කළල් මතින් නැඟි සුදු පියුමක් ලෙසින..
සියක් පතින් වටකර විල මැද දිලෙන..
බෝසත් සිත් නැතිබව දන්නා හෙයින..
එක් පෙති මලක් නොම විය දෑතින් නෙළන..
සියක් පෙති අතර රඳවා......ගුණ සුවඳ..
පිදුමුත් ලොවට සෙනෙහස හසරැල් නිබඳ..
එක පෙති මලක් ලෙස නොමදකිනුය සබඳ..
සුළඟේ ලෙලෙන, අත ළඟ ගඟ අද්දරම..
සුවඳ දිදී රැඳුනත් මේ ඉසව්වේ…
මල පිපුනේ ඈත ඈත දනව්වේ…
සුවඳ මිසක් මල නොරැඳේ කොදෙව්වේ..
නෙලනා කල්පනා ඇයි හිත රැඳෙව්වේ..
Photo : http://s3.images.com/huge.73.366520.JPG
ලස්සනයි..
ReplyDeleteලිලී මලෙන් සියපතට මාරු වෙන්න ලැබිච්චි එක ගැන සංතෝශයි. ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක්... දුර රටක හිටියත්...
මඩේ පිපී මන්දිරවලදිත් දිලෙන....
ReplyDeleteපුදනාවිට හැමදෙනාම අතට යන....
සියපත් ගැන ඔබ ලියු කව බලා ගෙන....
මම ඉන්නම් සිත් තුල මෙත් දරාගෙන.......
සුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා !!!
ReplyDeleteකළල් මත නැගුණු සියපත් සුදු පියුම.
ReplyDeleteවිල මැද දිලෙන් බෝසත් සිත් නැති හෙයින..
සුවඳ දුනත් නුඹ රැදෙනුය ඈතකම
එක් පෙති මලක් නොම වී දෑතින් නෙළන..
සුභම සුභ වෙසක් මංගල්යක් අක්කා...
ReplyDeleteකවිය හරි ලස්සනයි.
හරබර කව් පෙලක්.
ReplyDeleteමෙත් මුදිතා කරුණා පිරී සියළු සිත් පහන්වේවා!
අන්තිම කවියෙ අන්තිම පදය හරි නෑ. ඔයා මල ගැන කියාගෙන ආ දෙයට වඩා වෙනස් දෙයකුයි ඒකෙන් ඇඟවෙන්නෙ...
ReplyDeleteමං හිතන්නෙ ඒක ගැලපෙන්නෙ නෑ.....
සියක් පෙති අතර රැදි
ReplyDeleteසහස් පිණි බිඳිති කැට
ඉපදෙනා කල්පනා
වගේ නේදැයි ඔබේ සිතතුල..!!
ඔබ සැම වෙනුවෙනුත් මගේ ප්‍රාර්තනාව
ReplyDeleteඔබේ සිත් පහන් වේවා....!!