
මේ ලෝකෙ හැම සත්ත්වයෙක්ම බැඳෙන පොදු හා ප්රිතම බැඳීම බැඳෙන්නෙ අම්ම එක්ක කියල තමයි මට හිතෙන්නෙ..හැමෝටම වගේම මටත් මගේ අම්ම මගේ ජීවිතේ ජීවත්වෙන ආදරණීයම කෙනා.. මම වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන එකම කෙනා..
මේ මගෙ අම්ම ඉපදුනු මාසෙ. ඉතින් මට හිතුන ඈ ගැන යමක් ලියන්න කියල..
සරලව කිව්වොත් ඇය ගුරුවරියක්.. එක්තරා දුෂ්කර පාසලක දහසක් දරුවන්ට අ යන්න ආ යන්න කියල දුන්නු බාලාංශ පන්තියෙ, නොකඩවා අවුරුදු විස්සක් තිස්සෙ උගන්වපු ගුරුතුමිය..
මාව මව් සෙනෙහස විඳි දරුවෙක් කරන්න ඇගේ බාහිර උපාධියත් අතරමගදි නැතිකරගත්ත ඇය ලංකාවෙ කිසිම සරසවියක උපාදිධාරිනියක් නෙවෙයි.. ඒත් ජීවිත සරසවියෙ ගෞරව උපාදිධාරිනියක්..
ඇය අද තම ජීවන ගමනේ විවේක සුවය විඳිමින් නිවසේ රැඳිල ඉන්නව..ඇය ගෙවා ආ ජීවිත ගමනෙ මවක්, ගුරුවරියක්, බිරිඳක්, විදියට විවිධාකාර වූ භූමිකාවන් රැසක් ඇය නිරූපනය කළා..
ඉතින් මට හිතෙනව ඇයට ගරු කරන්න පුළුවන් එක විදියක් තමයි මා දුටු ඇයව, මගේ සිතිවිලි අකුරු කරන එක.. ඉඩ තියෙන විදියට මේ මාසෙ ඇතුළත මම ඒක කරනව, මේ මාසෙ අන්තිමට එළඹෙන ඇගේ උපන්දිනයදා ඇයට සුවිශේෂි වූ තැග්ගක් විදියට ඒක ලැබේවි..
සේයා රුව:http://www.spraguephoto.com/
මමත් පිළිගන්නවා මව් සෙනෙහස.... නමුත් මම මේ ලෝකේ දැක්ක හොඳම අම්මා තමයි මගේ බිරිඳ....
ReplyDeleteoba wenuwen nam birinndha kiyanne asahaaya charithayak bawa ithin api dannawane.. :)
ReplyDeleteඅනේ මම හිතුවේ පද ගැලපුමක් කිවුවම ... කවියක් කියලා .. :(
ReplyDeleteකමක් නෑ. අම්මා ගැන පුංචි වදන් ගැලපුමක් හරි කියෙවුවනේ.
Thejan
http://lankanthoughts.blogspot.com
P.S. Remove this word verification
පද ගැලපුම කිව්වම එහෙම වැරදි අදහසක් ආව නම් සමාවෙන්න.
ReplyDeleteස්තුතියි ලියල ගියාට..