Sunday, February 6, 2011

කාලය මතින් අතීතයට...

1983 දි 84 දි විතර මම මුලම වතාවට කොළඹ දැක්කලු... ඒ ගැන පස්සෙ කාලෙක අම්මයි තාත්තයි කියපු දෙයක් ඇරුන කොට දැකපු කිසිම දෙයක් මගෙ මතකෙ කොහෙවත් නෑ... මට මතක විදියට මම කොළඹ ඉස්සෙල්ලම දකින කොට මට අවුරුදු 7 ක් විතර ඇති... කොළඹ ඒම ඒ කාලෙ අපිට ට්‍රිප් එකක්...
කෞතුකාගාරය, ග්‍රහලෝකාගාරය, විහාරමහාදේවි උද්‍යානය එහෙම බලල සත්තුවත්තත් බලල යන... දවසක ට්‍රිප් එකක්...

එහෙම ඇවිත් බලපු කොළඹ වුණත් මගෙ මතකෙ ඒ තරම් හොඳට රැඳිල නෑ... විශේෂයෙන් බලපු කෞතුකාගාරෙයි ග්‍රහලෝකාගාරෙයි ඇරෙන්න... මගෙ මතකෙ සාමාන්‍යෙන් රැඳිල තියෙන්නෙ කොළඹ නගරය වසර 2000 න් පස්සෙ... දවසින් දවස කොළඹ නගරය වෙනස් වෙන්න ඇති... ඒත් හැමදාම දකිනකොට ඒ වෙනස්වීම් මග හැරෙන්නත් ඇති... දෙහිවලයි නුගේගොඩයි ගුවන් පාලම් දෙක ඇරුනකොට මගේ ඇස්වලට ගැටෙන වෙන වෙනසක් මේ කාලෙ භෞතික පරිසරයෙ... සිදු වුණෙ නෑ...

ඒත් 1973 දි කොළඹ... මම දැක්කෙ නැති බව නම් මට සහතිකයි... ඒ වගෙම අපි ගොඩ දෙනෙක් නොදැක්ක බවත්... දැක්කත් මතක සටහන් මිස සේයා රූ හිඟයි නෙ... මේ අහම්බෙන් අන්තර්ජාලයේ හම්බුන  සේයා රූ ටිකක්...1973 දි කොළඹ නගරය...


ඒ අතරෙ මට සුවිශේෂීම ගාල්ල නගරයේ ගාල්ල කොටුව අවට සුන්දර සේයාරුවකුත් ත්, මුහුදු වෙරළ අසල සේයා රූත් තිබුනා...


මේ කැන්යොන් වේල්ල ඉදිකරන කාලයේ සේයා රුවක්...  මේ ඡායාරූප ශිල්පියා එකල ඒ අවට සැරිසරන්න ඇති...


පේන විදියට ලංකාවෙ සංචාරය කළ කිසියම් යුරෝපීය ජාතිකයෙක්ගෙ සේයා රූ එකතුවක්....
අනුරාධපුරය, පොළොන්නරුව,කැළණිය, රත්නපුරය, ගාල්ල, මාතර වගෙම මීගමුවත් ඔහුගෙ කැමරාවෙ සටහන් වෙලා තියනව...හුඟක්ම ලංකාවෙ පූජනීය ස්ථානත්, ගන්දර පෙරහැර වගෙ ඔහු ලංකාවෙ ගතකළ දිනවල තිබුන විශේෂ අවස්ථාත්...

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සේයා රූ රැසකුත් ඒ අතර සුවිශේෂියි...

වින්දනීය මනසක් හිමිවූ අපූරු පුද්ගලයෙක් වෙන්න ඇති ඔහු... අවට දර්ශන රැසකුත්, කෙත්වතු නිවෙස් ඇතුලු එවක ලාංකීය ජනජීවිතයේ පැතිකඩවල් බොහොමයකුත් ඔහුගෙ සේයා රූ අතර රැඳෙන්නෙ ඒ නිසා වෙන්න ඇති...
සේයාරූ සමග ලියවුණ සටහන් තියෙනව හැම සේයා රුවකට ම වගෙ...ඔහුගේ වටිනා සේයාරූ එකතුවෙන් කිහිපයක් පමණක් මෙහි එක්කළත්... මේ සේයා රූ සියල්ල FLICKER අඩවියේ තියෙනව...සේයා රූ 485 ක්... සටහන් වෙන විදියට මේ සේයා රූ අරගත් පුද්ගලයාගෙ පුතා විසින් මේවා අන්තර්ජාලයට එක් කරල තියෙන්නෙ...අහම්බෙන් මට ලැබුනක් වුණත් ඒ සේයා රූ රැස මගේ හිත ගත්තා, මේ සටහනත් ඒ සේයාරූවලට ලින්ක් එකත් මේ එකතු කරන්නෙ මම වගේ මේව බලන්න ආස හිතෙන තවත් කෙනෙක්ට බලන්න...





9 comments:

  1. එල එල.....ලින්කුව බලමින්...ජය!!!

    ReplyDelete
  2. ඔයා කොහොමටත් ඔය කාලෙ නැතිව ඇති නෙ... බලන්නකො.. මට නම් ආස හිතුන...

    ReplyDelete
  3. බොහෝ වටිනා පොස්ට් එකක් නංගී. වසර 40කට ආසන්න කාලයක් ආපස්සට... ගිහින් ඒ ඡායාරූප බල්ද්දී ඒ තුලින් දකින සරල පරිසරය... මොනතරම් ලස්සනද?

    නිවිහැනැහිල්ලේ රසවිඳිය යුතු පිංතූර එකතුවක්. අතරින් පතර බැලූ පිංතූර අතර ඇති නිදිකුම්බා මල [Page 7, Mimosa flower, Botanic Garden, Nuwara Eliya (1973)] හරිම ලස්සනයි (ලඟකදී නිදිකුම්බා ගැන උනන්දුවක් වූ නිසා ඒ පිංතූරයට මගේ හිත ඇදෙන්න ඇති).

    මේ පිංතූර එකතුව මොනතරම් උනන්දුවෙන් ආරක්ෂා කරලා තියේද, ඒ හැම upload කරන්න මොනතරම් වෙහෙසක් වී ඇත්ද. ඒ නාඳුනන පුද්ගලයා ගැන ඇතිවූයේ ගරුත්වයක්.

    ඉතිං මේවා සොයාබලා අපිටත් ඒ සුන්දර එකතුව දකින්න සලස්වපු ඔබටත් බොහෝම ස්තුතියි, පිං!

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි නංගී, මේ ෆොටෝ ටික අනිත් අයත් එක්ක බෙදා ගත්තට...

    ReplyDelete
  5. වටිනා එකතුවක් චේජනා. කළුසුදු නැතුව වර්ණ ඡායාරූප එකතුවක් හරිම වටිනව. ඒකාලෙ ලංකාව තිබුණු හැටි කොහොමද කියල අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ. බොහොම ස්තුතී මේ එකතුව අපිත් එක්ක බෙදාගත්තට.
    පොඩි නිවැරදි කිරීමක් තියෙනව.84/83 කාලෙ ඔයා කොළඹ යද්දි අවුරුදු 7ක් කියල ටයිප්වෙලා තියෙන්නෙ. ඒක 17 විය යුතුයි නේද? :D

    නම ලියන්නෑ ඕං. කවුද කියල දන්න හින්ද..

    ReplyDelete
  6. ගින්දර පින්තුර ටික.. මේ වගේ තව ඒවා තියනවනම් අපිත් එක්ක බෙදා ගන්න. බොහොම ඉස්තුති

    ReplyDelete
  7. niyama pics tika
    thanks for the link

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...