සීතල ම ශිශිරයෙ දුඹුරු පාට ගැහුණු නරිටා තණතීරු වේගයෙන් පහු කරගෙන ගුවන් යානය ගුවන්ගත වුණා... පහළින් පොඩිවට පේන ජපන් වෙරළ ඈතින් ඈතට යද්දි ගුවන් යානයට වඩා වේගෙන් හිත පියාසලනව... ගෙදර එන්න... ඈත අහසෙ ඉඳන් බලද්දි සුන්දර ම ෆුජි පහු කරල තවත් පැය ගණනාවකට පස්සෙ කටුනායක ගුවන් තොටුපලට ඇතුල් වෙද්දි කොයිතරම් මහන්සි වුණත් හිතට දැනුන සතුට...
-----------------
ජපානය ලෝකෙ දුර ඈත තවත් එක රටක් විතරක් ම වෙද්දි, ඈත අතීතෙ දැක්ක හීනයක් වගේ මතකයෙ අමතක වෙලා යද්දි, දෙසතියක් පුරාවට ලෝකෙ ආදරණීයම බැඳීම් එක්ක ගත වුණ ඒ දවස් කීපය...
ආස හිතෙන තරමක් පොත් ගෙනල්ල නිදහසේ කියවන්න ලැබුණ විවේකය...
ජපානෙ ඉන්න තුරුම හැම දවසක ම උදේ ඉඳන් රෑ වෙනකන් ම ඉන්ටනෙට් එකේ ගතවෙන ජීවිතෙට ලැබුණ සුන්දර ම සජීවී විරාමය ඉවරයි...
සතුටින් ඉන්න දවස් ඉක්මනට ම ගත වෙලා ගිහින් ආයෙම යන්න දවස් ඇවිත්... තවත් ගොඩක් දිග කාලෙකට...
ආයෙම ජපන් වෙරළ දකිද්දි එදා ඈත්වෙන ජපන් වෙරළ දකිද්දි දැනුන සතුට දැනෙන එකක් නෑ... ඒත්, ශිශිරයෙ වියළුණු තණ තීරු මැදින් ආයෙම කාර්යබහුල හුදකලා ජපානයෙ ජීවිතේට ඇතුල් වෙන්න සිද්ද වේවි...
Subscribe to:
Post Comments (Atom)
මෙහෙයවන සෙනෙහස...
අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
පංසල් මළුවෙදි පයට නොපෑගෙන මහ මග වැටුනොත් තැලී පෙලී යන සුදු අරලිය මල... http://farm4.static.flickr.com/
-
කබුකි හා නෝ රැඟුම්, ලොව පුරා බොහෝ දෙනෙක් අසා ඇති ජපන් සංස්කෘතික උරුමයන්...කබුකි රැඟුම් කලාවට වසර හාරසියයක පමණ අතීතයක් හිමියි... වර්ෂ 1603-16...
අපේ රටේ ලස්සන දැක දැක රටින් ඈත්වෙන මොහොත හිතට වේදනාකාරී තමයි. ඒත් යායුතු ගමන ආපහු යන්නම එපැයි.
ReplyDeleteතෙරුවන් සරණයි!
හමුවීමක රැඳෙයි වෙන්වීමක සේයා,
ReplyDeleteපැමිණීමක රැඳෙයි නික්මීමක සේයා,
අක්කා ඇවිල්ලත් ගියා නේ...කමක් නෑ ඒ අවුරුද්දත් ඉක්මනින් ගෙවෙයි...ඊට පස්සෙ හැමදාම ඔයා ආදරේ කරන ඔයාට ආදරේ කරන අය එක්ක ඉන්න ලැබෙයි ...දුක් වෙන්න එපා ජිවිතේ හැටි මෙහෙමයි...
ReplyDeleteමමනම් තව මාස දෙකකින් යන්නම යනවා.ආයෙ කවදාවත්ම මට ඒ නරීටා තණ තීරුව දැක ගන්න බැරි වෙයි.ඔයාලනම් වාසනාවන්තයි.
ReplyDeleteකාලෙකින් දැක්කෙ.
දවස් ගානකට කලින් ඈත දුරු රටක හිටපු අක්කා, හිටි හැටියෙ නෙත් මානෙට හසු වුනහම මට දැනුණ සතුට කියල නිම කරන්න බැරි තරම්...
ReplyDeleteඅක්ක ආපහු යනව කිව්වහම මට දැනුණෙ මගේම අක්ක මගෙන් ඈතට යනව වගේ හැඟිමක් !
මට මේ බැඳීම් වලට නමක් දෙන්න තේරෙන්නේ නැහැ...
අක්ක කිව්ව හරි...
ලෝකේ ආදරණියම බැඳීම්...
ආයෙම ජපානෙ, ඒත් තාම අදහගන්න බෑ ලන්කාවෙ ගෙවුන දවස් ටික ඉවරයි කියල...
ReplyDeleteහමුවීමක රැඳෙයි වෙන්වීමක සේයා,
ReplyDeleteපැමිණීමක රැඳෙයි නික්මීමක සේයා,
හමුවෙද්දි ඒක මතක් නොවෙන එක නෙ පුදුමෙ,
නංගි, මට ඔයාව මතක් වුණා ගෙදර ඉන්දෙදි, ඒත් ඔයාට කතා කරන්නවත් කිසිම විදියක් තිබුනෙ නෑ නෙ,..
ReplyDeleteයන්න ම යද්දි නම් ටිකක් දුක හිතෙයි, ඒත් ලන්කාවට ගිය ගමන් ම ඒක අමතක වෙලා යයි, මට නම් ගිය ගමන් ම ජපානෙ ඈත දවසක දැක්ක හීනයක් වගෙ වෙනව...
ReplyDeleteඔයාට මම දැක්ක ම දැනුන සතුට මට හොඳට ම දැනුන මල්ලි.. මම කොහොමටත් ඔයා මුන ගැහෙන්න පුළුවන් කියල දැනගෙන ම නෙ ආවෙ...
ReplyDelete