
යමනොතේ ලයින් එකේ
ටෝකියෝ යද්දි
නොරිකො සං මුන ගැහුණ
අද උදේ..
මළවුන්ගේ අවුරුදු දා,
දෙවෙන්දරා සං එනකන්
බලා ඉන්නව නම් නෙවෙයි,
ගොෂු ජින් එක්ක
වැඩට යනව...
වැරැද්දක් කියන්නත් බෑ.......
නොරිකො සං ජීවිතේ තනි කරල
දෙවෙන්දරා සං ජීවිතෙන් සමුගත්තට,
නොරිකො සං ජීවත් වෙන්න ඕන නෙ...
ගොෂු ජින්- Her Husband
www.edupics.com/japanese-lady-t11873.jpg
ඇත්ත..ජීවිතේ ගලාගෙන යන්න ඕනෙ අක්කෙ.
ReplyDeleteදෙවොන්දරා සං උනත් අහිතක් හිතන එකක් නෑ ආදරය කලා නම්.
http://blog.inetlanka.com/
ReplyDelete:|ආයත් හිතන්න දෙයක්.
ReplyDeleteකතාව ඇත්ත අක්කෙ... ජීවිතේ කියන්නෙ අහිමිවීමකින් නතර විය යුතු දෙයක් නෙවෙයි.... හැමදාම වගේ අපූරු සිතුවිල්ලක්.....
ReplyDeleteඑකම ජිවිතෙ ඇතුලෙ චරිත දෙකක් ජිවත් වෙනවා... අපුරුයි ඔබ හොයන් තියන විසඳුම... මම හරිද අක්කෙ......
ReplyDeleteජීවිතේ නවතින්නේ නෑ.
ReplyDeleteකවුරුවත් වෙනුවෙන්....
කිසිදෙයක් වෙනුවෙන්...
“නොරිකො සං ජීවිතේ තනි කරල
දෙවෙන්දරා සං ජීවිතෙන් සමුගත්තට,
නොරිකො සං ජීවත් වෙන්න ඕන නෙ... “
එහෙම නේද චේජනා අක්කි...?
රේවන් මල්ලි, විශ්මි නංගි
ReplyDeleteජීවිතේ කියන්නෙ අහිමිවීමකින් නතරකරගන්න පුළුවන් දෙයක් නෙවේ, ඒත් ඒක සමාජය දකින්නෙ නෑ, දහසකුත් නොරිකො සං ල සමාජය විසින් හෙලා දකින්නෙ ඒ නිසා,
බුද්ධි, මම ලියද්දි ලියවෙන්නෙම ඔය වගේ දේවල්..
ඔව් රවා, දෙවෙන්දරා සං ට තිබුනු නොරිකො සං ගෙ ආදරේ මැරුණෙ නෑ, ඒත් මේ ප්‍රායෝගික ලෝකෙ නොරිකො සං ට තනියම ජීවත් වෙන්න අමාරුයි නේ, ඉතින් එයා තව කවුරුහරි එක්ක ජීවිතේ බෙදා ගන්නව.. නේද? ඒක චරිත දෙකක් විදියට දකින්නත් පුළුවන්..
සන්සරසිදු,
ReplyDeleteජීවිතේ අපි කවුරුවත් වෙනුවෙන් නවතින්නෙ නෑ මල්ලි,
ජීවිතේ ඒ මොහොත ලැබෙන දුක සතුට දෙකම දරාගෙන,
ඒ සියල්ලමත් එක්ක ම විඳින්න ඕන.. මම දකින නොරිකො සං
ඒ අහිමිවීමෙන් පස්සෙත් ජීවිතේ විඳිනව...
සමාජය ඒක නිවැරදිව දකින්න් ඕනෙ කියන එක තමයි මට කියන්න ඕනෙ වුනේ..
“නොරිකො සං ජීවිතේ තනි කරල
දෙවෙන්දරා සං ජීවිතෙන් සමුගත්තට,
නොරිකො සං ජීවත් වෙන්න ඕන නෙ... “
කියල
චේජනා අක්කි,
ReplyDeleteමං අදහස් කළෙත් ඒකම තමයි.. නොරිකො සං කැමති වුණත් නැතත් එයාට ජීවත් වෙන්න සිද්දවෙල තියෙනව.. තව කාත් එක්ක හරි ජීවිතය බෙදා ගන්න වෙල තියෙනව... අද සමාජයෙ සැමිය නැතුව, බිරිඳක් කොහොමද තනියම ජීවත් වෙන්නෙ... සමහර විට දෙවෙන්දරා සංගෙ මතකයත් තුරුලු කරගෙන නොරිකො සං තව කෙනෙක් එක්ක ජීවිතය බෙදා ගනීවි.. නියත වශයෙන්ම..එය එසේ විය යුතුයැයි මම ද අදහමි.
(චේජනා අක්කිට රහසින් - අක්කේ, මං මේ දවස්වල පොඩ්ඩක් විතර කාර්ය බහුලයි.. වැඩියත්ම Banking exam එකත් තියෙන හන්දා.. මං අනිවාර්යයෙන්ම ඔයාට ලියන්නම්..දිගට. මේ සති කිහිපය ගෙවුණට පස්සෙ.. ඒත් හැමදාම ඔයාගෙ බ්ලොග් එකට ගොඩවැදිල යන්න නම් අමතක කරන්නෙ නෑ හොඳේ..)
අනේ මල්ලි, කිසිම ප්‍රශ්නයක් නෑ නොලිව්වට, ඔයාගෙ වැඩ කරගන්න, මට ඔයා දැනගත්තු එකම හොඳටම ඇති,
ReplyDelete(ඔයා බ්ලොග් බල බල ඉන්න ඕනෙත් නෑ exam තියෙද්දි, තේරුණාද?)
ඒක නම් කරන්නම බෑ වගෙ... බ්ලොග් නොබල හිටියොත් මට මහ තනිකමක් දැනෙනව අක්කි.. ඒක පාඩම් වැඩ වලටත් බාධාවක්...මට Manage කර ගන්න ඇහැකි..
ReplyDeleteඑහෙම නම් කමක් නෑ මල්ලි, සතුටින් ඉන්න නෙ හැමදේම කරන්නෙ, සතුටින් ඉන්න ගමන් ම වැඩත් කරගන්නකො...
ReplyDeleteමාත් හිතනවා..එහෙම කමයි වෙන්න ඕන කියලා.
ReplyDeleteනැති උන දේවල් වෙනුවෙන් , හැමෝම තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන්න ගියොත්...මොනා වෙයිද..
ලස්සනයි ..චෙජනා..අදහස.
නිල් අහස.. හැමදාම වගේ ඔයා ඇවිත් ගිහින් නේද?
ReplyDeleteමම මෙ කවිය ගැන නෙමෙ කියන්නෙ ඔයා ගැන මම හරිද .... කියලයි මම අහන්නෙ.....
ReplyDeleteමල්ලි, මම චරිත දෙකක් නෙවෙයි.. එකක්..වෙනස තියෙන්නෙ සාමාන්‍ය සමාජය දකින්නෙ මාව professionally ,ඒත් මේකෙ ලියාන්නෙ ඇත්තම ඇත්ත මම.. මටම හිතෙන දේවල්..
ReplyDeleteඇගේ නිවුන් සොයුරිය මට මුණගැහුන.... හරිම දොඩමලුයි... විවෘතයි... ඇගේ විස්තරේ මගේ බ්ලොග් එකෙන් සිංදුවක් එක්කම ගේන්නම්....
ReplyDeleteනියමයි.. ඒ විස්තරෙත් එක්කම සින්දුවක් අහන්න මම බලාගෙන ඉන්නව..
ReplyDelete