Sunday, May 2, 2010

විඳින්න එන්න.....මේ සොබා දමයි....

මේ වසරක් පුරා මගේ නෙත ගැටෙන දසුන් අතරෙ මම ප්‍රවේසමින් එක කරගත් සේයා රූ කීපයක්... සේයා රූ සියල්ලෙම තියෙන්නෙ එක ම ගස.... ඒත් වසර පුරා... එහි වෙනස්කම් ‍රැසක්...

ක‍ටුක ශිශිරය දරා ගත නොහැකිව පතින් තොර ඉපල් අහස වෙත යොමු කරන මේ ගහ ශිශිරයේ හිම සමග සටන් වදිනව...ඒත් සොඳුරු වසන්තයෙදි නැවතත් දළු දමමින් ජීවනයට පණ පොවනව...

ගිම්හානයේ හිරු ‍රැසින් පීඩා විඳිමින් ජීවත් වෙලා...ආයෙම ශරත් ඍතුව එළඹෙද්දි තුරු පත් මුදවමින් ශිශිරයට සූදානම් වෙනව....



මේ අද දිනයේ මේ ගස මා දකින අයුරයි..ගිම්හානය පුරා එය එලෙසම ‍රැ‍ඳෙනු ඇති...




මේ ඒ ගස ශිශිරයේ අග වසන්තයට පෙර ගමන් යන අයුරු මගේ කැමරා කාචයේ සිත්තම් වූ හැටි..



මේ දසුන් දෙකම එකම දිනයක රාත්‍රියේ... ක‍ටුක හිම කුණා‍ටුව උසුලන අතු ඉති.. කැමරාවේ ආලෝකය ඇතිව හා නැතිව...( flash on and off)







අවසන ශරත් ඍතුවේ... ශිශිරය වෙත එළඹෙමින්....



මේ මගේ නම් බොහෝ සිත් ගත් දසුනක්.. මා විඳි හැඟීම මට මීට වඩා පැහැදිලි කරන්න බෑ... එය විඳීම ක් ම නිසා....

මේ ජීවන චක්‍රය තවත් කෙතරම් කල් නම් මේ ගස ගෙනයයිද මන්දා...








28 comments:

  1. ෂහ් අක්කේ කියල වැඩක් නෑ අපූරුයි පින්තූර ටික.
    අවසාන පින්තූරෙට පෙර පින්තූරේ තමයි මගේ හිත වඩාත්ම බැඳගත්තෙ.

    ReplyDelete
  2. ඔය පිංතූර කතාව සරළව දකින්න මට අවසරනම් මම මෙහෙම කියන්නම්...

    " තැනේ හැටියට ඇනේ ගහන්න ඉගෙන ගන්න. එතකොට ඕනේ තැනකින් ගොඩ යන්න පුළුවන්..."

    ස්තූතියි චේජනා...

    ReplyDelete
  3. හරිම ලස්සනක් තියෙන්නේ මේ ඡායාරූප වල... එය වචනයෙන් පැහැදිලි කරන්න ලේසි නැහැ...

    සොබාදහමේ ආශ්චර්‍යයන් නොවෙද ගස හා විවිධ සෘතු ගැන කියන්නේ...

    උපරිමයි.

    ReplyDelete
  4. ෆ්ලෑෂරය දමා ගත්ත හිම වැටෙන රාත්‍රියේ පින්තූරයට තමයි වඩාත් හිත ගියේ..... හරිම ලස්සනයි..... හරියට ජීවිතය වගෙයි, එක එක නේක කාලවල් දුක සතුට හිනාව කදුල පහුකරගෙන දරා සිටිනවා.... ඒක තමයි සොබාදහම....

    ReplyDelete
  5. මේකනම් හැබෑටම ලස්සන රූප කවක්...
    (ශිශිරය...හ්ම්ම්ම්...!)

    ReplyDelete
  6. කතා කරන ඡායාරූප ......
    සිසිරය
    වසන්තය
    ගිමිහානය
    ශරත්
    මේ හැම දිනකම
    බලාපොරොත්තුව
    නුඹ එයි නුඹ එයි
    මගේ දිවිය මිය යන්නට ප්‍රථමව
    නුඹ එයි නුඹ එයි .....
    හදවත කොඳුරයි ..

    ReplyDelete
  7. රේවන් මල්ලි, මාත් ආසම හිම වැටෙන පිංතූර දෙකට..

    මින්දද.. ඔයා නම් හරියට ම හරී..

    ගල්මල් අය්යෙ...අවුරුද්දක් පුරා ඔය පින්තූර ගත්තෙ ම මට ඒක ආශ්චර්යයක් ම වුන නිසා...
    (ඒත් මට මතක වුනේ නෑ නෙ ආශ්චර්යය කියන වචනෙ, මට මේක කියන්න ඕනම කළ වචනෙ ඒක..)

    සමනලී, අපිත් සොබා දහමෙ ම නිමවුමක් නෙ...

    අය්යෙ, පිං... ඇත්තම කිව්වට..ඒත් ඔයාට ශිශිරය කියන වචනෙත් එක්ක තියෙන අරගලය මොකක්ද.... අබුඩාබි ගිනිගෙන දැවෙන නිසාද..?

    ReplyDelete
  8. වත් අක්කෙ,

    බලාපොරොත්තුව
    රකියි අපේ දිවි
    හරියට
    මේගස වගෙමයි
    ශිශිරයෙදි වසන්තය
    වසන්තයෙදි ගිම්හානය
    ගිම්හානයෙදි ශරත්
    ආයෙම...
    බලාපොරොත්තුව....
    දොඩමලු සේයා රූ..
    ගෙන එන..


    ඉ‍ටු වේවා ඉතින්
    නුඹේ පැතුමත්..
    එලෙසින්ම..
    පතන්නම් මමත්
    මම නුඹේ නංගා..

    ReplyDelete
  9. මෙ ඡායාරූප පෙලටම ඇතිවුනේ හරිම ලෝබකමක් ඒ ඉන් කියවෙන කථාපෙල නිසා. ඒ හැම මතුකර ලොකු ආඩම්බරයක ඇතිවුනා අපේ චේජනා නංගා ගැන.

    ඒ, ඔබ සිතේ ඇතිවුන යම් කලාත්මක සිතුවිල්ලක් - සමාජීයම වැදගත්කමක් ඇති පණිවුඩයක් ඉදිරිපත් කරන්න සොබාදහම යොදාගැනීමත් එය මොනතරම් සැලසුම් ගතව කලාද ඒ වෙනුවෙන් මොනතරම් ඉවසීමකින් සෘතු වෙනස කැමරා ඇසින් ග්‍රහණය කලාද යනාදීය විමසීමේදී පසක්වන කරුණු නිසාය. අද හැමදෙයටම quick fix සොයන යුගයක එ කරුන බොහෝම අගේය.

    උද්භිද විද්‍යාත්මකව මෙ ඡායාරූප වලින් දක්වන වෙනස නොවුනොත් ගසේ පැවැත්ම රඳාපවතින්නේ නැහැ.

    සමාජීයමය වශයෙන් ගතහොත් ඒ ගසම ලොකු පණිවුඩයක් ගෙනෙනවා:
    කෙතරම් දැරූවත් කොළ වටා පිටාවේ තත්වයට මුහුණ දෙන්න අවැසිවූ විට හැලි‍ය, අතහැරිය යුතු දෙය පැවැත්ම උදෙසා අතහරින්න,
    ගසේ කඳමෙන් කුරිරු තත්වයන් ඉවසා ඉන්න සුසුදු කලදී දළුලා වැඩෙන්න,
    දළු, කොල වී ගස සරුසාර වූ දා අතු ඉති කිනිති දිලේවි, ඒ මත බලාපොරොත්තුවේ පොහොට්ටු පිපී, මල්, ඵල දරාන්න

    ReplyDelete
  10. නංගී, තිස්ස සොයුරා ලියූ "(ශිශිරය...හ්ම්ම්ම්...!)" දැක්ක ගමන් මට මතක් වුනේ එයා සඳහන් කරන Cc ය.

    ReplyDelete
  11. ගල් මල් අයියාත් වැඩට බැස ඇත.. දැං ඉතිං ලිඳට වැටුනු එකා ලිං කටින්ම ගොඩ ආ යුතුය.
    ඔයාගේ ලිපිය ගැන වෙනම ප්‍රතිචාරයක් දෙන්නම් චේජනා..

    ReplyDelete
  12. ලස්සන පින්තූර ටික.

    ReplyDelete
  13. චේජනා අක්කේ...
    මං නම් වැඩියෙන්ම අසා 3වෙනි පින්තූරෙට. අක්කේ මං හරිද මං දන්නේ නෑ ඒත් මට හිතුනා මේ ගස අපේ ජිවිතය ගැන පාඩමකුත් අපට නොකියා කියනවා කියලා.තව දෙයක් පරිසරයට අනුව මේ ගස වෙනස්වෙන හැටි බලන්න අක්කේ.මේ ගස නොනැසී පවතින්නෙත් ඒ නිසාම නේද.ඉතින් ඒකත් මොනතරම් ලොකු පාඩමක්ද නේ

    ReplyDelete
  14. ගල්මල් අය්යෙ...ඍතු වෙනස ලංකාවෙ ඔයතරම් ම පැහැදිලිව දකින්න බැරි නිසා වෙන්න ඇති ඔය දසුන මගේ හිත ඒතරම්ම ඇද ගන්න ඇත්තෙ...අවුරුද්ද පුරා ඔය පින්තුර එකතු කරද්දි හිම වැටෙද්දි ගිහින් ඔය පින්තූර දෙක ගන්න නම් මම ඇත්තටම එළියට බහින්න නොහිතෙන වෙලාවක ආවෙ.. ආසාවටමයි... අනෙක් දවස් වල නම් එච්චර කරදරයක් වුනේ නෑ..
    සමාජීයමය වශයෙන් නම් ඔයා ඒක උපරිමෙන්ම විග්‍රහ කරල..
    (අය්යෙ, අර ඊයෙ එව්ව කවි ලියන අය්ය බ්ලොග් එකක් පටන්ගත්තම මටත් කියන්න හොඳේ..ඒ බ්ලොග් එක ලස්සනට ලියවෙයි කියල මට හිතෙනව.....)


    Praසන්ன- ස්තුතියි ඔයාට

    ReplyDelete
  15. 'මම' නංගි,
    ඔය 3 වෙනි පින්තූරෙයි 4 වෙනි පින්තූරෙයි දෙක හරිම ලස්සනයි වගෙම ඒක ගන්න මම ගොඩක් කරදර වුන නිසාම මට ඒ පින්තූර දෙක ගොඩක් වටිනව.. ඔයාල ඒකට ආසයි කිව්වමත් මට සතු‍ටුයි..
    අපි අමතක කරන්න උත්සාහ කළාට අපිත් ඇතුලුව මේ මුළු සොබා දම ම සිය පැවැත්ම සඳහා සටන් වදිනව...දුක සැප දෙකම දරා ගනිමින්...

    ReplyDelete
  16. 5, 10, 11 කමෙන්ට් වෙනුවෙන් මගේ පිළිතුර

    CC කරනව හැමතැන ශිශිරය දු‍ටුගමන් හ්ම්ම්
    ලොකු අය්යගෙ ගැන නම් දැන් මටත් දුකයි මොනව කරම්
    ළිඳේ වැ‍ටුනු අය ළිං කට හොයාගන්න වෙහෙස දරන්
    ඕන් ඉතින් මං බේරල ඇති තරමට මඩ ගහගන්..

    ReplyDelete
  17. හරි අපූරු එකතුවක්..

    ReplyDelete
  18. මම කැමතිම 4 වෙනි පින්තූරෙට..
    මාත් මේ විදියටම ගසක් ඡායාරූප අරගෙන තියනවා.මම හිතනවා ඒත් මේ ගස් වර්ගයමයි කියලා.
    මොකද?? මම දැකපු හොඳම පැහැදිලි වර්ණ විපර්යාසයක් කරන්නේ ඒ ගස ..
    වසන්තයේ අගදින් මේ රතු පාටට ඡායාරූපයට නැගෙන සැබැවින් කහපාට කොල සහිත ගසේ තියන ගෙඩි..රඹුටන් ගෙඩියට මඳ සමානකමක් දක්වනවද?? චේජනා..
    හරිම අපූරුයි ස්තූතියි ඔයාට මේවා අපිත් එක්ක බෙදා හදා ගන්නවට

    ReplyDelete
  19. නයා.. ස්තුතියි ආවට...

    නිමන්ති අක්කෙ, මේ ගහේ ගෙඩි හැදෙනව මම දැකල නෑ, ඒත් ඔයා කියන විදියෙ ගහක් මම දන්නව.. ගෙඩි ටිකක් ගඳයි නේද.. පොඩි වුනොත් එහෙම..

    මම ළඟ තියෙන සේයා රූ දෙකක් මම දානව ඒ ගහෙත් මේ post එකේ අන්තිමට ම... ඔයා බලන්නකො ඒ ගහ ද කියල...හැබැයි ඒ ගහ අන්තිමට කහපාට වෙලා කොළ හැලෙන්නෙ.. රතු වෙන්නෙ නෑ...(ගහ මේක නම් මේකට මෙහෙදි කියන්නැ 'ඉචියො' වගෙ නමක්..)

    ReplyDelete
  20. හිතවත් චේජනා....

    දැන් පරක්කුත් වෙලා..ඒත් යමක් නොලියාම යන්න හිත් දෙන්නෙ නෑ....මට මේ දර්ශණ පෙළ රස විඳින්න දවසක් විතර යාවි...අනර්ඝයි නගේ...මම දැක්කා උඹේ අසීමිත ඉවසීමක්....

    මේ
    සුලා...

    ReplyDelete
  21. සුලා,

    රස විඳින්න පුළුවන් හිත අරගෙන ආව නිසා එන්න පරක්කු නෑ ඔයා..
    මම වසරක් පුරා බලාපොරොත්තුවෙන් ආසාවෙන් වින්ද ඒ රසය මෙතෙන්ට ආව
    කවුරුත් වින්දම මම ගොඩක් සතු‍ටු වුනා..

    ReplyDelete
  22. apuuru ruupa tika... wenaskam dara gena ape jeewitha wenas wana hati wage..

    ReplyDelete
  23. mokakda are thissa ayyage cc kathawa.. shishiraya hmm kiyala eya mage blog eketh liyala tibba, mama hituwe ee wachane waraddak ati kiyala

    ReplyDelete
  24. අපූරුයි අක්කේ මේ පින්තූර සහ සටහන......... මම කැමතිම 4, සහ 6 පින්තූර දෙකට..... 4 වෙනි රූපය හිතට දෙන ගුප්ත හැඟීමට මම කැමතියි....

    ReplyDelete
  25. ලස්සනයි චේජනා....හරිම ලස්සනයි.
    පුදුම කලාත්මක ඇසක් ඔයාට තියෙන්නේ.

    හැමෝටම මේ විදිහට යමක් විඳින්න බෑ.
    අති විශිෂ්ටයි...සහෝ...

    ReplyDelete
  26. thanks නෙතු අක්කෙ...
    ශිශිරය කියන වචනෙ කිසි වැ‍රැද්දක් නෑ අක්කෙ..

    නංගො, ඔය 6 යි 7 යි පින්තූර දෙක ඇත්තට ම මේ post එකේ පින්තූර නෙවෙයි..නිමන්ති අක්ක අහපු ප්‍රශ්නෙ නිසා දැම්මෙ...
    මම ත් ආසම 4යි 5 යි පින්තූර දෙකට.. ඒ හැබැයි හීතලේ ගැහි ගැහි හිම දිය වුන වතුරෙන් තෙත බරිත වෙද්දි ඒ දෙක ගන්න මම ගොඩක් කරදර වුන නිසා...

    නිල් අහස... ගොඩක් ස්තුතියි ඔයාට...ඔහොම කියද්දි මහන්සි වෙලා හරි මේ වගෙ දේවල් එකතු කරන්න හිතෙනව...

    ReplyDelete
  27. වත් කිව්ව වගේ "කතා කරන පින්තූර" හරිම අගෙයි නගේ . . . මේ වැඩේ වටිනාකමා කියන්න වචන නෑ සිරාවටම . . .

    ReplyDelete
  28. thanks දුකා අය්යෙ...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...