Sunday, March 28, 2010

හිරු රජුනේ-To the Sun God...


යෝගිට මලී ගෙ ලියුම ලියන්න වුනා වගෙ මටත් දැන් යෝගියි යෝගිගෙ ලොකු අය්යයි නිසා ඉර දෙවියන්ට ලියුමක් ලියන්න වෙලා තියෙන්නෙ... යෝගියි යෝගිගෙ ලොකු අය්යයි වරු ගනන් කතා කර කර ඉන්නව,මම බලාගෙන ඉන්නව..ඒ අතරෙ මාත් ලිව්ව ඉර දෙවියන්ට මගේ ඉල්ලීම...ලියුමකින්.. කවියකින්

වැලි කතරට හැන්දෑවට
ජපානයට රෑ මැදියම..
ඉස්සර නම් මම හිතුවේ
අනේ ඉතින් අපිට මොකද?
ඒත් ඉතින් දැන් නම් මට
තේරෙනවා එහි වැ‍රැද්ද...
හැමදාමත් මම නිදද්දි
එකයි පාන්දර වෙලාව..

හිරු රජුනේ බැරිද ඉතින්
පොඩ්ඩක් මේ ගැන හිතන්න..
වැලි කතරට ජපානයට
එකම වෙලාවක් හදන්න..
අනේ ඉතින් සමාවෙලා
මේ ගැන සලකා බලන්න..
පින් සලකා මේ උදව්ව
පුළුවන් නම් කරල දෙන්න....

http://www.istyles.com/images/ATV-SUNGOD.jpg

21 comments:

  1. අයියෝ
    අසාධාරන ඉල්ලීම් කරන්න එපා
    ලෝකෙ වටේට ඉර යන්නෙ නැහැ
    ලෝකෙ තමයි ඉර වටේ යන්නෙ
    ඒ නිසා වැරුද්ද ඉරේ නෙමෙයි නගේ
    කරන්න බැරි උදවු ඉල්ලන්න එපා
    ඉර පවු

    ReplyDelete
  2. ඒත් අක්කෙ ඉර මේ උදව්ව කළත් යෝගිගෙ ලොකු අය්ය නම් කරන්නෙ නෑ.. මොකද එයාට යෝගි එක්ක කතා කර ඉන්නකොට වෙලාව නැවතිල කියල නෙ හිතන් ඉන්නෙ..(අනේ යෝගි ඔයා තරහ වෙන එකක් නෑ කියල මම හිතනව..)

    ReplyDelete
  3. මේකට ඉරටනම් කරන දෙයක් නැතිවෙයි වගේ අක්කෙ...... ඔයාටත් තියෙන්නෙ ජපානෙන් වැලිකතරට මාරු වෙන එක තමා... :D

    ReplyDelete
  4. අපූරු නිර්මාණයක්.... මේ අර "වැලි කතර " චිත්‍රපටිය ගැනද කියන්නේ.....?

    ReplyDelete
  5. අම්මෝ.. මම වැලි කතරට යන්න... බෑ නංගො.. යන අතරමග ලංකාව දකිනව නෙ.. එතනින් එහාට ඉතින් මම යැවෙන්නෙ ගෙදර තමා..

    ReplyDelete
  6. ඔව් අය්යෙ...අද වෙන ලියන්න දෙයක් තිබුනෙම නෑ නෙ..

    ReplyDelete
  7. මීට වඩා ලේසි නැද්ද
    ඇඳිරි නිතියක් පනවමු
    බොරු කියන්න යෝගිය නම්
    ඇවිල්ලා නැහැ මේ පැත්තට
    කේක් කෑල්ලක් අරගෙන
    ඒවි ඔන්න අද හවසට

    ReplyDelete
  8. හරිම ආත්මාර්ථකාමී ඉල්ලීමක් :P

    අපි වැළිකතර ජපානෙට ගෙන්නමු එහෙනම්.

    ලස්සනයි අක්කේ පද පෙළ.

    ReplyDelete
  9. මං නැති ටිකට මෙයාල Union එකකුත් හදාගෙන අසාධාරණ ඉල්ලීම් දිනා ගන්න..
    ලෝකය එකම පැතලි තලයක් කළා නම් ඔයාගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න තිබුණා හිරු දෙවියන්ට...
    මට පේන්නෙ ඔයා වැරදි කෙනාගෙන් වැරදි දෙයක් ඉල්ලල වගේ..
    අපූරු පද පෙළක් අක්කෙ...

    ReplyDelete
  10. Exam එක ඊයෙන් ඉවර වුණා...අක්කි
    දැන් ඉතින් මට නිදහසේ ඔයාව බලන්න ආවහැකි..
    ඔයා කලින් අහපු ප්‍රශ්නෙට මං මොකක්ද දෙන උත්තරේ...?
    හ්ම්ම්ම්...
    මගෙ ජීවිතේ තුන් තැනකදි මට වැරදිලා තියෙනවා...
    ඒත් මං දිව්වේ නම් නෑ..
    උපේක්ෂාවෙන් විඳ දරාගෙන ජීවත් වෙනවා...
    කොහොමත් ජීවිතෙන් පැනල යන කෙනෙක් නෙවී, මං...

    ReplyDelete
  11. ඔව් නිමන්ති ඇඳිරි නීතිය පනවමු..

    වැලි කතර ජපානෙට ගෙන්නමු මල්ලි, ඒක හොඳ අදහසක්..
    (මේක ලිව්වෙ නිකන් ම හිතට ආවට ඒත් ලස්සනට ලියවුනාම බ්ලොග් එකට නොදා ඉන්න හිතුනෙ නෑ..)

    මේ අසාධාරණ ඉල්ලීම කොහොමහරි දිනාගන්න ඕනෙ...ඉර දෙවියො තාම උත්තර එව්වෙත් නෑ නෙ..බලමුකො..

    ReplyDelete
  12. සන්සරසිදු, ඔයා දිහා බලපු ගමන්ම මම දැකපු උපේක්ෂා සහගත ඉවසීම ඔයා ජීවිතේ නොවැරදුනු කෙනෙක් කරයි මල්ලි..

    ReplyDelete
  13. චේජනා...

    ඔයාගේ ලියුමට තාම හි‍රුදෙවියන්ගෙන් උත්තරයක් හම්බුනේ නෑ කියලා කිව්වනේ.ඒගමන මං හිරුදෙවියොන්ට දැම්ම email එකක්. මෙන්න ඇවිල්ල හැරෙන තැපෑලෙං උත්තරයක්..

    මූනුපොතේ ඔළුව ඔබන්
    ගොඩ දෙනෙක්ගේ talks අහන්
    එපා වෙලා හිටපු උඹට
    සුන්දර සිත් මල් යායක්
    එකතු කරල ගෙනත් දුන්නේ..
    ලෝකෙ වටේ හතර දෙසින්
    සහොදරයො සහෝදරියො
    දැං ඉන්නව බොහෙම දෙනෙක් ..
    ඉතුරු හරිය උඹට තමයි
    නිදන්න බැරිනං ඇහැරන්
    කරන එකයි ඕන දෙයක් ..

    ඉතිං මොකද කරන්නේ. ලොකු අයියට වගේ හොඳ යාළු මිත්‍රයෝ ගොඩක් ලබන්න යෝගියා පින් කරල තිබ්බේ නෑ.බොහොම ටික දෙනයි. ඒත් මාස දෙකක් ඇතුළත ජීවිතේ කොච්චර වෙනස් වෙලාද චේජනා .. හැමදාම ගෙදර ඇවිල්ලා Shirt එකේ බොත්තම් ගලවන්නේ Machine එක on කරලා.. කවුද අද මට කතා කරල තියෙන්නේ බලන්න. රෝදෙකට අහුවෙලා ඔහේ කැරකි කැරකි තිබුන ජීවිතේ දැං ගොඩක් ලස්සන වෙලා ...

    මං හිතන්නේ චේජනා ඔයාටත් මේ බලන ගොඩක් දෙනෙකුටත් තියෙන්නේ මේ අත්දැකීම ම වෙන්න ඇති.කොහොම හරි ගොඩදාගන්න තමයි තියෙන්නේ නේද ?...

    -ජය

    ReplyDelete
  14. ස්තූතියි අක්කි, ඔයා නම් මගේ අක්ක කෙනෙක්ම තමයි...

    ReplyDelete
  15. යෝගි, මම හිතනව මම ඔයාගෙ හිත රිද්දෙව්වෙ නෑ කියල, මේ පෝස්ට් එක දැම්මෙ කියවල හිනා වෙන්න විතරක්ම විතරයි...
    යාළුවො බොහොමයක් එක්ක හිටිය ජීවිතයක් තමයි මට හැමදාම තිබුනෙ..ඒ මම ජීවිතේ බැඳීම්වලට දෙන තැන ගොඩක් ඉහළ නිසා..
    මම බ්ලොග් ලියන්න ගනිද්දි නම් ඒක වෙනස්..කිසිම කෙනෙක් මම දැනගෙන හිටියෙ නෑ.. කාලයත් එක්ක ටික ටික ඔයාල මගේ ජීවිතේට එකතු වුනා..දැන් මම සමහර දවසට නිදිමරාගෙන ඉන්නව.. බ්ලොග් එක නිසා.. ඒත් ඒක සුන්දරයි..

    ඇත්තටම හිරු දෙවියො ලියුමක් එවයිද දන්නෙ නෑ

    නිදන්න බැරිනං ඇහැරන්
    කරන එකයි ඕන දෙයක් ..

    කියල...

    (අනේ යෝගි මගේ අතින් හිත රිදුන නම් සමාවෙන්න...)

    ReplyDelete
  16. හිත රිදුන්නෑ පොඩ්ඩක්වත්.. හිත ‍රිදෙන දෙයක් ඔයා ලියලා නෑ නේ ..

    මේක දැකපු එකෙන් වුනේ මම ගොඩක් සතුටුවුන එක චේජනා.. බලන්න කෝ . එකට හිතන එකට ජීවිතේ විඳින එක ම විදියක පිරිසක් එකට එකතුවෙලා. මේ හැමදෙනාවම එක දවසකදී එකට හම්බවෙන්න ලැබෙයි ද ? දැං මට තියෙන ප්‍රශ්නේ ඒකයි.

    ඉක්මනින් එහෙම දවසක් උ‍දාවේවා කියලා ප්‍රාර්ථනා කරමු..

    ReplyDelete
  17. හොඳ ඉල්ලීමක් !!
    ලස්සන පද පෙළක්
    ඔබට ජය!!

    ReplyDelete
  18. the best reply...

    "නිදන්න බැරිනං ඇහැරන්
    කරන එකයි ඕන දෙයක්..."

    ඉදින් මේ සොඳුරු පුද්ගලයා සමග කෙසේ නම් වැල් ඇදෙන කයි නොගසා නම් සිටිම්ද...?

    ReplyDelete
  19. යෝගි,
    එහෙම දවසක් එනකන් ඔයා වගේම ආසාවෙන් මම බලාගෙන ඉන්නව..
    නාඳුනනා තැනකට ගොඩ වැදිල අඳුනන මිනිස්සු පිරිවරාගත්තම දැනෙන සතුට මට එදාට දැනේවි..

    ඉන්දික, ස්තුතියි,ඒත් මම හිතන්නෙ ඔයා කාර්යබහුල ඇති..
    මොකද මාත් ආසාවෙන් කියවපු එකේ වාට්‍ටුව හරිම හදිස්සියෙන් නිසා අප්ඩේට් වෙන්නෙ..

    ReplyDelete
  20. තිස්ස අය්යෙ,
    ඔයා ඇතිතරම් යෝගි එක්ක කතා කර කර හිටියට මම ඉරිසියා කළේ නෑ..(අනික ඉතින් ඉරිසියාව ඉතිරි වෙලත් නෑ නෙ අපිට ගන්න..)
    ඔයාට කියල ඕක වෙනස් කරන්න බැරි නිසා තමයි මම ඇපීල් එක කෙළින්ම හිරු දෙවියන්ටම ලිව්වෙ..

    ReplyDelete
  21. ඉතිරි ටිකත් ලියල ම දාන්නම්..

    මට වඩා බොහෝ ඉහළින් සිටින බොහෝ දෙනෙකුගේ ගෞරවනීය "දොඩන්ගොඩ සර්",
    මට හිතෙන හිතෙන දේ කිව්වම තරහ නොගෙන ඉවසීමෙන් අහගෙන ඉන්න තිස්ස අය්ය වෙලා මගේ පුංචි ලෝකෙට ආවට ගොඩක් ස්තුතියි...
    මේ උපහාරය යෝගිගෙ, මගේ සහ තවත් ඒ වගේ බොහෝ දෙනෙකුගේ ලෝකවල ජීවත් වෙන්න ආව ඒ ගෞරවනීය ලොකු අය්ය වෙනුවෙන්..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...