Monday, March 15, 2010

සුදු අරලිය මල...


පංසල් මළුවෙදි
පයට නොපෑගෙන
මහ මග වැ‍ටුනොත්
තැලී පෙලී යන

සුදු අරලිය මල...

http://farm4.static.flickr.com/

31 comments:

  1. කෙටි කවෙන් කියවෙන්නෙ දිග කතාවක්. අපූරුයි අක්කේ.

    මිනිස්සු සමහර දේවල් කරන්නෙ හදවතට එකඟව නෙමෙයි. යම් යම් නීති මාලාවන්ට සහ ඒ ඒ පරිසරයන්ට මිනිස්සු යාන්ත්‍රිකව වගේ හැඩගැහිල. ඉතින් ඒවා තුළ එකම දෙයට සහ පුද්ගලයාට විවිධ වටිනාකම්, සැලකිළි සහ ගරු සත්කාර ලැබෙනව.

    ReplyDelete
  2. අරලිය මල් .... මට හරිම සුන්දර අතීත මතකයන් ගෙන එනවා... ඇයයි මමයි ඇයගේ විශ්ව විද්‍යාලය ලඟ ඉඳලා පයින්ම ආවා Glaas House එක ලඟට... උනු උනුවෙම මොකක්හරි නිසා බිමට වැ‍ටුනු අරලිය පොහොට්‍ටුවක් ඈ ඇහිඳ ගත්තා... අතේ ටිකක් වෙලා ගුලිකර ලා ඉඳන් මට අත දිගහැරලා පෙන්නුවා... පොහොට්‍ටුව පිපිලා ඇගේ අතේ උනුසුමට... මගේ ජීවිතේ වාගේම...

    ReplyDelete
  3. Raven,ඔයා හරියටම හරි මල්ලි, මේ පද පේලි කීපයෙන් මට කියන්න ඕනෙ වුනේ ඔය දේ ඔහොමම තමයි. යාන්ත්‍රිකත්වයට යට වුනු අපි ගැන.

    ReplyDelete
  4. තිස්ස අය්යෙ, ඔයාගෙ කතාව ගැන නම් තව කවියක් ලියන්න වෙනව. ඒ කතාව මේ කවියෙන් කියන්න බෑ, (කමෙන්ට් එකෙන් වුනේ අක්කව දකින්න මගේ ආසාව වැඩි වෙන එක විතරයි)

    ReplyDelete
  5. හිත් වැඩ කරන හැටි පුදුමයි...
    ඔයාගේ කවියට Raven ගේ කදිම ඌන පූරනය කියලා නොකිව්වා විතරයි...
    මට කවි ලියන්න බැරි නිසා ඔයාට මේ ගැන කවියක් ලියන්න නොකිව්වා විතරයි...
    නංගී ඒ දෙකම කිව්වා...

    Raven ගේ පරිකල්පනය බොහෝම උඩ තැනක තියෙන්නේ... ඒ දරුවා එක්තරා විදිහක දියුණු චින්තකයෙක් කියලයි මට නම් හිතෙන්නේ... සංසාරෙන් ගේන දේවල්...

    ReplyDelete
  6. raven කියන්න ඔනි හැම දෙයක්ම කියල... හරිම ලස්සන වගේම අරුත්බර කවියක්.

    ReplyDelete
  7. ඇත්තමයි..
    කෙටිපදවලින් ලොකු කතාවක්
    සත්‍යයක් සගවලා ඒ තුල
    අලුත්බර නිර්මාණයක් සිස්

    ReplyDelete
  8. ඇත්තෙන්ම ජීවිතේ එකතරා යථාර්තයක් ගැන ලොකු කතාවක් වචන කීපෙකින් ලස්සනට කියලා තියෙනවා. අපූරුයි .

    ReplyDelete
  9. රේවන් කවිය ගැන උපරිම දේ කියල තියෙන්නෙ... අපූරුයි අක්කෙ නිර්මාණය..... ලොකු කතාවක් කෙටි කවකින්....

    ReplyDelete
  10. ඇහුනද...? මෙන්න වර්‍ණනාව පටන් අරන්... හවසට රෝස මල් දෙක තුනක් වත් අරන් එන්න වෙයි...

    ReplyDelete
  11. රවෙන් ට, දිල් නංගට, පිස්සා පලාමල්ලට, විශ්මි නංගට දුකා අය්යට තිස්ස අය්යට හැමෝටම ස්තුතියි.
    දැන් ලියන එක පිස්සුවක් වගේ වෙලා, මොනා හරි දැක්කම තවත් මොනා හරි ලියන්න හිතෙනව, බලන්න ආදරනීය යාලුවො ගොඩක් ඉන්න නිසා,
    රවෙන් නම් මටත් පැහැදිලිව කියා ගන්න බැරි වුනු හැමදේම කියල,
    (හවසට රෝස මලුත් අරන් එන්න වෙයිද?)

    ReplyDelete
  12. හැමදාම.. ඔය කවිය.... හිතන්න දෙයක් දීලා යනවා, අපට අමතක වෙලා තිබුනු.

    ReplyDelete
  13. හපොයි Raven මල්ලියේ තාම දවස් හතරයි...හිතනවවත් නෙමෙයි නොරිකෝ සං බලන්න යන්න....රෝස මල් ඇතිව හෝ නැතිව... විශ්මිත හද කම්පා වනු ඇත...

    ReplyDelete
  14. තිස්ස අයියා සහ චේජනා අක්කා- හහහ..රෝස මල් කෙසේ වෙතත් දැන් කැන්ද කොල කඩන්න යන්න වෙලා හෙට හැලප හදන්න. කුරියර් කරන්නද හැලපයක් එහෙම ඔය පැත්තේ :P

    ReplyDelete
  15. ශිහ් මෙච්චරව මට සිලිටි වට ගෙනාපු සාකච්චාව අස්සේ හැලපයක් ගැහුවනේ.... අගැයුවා වැඩී... තාම සමරනවද මංදා දෙකක් දාගෙනම...

    ReplyDelete
  16. හෝව් හෝව්... මොනවද මේ කථා..? කාටද රෝස මල්.. ? කවුද මේ නොරිකො සං....... ? තිස්ස අයියේ මොකො මේ වෙන්නේ..... ?

    ReplyDelete
  17. නෑ.... මේ.... අපි .....මේ..... මේ... අර...අර... ආ... මේ සරච්චන්ද්‍ර ගේ පොත් ප්‍රදර්ශනයක් බලන්න යන්න ..... බණ්ඩාරනයක සම්මන්ත්‍රන සාලාවේ.... මේ ....මේ ...එන ගමන් සුදර්ශියේ මල් පැල ප්‍රදර්ශනයෙන් පැල හරි මල් හරි ගමු කිව්වා Raven.... මම නෙවේ....

    (හප්පා.... සුනාමියක් උඩින් ගියා වගේයි... ඔක්කොමල මාව බිල්ලට දුන්නා)

    ReplyDelete
  18. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව මේ දිනවල අළුත් වැඩියා කෙරෙමින් පවතී....... රේවන් මල් පැළ වවන්නේ නැත..... බොරු දෙකයී......හ්ම්ම් හ්ම්ම් දැන් කවුද මට ඇත්ත කියන්නේ.....

    ReplyDelete
  19. සංසාරේ....අනේ මගේ නංගියේ අපි වෙනදෙයක් ගැන කතා කරමුකෝ...
    මේ... මේ ...ඔය හැලප හදන්න කැන්ද කොලම ඕනෑද....?

    ReplyDelete
  20. නෑ මයෙ හිතේ කහඹිලියා කොල වලිනුත් හදන්න පුලුවන්..... :D

    හා හා ඉතින් අයියණ්ඩි පව් නිසා කතාව නවත්තමුකො... මං අනිත් කෙනාව අල්ල ගන්නම්..... ;) ......

    ReplyDelete
  21. ගෙදර අයිතිකාරී, Raven, රවා, දුකා, මාරයා, කොහෙවත් ඉන්න යෝගී, දිල්, උඹල ඔක්කොමල මාව තනිකලා...කමක් නෑ... මමමනේ මලා කියලා පෝස්ටර් ගැහුවේ... අනේ අපිට නම් අර කිව්වා වාගේ අතට අහුවෙන දෙයකින් ගැහුවත් කමක් නෑ... අර අහිංසකයව අල්ල ගන්න එපා ඕං...

    ReplyDelete
  22. මගෙ අම්මෝ, මම ටිකක් එළියට ගිහිල්ල එනකොට ගෙදරට හොරු පැනල වගේ, හොරු හොරකම් කරගෙන ගියානම් කමකුත් නෑ, එහෙම නෙවේ කතා කර කරත් ඉඳල,

    (රවෙන් අපි හැලප කනවෝ..
    හැබැයි කැන්ද කොළවල..)

    ReplyDelete
  23. අනේ නිල් අහස ඇවිත් ගියාට ගොඩක් ස්තුතියි, ඒත් මම නැති අතරෙ ගෙට හොරු පැනල.

    ReplyDelete
  24. හරිම ලස්සනයි චේජනා..... (අක්කාද නංගාද කියලා දන්නේ නම් නෑ සමනලී...?)

    අරලියා මල විතරක් නෙවී මම හිතන්නේ... මිනිස්සුන්ගේ ගුණ යහපත්කම් වලටත් වෙන්නේ ඔයා ඔය කවියෙන් කීව දේමයි... හරි තැනදී සුවදවත් වෙන ගුණ යහපත් කම් ඒවා නොහදුනන (නො)මිනිස්සු ඉස්සරහ පෑගිලා ඉරිතලලා යනවා......

    ReplyDelete
  25. සමනලී නංගා, ඔය තවත් පැත්තකින් මම ලිව් දේ ගැන හිතල, තැන්ක්ස්

    ReplyDelete
  26. වේජනාථ ඔයා නං අමුතුම කේස් එකක්. පේලී 4න් හෙන ලොකු ටෝක් එකක් දෙනවනේ. හරිම අපූරුයි! ලියන්න පේලී 4 යි හිතන්න පැය 4

    ReplyDelete
  27. බුද්ධි, තෑන්ක්ස් ඇවිත් ගියාට, අපි හැමෝම අමුතුම කේස් තමයි, ඔයා ලිව්වම අපි වරු ගනන් හිනාවෙන්නෙ,
    (ඔයාද පැය 4 ක් හිතුවෙ, මම නම් එච්චර වෙලා හිතුවෙ නෑ)

    ReplyDelete
  28. චෙජනා හැමදාමත් වගෙ ඔයා අදත් අපිට පාඩමක් කියලා දෙනවා.. හරිම ලස්සනට ජිවිතය දකිනවා.... බලන්න ඔයා කොච්චර ලස්සනට එක කියනවද කියලා...ඔයා තප්පර 600 ක් හිතලා දෙයක් ලිව්වට එ දෙ ඇතුලෙ විනාඩි 600 ක් කල්පනා කරන්න පුලුවන් දෙවල් තියෙන්න පුළුවන්.. එක විඳින කෙනාගෙ ශක්තිය මත තිරණය වෙන දෙයක්.. සාහිත්‍ය කරද්දි සමහර කවි තියනවා..අපි දවස් ගනන් කල්පනා කරලා ගුරුවරුත් එක්ක කතා කරලා, යහලුවොත් එක්ක තර්ක කරලා, එවගෙ තාල, වචන වලින් එන අර්ථයන් හොයපු.. සමහර වෙලාවට එම කවි ලියපු කෙනා විසි කරන කොල කැල්ලක් ලියපු කවි.. මම මෙ කවි වලින් ඔයාව දකින්නත් ඔයාව අදුන ගන්නත් උත්සහා කරනවා.. ඔයා මෙහෙම කෙටියෙන් ලියපුවහම මට අමාරුයි... එක කරන්න.. නමුත් රසවත් වින්දනයක් එක...

    ReplyDelete
  29. චේජනා අක්කා Sherlock Holmes වෙල මගේ පස්සෙන් පන්නන්න ගත්තෑයින් කවියට comment කරන්නත් බැරි වුණා.

    ඇත්ත.. අපි බොහෝ දෙනා ක්‍රමලේඛනය කළ යන්ත්‍ර වගෙ...
    එකම වස්තු විෂය කෙරෙහි අවස්ථා දෙකකදි අපි දෙවිදියකට හැසිරෙන්නෙත් ඒ ක්‍රමලේඛනයට අනුවමයි... පුදබිමකදි පූජනීය දෙයක් වන සුදු අරලියා මල.. ඉන් බැහැරව නොවටිනා දෙයක් වෙන්නෙත් ඒ නිසයි...

    ReplyDelete
  30. ප.ලි.
    අපූරුයි අක්කේ.. හැමදාම වගේ එක වදනකින් දෙකකින් ලොකු කතාවක් කියන්න ඔයා අදත් උත්සාහ දරල තියෙනව.. ඔයාගෙ ඒ අනන්‍යතාවය මේ හැම කවියක් තුළම සැඟවිලා තියෙනවා..

    ReplyDelete
  31. රවා.. ඔයා කවිවලින් මාව අඳුනගන්න බලන්නකො දැනට, මම බලන්නම්කො සැරින් සැරේ දිග කවිත් ලියන්න,පස්සෙ මාව ඇත්තටම අඳුනගන්න පුළුවන්, ලංකාවට ආවම,

    රවා.. ඔයා කවිවලින් මාව අඳුනගන්න බලන්නකො දැනට, මම බලන්නම්කො සැරින් සැරේ දිග කවිත් ලියන්න,පස්සෙ මාව ඇත්තටම අඳුනගන්න පුළුවන්, ලංකාවට ආවම,

    සන්සරසිදු මල්ලි, ඔයාට පස්සෙ ලියන්නම් මම දිගට, කවිය ගැන කමෙන්ට් එකට ස්තුතියි,

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...