Wednesday, November 24, 2010

ශිශිරය උණුසුම් වේවි අම්මගේ ආදරෙන්...


අද ලස්සන ම ලස්සන දවසක්...
මේ දවස්වල කොහොමටත් හරිම සිසිල් සුවයක් වට පිටාවෙ තියෙනව... දවසෙම ප්‍රාණවත්... ඉර ප්‍රතාපවත් වුණත් ඉර ගින්නෙ දවන්නෙ නෑ....
වටාපිටාව හරිම සුන්දරයි, කහපාට රතු පාට කොළ හැලිල, හමන පුංචි හුළඟට ත් කොළ එහෙ මෙහෙ පාවෙනව...
ඒත් ඒ තවත් ගිම්හානයක නිමාවෙ මියෙන ගහකොළවල පණ අදින කෙඳිරිය නිසා ද මන්ද... මට ශරත් සමයේ සුන්දරත්වය, වසන්තයේ සුන්දරත්වය තරම්ම සතුටක් ගේන්නෙ නෑ...
ආපහු ෆුජි කන්ද උඩට අයිසිං ඉහල වගේ... හිම හැදීගෙන එනව...ඒක දැක්කම ආයෙම ෆුජි ගිනිකන්දක් බව මට අමතක වෙලා ... උදේටයි හවසටයි දෙකටම මම ෆුජි දිහාවෙ එබිල බලනව ජනේලෙන්...
ගෙවිල යන ශරත් සමයෙ කහපාට රතු පාට දෙකෙන් හැඩ වෙච්ච වටපිටාවයි, කටුක ශීතල දරාගෙන සදාහරිත ව ජීවත් වෙන පයිනස් ගසුයි...

සකුරා ගස්



වසන්තය වගේ ම ගිම්හානය ත් නිමයි...
ශරත් සමයෙ අග භාගෙ ගෙවිල යනව...
සීතල ම ශිශිරය එලිපත්තට ම ඇවිත්...
ඒත්...
ශිශිරය උණුසුම් වේවි අම්මගේ ආදරෙන්...
මේ අවුරුද්දෙත්...



5 comments:

  1. ලස්සනයි පාට පාට පත් වලින් පිරුණ ගස්. පයින් ගස් පරිසරයට ඔරොත්තු දෙන්න හැදිලා හින්දා වෙන්න ඇති නොසැලී ඉන්නේ. උණුසුමින් පිරුණ සිසිරයට පැතුම්!

    අපිටත් සෙන්ටිග්‍රේඩ් අංශක 30-32 ක සීත කාලයක් ඒවි. මේ කාලයේ වටරවුම්, වෝක්-වේ, පාර දෙපැත්ත ආදිය තවාන් වලින් ඇවිත් අරක්ගත් ලස්සන මල් වලින් පිරිලා.

    ReplyDelete
  2. ඇත්ත ම තම ශරත් සමයේ සුන්දර කම දැනේන් නැ වසන්ත කාලය තරම්,,, වසන්නත කාලේදි දැනේන්නේ අලුතෙන් ඉපදෙනවා වගේ හැගිමක්... ලස්සනයි ෆොටො ටික..

    ReplyDelete
  3. 30- 32 ක ශීත කාලයක්... ? ම්ම්...

    ReplyDelete
  4. නිම්ශා, හිතුවක්කාර සිත ඉඳල හිටල කියවල තිබ්බට ඔයාව දැනන් හිටියෙ නෑ නෙ... ස්තූතියි ඇවිත් යන්න ආවට...

    ReplyDelete
  5. හරිම ලස්සනයි. අපිට මේවා හැබෑවටම අත්විඳින්න අවස්ථාව නැති උනත් ඔබේ වචන වලින් පින්තූර වලින් ඒවා අත් විඳිනව.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Being true to self

වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීම...