
සොඳුරුම මිතුදම් ගිලිහී යනවා නාඳුනනා මේ අහස යටින්
සොඳුරු ජපානයෙ ඔබ මා ගත කළ මිහිරිම යුගයට ආයුබොවන්
කඳුලැලි මා හදවත තෙරපනවා වෙන් වී යද්දී මගේ ළඟින්
පතමි දයාබර මිතුරනි ඔබහට පැතුම් සඵලවුනු සොඳුරු හෙටක්
කඳුළු පිරි නෙතින් පැතූ සුබාසිරි සමග ඔවුන් වෙන් වෙලා ගිහින්
සොඳුරු වසන්තය ඇවිත් ජපානෙට තනිවූ මා සිත ළඟින් ඉඳින්
සකුරා මල් පෙති ගිලිහී යද්දී මගේ කඳුළු දැක සැමට හොරෙන්
ඔබට පිදුම් දුන් මිතුදම සිහිකර ඉඳහිට සිත කවි කර එවපන්
මගේ සැබෑ ලොව නෙතින් නුදුටුවද සැමදාමත් මා සිතට ළඟින්
විදුලි වේගයෙන් හදවත් යා කළ සොයුරු සොයුරියනි ළඟින් ඉඳින්
බ්ලොග් අවකාශය හද ගෙත්තම් කළ බැඳුම් සුසර කර මා වෙනුවෙන්
ඔබේ දයාබර වදන් වලින් මා සනසාලනු මැන සොයුරු පෙමින්
අපිව බලන්න එන්න ද හදන්නේ ?...
ReplyDeleteඅක්කා හරිම ලස්සනට ඔබගෙ කවි සිතුවිල්ල ලියලා තියනවා.. හරිම ලස්සනයි.. ඔයගෙ හිතෙ තියන වෙදනාව ලියලා තියනවා. ඔයාට යමක් මතක් කරන්න ඔනා. අපිත් ඔයත් මෙ ඉර හඳ යට ඉන්න අනිත් අයත් මිනිස්සු වැටෙනවා තුවාලවෙනවා.. හැබැයි යහලුවො ඇවිල්ලා අත දිලා නැගිටලා ආපහු ගමන යනවා.. ඔයා ඔයගෙ හිතෙ තියන දුක අපිත් එක්කලා බෙදාගන්න ආවා.. අපිත් එනවා මෙතනට හැමදාම... අපි හැමොම මනුස්සයෙ.. ඔයා කාගෙ හරි දුවෙක්, කාගෙ හරි නංගි කෙනෙක්, කාගෙ හරි අම්මා කෙනෙක් ... ඔයා කාගෙ කවුරු උනත් අපෙ කෙනෙක්... සිංහල අම්මාගෙ පපුව උඩ දන ගහලා නැගිටපු කෙනෙක්.. මමත් එ පපුව උඩම තමයි දණ ගහලා නැගිට්ටෙ...තවමත් එ පපුවෙ උණුසුමට තුරුල් වෙලා ඉන්නෙ..... අපි ඔයාව ඔයගෙ දුකකදි කරදරයකදි තනි කරන්නෙ නැහැ... හිතෙ තියන ඔනැම දෙයක් බ්ලොග් එකෙ දාන්න.. බය වෙන්න එපා.. හිතන්නත් එපා.. අපි ඔයාව දන්නෙ අපෙ අම්මාගෙ පපුව උඩ දණගාලා නැගිටලා ලොකෙන් දෙයක් අරගෙන ආපහු එන්න ගිය කෙනෙක් කියලා විතරයි..
ReplyDeleteඔයාව දකින්න ඔයා අපිට වචන දෙනවා.. අපි ඔයාට වචන වලින් දිරිය දෙනවා..අපි ඔයාව ඇවිල්ලා බලනවා..ඔයත් ඇවිල්ලා අපි දිහැ..බලනවා..අන්තිමට කියන්න ඔනා දෙයක්.. ඇස් දෙකෙන් දැක්කෙ නැති උනාට අපිත් ඔයාට ආදරෙයි....
හ්ම්ම්... අක්කා අපිව බලල යන්න එන්න හදනවදෝ කියල හිතෙනවා..
ReplyDelete(මං මේ දවස්වල බෙල්ල ළඟටම එරිල ඉන්නෙ අක්කි...
ගෙදර එන්නෙත් මහ රෑ වෙල...
වැඩි විස්තර සති අන්තයට..)
සකුරා මල් පිපි සොඳුරු වසන්තය ඇරඹුනු ගමන්ම නේද??ඉතින්
ReplyDeleteකවියක් ලියන්න සිතුවා පමණයි සකුරා මල් පෙති පාට අරන්
මල් පාවඩ මත පිය මැන ගිය ඒ අතීතයේ මතකයන් අරන්
කොහේට පියඹා යන්න හදනවද කියන්න පුලුවන් නේද ඉතිං
හිතාගන්නවත් බැරි ඉක්මනකින් කාලය අපි පසු කරන් ගියත්
"යෝගී" කියන ලෙස බැඳුනු මිතුදමත් හරිම අපූරුයි නොවෙද උවම් කොහේ ගියත් අපි අත්වැල් අල්ලන් ඉන්නට හැකිවෙයි නේද ඉතින්
මටත් ඔහොම වෙන බව සිහිවී මම කඳුලු සැලිමි මෙය දුටුව ගමන්
යෝගි, සන්සරසිදු, nimanthi
ReplyDeleteමට එන්න බෑ , මම තව කාලයක් මෙහේ ඉන්න ඕනෙ, ඒත් මගෙ යාළුවො මාව දාල ලංකාවට ආව.. එයාල ගිය දුක තමයි මේ ලියවෙන්නෙ.
රවා, බොහොම පින් මල්ලි වචන ටික ට, හිතට ලොකු සනීපයක් දැනුන ඒක කියවල.ඒත් මට තාම සතුටින් ලියන හිතක් නෑ, මම පස්සෙ ලියල තියන්නම්..
මගේ දුකට තනි රකින ඔබට,
ReplyDeleteමා සොයුරියන් මා තනිකර ගිය සොවින
සොහොයුරු පෙමට හිඟමන් ඉල්ලා හඬන
මා සිත් මලට පොද වැස්සක් වී වැටුන
ඔබෙ සෝයුරු සිතට මා ණයගැති නිතින
සමුගැනීම් නම් වේදනාබරයි තමයි. විශේෂයෙන් අපේ හදවතේ කාලයත් එක්ක මතක සටහන් රැසක් සනිටුහන් කරපු පුද්ගලයන්ගෙන්.
ReplyDeleteහිතට දැනුනා අක්කගෙ පදපෙළ.
දිඹුල් ගහක් යට මල් ඉල්ලා මා දණින් වැටී නැත දතිමි තුටින්
ReplyDeleteකඳුලු කවිය ළඟ කඳුළු පිසින්නට ළඟින් සිටී මට මිතුරු කැලක්
කාලය මා සිත සෙමෙන් සුවකරයි දරා ගන්න ශක්තියක් වෙමින්
ඔබේ සදාදර සොඳුරු සිත් ළඟදි මගේ කඳුළු දිය වේවි කෙමෙන්
මට පින් එපා. අක්කා.. ආ මෙන්න.. ගන්න ඔයාගෙ පින් ටික.. අපිට ඔනෙ කවි... ලස්සන ලස්සන කවි ගොඩා....ක්..ලියන්න ලියන්න..
ReplyDeleteඔබේ සොඳුරු සිත් අතරේ කඳුලැලි කෙමෙන් මැකී යයි සතුට දෙමින්
ReplyDeleteඔබේ වදන් යළි මා තොල් අතරේ මුදු හසරැලි විකසිත කරමින්
සිත ඇතුලේ තව දෝරේ ගලනවා සිතිවිලි කවිපද ලෙස මැවෙමින්
ආයෙත් දවසක මා කවි සිත ලඟ මොහොතක් නැවතී සිනාසියන්
නන්නාදුනන රටකදි ඇතිවෙන මිතුරුකම් දුරස් වෙන එක නම් හුඟක්ම දරාගන්න බැරි වේදනාවක් නේද අක්කෙ....තනිකම වැඩියෙන් දැනෙනවා එහෙම අවස්තාවල...... සංවේදී පද පෙලක් අක්කෙ.....
ReplyDeleteඔව් නංගි, මගේ හොඳම යාළුවො දෙන්නෙක්ම ගෙදර ගියා.. අන්තිම එක්කෙනා ගියේ ඊයෙ..මට හරියට දුක හිතුන..
ReplyDeleteතනියම ඉපදුනාට..තනියම මැරුනාට..අපට තනිවම ජීවත් වෙන්න බෑ නේද..
ReplyDeleteනමුත් හමු වුනොත් වෙන් වන්නත් වෙනවා නේද.
" හමු වීමක ඇත..වෙන් වීමක සේයා "...කියලා මම අහල තියෙනවා.
තනිකමේ විඳවීම දැක්වෙන මේ පැදි පෙල .. ලස්සනයි..චේජනා.
හැමදාමත් වගේ මේ නාඳුනනා අහස යට ගෙත්තම් කරන කවි කතාවට ගොඩ වුන නිල් අහස..
ReplyDeleteහමුවීමේ දී නොදුටුමි මා නම් වෙන්වීමක සේයා..
ඒකම වෙන්නැති වෙන් වී යද්දී මේ හැටි දුක් සංකා...
ඔබේ සොයුරු සිත් කාලය නම් වූ දිව ඔසුවෙන් ගලගා..
රිදුනු සිතේ ආලේප කිරීමෙන් සුව වුනි දුක් සංකා.
මොකදෑ අප්පා මේ දිය ඇල්ලක් වාගේ කවි වෑහෙන්නේ....
ReplyDeleteසිත බොහෝ දුකින් වාගේ...
ළඟම හිටිය යාළුවො යන්න ගිහින්..
ReplyDeleteදුකට කියන කවි තමයි අය්යෙ...
අපිත් ඉන්නවානෙ මොකද දුකින් ...දුක් වෙන්න දෙයක් නැහැ.. යහලුවො එයාලා ආදරෙ කරන අය ලඟට ගිහින් තියන්නෙ.. ඉතින් ඔයාගෙ යහලුවො සතුටින් ඉන්නෙ.. ඔයා ඇයි දුකින්.. ඔයාගෙ මිත්ර සමාගම නැති උනා කියලද... මිනිස්සු වෙලා ඉපදුනහම එහෙම තමයි.. දුක සැප දෙකම පොදුයි..
ReplyDeleteයාළුවො ගිහින් කතා කළා.. ඊයෙ දවසෙම සයිබර් අවකාශයේ යාළුවො ටික තනි රැක්ක.
ReplyDeleteඒ වුනාට පින් කියන්නෙ නෑ ඔයාට, thanks කියන්නෙත් නෑ...
දැන් හිත හැදිල මල්ලි, අද ආපහු අලුත් ලස්සන දවසක් ඇවිත්..
කඳුළු පිසින්නට හිත අද්දර රැඳි මිතුදම් සතුටක් අරන් ඇවිත්
සොඳුරුම සිත් ළඟ ලෝකය සොඳුරුයි සිත ඒ බව දැන් පසක් කරන්
වැස්ස වලාහක දෙවියන් ලස්සන දවසක් දොරකඩ තබා ගොසින්
ඊයෙ කඳුලැලි අතීතයට ගොස් අද හිනැහෙනවා කඳුළු තුලින්