කේ..... ලස්සන පෙලගැසීමක්.......

    ReplyDelete
  24. ලස්සන සිතුවිල්ලක්.. අනාගතයේ සිදු විය හැකියැයි සිතිය හැකි දෙයක්. ඒත් මිනිසාට අමරණීය තත්වය ලබාගත හැකිවෙදැයි මට විශ්වාස නැත. නමුත් ආයු කාලය වැඩි කර ගන්නට හැකි විය හැක. සොබාවදර්මය හැටියට සියලු දේ නැසේ. සොබාවදර්මය නැති වු කළ මිහිමත ජීවියකු සිටිය හැකිද?
    චේජනා මම බ්ලොග් වලට අලුත් කෙනෙක්. මේ මගේ සිතට දැනෙන දේයි කිව්වේ. ඔබට ජය!

    ReplyDelete
  25. නංගි, මල්ලිට කියපු දේම තමා ඔයාටත්..
    අහිමි වීමේ අවදානමක් නැත් නම් ලැබෙන කිසිම දෙයක් ලැබුන කියල වටිනාකමකුත් නෑ..

    සිතට දැනෙන දේ..
    ඔයා හරි ... බොහෝවිට මේ සිරුර තුළ නම් අමරණීයත්වය ලබන්න මිනිසාට බැරි වෙයි.. ඒත් අසීමිත ආශා ඇති මිනිස්සු සම්හරවිට එකක ලබාගනියිත්.. අනේ මන්දා..ඒ කෙසේවෙතත් ලැබුනොත් නම් ටිකකලකින් මැරෙන්න හිතෙයි... :)

    ReplyDelete
  26. චේජනා මගෙ අක්කේ....
    හරි ඔයාගෙ පැහැදිලි කිරිමත් එක්ක අයෙත් මං කියෙව්වා.අක්කේ මට හිතෙන්නේ මං ඊයේ මේකකියෙව්වත් අන්තිම හරියට එද්දී මගෙ අවධානය අඩු වෙලා කියලා.නැත්තම් ඔයා අවසාන කොටසෙදි මේක මෙච්චර පැහැදිලිව කියලා තියෙද්දීත්,

    "මා අමරණීයත්වය සොයා ගෙන ලොවෙන් ම පිදුම් ලද වසර දෙසීයක් ආයු වැළඳූ තවත් නොදන්නා කාලයක ජීවිත අපේක්ෂා ඇති ගෞරවනීය විද්‍යාඥයා වෙමි..." මට තේරුම් නොයන්න විදිහක් නෑ.ඇත්තටම එලෙස නොසැලකිලිමත් වීම ගැන මට සමාවෙන්න අක්කේ...

    ReplyDelete
  27. කමක් නෑ නංගි,
    ඔයාගෙ අවදානය මැදදි නැති වුනා නම් එක ලියවීමෙ වරදක්..
    ඔයාගෙ වරදක් නෙවෙයි..
    කියවන කෙනා "මේ මොකක්ද කියන්නෙ " කියල ඇති කරගන්න කුතුහලය මට රඳවාගන්න බැරි වෙලා..
    ආසාවටයි පුරුදු වෙන්නයි නෙ ලියන්නෙ නංගි..ඒ වගේ දේවල් වෙනව.. අනික මම ආස කෙටියෙන් ලියන්න... කියවන කෙනාට හිතාගන්න ඇරල තමන් ආස විදියට..
    ඔයාට ගොඩක් ස්තුතියි නංගි, ආපහු ඇවිත් මම ලියල තිබ්බ පැහැදිලි කිරීම කියවල ආයෙ කතාවත් කියවල ආයෙම මට ලියලත් යන්න තරම් වෙලාව ගත්තට..
    මම වෙනුවෙන්..

    ReplyDelete
  28. අයියෝ අක්කේ මගෙ අවධානය අඩු උනේ ඔයාගේ ලිපියේ අඩු පාඩුවකින්නම් නෙවෙයි ඔන්න.අපේ ගෙදර ඉන්න පුංචි පෝරි සාදී හැමවෙලේම මොකක් හරි ප්‍රශ්නයක් අරන් එනවා චූටී නැන්දේ ගා ගෙන.ඒ හින්දයි එහෙම උනා නම් වෙන්න ඇත්තේ...නැත්තම් ඉතින් ඒක තෙරුම් ගන්න තරම් බුද්දියක් මට නැති නිසාත් වෙන්න පුලුව නේ(හික් හික්)
    හිනා වෙන්න කෝ....

    ReplyDelete
  29. මෙ නිර්මාණය කියවූ විට මගේ මතකයට ආවේ කෙලවරක් නැතිව කරන අත් හදාබැලීම් ගැන. Bio-tech සම්බන්දව කරන එවන් පරීක්ෂණයක එක් පුංචි අත්වැරදීමක් මොනතරම් නම් භයානක ප්‍රථිඵල ගෙන දෙන්න පුලුවනිද?

    මෑතකදී කියවූ ලිපියක සඳහන් වුනා ජපන් ජාතික ජීව විද්‍යාඥයෙකු ඉන්ක් ජෙට් ප්‍රින්ටර් යොදාගෙන මිනිස් හදවත් සෛල නිපදවන්න කරන උත්සාහයක් ගැන.

    පසුගිය කාලයේ පැතිරුණ සූකර උණ එවන් ලැබ් එකක ඇතිවුනා කියා හිතන්න සාධක ද බොහෝය.

    මෙ නිර්මාණයෙන් කල විමසුම අගේය, සාර්ථක ප්‍රයත්නයක්. ජය.

    (නිර්මාණය කියෙව්වත් සටහනක් ලියගන්න ඉඩක් නොවූ නිසා පමාවිය

    ReplyDelete
  30. ම්..ම්... නංගො, ඔයා චූටි නැන්දෙකුත් වෙලාද..
    නියමයි නෙ...
    මට නංගිලත් නෑ නංගො, ඒ හින්ද ම නංගිල සතුටින් ඉන්නව
    දකින්න මම ආසයි... කොහොමට ත් මම හැම වෙලේම හිනා වෙලා තමයි ඉන්නෙ....
    ඔයාගෙ වචන ඒ හිනාව අලුත් කළා..

    ReplyDelete
  31. ඔව් අය්යෙ, මිනිස්සු කරන ජීව විද්‍යාත්මක පර්යේෂණවල අවසානයෙ ලෝකය කොතන නතර වෙයි ද මන්දා....
    සමහර වෙලාවට අපි ඔක්කොම සහමුලින්ම අතුගෑවිලා යන වෛරසයකිනුත් වේවි..

    මුකුත් ලියන්න නම් පරක්කු වුනාට කමක් නෑ අය්යෙ...අපි ඔක්කොම තවත් කොච්චර වැඩ කරන අතරෙද සතුටින් ඉන්න මේ ලිවීම කරන්නෙ..

    ReplyDelete
  32. නංගී, පුලුවන් වෙලාවක මේ නිර්මාණය බලන්න:

    http://www.elakiri.com/forum/showthread.php?t=654657

    ReplyDelete
  33. අය්යෙ, මම ඒක කියෙව්ව...
    හිතට දැනෙන විදියට ම ලියවිල...අනික ඒ විදියට ඒ බැඳීම ‍රැකුනු බව ලියවුන දේවල් අහද්දි හිත සැනසෙනව... එහෙම නැතිව ඉගෙන ගත්තට පස්සෙ අය්ය අමතක වුන කතාවක් අහන්න වුනා නම් එතන නිර්මාණයෙ සුන්දරත්වය ‍රැකුණත් ඉතිරිවෙන හැඟීම හිත නිවන්නෙ නෑ නෙ...ඒ නිර්මාණයෙත් අග දුක්බර වුනත් ඒක මගෙ හිත නිව්ව..
    මම කියවන්න ආසම වුන නිර්මාණයක් අය්යෙ ඒක..ඒ නිසා...

    අනිත් අතින් ඒක කිය්වද්දි මට මතක් වුනේ මගේ තාත්තා.. මට උගන්නන්න පුදුම කැපකිරීමක් කළ...ඒ විස්තර මම මෙතන ලියන්නෙ නෑ... ලිව්වොත් මගේ තාත්ත ගැන කියන පැටලිලි සහගත ලොකු විස්තරයක් මෙතන ඉතිරි වෙන නිසා....

    ReplyDelete
  34. කොළඹ කන්තෝරුවට
    උඹ ආපු දවසේ
    මගෙ තානාන්තරයට ගරු කරලා
    අවට හිටපු ටයි පටි ලොක්කනගේ
    ලොකු ඇස් ගෙඩි මැද්දේ
    මට 'මහත්තයෝ' කියනකොට
    මම කටපුරා 'අය්යේ' කියල
    ..........................
    මේව සතුටට වැටෙන කඳුලු
    'බුදු මල්ලියේ' කියල...

    ඒ කොටස පුදුම තාත්විකයි.. ඇස් ඉස්සරහ මට පේන තරම්ම...
    ගොඩක් ස්තුතියි අය්යෙ.. මට ලින්ක් එක දුන්නට....

    දෙසරෙකට ලිව්වෙ මම අද ටිකක් busy නිසා...

    ReplyDelete
  35. ඒ නිර්මාණය "කවිපියසේ" ලොකු අය්යාගෙන්. ඉදිරියේදී එවන් නිර්මාණ බ්ලොග් අඩවියක දකින්න පුලුවන් වේවි.

    ඇත්තෙන්ම පදපෙල ඇස් අග තෙත් කලා, ගොඩාක් සමීපබවක් දැණුනා.

    මහමෙරකට වඩා උස පියවරුන් නිසා අද අපි මෙහෙම ඉන්නෙ...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...