Thursday, February 4, 2010

සඳ..


ගනඳුරු අඹරේ දිලෙන සරා සඳ..
මැදුරු සඳැල්ලෙන් ඔබ දකිනා සඳ..
වීදි කොනේ සිට මා දකිනා සඳ..
සැමට සමයි ඒ සොඳුරු සරා සඳ..

කවියන් කවිසිත් පුබුදන පුර හඳ..
සොඳුරියගේ මුව මවනා රෑ සඳ..
සහසක් තරුකැට මැද දිලෙනා සඳ..
සොඳුරු සිසිලසේ උපමාවයි සඳ..

බිඳුණු වීදුරුව අතරින් දු‍ටු සඳ..
වීදි සරන ලිය පාරන පුර හඳ..
රිසිද නොරිසි වූ සැම ලෝවැස්සන්..
නෙත ගැටෙනා මුදු සිසිල සරා සඳ..

5 comments:

  1. අයියෝ!!! ඔයාට මාව අමතක වෙලානේ..
    පිස්සු හැදෙන සඳ කෝ??

    ReplyDelete
  2. හඳ හැමෝටම එකම විදිහට සිසිලස එළිය බෙදනව.එත් එක් අයට හඳ පේන්නෙ එක එක විදිහට සමාජ යතාර්ථය අපූරුවට පෙන්නල තියෙනව.
    සුභ දවසක්

    ReplyDelete
  3. තෑන්ක්ස් කමෙන්ට් දෙකටම..
    @ පිස්සා- ඔව් මට තිබුනෙ අන්තිමට පිස්සු හැදෙන සඳ කියලත් දාන්න... : ))
    @ දයියා- මට හිතුනු හැටි ඇගයීම ගැන මට හරිම සතු‍ටුයි..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

නිහඬ නොගැලපීම - The silent mismatch

 අද ඉඳන් ලියන්න යන්නේ තවත් අලුත්ම පැතිකඩක් වෙත ඇරෙන මාතෘකාවක් ගැන... තමා, තමා අවට සමාජයේ ජීවත්වන අනෙක් මිනිසුන්ට වඩා බොහෝ වෙනස් බව කුඩා වයසේ...