
ගැහැණියකගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ මවක වීමෙන් පසුයි කියල කියනව මම බොහෝ වෙලාවල්වල අහල තියෙනව..ඇය පළමු වතාවට මවක කරමින් තමයි මම ඉපදිලා තියෙන්නෙ..
මට යන්තමට ඇවිදගන්න කතා කරගන්න පුළුවන් වෙද්දි වෙච්ච මේ සිදුවීම් මට හොඳටම මතක ඒව නම් නෙවේ.. වරින් වර මගේ අතීතයෙ මතක ගැන කතා කරද්දි මව සහ පියා කිවු දේවල් සහ යන්තමින් මගේ මතකයෙන් අහුලන්න පුළුවන් දේවල්..
මට පුංචි කාලෙ තිබිල තියෙන්නෙ නොසන්සිඳෙන කුතුහලයක්..විශේෂයෙන්ම මාව නිදි කරන්න ගියාම එපාම වෙනවළු. අම්ම කියන හැම නැලවිලි ගීයෙම තේරුම අහන නිසා..
ඒත් අපේ අම්ම මාව නළවල තියෙන්නෙත් ඈ විසින්ම තෝරගත් ගී කිහිපයක් ගයමින්..
ඉන් එකක් නන්ද මාලිනිය ගයන "සරුංගලේ වරල් සැලේ" කියන ගීය.
එහි ගැඹුරු අරුත වන ආසියානු බුද්ධි ගලනය ගැන අදහස කිසිසේත්ම නොතේරුනත් "සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි" කියද්දි ඒ ගැන සංවේදි වෙන හිතක් ඇති කරන්න මගේ අම්ම ඉන් සමත් වෙලා තියෙනව..
මා වෙනුවෙන් ඇය ගැයූ නැලවිලි ගී අතර තවත් එක් සුවිශේෂි ගීයක් තියෙනව..ඒ තමයි මර්සි එදිරිසිංහ මහත්මිය ගයන
"මඩේ ලගින තාරාවුන් නාවන්නද මං" කියන ගීය
ඉස්සෙල්ල කිව්ව වගේ හැම පදයකම තේරුම අහන මාව ඔය ගීය ගයල නළවද්දි නම් ඇය " චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං" කියන පද පේළිය මා වෙනුවෙන් ගයල නැහැ.
ඒ ගීය මුල් වතාවට ගුවන් විදුලියේ අහද්දි මට අවුරුදු 16 ක් වගේ වෙද්දි තමයි මම දැන ගත්තෙ ඒ ගීයෙ එවන් පද පේලියක් ඇති බව..
කුඩා මා සිත සංවේදි කරමින් ඈ ගැයූ නැලවිලි ගී ගැන ඉතාම කෙටියෙන් කළ මේ සටහනත් මගේ සිතේ ඈ වෙනුවෙන් ඉපදුනු කෘතවේදීත්වය සමගින් ඇයට පුදකරනවා.
සේයා රුව :http://www.nd.edu/~jmckenn1/lab/images/pictures.jpg
මගේ පුතාව කොට්ටේ තියලා නලවන කාලේ වයිෆ් මට තමයි ඒ වැඩේ බාර දුනේ. මම පුතාව නැලෙව්වේ "මුහුදු පතුල යට ඉඳලා. . මුතු කැටයක නිදි කරවා. . .", සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා . . මතු සක්විති රජෙකු මගේ උකුලේ නිදනවා" "දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ"" මගේ පොඩි යාළු. . නෙලමුද ඕලූ" ගීත කියලා.
ReplyDeleteසමහර වෙලාවට කොල්ලට නිදිමත වුනාම ඌ මගේ කට වහනවා හරියට "දැං ඇති මට නිදිය ගන්න දෙන්න" කියන්න වගේ.
සමහර විට "මොන කන් කරච්චලයක්ද දෙයියනේ මේ" කියලද දන්නේ නෑ ඌට හිතුනේ හික් හික්
එක එක අය එක එක විදිහට. මටනම් මතක නැ මම කොහොමද මේ කාලේ කියලා.
ReplyDelete@දුකා..
ReplyDeleteඒත් අයියෙ මට හිතෙන්නෙ එහෙම නලවන දරුවො හරි වාසනාවන්තයි. මොකද දෙමව්පියන්ගෙ ආදරේ එයාලගෙ හිත අතුලටම කිඳා බහින නිසා..
@isaman
අහල බලන්නකො ඔයාගෙ අම්මගෙන්.. එයා ළඟ ඇති ඔයා නළවපු හැටි ගැන මත ක ගොඩා..ක්
සමනලිටත් තියෙනවා සමනලීගේ අම්මා සමනලී දොයි කරපු කාලේ ගැන ආදරණිය මතකයන්.... ඒ දවස් වල අම්මාට මහන්සි දැනිලා උකුල පද්දන එක පොඩ්ඩකට හරි නැවැත්තුවාම සමනලී තනියම වැනෙනවලු "කෝ අම්මේ තව ටිකක්" කියන්නා වාගේ. ආදරේ කරුණාව පුරෝලා අම්මා කියන නැලවිලි ගීත අහන් නිදා ගන්න අත්දැකීම ජීවිතේ අපි ලැබිය යුතුම සුන්දර අත්දැකීමක්...
ReplyDeleteඔව් පුංචිසමනලී, ජීවිතේට දෙසරයක් නො එන ඒ කාලෙදි ඒ සුන්දර අත්දැකීම විඳින්න ලැබෙන පුංචි පැටව් හරිම වාසනාවන්තයි..
ReplyDeleteමගේ ඇස් වලට කදුලු ආවා මම දන්නේ නැ ඇයි කියලා
ReplyDeleteඔබ එතරම්ම සංවේදීව මගේ සටහන
ReplyDeleteකියෙව්වට ස්තුතියි.