Sunday, November 14, 2010

සිත්තම් කළ සිත්...

සිත්තම් කළ සිත අන්සතු වීලලු
ආයෙත් නෑ එව්වේ...
මුදු හස‍රැල්ලක සනහස පොදි
බැඳ ඔබ පමණයි ආවේ...

සඳවත වී සිත හිමිකරගන්නයි
මා පැතුමන් ‍රැඳුනේ...
නීල ගගන තල වී ඔබ සඳවත
හිමිකරගනු නෑ දැනුනේ...

සමනළ හීනෙක දැවටී ඔබ සිත
පුරා හිඳින්නයි ආවේ...
මටත් හොරා සිත් අරණ අරා
ඔබ රැඳෙන යුරා පමණයි දුටුවේ...

ඔබ ළඟ රැඳෙනා පැතුමන් පුරවා
පිබිදෙන හෙට දවසේ..
ළයතුර සඟවා උණුසුම් සෙනෙහස
පුද දෙනු මැන සිත් සේ...


5 comments:

  1. ලස්සනයි අදහස ඔයාගෙ..

    ReplyDelete
  2. නීල වලාවේ...
    ඇගේ පෙම් කථාව...
    අසාගෙන වරෙන්...

    ReplyDelete
  3. දෙර කවුළුවෙන් එඹී බලා...

    ගීතයක් වගේ ලස්සනයි.

    ReplyDelete
  4. දෙන්නට බෑ මා සොරකම් කළ සිත
    සදහට මා ළඟ තිබුණාවේ
    තුරුල් වෙලා මගෙ පපුව පුරාවට
    උණුසුම විඳ ගන් ආදරියේ

    ReplyDelete
  5. ගල්මල් අයිය කිව්වත් වගේ සින්දුවකට නං මරු..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

විශ්ලේෂණයෙන් එහා ගිය කෘතඥතාවයක් - Gratitude beyond analysis

කුඩා කාලයේ සිටම කඳු මට විශේෂ ආකර්ෂණයක් විය. එදා මම දැන සිටියේ එකම දෙයකි. ඒ කඳු අතර සිටින විට මට යම් නිදහසක්, නිහඬ සතුටක් දැනෙන බවයි. ඒ හැඟ...