Thursday, February 25, 2010

නින්ද




සුවයහන පලය කිමද නිදි නැති නම් ‍රැය පුරාම..
මල් යහනක සුව අවැසිද සැනසිල්ලේ නිදා ගන්න..
වීදි කොනේ අගුපිල්වල ගතවෙන මුලු ජීවිතයම..
සැනසිල්ලේ නිදා ගන්නෙ ඒ මිනිස්සු විතරක්මද..?

පන්පැදුරක මැටි ගෙබිමක
ඒ නැත්නම් වීදි කොනක
කලබල සීතල අභියස
නින්ද සදන රහස කිමද..?
යහනක් මුදලට ගත්තට
නින්ද ගන්න බැරි නිසාද..?

3 comments:

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Being true to self

වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීම...