මේ වසරක් පුරා මගේ නෙත ගැටෙන දසුන් අතරෙ මම ප්‍රවේසමින් එක කරගත් සේයා රූ කීපයක්... සේයා රූ සියල්ලෙම තියෙන්නෙ එක ම ගස.... ඒත් වසර පුරා... එහි වෙනස්කම් රැසක්...
කටුක ශිශිරය දරා ගත නොහැකිව පතින් තොර ඉපල් අහස වෙත යොමු කරන මේ ගහ ශිශිරයේ හිම සමග සටන් වදිනව...ඒත් සොඳුරු වසන්තයෙදි නැවතත් දළු දමමින් ජීවනයට පණ පොවනව...
ගිම්හානයේ හිරු රැසින් පීඩා විඳිමින් ජීවත් වෙලා...ආයෙම ශරත් ඍතුව එළඹෙද්දි තුරු පත් මුදවමින් ශිශිරයට සූදානම් වෙනව....
මේ අද දිනයේ මේ ගස මා දකින අයුරයි..ගිම්හානය පුරා එය එලෙසම රැඳෙනු ඇති...
මේ ඒ ගස ශිශිරයේ අග වසන්තයට පෙර ගමන් යන අයුරු මගේ කැමරා කාචයේ සිත්තම් වූ හැටි..
මේ දසුන් දෙකම එකම දිනයක රාත්‍රියේ... කටුක හිම කුණාටුව උසුලන අතු ඉති.. කැමරාවේ ආලෝකය ඇතිව හා නැතිව...( flash on and off)
අවසන ශරත් ඍතුවේ... ශිශිරය වෙත එළඹෙමින්....
මේ මගේ නම් බොහෝ සිත් ගත් දසුනක්.. මා විඳි හැඟීම මට මීට වඩා පැහැදිලි කරන්න බෑ... එය විඳීම ක් ම නිසා....
මේ ජීවන චක්‍රය තවත් කෙතරම් කල් නම් මේ ගස ගෙනයයිද මන්දා...
Subscribe to:
Post Comments (Atom)
Enjoying the Glory of a Star
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්රපට, ගීත ස...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
ෂහ් අක්කේ කියල වැඩක් නෑ අපූරුයි පින්තූර ටික.
ReplyDeleteඅවසාන පින්තූරෙට පෙර පින්තූරේ තමයි මගේ හිත වඩාත්ම බැඳගත්තෙ.
ඔය පිංතූර කතාව සරළව දකින්න මට අවසරනම් මම මෙහෙම කියන්නම්...
ReplyDelete" තැනේ හැටියට ඇනේ ගහන්න ඉගෙන ගන්න. එතකොට ඕනේ තැනකින් ගොඩ යන්න පුළුවන්..."
ස්තූතියි චේජනා...
හරිම ලස්සනක් තියෙන්නේ මේ ඡායාරූප වල... එය වචනයෙන් පැහැදිලි කරන්න ලේසි නැහැ...
ReplyDeleteසොබාදහමේ ආශ්චර්‍යයන් නොවෙද ගස හා විවිධ සෘතු ගැන කියන්නේ...
උපරිමයි.
ෆ්ලෑෂරය දමා ගත්ත හිම වැටෙන රාත්‍රියේ පින්තූරයට තමයි වඩාත් හිත ගියේ..... හරිම ලස්සනයි..... හරියට ජීවිතය වගෙයි, එක එක නේක කාලවල් දුක සතුට හිනාව කදුල පහුකරගෙන දරා සිටිනවා.... ඒක තමයි සොබාදහම....
ReplyDeleteමේකනම් හැබෑටම ලස්සන රූප කවක්...
ReplyDelete(ශිශිරය...හ්ම්ම්ම්...!)
කතා කරන ඡායාරූප ......
ReplyDeleteසිසිරය
වසන්තය
ගිමිහානය
ශරත්
මේ හැම දිනකම
බලාපොරොත්තුව
නුඹ එයි නුඹ එයි
මගේ දිවිය මිය යන්නට ප්‍රථමව
නුඹ එයි නුඹ එයි .....
හදවත කොඳුරයි ..
රේවන් මල්ලි, මාත් ආසම හිම වැටෙන පිංතූර දෙකට..
ReplyDeleteමින්දද.. ඔයා නම් හරියට ම හරී..
ගල්මල් අය්යෙ...අවුරුද්දක් පුරා ඔය පින්තූර ගත්තෙ ම මට ඒක ආශ්චර්යයක් ම වුන නිසා...
(ඒත් මට මතක වුනේ නෑ නෙ ආශ්චර්යය කියන වචනෙ, මට මේක කියන්න ඕනම කළ වචනෙ ඒක..)
සමනලී, අපිත් සොබා දහමෙ ම නිමවුමක් නෙ...
අය්යෙ, පිං... ඇත්තම කිව්වට..ඒත් ඔයාට ශිශිරය කියන වචනෙත් එක්ක තියෙන අරගලය මොකක්ද.... අබුඩාබි ගිනිගෙන දැවෙන නිසාද..?
වත් අක්කෙ,
ReplyDeleteබලාපොරොත්තුව
රකියි අපේ දිවි
හරියට
මේගස වගෙමයි
ශිශිරයෙදි වසන්තය
වසන්තයෙදි ගිම්හානය
ගිම්හානයෙදි ශරත්
ආයෙම...
බලාපොරොත්තුව....
දොඩමලු සේයා රූ..
ගෙන එන..
ඉටු වේවා ඉතින්
නුඹේ පැතුමත්..
එලෙසින්ම..
පතන්නම් මමත්
මම නුඹේ නංගා..
මෙ ඡායාරූප පෙලටම ඇතිවුනේ හරිම ලෝබකමක් ඒ ඉන් කියවෙන කථාපෙල නිසා. ඒ හැම මතුකර ලොකු ආඩම්බරයක ඇතිවුනා අපේ චේජනා නංගා ගැන.
ReplyDeleteඒ, ඔබ සිතේ ඇතිවුන යම් කලාත්මක සිතුවිල්ලක් - සමාජීයම වැදගත්කමක් ඇති පණිවුඩයක් ඉදිරිපත් කරන්න සොබාදහම යොදාගැනීමත් එය මොනතරම් සැලසුම් ගතව කලාද ඒ වෙනුවෙන් මොනතරම් ඉවසීමකින් සෘතු වෙනස කැමරා ඇසින් ග්‍රහණය කලාද යනාදීය විමසීමේදී පසක්වන කරුණු නිසාය. අද හැමදෙයටම quick fix සොයන යුගයක එ කරුන බොහෝම අගේය.
උද්භිද විද්‍යාත්මකව මෙ ඡායාරූප වලින් දක්වන වෙනස නොවුනොත් ගසේ පැවැත්ම රඳාපවතින්නේ නැහැ.
සමාජීයමය වශයෙන් ගතහොත් ඒ ගසම ලොකු පණිවුඩයක් ගෙනෙනවා:
කෙතරම් දැරූවත් කොළ වටා පිටාවේ තත්වයට මුහුණ දෙන්න අවැසිවූ විට හැලිය, අතහැරිය යුතු දෙය පැවැත්ම උදෙසා අතහරින්න,
ගසේ කඳමෙන් කුරිරු තත්වයන් ඉවසා ඉන්න සුසුදු කලදී දළුලා වැඩෙන්න,
දළු, කොල වී ගස සරුසාර වූ දා අතු ඉති කිනිති දිලේවි, ඒ මත බලාපොරොත්තුවේ පොහොට්ටු පිපී, මල්, ඵල දරාන්න
නංගී, තිස්ස සොයුරා ලියූ "(ශිශිරය...හ්ම්ම්ම්...!)" දැක්ක ගමන් මට මතක් වුනේ එයා සඳහන් කරන Cc ය.
ReplyDeleteගල් මල් අයියාත් වැඩට බැස ඇත.. දැං ඉතිං ලිඳට වැටුනු එකා ලිං කටින්ම ගොඩ ආ යුතුය.
ReplyDeleteඔයාගේ ලිපිය ගැන වෙනම ප්‍රතිචාරයක් දෙන්නම් චේජනා..
ලස්සන පින්තූර ටික.
ReplyDeleteචේජනා අක්කේ...
ReplyDeleteමං නම් වැඩියෙන්ම අසා 3වෙනි පින්තූරෙට. අක්කේ මං හරිද මං දන්නේ නෑ ඒත් මට හිතුනා මේ ගස අපේ ජිවිතය ගැන පාඩමකුත් අපට නොකියා කියනවා කියලා.තව දෙයක් පරිසරයට අනුව මේ ගස වෙනස්වෙන හැටි බලන්න අක්කේ.මේ ගස නොනැසී පවතින්නෙත් ඒ නිසාම නේද.ඉතින් ඒකත් මොනතරම් ලොකු පාඩමක්ද නේ
ගල්මල් අය්යෙ...ඍතු වෙනස ලංකාවෙ ඔයතරම් ම පැහැදිලිව දකින්න බැරි නිසා වෙන්න ඇති ඔය දසුන මගේ හිත ඒතරම්ම ඇද ගන්න ඇත්තෙ...අවුරුද්ද පුරා ඔය පින්තුර එකතු කරද්දි හිම වැටෙද්දි ගිහින් ඔය පින්තූර දෙක ගන්න නම් මම ඇත්තටම එළියට බහින්න නොහිතෙන වෙලාවක ආවෙ.. ආසාවටමයි... අනෙක් දවස් වල නම් එච්චර කරදරයක් වුනේ නෑ..
ReplyDeleteසමාජීයමය වශයෙන් නම් ඔයා ඒක උපරිමෙන්ම විග්‍රහ කරල..
(අය්යෙ, අර ඊයෙ එව්ව කවි ලියන අය්ය බ්ලොග් එකක් පටන්ගත්තම මටත් කියන්න හොඳේ..ඒ බ්ලොග් එක ලස්සනට ලියවෙයි කියල මට හිතෙනව.....)
Praසන්ன- ස්තුතියි ඔයාට
'මම' නංගි,
ReplyDeleteඔය 3 වෙනි පින්තූරෙයි 4 වෙනි පින්තූරෙයි දෙක හරිම ලස්සනයි වගෙම ඒක ගන්න මම ගොඩක් කරදර වුන නිසාම මට ඒ පින්තූර දෙක ගොඩක් වටිනව.. ඔයාල ඒකට ආසයි කිව්වමත් මට සතුටුයි..
අපි අමතක කරන්න උත්සාහ කළාට අපිත් ඇතුලුව මේ මුළු සොබා දම ම සිය පැවැත්ම සඳහා සටන් වදිනව...දුක සැප දෙකම දරා ගනිමින්...
5, 10, 11 කමෙන්ට් වෙනුවෙන් මගේ පිළිතුර
ReplyDeleteCC කරනව හැමතැන ශිශිරය දුටුගමන් හ්ම්ම්
ලොකු අය්යගෙ ගැන නම් දැන් මටත් දුකයි මොනව කරම්
ළිඳේ වැටුනු අය ළිං කට හොයාගන්න වෙහෙස දරන්
ඕන් ඉතින් මං බේරල ඇති තරමට මඩ ගහගන්..
හරි අපූරු එකතුවක්..
ReplyDeleteමම කැමතිම 4 වෙනි පින්තූරෙට..
ReplyDeleteමාත් මේ විදියටම ගසක් ඡායාරූප අරගෙන තියනවා.මම හිතනවා ඒත් මේ ගස් වර්ගයමයි කියලා.
මොකද?? මම දැකපු හොඳම පැහැදිලි වර්ණ විපර්යාසයක් කරන්නේ ඒ ගස ..
වසන්තයේ අගදින් මේ රතු පාටට ඡායාරූපයට නැගෙන සැබැවින් කහපාට කොල සහිත ගසේ තියන ගෙඩි..රඹුටන් ගෙඩියට මඳ සමානකමක් දක්වනවද?? චේජනා..
හරිම අපූරුයි ස්තූතියි ඔයාට මේවා අපිත් එක්ක බෙදා හදා ගන්නවට
නයා.. ස්තුතියි ආවට...
ReplyDeleteනිමන්ති අක්කෙ, මේ ගහේ ගෙඩි හැදෙනව මම දැකල නෑ, ඒත් ඔයා කියන විදියෙ ගහක් මම දන්නව.. ගෙඩි ටිකක් ගඳයි නේද.. පොඩි වුනොත් එහෙම..
මම ළඟ තියෙන සේයා රූ දෙකක් මම දානව ඒ ගහෙත් මේ post එකේ අන්තිමට ම... ඔයා බලන්නකො ඒ ගහ ද කියල...හැබැයි ඒ ගහ අන්තිමට කහපාට වෙලා කොළ හැලෙන්නෙ.. රතු වෙන්නෙ නෑ...(ගහ මේක නම් මේකට මෙහෙදි කියන්නැ 'ඉචියො' වගෙ නමක්..)
හිතවත් චේජනා....
ReplyDeleteදැන් පරක්කුත් වෙලා..ඒත් යමක් නොලියාම යන්න හිත් දෙන්නෙ නෑ....මට මේ දර්ශණ පෙළ රස විඳින්න දවසක් විතර යාවි...අනර්ඝයි නගේ...මම දැක්කා උඹේ අසීමිත ඉවසීමක්....
මේ
සුලා...
සුලා,
ReplyDeleteරස විඳින්න පුළුවන් හිත අරගෙන ආව නිසා එන්න පරක්කු නෑ ඔයා..
මම වසරක් පුරා බලාපොරොත්තුවෙන් ආසාවෙන් වින්ද ඒ රසය මෙතෙන්ට ආව
කවුරුත් වින්දම මම ගොඩක් සතුටු වුනා..
apuuru ruupa tika... wenaskam dara gena ape jeewitha wenas wana hati wage..
ReplyDeletemokakda are thissa ayyage cc kathawa.. shishiraya hmm kiyala eya mage blog eketh liyala tibba, mama hituwe ee wachane waraddak ati kiyala
ReplyDeleteඅපූරුයි අක්කේ මේ පින්තූර සහ සටහන......... මම කැමතිම 4, සහ 6 පින්තූර දෙකට..... 4 වෙනි රූපය හිතට දෙන ගුප්ත හැඟීමට මම කැමතියි....
ReplyDeleteලස්සනයි චේජනා....හරිම ලස්සනයි.
ReplyDeleteපුදුම කලාත්මක ඇසක් ඔයාට තියෙන්නේ.
හැමෝටම මේ විදිහට යමක් විඳින්න බෑ.
අති විශිෂ්ටයි...සහෝ...
thanks නෙතු අක්කෙ...
ReplyDeleteශිශිරය කියන වචනෙ කිසි වැරැද්දක් නෑ අක්කෙ..
නංගො, ඔය 6 යි 7 යි පින්තූර දෙක ඇත්තට ම මේ post එකේ පින්තූර නෙවෙයි..නිමන්ති අක්ක අහපු ප්‍රශ්නෙ නිසා දැම්මෙ...
මම ත් ආසම 4යි 5 යි පින්තූර දෙකට.. ඒ හැබැයි හීතලේ ගැහි ගැහි හිම දිය වුන වතුරෙන් තෙත බරිත වෙද්දි ඒ දෙක ගන්න මම ගොඩක් කරදර වුන නිසා...
නිල් අහස... ගොඩක් ස්තුතියි ඔයාට...ඔහොම කියද්දි මහන්සි වෙලා හරි මේ වගෙ දේවල් එකතු කරන්න හිතෙනව...
වත් කිව්ව වගේ "කතා කරන පින්තූර" හරිම අගෙයි නගේ . . . මේ වැඩේ වටිනාකමා කියන්න වචන නෑ සිරාවටම . . .
ReplyDeletethanks දුකා අය්යෙ...
ReplyDelete