Monday, November 8, 2010

ආදර සොයුරිය මේ කවි නුඹටයි


දයාව සෙනෙහස එක ලෙස රඳවා
එදා සොයුරියක් වූව ලෙසේ
ඊයේ හවසත් නුඹගේ වදනේ ‍රැඳුනි
සෙනේ සිත පෙර විලසේ

බොහෝම කලකින් නුදු‍ටුව මුත් ඔබ
නුඹේ සතුට මා සිතට දැනේ
ආදර සොයුරිය මේ කවි නුඹටයි
නුඹ අම්මා වුණ අද දවසේ

පුතුට බැ‍ඳෙන සෙනෙහස් සිත
සමගින් සැමදා සතුටින් හිඳිනු මැනේ
හෙට දවසේ නුඹ නෙතින් දකින තුරු
මගේ පැතුම මම එවමි මෙසේ

1 comment:

  1. ලස්සන සුභ පැතුමක්, ලස්සන කවියකින් ........
    මගෙනුත් සුභ පැතුම් !

    露 from 東大

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Being true to self

වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීම...