
පෙම්වතුන් වූ මුත්.. අහිමිවන අපහට
රාගයේ සෙනෙහසේ වෙනස නොම දන්නා..ඔබගෙන්
මගේ සෙනෙහස නිගා ලැබුවද..
සෙනෙහස නම් උතුම්.. නොපෙරලේ ඒ වෛරයට..
මුළු ලොවම ඔබ හා හිඳිනා මොහොතක..
යන්න වෙන්වී මා ළඟින්..
ලොවම රිදවුම් දුන් එක් මොහොතක
එන්න මා වෙත..
මුළු ලොවම ඔබ හැරදා ගිය සඳ
එන්න මා වෙත..
ඔබට පුද දුන් සෙනෙහස..තවත් ඉතිරිය
මා.. හද තුළ..
තනුව වී වැයෙන්නම් ඔබේ ජීවන ගීතයේ..
මං සලකුණක් වෙන්නම් ඔබේ ජීවන මාවතේ..
පන්හිඳක් වෙන්නම් ගලපනා පදවැල්..
අත්වැටක් වෙන්නම් යන්න එතෙරව..
ඔබේ ජීවන මග දිගේ..
ප්‍රේමණීය පද පෙළක්. ලස්සනයි නිර්මාණය.
ReplyDeleteලස්සන සිතුවිල්ලක්...
ReplyDeleteහැඟීම්බර පද පෙලක්..ලස්සනයි..
ReplyDeleteගොඩක් ස්තුතියි.. කමෙන්ට් කරල ගියාට
ReplyDeleteලස්සනයි
ReplyDeletethank you kanchana
ReplyDelete