
ශීත හිම සළු වසා පොරවා..
රුදුරු බව ඒ තුලින් සඟවා
සොඳුරු දසුනක් මවා නෙතු අග..
හිරු නැගෙන රට එකළු කළ මුදු..
නිමේෂයකදි රුදුරු ගිනිදළු..
"ෆුජි-සන්" ගිනිකන්දක්..
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
ohayo gozaimasu..!
ReplyDeleteගිනි කන්ද ලෝදිය වගුරුවන්නේ නැතිව වෙන මක් කරන්නද නංගියේ... ඒකට සොඳුරු බවක් ආරෝපණය කලේ ඔයාමයි...
odaijini...
ඒකත් ඇත්ත..
ReplyDelete"දිඹුල් ගහක් යටට ගිහින් අඬන්නෙපා මල් ඉල්ලා"
කියන්නෙ නිකන්යැ..නේ අය්යෙ..
kiyoskette...
තිස්ස අයියා කිව්වා වගෙ ගිණි කන්ද කොයිතරම් සොදුරුව දැක්කත් පිට කරන්නේ ලෝ දියනෙ වේජනා....
ReplyDeleteඒත් සොදුරු බව අඩුවක් නැතුව පෙන්නන්නේ හරියට අපිව රවට්ටන්න වගෙ......
පටන් ගැන්ම තමයි අමාරු .... දිගටම ලියන්න මමත් පොත් 3 පිරෙන්න නිසදැස් ලිවුවා මතකයි!
ReplyDeleteඔව් දිල්.. ඒ සොඳුරු දසුන දැක්කම මට ඒක අමතක වෙලා යනව ඇති. ඒකයි ඒක මතක් වුණාම දුක හිතෙනව ඇත්තෙ..
ReplyDeleteස්තුතියි චානක.. දිරිමත් කරල ගියාට..
මට නම් හිතුනේ මේ සටහන දැක්කාම ඕනෑම කුරිරු කෙනෙකුගේ වුනත් සොඳුරු බවකුත් තියෙන්න පුලුවන් නේද කියන එකයි. ඇයි අපි උත්සාහ නොකරන්නේ ඒ කුරිරු බවට යටින් තියෙන සොඳුරු බවට පෙම් කරන්න . . .
ReplyDeleteඒ කුරිරු බවට යටින් තියෙන සොඳුරු බවට පෙම් කළොත් සමහරවිට අපිට ඒ කුරිරු බව අඩු කරල දාන්න හරි නැති කරල දාන්නත් පුළුවන් වේවි..
ReplyDeleteකොහොමටත් "ෆුජි-සන්" සම්බන්ධයෙන් නම් සහසක් ජපන් ජාතිකයින් ඒක කරනව.. කුරිරු බව අමතක කරල ජපන් ජාතිකයින් "ෆුජි-සන්" ට පෙම් බඳින්නෙ ඒ හින්දම වෙන්න ඇති.
මමත් ඉස්කෝලේ යන කාලේ ෆුජියාමා ට පෙම් කලා. අනිත් උන් හිනා වුනා ඒක ගිනි කන්දක් කියලා. . . මම ඒත් දැක්කේ ඉඳලා හිටලා තරහා යන වැඩි කාලයක් සුන්දරව ඉන්න ෆුජූ සං කෙනෙක්ව . . . උඹ මගේ ඒ පෙම්වත් මතකේ අලුත් කලා නගේ . . .
ReplyDeleteමාත් එක්ක "ෆුජි-සන්" ට පෙම් බඳින්න එකතු උනාට ස්තුතියි අය්යෙ..
ReplyDeleteඔයා..මාවත්..බලන්න ඇවිත්..තිබුනා දැක්කම, හුඟක් සතුටු හිතුනා.
ReplyDeleteඒවගේම..
" කාගෙ හරි අතින් හිත රිදුනම ටිකක් ඇඬුවත්, වෙනස්වීම්වලට
ඉක්මනට ඔරොත්තු දීල ජීවිතේ විඳින කෙනෙක්.."
කියන කතාව දැක්කම..හිතුනා..- හරියට මං වගේ කෙනෙක් කියලා-
පිටින් කොතරම් සොදුරු උනත්...ඒක ඇතුලේ තියෙන්නේ, කෙනෙක් දවා හලු කල හැකි ගින්දර නම්, ඒ බව දැන දැනත්..මට නමි, ඒ වගේ දෙයකට පෙම් කරන්න, අමාරුයි ..චේජනා.
නිල් අහස..
ReplyDeleteගොඩක් ස්තුතියි ඇවිත් ගියාට..
ඇතුලේ දැවෙන්නෙ ගින්දර කියල දැන දැන මේ මිහිතලයෙ ජීවත් වෙන ඒකට පෙම කරන අපි කොහොමද කියන්න අපිට එහෙම කරන්න බෑ කියල.. මට හිතෙන්නෙ නම් එහෙමයි.. අපි උපතින්ම ඇතුළ ගිනිගෙන දැවෙන මිහිතලයට පෙම් බඳිනව නේ.