Monday, March 1, 2010

සෙනෙහස..



පෙම්වතුන් වූ මුත්.. අහිමිවන අපහට
රාගයේ සෙනෙහසේ වෙනස නොම දන්නා..ඔබගෙන්
මගේ සෙනෙහස නිගා ලැබුවද..
සෙනෙහස නම් උතුම්.. නොපෙරලේ ඒ වෛරයට..

මුළු ලොවම ඔබ හා හිඳිනා මොහොතක..
යන්න වෙන්වී මා ළඟින්..
ලොවම රිදවුම් දුන් එක් මොහොතක
එන්න මා වෙත..
මුළු ලොවම ඔබ හැරදා ගිය සඳ
එන්න මා වෙත..
ඔබට පුද දුන් සෙනෙහස..තවත් ඉතිරිය
මා.. හද තුළ..

තනුව වී වැයෙන්නම් ඔබේ ජීවන ගීතයේ..
මං සලකුණක් වෙන්නම් ඔබේ ජීවන මාවතේ..
පන්හිඳක් වෙන්නම් ගලපනා පදවැල්..
අත්වැටක් වෙන්නම් යන්න එතෙරව..
ඔබේ ජීවන මග දිගේ..

6 comments:

  1. ප්‍රේමණීය පද පෙළක්. ලස්සනයි නිර්මාණය.

    ReplyDelete
  2. ලස්සන සිතුවිල්ලක්...

    ReplyDelete
  3. හැඟීම්බර පද පෙලක්..ලස්සනයි..

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි.. කමෙන්ට් කරල ගියාට

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

සරසවි වරම්

මගේ ජීවන සහකරුගේ මතයට අනුව මගේ මුළු ජීවිතයම සරසවියකි.  යාන්තම් විසිවිය සපුරන විට සරසවියකට ගොඩ වැදී, එතැන් පටන් විසිපස්වසරක් සරසවිවල ම ගතකළ ම...