Sunday, December 12, 2010

මටත් හොරා දිවගිය මගෙ සිතුවිලි මුදු වෙරළේ වැතිරේ...


පොල් රුප්පාවට ඔබ්බෙන්
අහසේ රෝස වළා අතරේ...
නිල්ල නිලන පැලපත පිස හමනා
මුදු පවනැලි වැතිරේ...

දෙපා දොවන්නට රන්වන් වැල්ලට
දිව එන රළ අතරේ...
මටත් හොරා දිවගිය මගෙ සිතුවිලි
මුදු වෙරළේ වැතිරේ...

දින දින අඩුවන දින ගණිනා
මගෙ සිහින පැතුම් අතරේ
සෙනේ පිරුනු දෙසතියකට පැතුමන්
නැගී බිඳී විසිරේ...

7 comments:

  1. රැළි නගා වෙරළට එන
    කිරි මුදු පෙන වී බිඳින
    ඉස සතුට වැල්ලේ බෙදන
    දුක් සුසුම් සිතිජයට යවන
    මූදු වැල්ල සිරියෙන් පිරුන

    කවදත් එපා නොවන මූදු වෙරළ, ඒ නිසාම වෙන්න ඇති මගේ නිර්මාණ කිහිපයකටම එය මාතෘකාව වුනේ.

    ReplyDelete
  2. ගෙදර යන්න පෙරුම් පුරනව වගේ :)
    කාලෙකින් මේ ඉසව්වට ගොඩ වුනේ... ලස්සන නිර්මාණයක් අක්කේ...

    ReplyDelete
  3. ගෙදර යනව කියල හිතනකොට ගාලු පාර අයිනෙ වෙරළත් මතක් වෙනව ම නෙ අය‍්යෙ...

    ReplyDelete
  4. ගොඩක් කාලෙකින් තමා ඔයාව දැක්කෙ...
    මම ගෙදර එන්න ළං වෙලා... ඉතින් දින ගනන් කරනව ...:)

    ReplyDelete
  5. ඇත්තටම සින්දුවකට හොඳ පදවැලක්..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Being true to self

වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීම...