Friday, November 5, 2010

බුර්කාවෙන් නොවැසුන නෙත රැඳුන සිතුම් කියවා
මන්දාකිණියක තරුවක් නිසොල්මනේ හැඬුවා


මරතෝන්දිය රටා ලියූ අත්තලයේ රඳනා
සොඳුරු රටා හිත් පොඩියෙත් රඳනවදෝ සිතුණා
'
'
'
'
'
'
'
බුර්කාවෙන් නොවැසුන නෙත රැඳුන සිතුම් කියවා
මන්දාකිණියක තරුවක් නිසොල්මනේ හැඬුවා

'
'
'
'
'
'
'
හීන විමන් දොරගුලු ලා හිත පතුලෙම රඳවා
පතිකුලයේ කුමරිය වී  යනු මැන සිත් තොසිනා

-------------------------------------------------------------------------------------
බුර්කාවෙන් ඇගේ සුන්දරත්වය වැහුණත්, ඉන් නොවැසුන ඇගේ නෙත් ඈ සොඳුරු බව සඟවන්නෙ නැති නිසා...ඇය අතිශයින්ම සොඳුරුයි...මම දැක්ක...
ඒ වගෙම හරිම අහිංසකයි...
නිවිහැනහිල්ලෙ ලතාවකට දොඩමළුවන ඈ...
ඈත් එක්ක දොඩමළු වුණ නිමේශයක මේ කතාව කිව්ව...
මම ඈ නම්, ඈ කළ දේ කිසිම දවසක කරන්නෑ...
ඒත් සංස්කෘතියත් ආගමත් විසින් හික්මවුණු ඈ...
ඇගේ සිහින් විමන් අගුලු ලා, දෙසතියකින් තකහනියේ පතිකුලයට ගියා...

 තකහනියේ පතිකුලයට ඈ කැඳවන නදිනා
තිගැස්සුමක් ලොවට හොරා බුර්කාවෙන් වැසුනා
වසං නොවූ නෙත් යුවලේ නොදුටු සිතුම් කියවා
මන්දාකිණියක තරුවක් නිසොල්මනේ හැඬුවා

සිත් පොඩියේ සොඳුරු රටා හිත පතුලෙම රඳවා
බුර්කාවෙන් සිතුම් වසා බලන්න හිරු නැගෙනා
පතිකුලයේ කුමරිය වී යන දින ඇත පැමිණා
හීන විමන් දොරගුලු ලා ඇදෙනුව සිත් තොසිනා

මගේ දෑත් මත සුන්දර මෙහ්න්දි සටහනක් තැබු ඈ
මගේ හිතේ මෙහ්න්දි සටහනකටත් වඩා තදින් නොමැකෙන කතාවක් ලිව්වා...


2 comments:

  1. සියවෙනි දිග හැරුමට මගෙන් සුභ පැතුම්..!!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

නිහඬ නොගැලපීම - The silent mismatch

 අද ඉඳන් ලියන්න යන්නේ තවත් අලුත්ම පැතිකඩක් වෙත ඇරෙන මාතෘකාවක් ගැන... තමා, තමා අවට සමාජයේ ජීවත්වන අනෙක් මිනිසුන්ට වඩා බොහෝ වෙනස් බව කුඩා වයසේ...