Sunday, March 7, 2010

හිම මල් පියවිලි ..



‍රැයක් පුරාවට පිපෙනා හිම මල්..
තුරු පත් කෙළවර දිලෙනා හිම මල්..
හිරු තෙද අබිමුව මියෙනා හිම මල්..
නෙත පිනවන මුදු සුසිනිඳු හිමමල්..

naturalparentingcenter.typepad.com

11 comments:

  1. samahara preama kataath oya hima mal wage . . .me dan pipila tawa tikakin diya welaa yanawa . .. .

    ReplyDelete
  2. කෙටි කව සහ සේයාරුව ලස්සනයි.

    ReplyDelete
  3. @duka
    ow ayye..adarea kiyanne mokakda kiyalawath nodana bandena hima mala wage diyawela yana prema katha math ahala dakala thiyenawa eth ithin eka harima dukbara siduweemak.

    @RAVEN
    thank u

    ReplyDelete
  4. චේජනා ,දුකා ....
    සමහර කථා තියන වා එවා හැමදාම මිනිස්සු අතර තියන්වා. හරියට ටජ්මහල් හදපු සාහාජාන් රජතුමාගෙ කථව වගෙ...නමුත් හිම මල් වගෙ තමයි බොහො දෙවල් අපි දකින.. ලස්සනයි... ඔයගෙ පැත්තට අදයි ආවෙ..මම මුල ඉදලා බලන් එන්නම්.. ටික ටික...

    ReplyDelete
  5. කවියට කවියෙන් උත්තරයක් ලියන්න ආසයි... කොහෙද මේ රවා අඬ බෙර ගහනවානේ... ඊයේ මගේ බිරින්දෑ හිනාවෙවී අහනවා "අර එක්කෙනෙක් ඔයා හොරෙන් හොරෙන් කවි ලියනවා කියලා තිබුනා නේද" කියලා බලන්න නංගියේ... මේ කොල්ලගේ වැඩ...ඒ වුනාට ඌ හොඳ එකා...මාව හැමදාම උනන්ඩු කරනවා...දුකා වගේම වටේම ගිහින් ඔක්කොම බලලා එනවා...

    ReplyDelete
  6. @රවා..
    ඔව් පිපෙන හිම මල් වගෙම අස්ථිර බොහෝ දේ තියෙන ලෝකයක
    සියල්ල ස්ථිර නෑ.. ඒත් වාසනාවකට ස්ථිර බැඳීම්, ඒ බැඳීම් ඇති කරගන්න පුළුවන් සංවේදි මිනිස්සු ලෝකෙට එකතු වෙනවා..
    ඇවිත් ගියාට ස්තුතියි..ඉඩ තියෙන හැටියට එන්න..


    @තිස්ස අය්යා
    කවුරුහරි අඬබෙර ගහන එකත් හොඳයි, අඬබෙරේ නිසාවත් දැන් කවි ලියන්න වෙනවනේ.. අනික ඔයා හද ගී පොතේ සින්දුවට කලින් ලියන පූර්විකාව කියෙව්වම මට හිතෙන්නෙ ඔයාට කවි ලියන්න පුළුවන් කියල.. ට්‍රයි එකක් දීල බලමු..

    ReplyDelete
  7. @රවා,
    මල්ලි, ඔයා මුල ඉඳලම බලාගෙන ඇවිත් ගොඩක් කමෙන්ට් කරල තියෙනව දැක්කෙ දැන්..හෙමිහිට රිප්ලයි දාන්නම්කො.. වර්ණ ගැන අවබෝධය මදි කියන එකට මම 100% එකඟයි. ඒක මම හෙමිහිට හදා ගනිමින් පවතිනව. ස්තුතියි මල්ලි

    ReplyDelete
  8. ප්‍රේම කතා විතර ද ? අපේ ජීවිතත් මේ හිම මල් වගේ නෙවෙයි ද ? කොයි මොහොතෙද කියන්න බෑ නේ ද ?

    ReplyDelete
  9. ඒක නම් ඇත්ත..එහි පැවැත්මවත් සදාකාලික නොවෙන ලෝකෙක සදාකාලික දේ නෑ නේද?..

    ReplyDelete
  10. නිර්මාණයක් කළාට පස්සේ ඒකේ අයිතිය නිර්මාණකරුවාට අහිමි වෙනවා.ඔහුත් එළියේ ඉඳගෙන පාඨකයා හෝ ප්‍රේක්ෂකයා සමඟ නිර්මාණය විඳිනවා.
    ඉතිං පාඨකයා ඒ නිර්මාණය තමන්ගේ කරගන්නවා ඊ‍ට පස්සේ.
    මටත් උනේ ඒකයි.මට හිතෙන්නේ පුංචි පද පේලි කීපයකින් ජීවිතේ ගැන ගැඹුරු දෙයකි කියන්න හදනවා කියලා. ජීවිතේ , ආදරේ , විරහව .... ලස්සන පිංතූරෙත් ඒකටම ගැලපෙනවා.
    -ජය

    ReplyDelete
  11. ස්තුතියි යෝගි, නිර්මාණය ඔයාලගෙ වුනා කියන්න මම ලබපු ලොකුම ජයග්‍රහණය හා සතුට..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...