
රතු එළි වීථියේ
රතු එළි මැද...
දෛවයේ සරදමින්
යුරෝපා නීතියෙන්
නීතිගත කළ
සමනළිය...
අඩ පැයට යුරෝ පනහක් වුනේ
නුඹේ වැලපෙන සිතට
යුරෝපා නීතිය ගෙවූ
නුඹේ මානව හිමිකම්වල
වන්දියද...?
නොදන්නා සංස්කෘතියක යම් යම් දේ අපට විග්‍රහ කල නොහැකි නමුදු මේ නම් මා තදින් ම සසල කළ කතාවක්...
ලංකාවේදි වරක් මා "ඇය" දැක ඇති මුත් එදිනවත් මගේ සිත මේ තරම් නම් සසල වුනේ නෑ...
ඒත් වචනයෙන් කිව නොහැකි තරම් ලෝකය ගැන කළකිරීමක් මෙය මා සිතේ ඇති කළා...
මා හරි ද වැරදි ද නිගමනය කිරීම ඔබට බාරයි...
එහෙත් මට දැනුන දෙය එලෙසම ලිවීමට මට සිදුවුනා....බොහෝවිට කරන්නාක් මෙන් මා සසල සිත සංසුන් කරගැනීම උදෙසා.....
http://metropolitician.blogs.com/scribblings_of_the_metrop/red_light_room.jpg
.....ඔයා දැක්ක ගෑනු එක සුද්දියෙක්ද? ලOකාවෙ එකියක්ද???
ReplyDeleteමේ කියන්නේ එකම එකියක් ගැන නෙවී නේද චේජනා අක්කි...? ඔබේ හිත වගේම මගේ හිතත් සසල කලා සිංගප්පූරුවේදී...මේ වාගේම... ලංකාවේ අපට එතරම් සුලබ දසුනක් නෙවීනේ...
ReplyDeleteසොයුරිය මෙවන් තිත්ත ඇත්තක් පදකිරීමට ඔබ ඔබේම සිත සමඟ ලොකු සටනක් කරා විය හැකිය. පන්හිඳ අත රැඳි සිත ජය ගෙන.
ReplyDeleteකාසිපනම් වලට ලන්සු වන වාණිජ ලොවක හැමදෙයටම මිලක් ඇත. බොහෝ දේ මිලට ගන්න ඇත. සදාචාරය යන කසියෙන් පිරවිය යුතු, රැකිය යුතු මනුසත්කමේ කැටය කාසිය විසින්ම ගිලගනී.
mdee අයියා කිව්ව වගේ මුදලට මනුස්ස ආත්ම ලන්සු වෙන ලෝකයක අපිට තවත් මනුස්සකම් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ?
ReplyDeleteසියල්ලම මුදල් මත තීරණය වෙලා.
මිනිස්සු තිරිසන් වෙලා....කතාකල යුතු දෙයක් චේජනා
indi,
ReplyDeleteඇයත් ගැහැණියකි..
ඔබ බිහිකළ මව්
ඔබේම සොයුරිය හා
සමවේ..
සුදු කළු භේදය
මව්බිම ජාතිය
සියල්ල ඒ අභිමුව
වැලලේ..
ඔව්, මේ කියන්නෙ එක්කෙනෙක් ගැන නෙවෙයි.. ලෝකයක් බිහිකළ කාන්තාව ගැන....
ReplyDeleteසංවේදී සිත් සසල කරමින් අසංවේදී ගත හා සිත සුවපත් කරවන..
ජීවිතයක් කොච්චර වටිනවද?
ReplyDeleteජීවිතයකට වටින සාධාරණ මිලක්(මුදලක් නෙමෙයි) තියනවද? කොපමණද?
මම හිතන්නෙ අපි ඒ ගැන දන්නෙ නැහැ අක්කෙ.
පදපෙළ මාව කම්පාවට පත් කලේ නැහැ. ඒත් හිතන්න ගොඩක් කාරණා පෙළ ගැස්සුව. ස්තූතියි ඔබට.
ගල්මල්.. අය්යෙ..
ReplyDeleteපන්හිඳ අත රැඳි සිත, සිතේ කලකිරීම වදන් කලා පමණයි..
ඔබේ කියමන ට නම් මා හදවතින්ම එකඟයි..
"සදාචාරය යන කාසියෙන් පිරවිය යුතු, රැකිය යුතු මනුසත්කමේ කැටය කාසිය විසින්ම ගිලගනී."
දිල් නංගි, නලින් මල්ලි,
ReplyDeleteමේක මගේ අතින් ම
"මේ ඉර හඳ තරු යටදිම
පැයට මිලක් නියම කෙරේ"
කියල ලියවිලා තියෙද්දිත් ආපහුත් ලියවුනේ ආයෙමත් හිතන්න වුන නිසා... ඇගේ මානව හිමිකම් කාසියට යට වෙලා පණ අදිනව කියල හිතුන නිසා..
ගොඩක් දෙනා තමන්ගේ රස්සාවල් කරන්නේ කැමත්තකින් නෙමෙයි... රස්සාව මොකක් වුනත් ඉතින් ශ්‍රමයට ගැලපෙන මුදලක් වත් ලැබෙනවානම්... ඇත්ත ඒක නේද? ඔය රස්සාවට විතරක් ඇයි හැමෝම කඳුලු හෙලන්නේ... කුණු බැණුම් අහගෙන, ගෙදර ජීවිතේත් හරියට ගෙවාගන්න බැරුව, හතුරන්ගෙන් ඇසිඩ් පාරවල් පිහිපාරවල් කාගෙන රස්සා කරන පිරිමි කොච්චර ඉන්නවද...?
ReplyDeleteසදාචාරය , සංස්කෘතිය මේ දේවල් මිනිසා විසින් ඇති කරගෙන මිනිසාම ඒවා කඩා බිඳිමින් ඉදිරියට යනවා....... අලුත් සංස්කෘතීන් සදාචාරයන් බිහි වෙනවා..... කවුරුවත් වැරදි නෑ අක්කෙ..... නීතිය විසින් ඉඩ දුන්නත් නීතිය විසින් මොවුන් ඒ දේ කරන තැනට පොළඹවල නෑ.... ඒත් ඒ ඔවුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තෝරාගත් මාර්ගය මුදල් උපයන්න..... තමන්ගේ ජීවිතයට තමන්ම මිලක් නියම කරගෙන...... ඒකට නීතිමය තත්වයක් ඇති කරන්න හේතුවත් ඔවුන්මයි.........මේ මට හිතෙන හැටි..........
ReplyDeleteහැමදාමත් වගේ අක්ක වෙනස් මඟකින් අපූරුවට පදපෙලක් ගලපලා.......
තිස්ස අයියගෙ කතාවට මමත් එකඟයි.........
ReplyDeleteඅය්යෙ,
ReplyDeleteමම post එක දාද්දිම මා හරිද වැරදි ද නිගමනය කිරීම ඔබට බාරයි කියල ලිව්වෙ ඒ නිසා... මම වැරදියි කියල ඔයා හිතනව නම් මම ඒක තර්ක නොකරම පිළිගන්නව...
බොහෝ විට මීට වඩා අනුකම්පාවෙන් සහ සංවේදීව දැකිය යුතු දේ ලෝකයේ ඇති... මට මග ඇරෙන්නත් ඇති...
රැකියා සම්බන්දයෙන් නම් බොහෝ දෙනා තමන්ගෙ රැකියාව කරන්නෙ තෘප්තිමත් ව නම් නෙවෙයි..ඒ වගෙම ශ්‍රමය ට ගැලපෙන මුදලක් නොලබන වෙනත් විකල්පයක් නැති නිසාවෙන් එය කරගෙන යන්න සිද්ද වුන මිනිස්සු නම් අනන්තයි.....
ස්තුතියි... ලෝකයේ තවත් බොහෝ දැකිය යුතු පැතිකඩවල් ඇති බව මතක් කර දුන්නට....ලෝකය දිහා තවත් වරක් විවර කළ දෙනෙතින් හැරී බලන්න උත්සාහ කරන්නම්...
විශ්මි නංගි,
ReplyDeleteකොහොමට ත් මට සම්පූර්ණයෙන්ම විඳිය නොහැකි අනුන්ගේ සංස්කෘතිය ක දේ ගැන නිගමනයන්ට එළඹෙන්න නම් මම කැමතිත් නෑ...
වැරදිකරුවන් සොයායන්නත් මට බෑ නංගි....
එහෙත් ජීවිතේ මුල්වතාව ට ඒ දේ ඇහුවම දැනුන කළකිරීම අකුරු වෙන එක නවත්තන්නත් මට බැරි වුනා....
ඒත්
වේදනාවෙන් සහ හැඟීම්බර බවින් මිදෙමින් එහි පසුබිම් සත්‍යය හෙළිදරව් කර ගැනීමට ඔබ දැරූ ප්‍රයත්නය අගයන්න මට පුළුවන්.. ඇතැම් විට පහසුවෙන් ඉපයෙන මුදල ඇය පසුතැවීමකින් තොරව ම එතන රඳවා ගන්නව ද කියල තවත් වතාවක් සිතන්න පෙළඹවූ ඔබේ සිතිවිලිවලට ප්‍රණාමය..
මම මෙහෙම දෙයක් දකිනවා. තමන් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වෙච්චි හදාගන්න බැරි වැරද්දකින් පස්සෙ තමන්ව අමතක කරලා ශ්‍රියා ලා වෙච්චි ලංකාවේ සිරියලතාලත්, ඔතැනදි ඔයා කතාකරන ගැහැණියත් අතර යම්කිසි වෙනසක් තියෙනවා. ඔය රැකියාවට වැටිච්චි ලංකාවේ හුඟක් අයගේ තියෙන්නෙ තමන් තවත් කෙනෙකුගේ අතකොලුවක් බවට පත්වෙච්චි අසරණකමක්.. නමුත් මට හිතෙනවා ඔය ගැහැණිය කරන්නෙ හුදෙක් වාණිජ අරමුණු වලින් යුක්ත රැකියාවක්.. මේ මට හිතෙන විදිහ. සමහරවිට මම වැරදි ඇති. මොකද මම පිරිමියෙක්...
ReplyDeleteඅක්කා එ වගෙ ගැහැණු කෙනෙක් එක්ක කතා කරලා තියනවද.. එයාලගෙ ඔලුව ඇතුලෙ දුවන දෙ ගැන අදහසක් තියනවද...
ReplyDeleteකොහොම උනත්.... මම කිව්වනෙ මිනිස්සු තමුන්ට නැති දෙවල් හොයනවා කියලා, එ අතර සමහර මිනිස්සු ඉන්නවා මුලින් අසරන, බියගුල්ලු කමට අමාරුවෙ වැටිලා පස්සෙ එකෙන් හම්බෙනෙ මුදලයි, තෘප්තියයි එක්ක සමාජයෙන් එන අවනම්බු විදගෙන ජිවත් වෙන...කොතනකදිවත් අපිට මෙක කතා කරලා ඉවර කරන්න බැහැ.. හැබැයි මම එකක් කියන්නම්.. උපතින් කෙනෙක් එන්නෙ මුකුත් අරගෙන නෙමෙ.. ලෙබල් ගහගෙන නෙමෙ.. මිනිස්සුයි ලෙබල් ගහන්නෙ.. ඉට පස්සෙ ගල් ගහන්නෙත් මිනිස්සු.. මම ඔයාට කියන්නෙ මෙ වගෙ කෙනෙක් දැක්ක ගමන් පිළිකුල් කරන්න, මග අරින්න හදන්න එපා.. මැදිහත් සිතකින් එයත් එක්ක ටිකක් කතා කරන්න.. කතා කරද්දි තෙරෙයි.. එයත් මනුස්සයෙක් කියලා තමුන්ට නැති දෙ හොයන...
මින්දද, මෙතෙන්දි නම් හරි පිළිතුරක් දෙන්න මට අමාරුයි... මොකද කලිනුත් කිව්ව වගෙම නොදන්නා සංස්කෘතියක් අඳුරේ අතපත ගෑම හැර එය සංවේදීව ස්පර්ශ කිරීමක් මා අතින් නොකෙරුණු නිසා...
ReplyDeleteලංකාවෙදි වුනත් මේක හරියට ම විමසන්න ලැබිල නෑ මට...යම් යම් සීමාවන් නිසා.... ඒත් මගේ හිත අනුන්ගේ දේශයක මේ දේ ගැන සසල උනේ මම ගැහැණියක් නිසා, මේ හැල්ලු වෙන්නෙ ගැහැනිය කියල දැනුන නිසා...
රවා මල්ලි,
ReplyDeleteඅවාසනාවකට මේ කියන ඇය මම දැකල තියෙන්නෙ එකම වතාවක් විතරයි.. (ඒත් මම එදා දැනගත්තෙත් මම හිටියෙ මගේ මල්ලි එක්ක නිසා... ) ඒක මගේ අඩුපාඩුවක් මල්ලි...
කතා කරන්න නොලැබුනත් ඇගේ නෙත්වල රැඳුනු කළකිරීම නම් මට මගෑරුනෙ නෑ කියල මට තාම හිතෙනව.. මට ඒ ඇස් තාම මතක නිසා..
මට හිතෙනව ඒ වේදනාව තමන් ගැනම ඇතිවුන ආත්මානුකම්පාව කියල...
මමනම් දකින්නෙ ඔවුන් කරනා දෙයට උපහාසය,අපහාසය හා නීතිය සදාචාරාත්මක නොවන මට්ටමින් මැදිහත් වෙලා කියල. එවැනි රැකියාවකට යොමුවීමට හේතුව කුමක් වුණත් කිසිවෙක් ආශාවෙන්නම් ඒක කරනව කියල හිතන්න අමාරුයි. ඒත් ඔවුන් කිසිවෙකුටත් වරදක් නොකරයි. ඒත් ඔවුන්ගේ මුඵ ආත්මයම කුඩුපට්ටම් කරන්න මේ කුහක සදාචාරය එක්රොක්වී ඇත.
ReplyDeleteඒත් මහ අපරාධකාරයො වීරයෝ කරන්නෙත් මේ සමාජ ආයතනම වීම නම් කණගාටුවට කරුණක්.
ඔව්, සමාජ සම්මතයන් විසින් ඇගේ තත්වය වඩාත් නරක අතට හරවලා නම් තමයි...ඒක නම් ඇයට විතරක් නෙවෙයි සමාජයේ බොහෝ කොටස් විසින් අත්විඳිනව...
ReplyDeleteඒ වගෙම ඔයා ඊට යටින් කියන දේට නම් මාත් 100% ක් ම එකඟයි..
"මහ අපරාධකාරයො වීරයෝ කරන්නෙත් මේ සමාජ ආයතනම වීම නම් කණගාටුවට කරුණක්."
උපන් දා සිට මියෙන මොහොත දක්වාම...තමන් සතු සියල්ලම අන් අයගේ සැපත , සුඛ විහරනය වෙනුවෙන් පූජා කරන ගැහැනිය...තරම්..පිඩාවට , දුකට , අවමානයට හා ගැරහුමට ලක්වන තවත් කවරෙකු නම් මෙලොව සිටීද....
ReplyDeleteමට එහෙමයි මේ ගැන හිතෙන්නේ ...චේජනා.
නිල් අහස.... මට කිසිවක්ම කීමට ඔබ ඉතිරි කර නැත....
ReplyDeleteසියල්ල ඒ වචන කීපය තුළම ගොනු කොට ඇත...