
තාත්ත සැත්කමකට රෝහල්ගත කරල නිසා පහුගිය දින කීපයම ගෙවුනෙ ඉවසන්න බැරි වේදනාවකින් හා හිතේ බරකින්.. කිසිම දේකට හිත නිදහසේ කිසිම දෙයක් ලියන්න බැරි නිසාම වේදනාව හිතේ දරාගෙන නිහඬව ම හිටිය...
සැත්කම අවසන් කියන වචන ටික හිතට ගෙනාවෙ පුදුමාකාර සහනයක්..තාත්ත ට තවත් දින කීපයක් රෝහලේ ඉන්න සිදුවෙන බව දැනන් උන්නත්,
ඒත් එක්කම මේ සටහන තියන්නෙ බ්ලොග් අවකාශය හරහා මගේ ජීවිතය ට ඇතුලු වෙලා ජීවිතේ දුක්ඛ දෝමනස්සයන් බෙදාගෙන මගෙම වෙලා ඉන්න ඒ සොයුරුකැල වෙත මුළු හිතින්ම පිදෙන ප්‍රණාමය පුද කිරීම සඳහා...
ඒ එක්කම මගේ හිත පතුලෙන්ම නැගෙන ප්‍රාර්ථනාව තාත්තට ඉක්මන් සුවය ලැබේවා.....!!!

මහ වැස්සක් බිමට හලා
නිදහස් වුණ අහසක් සේ...
නිදහස් මගේ හිතත්..
දින ගණනක් පුරා හිතේ
අරක් ගත්ත මහා බරක්
බිමින් තියා සැනසෙන්නට
මොහොතක් හුස්මක් ගන්නට
පුළුවන් මගෙ හිතට ඉතින්
විරාමයක් සටහන් කර
හෙලූ තැවුල් සුසුම්වලට...
නොකිව් නමුත් කාටවත්ම
එකවදනක වෙනස සොයා
සිතේ තැවුල් බෙදාගත්ත
මනුස්සකම වෙනුවෙන් සිත
රැඳී උන්නු ලෙංගතුකම්
සියල්ලටම තුති පුදන්න
බෑ මට ඒ හිතින් ඉතින්....
බැඳීම් දුක ගෙනෙන ලොවේ
ඒ බැඳුම්ම සතුට ගෙනේ..
බැඳුම්වලින් සැනසෙන සිත
ඔබට පුදන ප්‍රණාමයයි
මේ විදියට අකුරු වුනේ...

Photo:http://faithfriend.files.wordpress.com/2010/03/a-fathers-love.jpg
http://florabella.com.ph/images/Simply%20Yellow%20P1500.jpg
තාත්තට ඉක්මනින් සුව වේලා ගෙදර යන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම පතනවා අක්කා...
ReplyDeleteපිය සෙනෙහස අකුරු කල ඔබේ කව්මුතු වලින් විහිදුනි අනේක රැස් රසික ඇස් ද තෙත්කරමින්.
ReplyDeleteමහමෙරකටත් වඩා උස පියාණන් මෙවන් තත්වයක ඉන්න විට ලඟින් ඉන්න බැරි අවස්ථාවක් නැති ඔබ මොනතරම් දුෂ්කරතාවයකට පත්වෙනවාද යන්න ඔබේ පදවැල් කියවූ අය දනී.
අපි සැම එක්සිත්ව පතමු ඔබේ පියාණන්ට ඉක්මන් සුවය. ඒකායන පැතුමක බලය ඉමහත්.
සිතට දහිරිය අරගෙන ඉන්න.
අක්කා, ඔයාගෙ තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම
ReplyDeleteඔයාගේ තාත්තට ඉක්මනට සුව වෙන්න කියලා අපි හැමෝමත් එක හිතින් ප්‍රාර්තනා කරනවා නගේ . . .
ReplyDeleteපිය සෙනෙහස තේරුම් ගත්තු පිය සෙනෙහසට සෙනෙහස දක්වන අය දකින්න ලැබීමත් පියෙක් වූ මට ත් හරිම ප්‍රියයි නගේ (අවු, 2.1/2ක පුතෙක් වුනත් මට ඉන්නේ මාත් ඉතිං පියෙක් නිසා)
ආදරණිය මගේම තාත්තාට වගේ ආදරයෙන් මම කියන්නේ... ඉක්මනින් සුව වෙන්න.නිරෝගී සුවය ෴
ReplyDeleteඅකුරුවලට අමුණන්නට
ReplyDeleteහිතුවත් මා පිය සෙනෙහස
අකුරු මදියි මම දන්නා
ඒ සෙනෙහස කවි කෙරුමට..
දෙපා නගා ඇවිදින්නට
අතදුන් දිනයේ පටන්ම
අද වෙනතුරු කවදාවත්
අතැඟිල්ලෙන් මිදී නොගිය
දුවට පිදුනු පිය සෙනෙහස
පුතුට පිදුන පිය සෙනෙහස
ඒත් ඉතින් මේ මොහොතෙදි
ළඟින් ඉන්න වරම් නොමැති..
අකුරු කරන නුඹෙ දෝණිට
පියඹා එනු බෑ මේ දුර
පියාණනේ..............
ගතින් එන්න බැරිමුත් මට
නුඹේ ළඟට තනි රකින්න..
හිත පමණක් එව්වා මම
පියාණනේ..............
නොවේවා වේදනා ඔබහට..
ReplyDeleteලැබේවා ඉක්මන් සුවය යළි..
මගේ පැතුමයි ඔබට ඒ..
හිතින් මා ළඟ රැඳි මිතුරු කැල
පතන පැතුමද එයම වේ...
මගේ පැතුමට එක්ව මා හා
බැඳි මිතුරනේ
ඔබට තුතිමල් මිටක්
පුද දෙමි මේ ලෙසින්...
තාත්තට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථන...!!! කරනවා චේජනා මුළු හිතින්ම.
ReplyDeleteරෝහලින් පිටවෙලා ඉක්මනින්ම නිවසට යන්න ලැබේවි තාත්තට ඔයා ඉන්නේ ඈතක උනත් ඔයාගේ මේ ප්‍රාර්ථනය සැබැවින්ම ගොඩාක් බලවත්..!
දයාබර චේජනා,
ReplyDeleteසුවපත් වී පියාණන් ද
දුකින් තැවෙන ඔබේ සිත ද
නිදුක් නිරෝගී සුවසෙත
තවත් බොහෝ කල් ආයු ද
ඔබේ පියා සතු වේවා!!!
ඔහුගෙ පැතුම් සරි කරලා
සිප් සයුරින් එතෙර වෙලා
මව් පිය සෙනහස විඳින්න
මව් පොළොවට පා තබන්න
ඔබ හට සවි බල වේවා!!!
ඔබේ පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සහෝදරී.
ReplyDeleteආදරණිය පියානන්ට ඉක්මන් සුවයත් තැවුනු නුඹේ සිතට සැනසීමත් පතන්නම් !...
ReplyDeleteහිතවත් නැගණි....
ReplyDeleteහදවතට කිට්ටු යමෙක් කරදරේ වැටුනාහාම ලඟින් ඉඳන් දුක සැප බලන්න නොහැකිවීම කෙතරම් වේදනා සහගතද කියල දන්නවා නගේ...ඊටත් පියාණන්දෑ...!
හිතට දිරිය ගනින් .......මේ හිතැත්තන් උඹගේ හිත්වට පවුරු මෙන් හිඳීවි....
ඔබගේ පියාණන්ට ඉක්මන් සුවය..!
සුලා...
මගෙ හිත ළඟ දුක බෙදා ගත්තු ඔයාල කාටත් ස්තුතියි, තාත්ත සනීපෙන් බව අහල, මගෙ තැවුන හිතත් දැන් හුඟක් සන්සුන් වෙලා...
ReplyDeleteතාත්තට ඉක්මනට පූර්ණ සුවය ලැබේවා!
ReplyDeleteස්තුතියි ඉන්දික..
ReplyDelete