
වළා සළු මුදා ලූ
නිල් අහස සොඳුරුයි...
හිරු ද සඳ තරු
ලබයි එහි අබිසෙස්..
වසා අවුරා නිල් ගුවන් තල
කළු වළාකුළු ලබන මුදු ගැරහුම්..
ලිහී ගිලිහෙන කුඩා දිය බිඳු...
දැවුණ ග්‍රහ ලොව
බිහිකළා දිවියක්..
එදා අද හෙට එ තුන් කල්හිම
සදා හරිතව දිලෙන ලොවකට
කළු වළාවක් ලිහී ගිලිහෙන
වැහි බිඳක් වාසනාවන්...
http://bovitz.com/bovitz.com/
ඊයෙ රාත්‍රියේ මිතුරෙකුගේ මුවින් ගිලිහුනු වදන් කිහිපයකින් සිත තුළ පිළිසිඳ ගත් කවි සිතුවිල්ල මෙසේ ලියා තබමි..!
ReplyDeleteඉදින් මේ කුඩා කව පිදුම: මේ සිතිවිල්ල බිහිකළ ඔබටයි..
චෙජනා අක්කා..වැහි බින්දු හැමවිටම වාසනාවන්... නමුත් වඩාත් ම සොඳුරුතම අවස්ථාව තමයි .. එවා වියලි පොළොවකට වැටෙද්දි, වියලි පොළවක් වැහි බින්දු වලින් තෙමෙද්දි එන සුවඳට මම ගොඩක් කැමති.. නමුත් ඔයා කවියෙන් විස්තර කරන තැනට..මමත් ගොඩාක් ආසයි..
ReplyDeleteජලය ජීවයේ උල්පතයැයි කියන්නෙ එනිසාවෙන් නොවෙද...?
ReplyDeleteඅක්ක මේ පැදි පෙළෙන් චිත්‍රණය කරන සිදුවීම අපි හැමෝම දකින, විඳින දෙයක්...
වෙනස... අක්ක ඒ දිහා අළුත් ඇහැකින් බලලා තිබීම...
අපූරුයි අක්කි...
ඕක මේ විදිහට ගන්නත් පුළුවනි නේද ?
ReplyDeleteහොඳක් කරන්න හදන මිනිස්සුන්ට මේ සමාජයෙන් හිමිවෙන්නෙ ගැරහුම විතරයි නේද..?
ඒත් බොරු පූචානම්කාරයින්ට ?
ඇත්ත අක්කෙ... ලෝකෙට වැඩක් කරන මිනිස්සුන්ට ලැබෙන්නෙ නින්දා අපහාස..... ඒත් ඉතින් ගරු නම්බුනාම දිනාගෙන වැජඹෙන අයගෙන් ලෝකෙට ඇති වැඩක් නැහැ......නමුත් බබලන්නේ ඔවුන්..... අපූරුයි අක්කෙ පදපෙල........ හැමදාමත් වගේ අරුත්බරයි.....
ReplyDelete"හැඟුම් විසිර දස අතේ ...
ReplyDeleteලැගුම් සොයයි හදවතේ...
දෑස මුණ ගැසී දෑසට ඉරණම දුටුවා...
වලාකුලක් නැති අහසක් ඈතින් දුටුවා..."
.........නන්දා මාලිනී.............
විශ්මි, සනා.. මමත් ඔයාලා කියනදෙට එකඟයි.. නමුත් මම මෙහෙම දෙයකුත් දකිනවා.. එවගෙ නිහඩව අවංකව සේවය කරන මිනිස්සු මම දකිනවා.. මිනිස්සු එයාලව නැති තැන් වලදි අගය කරන්නෙ.. ඉන්න තැන් වලදි බනිනවා.. අර බොරු ශො එක දාන මිනිසුන්ට ඉස්සරා උඩ තිබ්බට නැති තැන්වලදි ගොඩක් බනිනවා.. එක මිනිස්සුන්ගෙ හැටි.. නමුත් වැදගත් දෙ මිනිස්සු කියන්නෙ කවුද(අපිමයි). අවංකව වැඩක් කරන අයව තාවකාලිකව හංගලා තිබ්බහැකි නමුත් සදාකාලිකව බැහැ..
ReplyDeleteලස්සන පදකිරීමක්. වැහි බිදුවක අගේ... කවදත් වාසනාවන්
ReplyDeleteකවිපෙල අගයමින් ඉදිරිපත්වී ඇති අදහස් විමසිම් නිර්මාණය තවත් ඔපවත් කරලා...
හැමටම සුබපැතුම්!
අවුරුද්දේ හිස් අතිං එන්න බෑනේ චේජනා.. ඉතිං ඔන්න සුබපැතුමකුත් අරගෙනම ආවා..
ReplyDeleteමිනිස්සු අහසට කොපමන දොස් කීවත් , සති කීපයක් වැඩිපුර වැස්සත් පෑව්වත් අන්තිමට හැරෙන්නේ අහස දිහාවට නොවෙද ?
-ජය
රවා මල්ලි, මාත් හරිම ආසයි.. වියළි පොලවට වැටෙන වැහිබිඳුවක සුවඳ විඳින්න නම්..ආයෙ වහින්න ටිකකට කලින් තෙතබර සුළඟ එක්ක ලැබෙන සිසිලස විඳින්නත් මම ආසයි...( ඒ වගෙම වැස්සට තෙමෙන්නෙ මම වුනාට තාත්ත අම්මගෙ බැනුම් වැස්සකින් නෑවෙද්දි මිදුලට පැනල තෙමිල නාල හීතලේ ගැහි ගැහි ඉන්නත් ආසයී.) :) )
ReplyDeleteසන්සරසිදු මල්ලි, බොහෝවිට වහින්න හදනකොට අපේ සිතට නැගෙන්නෙ අකමැත්ත.. ගමනක් යන්න තියෙනව නම් විශේෂයෙන්ම..තෙමෙන නිසා, ඒත් ඒ වැහි බිඳු මුළු ලෝකයක්ම ජීවත් කරවනව.. ඇතුලත දැවෙන ග්‍රහ ලොවක් ජීවයට තෝතැන්නක් කළ ඒ දියබිඳුවලට අපි අකෘතඥ යි ද මන්ද..
සන්සරසිදු මල්ලි, විශ්මි නංගි,
ReplyDeleteඕක ලියද්දි මට ඒ ගැනත් මතක් වුනා...ඒත් ඔයාල හිතපු විදියට පොඩ්ඩක් වෙනස්ව.. අහසයි අම්මයි දෙන්නම සදාකාලිකව ම නිවැරැද්දේ බැනුම් අහන එක ගැන..
ඒත් ඔයාල දෙන්න ඒක තවත් විදියකට දැකල.. මගේ කවිය තුළින්..ඒකෙන් කවියට ලොකු වටිනාකමක් එක් කරල...
ඔබේ දැක්ම ලියල කවිය වඩාත් අරුත් බර කළ ඔබට මගේ ගෞරවනීය ආචාරය..
අය්යෙ,
ReplyDeleteහිරු බිහිරියි.. සඳ ගොළුයි..
තාරකා අන්ධයි..
(මුළු නිල් අහසම අංගවිකලයි.. :) )
----නන්දා මාලිනී-----
රවා, ඕක නම් මමත් අහල දැකල තියෙනව.. ඒත් මම නම් මගේ හිතේ ගෞරවය ඇති කරන, මා වෙනුවෙන් සෙනෙහස පිදූ කැපවුනු මිනිසුන් සහ ලෝකයක් වෙත සිය දයාව යොමු කල මිනිසුන් අගයන්නෙ ඔවුන් සිටිනා මොහොතකමයි..
ReplyDeleteගල්මල්.. අය්යෙ, මම දැක්කටත් වඩා පුළුල් ව බලමින් කවිය ඔවුන් රස විඳල..
ReplyDeleteමගේ හිතට සියුම් සතුටක් මා ගැනම එක් කරමින්..
යෝගි, ඔව්... නිමක් නැතිව දුක් උහුලමින් බැනුම් අහන අම්මා අහසට සමයි.. නේ..
ReplyDeleteසුබ පැතුම් එක්කම ගොඩ වැදිල ගියාට පිං..
නිර්මාණයක විශිෂ්ඨත්වය පදවැලට ලැබෙන විවිධ අර්ථකථනයන් නේද...
ReplyDeleteචූටි වැහිබිංදුව සුදු හිරුඑලිය අරන් විහිඳුවාලන දේදුන්න වගේ...
නංගී, ඔබේ නිර්මාණය එතරම් සාර්ථකයි. ඔබට ජය.
නිර්මාණය බෙහෙවින් රස වින්දා. අදහස් දැක්වීම් කියවීමෙන් පස්සෙ තවත් ඒ රසය වැඩි උනා.
ReplyDeleteඅහසටත් අම්මටත් නිවනක් නෑ කියල කතාවකුත් තියනවනෙ.
නියමයි අක්කේ.
විද්‍යාව පොත්වලට යටවෙච්චි මගෙ හිතේ..
ReplyDeleteකවි පද ඇන්දේ නම්....
අම්මා...
ඒ කවිපදවල රසය උරාගෙන
දිරි දී ඔපවත් කෙරුවේ නම්..
ඔබ සැවොමයි..
ඔව් නලින් මල්ලි, මගෙ හිතත් ගොඩක් සතුටු කරල කට්ටිය ම නිර්මාණය විඳල...
ReplyDeleteඅවුරුද්දට දිපු ලස්සන පණිවිඩයක්...චේජනා.
ReplyDeleteකවි පේලි කිපයකට, මේ තරම් අරුතක් ඔබ්බවන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්න බෑ.
මට ඔය හැකියාව ගැන පුදුමයි...ජය.
ඒවගේම...2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. ඔයාගේ සියලු, සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙන්න..කියා පතන්නම්.
120 ට 220 ක් ආයුබෝ වේවා...
නිල් අහස..
ReplyDeleteමම ඉස්සෙල්ලත් ලියල තියෙනව වගෙම සිතිවිල්ලක් කවි කරන්න අම්ම දුන්න හැකියාව
ඔපනැංවුනේ නම් ඒව කියවල අගය කරල ගිය ඔයාල අතින් තමයි..
ඔයාටත් මේ දිනවල ඔබ දකින සුබ සිහිනය සැබෑවක්ම වන..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
වළා සළු මුදා ලූ
ReplyDeleteනිල් අහස සොඳුරුයි...
හිරු ද සඳ තරු
ලබයි එහි අබිසෙස්..
හරිම ලස්සනයි චේජනා මේ ටික..
මුලු අර්ථය ගත්තාම ඇත්තටම අම්මටත් අහසටත් කිසිම නිවනක් නැහැ තමා.
ඒක නම් ඇත්තමයි..ස්තූතියි මේ කවි පද බෙදා ගත්තට අපි එක්ක.
වළා සළු මුදා ලූ
ReplyDeleteනිල් අහස සොඳුරුයි...
ඒක තමයි මගේ යාළුවගෙ අදහස වුනේ,
ඒත් ඒක කියවෙනකොටම මට මතක් වුනේ ලෝකය ජීවත් කරන කළු වළා...